🙏

සම්බුද්ධත්වයෙන් 5000 වර්ෂයේ ධාතු පරිනිර්වාණය දිනයට රුවන්වැලි සෑයේ ද්‍රෝණයක් අප මහ බුදුන් වහන්සේගේ ධාතු තැන්පත් ස්ථානයට අනෙකුත් චේතීන්හි ධාතුන්වහන්සේලා රැස්වෙති. ධාතු නිදන් කළ දින පටන් දැල්වුණු සිංහතෙල් පහන් එදින නිවී යන්නේය. ගර්භයෙහි පුෂ්පයන් පරව යන්නේය. සුගන්ධය නික්ම යන්නේය. නූලක ඇමිණු මුතු ඇට පෙලක් මෙන් සියලු ධාතුන් නාගදීපයෙහි චේතිය වෙත වැඩම කොට බුදුන් දම් දෙසූ මැණික් පුටුව මත තැන්පත් වන්නේය. අප්‍රමාණ වන්දනා ලබන දාතූන් එලෙසම ජය ශ්‍රීමහ මහා බෝ මුල මිහිකතෙන් මතුවන්නාවූ විදුරසුනෙහි තැන්පත්ව බුදුරුව මවා ගන්නේ ය. ලලාට ධාතු, ශ්‍රීවාස්ථි ධාතු, අකු ධාතු, සතර දළදා වහන්සේ, කේසා, ලෝමා, අනෙක් සියලු ධාතු තිබූ තැනම පිහිටන්නේය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණය ද මවා ගන්නේය. බුදුන් බුද්ධත්වයට පත් වූ දින මෙන් දස සහස්සී ලෝක ධාතුව ඒකාලෝක වන්නේය. දිව්‍ය බ්‍රහ්ම සමූහයන් බලා සිටින අතරතුර අහසට පැන නැගී යමක මහා ප්‍රාතිහාර්යය පාන්නේය. රෝම කූපයකින් එක්වර ජල කඳක්කඳක් ද, ගිනිකන්දක් ද ලෙස පිහිටන්නේය. ධාතු ශරීරයෙහි ගිනිකන්දක් හටගෙන සියලු ධාතු ආදාහනය වන්නේය. සියලු දිව්‍ය බ්‍රහ්මයන් බුද්ධාලෝකයෙන් නිවී ගියේයයි දුකට පත් වන්නේය. ශ්‍රීපා ලකුණු සතර ද මෙදින මැකී යන්නේය.🙏♥️