-----
O̶s̶h̶a̶n̶i̶ K̶a̶v̶i̶n̶d̶y̶a̶ආපසු කාමරයට ගිය මීරා යමක් හදීසියෙ මතක් වුනා මෙන් විමල්ට කතා කලා.
“මං ලබන සතියේ අපේ ගෙදරට ගිහින් එන්නද?”
“ ඒ ඇයි එහේ යන්න හේතුවක් නෑනේ “
“ලබන සතියේ අම්මගේ අවුරුද්දේ දානේ .පන්සලට ගිහින් දානයක් දෙන්න කියලා බැලුවේ “
“මට නම් ප්‍රශ්නයක් නෑ අම්මගෙන් අහලා බලන්න හෙට. මට එන්න වෙන්නේ නෑ හැබැයි.තනියම ගිහින් එන්න.”
“හ්ම්ම්ම් හෙට උදේට මං අහලා බලන්නම් .”
සයනට වැදුන පසු විමල් නම් සුව නින්දකට අවතීර්න වුනත් මීරා නම් රැය පුරා කල්පනා කලේ ඇගේ සිතේ කාලයක ඉදන් තිබූ ප්‍රශ්නයක් ගැනයි.
නින්ද ලග පාතක නොතිබ්බ බැවින් විමල්ට නොදැනෙන ලෙස අදෙන් බැස්ස මීරා ටෝච් එක ආදාරයෙන් කාමරයේ තිබුනු කබඩ් එක පිරික්සන්නට වුනේ යමක් සොයන පරිද්දෙනි .කබඩයේ එක් කෙලවරට පිටුපසට වන්නට තිබූ පොත් කීපයක් අතරින් තරමක් පරන පොතක් අතට ගත් ඇය නැවත වරක් විමල් දෙස බලා පොතෙ පිටු අතරින් කඩදාසි කැබැල්ලක් ගෙන රාත්‍රී ඇදුම තුල සගවා ගෙන විදුලි පහන් නොදල්වාම් මුලුතැන් ගෙයට ගියේ මේ රාත්‍රියේ එහි කිසිවෙක් නොමැති නිසාය.
ඇදුම තුලින් ඉවතට් ගත්ත කඩදාසිය කැබැල්ල මේසය මත දිග ඇරපු ඇය එහි මුල පටන් අකුරක් නෑර කියවන්නට වුනේ ඇයට මග ඇරුනු යමක් හෝ එහි සදහන්ව ඇත්දැයි බැලීමටය.බලාපොරොත්තු සුන් වුන ඇය ඉක්මනින් එය රාත්‍රී ඇදුම තුල සගවා ගත්තේ යමෙකුගේ අඩි ශබ්ද කීපයක් ලග ලගම ඇහුන නිසාය.
“මීරා…..”
“ඔ.. ඔයා ඇයි ආවේ?”
“ඇහිරිලා බලද්දි ඔය හිටියේ නෑ.ඒකයි බලන්න ආවේ.මේ රෑ කොහේ අතුරුදහන් වුන්නද කියන්න බෑනේ .විශ්වාස කරන්න බැරි ගෑනුනේ .”
“වතුර තිබහක් ආවා වතුර බොන්න කියලා ආවේ.”
“ආ……….ආයේ පහලට එන්න ඕනේ නෑ මං කාන්තිට කියලා තියන්නම් කාමරෙන් වතුර් එකක් තියලා තියන්න කියලා.”
“හ….හරි යමු නිදාගන්න.”
“හ්ම්ම් යමු “
නැවත වරක් dමුලුතැන්ගෙය ස සුපරික්ශාකාරිය බලපු විමල් මීරා සමග් කාමරට ගෝස් දොර වසා දැමුවා.
උදෑසන විමල්ට කලින් අවදි වුන මීරා පෙරදා රාත්‍රීයේ ගත් කඩදාසි කැබැල්ල නියමිත තැනින් තබා පහල මාලයට ගියේ දරනිව මුන ගැසීමටය.
“ආච්චි අම්මේ මං ලබන සතියේ ගමේ ගිහින් එන්නද?’
“ඒ අහවල් දේකටද? නෑ නෑ කොහෙවත් යන්න ඕනේ නෑ උබ .”
“අනේ ආච්චි අම්මේ ලබන සතියේ අම්මගේ අවුරුද්දේ දානේ .පන්සලට දානයක් දෙන්න කියලා හිතුවේ.අනේ ආයේ මං කොහෙවත් යන්න ඉල්ලන්නෙ නෑ මෙදාපාරට විතරක් ගිහින් එන්නම්?”
“යැව්වත්උබව තනියම යවන්න බෑ කොහොමත් .පැනලා යයිද කියලා කියන්න බෑනේ .එසේ එසේ බඩ්ඩක් නෙමෙනෙ උබ.”
“අනේ මෙදා පාරට විතරක් ගිහින් එන්නම්?’’
“උබත් එක්ක යවන්න එකෙක් මෙහේ නෑ .ඒ නිස කටවහගෙන ඉදපන්.”
“ඒත් ආච්….”
“මං යින්නම් ආච්චි අම්මේ එයා එක්ක.”
“ලොකු පුතේ…………..”
“ඔව් ආච්ච අම්මෙ මං මේකිව එක්කන් යන්නම්.මේකි මොන නාඩගම් නැටුවත් ඒ මගේ නැන්දනෙ . “
බානු ඉදිරියේ දරනි නිරුත්තර වූයෙ ඔහු ඉදිරියේ ඇයට විරුද්ද වුනොත් ඔහු සිතා සිටින දේ වෙනස් වීමට් හැකියාව තිබෙන බව ඇයට වැටහී ගිය නිසාය.
“හරි එහෙනම් පුතා කියන නිසම මං යන්න දෙන්නම්කෝ .”
“හරි ආච්චි අම්මේ”
බානූ දෙස ස්තූති පූර්වක බැල්මක් හෙලූ මීරා හිතේ උපන් සියුම් සතුට නිසාම බාශිව සොයාගෙන ගියේ මේ පිලිබදව් කිවීමටය.
මීරා එහි යනවිට දුරකතනයෙ යමක් දෙස බලන් සිටි බාශි ගැස්සී ඇය දෙස බලනවා දුටූ මීරාට ඇගේ ක්‍රියාව ගැන සැකයක් ආවාය.
“මොනාද හැන්ගුවේ?”
“කවුද?මොනා ගැනද අක්කා කියන්නේ?”
“කවුද කියන්නෙ ඉතින් මෙතන අපි දෙන්නා විතරනෙ ඉන්නේ ඔයා ඔය මං එනවා දැකලා හන්ගගත්ත හේ ගැන මං ඇහුවේ “
“මං මුකුත් හන්ගුවේ නෑ අනේ .ආ…………. ඇයි ඔයා ආවේ මොකක් හරි වැඩකටද?”
“බාශී……………….මට බොරු කරන්න හදන්න එපා ………….කියන්න මොකක්ද හැන්ගුවේ කියලා.”
“ඒක මේ……………”
“කියන්න “
“හ්ම්ම්ම්ම් මං කියන්නම්.මේක අරන් කියවන්නකෝ”
මීරා දෙසට් තම දුරකතනය දිගු කල ඈ එහි වූ යම් දැනිවීමක් ඇයට පෙන්නුවේය.
“ මෙක?”
“හ්ම්ම් ……………. මං මේ දවස් ටිකේම සැරින් සරේ එලියට ගියේ මේ නිසා”
“ඒත් කොහොමද?”
“මගේ යාලුවෙක්ගෙ ගෙදර ඉදන් තනියෙම පුරුදු වෙලයි ගියේ .මුලදි ගියේ ආසවට අක්කේ .ඒත් අන්තිමේදි ඒක දුර දිග ගියා වැඩී .මේක ලේසියෙන් කාටවත් hහම්බෙන්නේ නැති චාන්ස් එකක් අක්කේ.කීයෙන් කීදෙනෙක්ද මේකට තෝරගන්නේ, ඒත් මට මේක දැන් මෙතනින් නතර කරන්න වෙනවා”
“ඔයාට පිස්සුද නංගී .මේක මං අහලා තියෙන විදිහට ලංකාවේ තියෙන ප්‍රසිද්ද්ම තරගයක්. ඒකේ අන්තිම 100ට ආවා කියන්නෙම කොච්චර ලොකු දෙයක්ද ?ඇයි ඔයා නවත්තන්නේ?”
“ඔයා හිතනවද අක්කේ ගම්ලත් පරම්පරාවේ මිනිබිරී නැට්ටුක්කාරියක් කියලා ආච්චි අම්මා අපේ තාත්තා දැන ගත්තොත් මොනා වෙයි කියලා.මාව අල්ලන් කයි.මං………………මං මොනාද අක්කේ ඉතින් කරන්නේ මේක අත ඇරලා දානව ඇරෙන්න මට කරන්න වෙන දෙයක් ඉතිරි වෙලා තියෙඅවද ?”
“නංගි මේක නවත්තන්නේ නෑ එච්ච්රයි .මං නංගිට උදව් කරනාවා ඔයා බය නොවී ඉන්න මං මොකක් හරි විසදුමක් හොයා ගනම් මේකට .දැන් ඇයි ඔය අඩන්නේ මං අඩන්නකිව්වද දැන් ?
“අනෙ අක්කේ…………………….ඔයා ඔයා විතරයි මට මගේ කියලා ඉන්නේ…………….අක්කා හිටියේ නැත්තන් මට මොනා වෙයිද කියලා හිතාගන්න බෑ.”
“ශ්…………………….දැන් අඩන එක් නවත්තගන්න.මං ඉන්නවා මගේ නංගි එක්ක හරිද? “
“හ්ම්ම්………..”
මීරාගේ උරහිසට හිස තියාගත් බාශි ඇයට තුරුලු වී සිටියේ මවකගේ සෙනහස ඇයට දැනෙන එකම තැන වුනේ ඒ උනුහුම නිසාය.
බාශිගෙ කාමරෙන් එලියට ආපු මීරා තමන්ට ඇහෙන සේ එක් දෙයක් මුමුන ගත්තා.
“බය වෙන්න එපා නංගි වැඩි දවසක් අපිට මෙහෙම ඉන්න වෙන්නෙ නෑ .මං පොරොන්දු වෙනවා”
චුට්ටක් දිග එපියක් හොදේ.අතත් රිදෙනවා ටයිප් කරලා
ඊයේ කමෙන්ට් වැස්සක් දීපු හැමෝටම තෑන්ක්ස්.
හෙට එනකන් පරිස්සමින් ඉන්න හැමොම