🥀✨

🥀✨

Jimendi chathurya

♡ රූ ♡


පලවෙනි කොටස....


✨✨✨✨✨✨✨✨✨✨✨✨✨✨✨


"Excuse me , ලොකු ඉස්කොලෙ මහත්තයගෙ ගේ මේකද ? ...."


"හෑ....කවුරු හරි කතා කරනවා නේද.....හරිනෙ අර ඉන්නෙ පහල චිම්පන්සියො දෙන්නෙක්.....මටද දන්නැ කතා කලේ....."


කෙල්ල එහෙම කියන ගමන් බැලුවෙ බිම.....අහස්නා සත්රූ....අවුරුදු 19 ක ටිකක් නෙමෙයි ගොඩක් දග කෙල්ලෙක්....උසස් පෙල ලියලා කැම්පස් පටන් ගන්නකන් කෙල්ල ඉතින් ගෙදරට වෙලා අම්මගෙන් බැනුම් අහගෙන ඉන්න එක තමා කලේ.....කෙල්ලගෙ තාත්තා ගමෙ ඉස්කොලෙ ප්‍රින්සිපල් වගේම කෙල්ලගෙ අම්මා නැටුම් ගුරුවරියක්......දවසින් දවස කෙල්ලගෙ දග වැඩ වලින් නම් අඩුවක් වුනේ නෑ.....කෙල්ල දැනුත් හිටියෙ ගේ ඉස්සරහා තියෙන අඹ ගහක නැගලා....


"මගෙන්ද ඇහුවෙ......" 


කෙල්ල එහෙම ඇහුවෙ පහල හිටිය කොල්ලො දෙන්නගෙන්......


"ඔව් ඔව් තමුන්ගෙන් තමා වෙන කවුරුත් නැනෙ මෙතන......"


එතන හිටිය එක කොල්ලෙක් එහෙම කියද්දි කෙල්ල කට ඇද කරගත්තත් පහල හිටිය කොල්ලො දෙන්නට ඒක පෙනුනෙ නැ.....


"ඒයි පොඩි කටවහගෙන ඉන්නවා....වැඩකට ආවෙ අපි....."


දේවක එහෙම කිව්වේ දිනාල්ට...... දිනාල් චිරත්ම කියන්නෙ පේරාදෙනිය සරසවියෙ හතරවෙනි වසරෙ ශිෂ්‍යයෙක්......දේවක කියන්නෙ දිනාල්ගෙ අයියා....දේවක වෘත්තියෙන් ගුරුවරයෙක් වගේම දේවකට වැඩ ලැබිලා තියෙන්නෙ කෙල්ලගෙ තාත්තා ඉන්න ඉස්කොලෙ...


"නංගි මන් තමා මේ ඉස්කොලෙට අලුතෙන් ගනන් උගන්නන්න ආවෙ....ලොකු සර් ඉන්නවද ...."


දේවක එහෙම ඇහුවෙ කෙල්ලගෙන්....ඒත් කෙල්ලට උත්තරයක් දෙන්න බැරි වුනේ කෙල්ලගෙ අම්මා නිමාලි එතනට ආව නිසා.......ගහ උඩ ඉන්න කෙල්ලව දැක්කත් නිමාලි තාම කොල්ලො දෙන්නව දැක්කෙ නෑ.......


"අනේ අනේ.....ලමිස්සියෙක් නේද....ගවුම් කොටෙකුත් ඇදගෙන ගහ උඩ ඉන්න රගේ....අනේ අම්මපා මාත් හැදුවනෙ මෙහෙම වැදිරියෙක්ව......බැහැපිය මන් වේවැලක් ගේන්න කලින්...."


නිමාලිගෙ කතාවට දිනාල් හයියෙන් හිනා වුනේ කෙල්ල ලැජ්ජාවෙන් රතු වෙලා යද්දි.......


"මන් මේ ළමයි ඉන්නවා දැක්කෙ නෑනෙ.....ඔය ළමයි කවුද..."


ඔන්න නිමාලි දැන් තමා කොල්ලො දෙන්නව දැක්කෙ......


"මේ ඉන්නෙ නැටුම් මිස් වෙන්න ඕනි.....මිස් මන් ප්‍රින්සිපල් සර්ව හම්බෙන්න ආවෙ.සර් ඉන්නවද....මට තමයි මේ ඉස්කොලෙ අලුත් පත්වීම ලැබුනේ....."


"ආ ඒ ඔය ළමයද....මහත්තයා නම් හංදියට,ගිහින් එන්න ගියා දැන් එනවා ඇති .....අපි යමුකො ගෙට......"


නිමාලි එහෙම කියලා හෙමින් අඩි තිය තිය ගහෙන් බහින කෙල්ලට රවලා ගෙට යන්න ගියත් දිනාල්ගෙ ඇස් තිබුනෙ නම් කෙල්ල ගාව.....දිනාල් කටත් ඇරන් බලන් හිටියෙ ගහෙන් බහිද්දි ලෙහුන දෙපතුලට දිග කෙල්ලගෙ කොන්ඩෙ දිහා........


"පොඩි .....මේ අර අයිනෙන් නවත්තපු කාර් එක මේ මිදුලට දානවකො......"


දේවක කිව්වත් කොල්ලා නෙමෙයි හැරිලාවත් බැලුවෙ.....


"පොඩි..."


"අහ්...අයියා.....මොකක් හරි කිව්වද...."


"කිව්වා තමා අර අයිනෙන් දාල ආපු කාර් එක් ගේනවා මේ මිදුලට...."


"අහ් හා අයියා....."


කොල්ලා එහෙම කිව්වෙත් ගහෙන් බැහැගත්තු කෙල්ල ගෙට දිව්වෙත් එකටමයි.....


"අයියෝ මොකද්ද අප්පා ඒ අම්මා කරපු වැඩේ....නම්බුව ඉවරයිනෙ මගෙ......බනින්න කලින් පොඩ්ඩක් වට පිට බලන්න තිබ්බනෙ අප්පා......ඔක්කොමත් හරි වැදිරි කියලත් කිව්වා .......මන් කොහොමද අප්පා අර මිනිස්සු ඉස්සරහට යන්නෙ දැන්......අයියෝ අම්මා..."


කෙල්ල කාමරේට වෙලා අඹ ගෙඩියකුත් කන ගමන් තමන්ට කියාගත්තෙ දැන් ටිකකට,කලින් අම්මා කියපුවා මතක් කර කර........


"නගරෙ වගේ නෙමෙයි පුතා මෙහෙ......දුෂ්කරයි ටිකක්.....පුතාට ලේසි වෙන එකක් නම් නැ......."


තේ ගෙනාපු ට්‍රේ එක ස්ටූල් එක උඩින් තියන ගමන් නිමාලි කිව්වෙ දේවකට.......


"මන් ආසයි මිස් මෙහෙම නිදහස් පරිසරේක ඉන්න.........නැති බැරි ළමයෙක්ට උගන්නන එකත් පිනක් නෙ......"


දෙන්නගෙ කතාව අතර තුර දිනාල් හෙව්වෙ කෙල්ලව.......කොල්ලා එතකොට තමා දැක්කෙ දොර රෙද්දෙන් ඔලුව දාගෙන සාලෙ දිහා,බලන් ඉන්න කෙල්ලව........


"මෙහෙ ගස් වල හරියට වදුරො ඉන්නවා නේද ඇන්ටි......."


දිනාල් එහෙම කියද්දි දේවක නිමාලිට නොපෙනෙන්න දිනාල්ගෙ කකුලක් පෑගුවෙ දිනාල් කිව්ව එකෙ තේරුම දේවක දන්න නිසා.......


"ඈ.....වදුරො හිටියද පුතේ.....වෙනදට,නම් නෑ හැබැයි......"


දිනාල් කිව්ව,දේ ඇත්තක් කියලා හිතපු නිමාලි එහෙම කිව්වත් කෙල්ල නම් බලන් හිටියෙ අතේ තිබ්බ අඹ ගෙඩිය කොල්ලගෙ මූණට යවාගන්න විදිහක් නැතුව......


          ★මතු සම්බන්ධයි★


හොර පාරෙන් නම් යන්න එපා....ටයිප් කරන මහන්සියට හරි ලයික් එකක් කමෙන්ට් එකක් දාන් යන්න......


                          𝐂𝐡𝐚𝐭𝐡𝐮✍

Report Page