❤️

❤️

Mihili ❤️

----------------------------

ප්‍රශ්න දාහක් ඔලුවෙ තියෙද්දි ඒ ඔක්කොම අමතක කරලා බ්ලැක් කොෆී එකකුත් හදාගෙන ෆෝන් එකත් අරන් මන් බැල්කනි එකට ගියේ fb එක පැත්තෙ ලොග් වෙන්න හිතාගෙන.. මොකද මට අහන්න ඕනි එයාගෙ කටහඬ.. දන්නවද..හිත නිවන කටහඬක් ඒක..ඔව්..ඒ නිලුපුල් චාමිකරගෙ කටහඬ..


හිත නිවෙන්න කියලා ඒ කටහඬ අහන්න ගියාට මොකද... අහන්න හම්බෙච්ච දේත් එක්ක උනේ හිත තවත් පෑරුණ එක විතරයි...


~~~~~~~~~~~~~~~~~~~~~~~~~


"අපේ ජීවිතේ අපි ගොඩාක් දේවල් වලට ඇබ්බැහි වෙනවා..දන්නවද.. ඒ අතරින් ගැලවෙන්න අමාරුම ඇබ්බැහිය මොකක්ද කියලා..තවත් කෙනෙක්ට ඇබ්බැහි වෙන එක.. මන් මේ වෙනකොටත් ඔයාට ඇබ්බැහි වෙලා ඉවරයි..ඔයා නැති තප්පරේකුත් මට නිකම් කල්ප කාලාන්තරයක් වගේ..නොදන්නවා වගේ හිටියට..ඔයත් ඒ දේ දන්නවා කියලා මන් දන්නවා..ඒත්..ඒ මොන දේ උනත් ඔයා ආයෙම එන්නෙ නෑ කියලත් මන් දන්නවා...

බලා හිඳිමි මතු භවයක හෝ පසුවදන ලියන්නට එතැයි කියා.."

(Credit goes to Mr.Nilupul Chamikara❤️)

~~~~~~~~~~~~~~~~~~~~~~


මටත් නොදැනි ලොකු හුස්මක් පිට උනේ හිතේ තියන පීඩනේටම වෙන්නැති..කියාගන්න තේරෙන්නැති හිතේ හිර වෙලා තියන දුකටම වෙන්නැති.. උඹ වෙනුවෙන්ම ඉපදෙච්ච ආදරේ හින්දා වෙන්නැති..


උඹ මගේ කතාවෙ රයිටර්.. පෙරවදනකින් පටන් ගත්ත කතාවට පසුවදනක් ලියන්නැතුව මගදි නතර කරපු රයිටර් උඹ.. මන් දන්නෙ එච්චරයි බන්..දන්නෙ එච්චරයි..


ඇවිත් කියලා දීපං මැනික තනියම හරි පසුවදන ලියා ගන්න විදියක්...ඒත් උඹ නැති පසුවදනකුත් වැඩක් නෑ බන් මට..


මට ඕනි උඹත් එක්ක කතා කරන්න.. මොකද හිත ඇතුලෙ තියන ප්‍රශ්න ඔක්කොමටම උත්තර දන්නෙ උඹ විතරක්ම හින්දා..


උඹේම ප්‍රශ්න පත්තරේ උඹම හදපු ප්‍රශ්න වලට මට උත්තර නැති වෙද්දි උඹ විවරණයක්වත් දෙන්නෙ නැතුව ගිහිල්ලා.. හිතුවෙ නැද්ද මැනික.. විවරණයක්වත් නැතුව මේ ප්‍රශ්න වලට උත්තර හොයන්න මට අමාරුයි කියලා..හිතුන්නැද්ද එක පාරක්වත්..


උඹ මගෙම ගෙදර මගෙම නෑණා වෙලා එද්දි කොහොම දරා ගන්නද බන්..


අවුරුදු ගානක් නැහීගෙන ආදරේ කරේ උඹ නෑණා වෙනවා බලන්නද..නෑණා වෙන්න බලාගෙන නම් ඇයි බන් ළං උනේ මගෙ හිතට..ඇයි මට ආදරේ කරේ.. ඇයි මන් මත්තෙම ජීවත් උනේ...


ඇයි මාව අතෑරලා මල්ලි ගාවට ගියේ..මතක් උන්නැද්ද උඹට.. මන් ජීවත් උනේ උඹ හින්දා කියලා..උඹේ ආදරේ හින්දා කියලා...මතක් වෙන්න තරම් උඹ මට ආදරේ කරන්න නැතුව ඇති නේද මැනික... අනික මන් මොකෙක්ද නේද මතක තියාගන්න තරම්...


දන්නවද..මල්ලි ඇවිත් උඹේ ෆොටෝ එකක් පෙන්නලා කියද්දි "අයියේ..මේ මගෙ කෙල්ල.."කියලා තමුසෙ දන්නවද මට දැනිච්ච දේ.. මන් කියන්න හැදුවා...ඒ උඹේ කෙල්ල නෙවෙයි මගෙ කෙල්ල කියලා.. මගෙ පණ ඔය ඉන්නෙ කියලා..මට ඒක කියාගන්න බැරි උනා මැනික..


ඒත් ඌ කියද්දි.."හෙටට අවුරුදු පහක් අපෙ සම්බන්දෙට..බ්‍රෝ හෙල්පක් ඕනි කෙල්ලව ස්පරයිස් කරන්න.. දෙනවා නේහ්..?" කියලා මට කතා කරගන්න බැරි උනා මැනික..මන් මොනා කියලා කරන්නද.. උඹ මාත් එක්කත් යාලු වෙලා ඉන්නවා කියන්නද...


උඹ අවුරුදු පහක්ම මාත් එක්ක සෙල්ලම් කරලා බන්...මගෙ ආදරෙත් එක්ක සෙල්ලම් කරලා උඹ..


කවදාවත් අඬලා නැති මන් උඹ හින්දම ඇඬුවා..උඹෙ ආදරේ හින්දා මැරි මැරී ඉපදුණා බන්..පිස්සෙක් උනා..ඒ උඹ හින්දමයි...උඹ හින්දා විතරමයි..


ආදරේ කරන එක මෙච්චර ලොකු දුකක් කියලා දන්නවනම් කවදාවත් උඹට ආදරේ කරන්නෑ මැනික මන්.. කවදාවත් කරන්නෑ...


උඹ කැන්ඩියන් එක ඇඳලා මල්ලිගෙ මනමාලි වෙනවා බලන්නත් මේ ඇස් පවු කරලා මැනික..


යාලුවෝ අහද්දි උඹේ කෙල්ල ඇයි මල්ලිව බඳින්නෙ කියලා මන් අසරණ වෙච්ච තරම දන්නෙ මන් විතරයි..මොනාද මන් උන්ට කියන්නේ..උඹ මාව රැවැට්ටුවා කියලද..


හම්බුනොත් දවසක කියනවා මන් උඹට..මට උඹේ වෙඩින් එක දවසෙ කියාගන්න බැරි වෙච්ච දෙයක්.. ඒ.. උඹ එදා ගොඩක් ලස්සනයි කියලා.. උඹ ආසයිනේ මගේ කටින් උඹ ලස්සනයි කියලා අහගන්න..


උඹට හිතෙන්නැති නේද බන් ඇයි මන් උඹව මල්ලිට ගන්න දීලා බලන් හිටියෙ කියලා..


පොඩි කාලෙ ඉඳලම මටත් වඩා දුක් වින්ද ඌ උඹ ගාවදි විතරයි සැනසීමෙන් ඉඳලා තියන්නේ..මන් වගේම උඹ ගාවදි විතරයි ඌ දැනෙන්න ජීවත් වෙලා තියන්නේ.. උඹ ගාවදි විතරයි ඌ සැනසීමෙන් හුස්මක් අරන් තියන්නේ..


මට බෑ ඌට ඒ සැනසීම නැති කරන්න.. උඹව කොහොම හරි අයිති කරගෙන ඌ දුක් විඳිනවා බලන්න බෑ මට..ඌ මගෙ මල්ලිනේ...ඌ වෙනුවෙන් අතාරින්න බැරි දෙයක් නෑ මට..උඹට යන්න දීලා බලන් හිටියෙ ඒකයි...


මං වගේ නෙවෙයි ඌ..ආදරේදි හරි බොලඳයි මගෙ පොඩි එකා..එහෙව් එකාගෙ අයියටත් උඹ ආදරේ කරලා කියලා දැන ගද්දි මගෙ පොඩි එකාට ඒක දරාගන්න බැරි වෙයි මැනික...ඒකා මැරිලා යයි..


ඒකයි මගෙ හිතේ උඹ ගැන තිබ්බ ආදරේ පැත්තකින් තියාගෙන උඹව ඌට දුන්නේ..ඒ ආදරේට වඩා ලේ බැඳීම ශක්තිමත් හින්දත් වෙන්නැති සමහර විට..


-------------------------------


ඇස් පියාගෙන කල්පනාවක හිටපු මගෙ ඇස් ඇරුනේ ආයෙම පාරක් නිලුපුල්ගෙ කටහඬ ඇහෙද්දි..


ඒත් ඒ කියපු දේවල් වලටත් උනේ හිත ආයි පෑරිච්ච එක...

~~~~~~~~~~~~~~~~~~~~~~

"දවසක ආයම එනවද..එකපාරක්.. අපි හැමදාම...හම්බුන තැනට... මහා ලොකු ඉල්ලීම් නෑ ඔයාගෙන් කරන්න...මට ඕන...දෙයක් දැනගන්න...ඔයා දැන්වත් සතුටින් ඉන්නවද...

කතාවක් අහලා තියනවද...බැඳීමක් තියනකොට තව බැඳීමකට හිත යනවනම්...ඒ දෙවනි බැඳීමට ළං වෙන්න කියලා..මොකද...පළවෙනි බැඳීම ඔයාට දැනෙන්නෙ නැති නිසානෙ දෙවනි බැඳීමකට හිත යන්නේ...

ඉතින් මට සතුටුයි...ඔයාට දැනෙන බැඳීම ගාව ඔයා නතර උන එකට.. හැබැයි...ඒ තරම්ම දුකයි...මන් පණ වගේ පරිස්සම් කරපු බැඳීම නැත්තටම නැති වෙච්ච එකට...


පෙම් පුරාවතක්...

නිමා කරන්නද මා කෙලෙසේ..."

(Credit goes to Nilupul Chamikara ❤️)

~~~~~~~~~~~~~~~~~~~~~~~~~


හ්ම්ම්..උඹ සතුටින් ඇති නේද මැනික..උබේ ඒ හිතට දැනිච්ච බැඳීමත් එක්ක..


මන් කරපු ආදරේ දැනුනෙ නැද්ද බන් උඹට..ඔව් ඉතින්..මන් ආදරේ කරන්න දන්න එකෙක්යෑ..උඹ කියන විදියට නපුරෙක්නේ මන්.. ආදරේ කරන්න දන්නැති නපුරෙක්නේ මන්...


අඳුරගන්න බැරි උනාද මැනික.. ඒ නපුරගෙ නපුරුකම් වල තිබ්බ ආදරේ..අඳුරගත්තා නම් උඹ දෙවනි බැඳීමක් හදා ගන්නෑනේ...


ඒත්..ඒත් ඇයි අවුරුදු පහක්ම දෙවනි බැඳීමකුත් තියාගෙන මාව අතෑරියෙ නැත්තේ..මට බොරුවට හරි ආදරේ කරේ...


අතාරින්න තිබ්බනෙ මැනික උඹට මුලින්ම..එහෙනම් මෙච්චර විඳවන්නැති වෙයි මන්...මෙච්චර පසුතැවෙන්නෙ නැති වෙයි මන්..


දන්නවද..උඹ ගියාට පස්සෙත් මන් චිත්‍ර ඇන්දා..ඇවිල්ලා බලපං පුලුවන්නම් දවසක..එදාට..බලලා කියපං මට..ඒවයෙ කිසිම ලස්සනක් තියනවද කියලා..නෑ තනිකරම හිස් හැඟීම් පේන චිත්‍ර ඒවා..උඹ ලඟ නැතුව ලස්සන චිත්‍රයක්වත් ඇඳ ගන්න බෑ බන් මට..


උඹ තනිකරම ඩ්‍රග් එකක්..පණ තියන ඩ්‍රග් එකක්..ඇඩික්ට් උනාම ලේසියෙන් ගැලවෙන්න බැරි ඇබ්බැහියක් උඹ..


මේ ලන්ඩන් අහස දන්නවා මගෙ කතාව..කාටවත් කියන්නැතුව හිතේ හිර කරන් ඉඳලා රෑට රෑට මන් අහසත් එක්ක විතරක් කියන මගේ කතාව..


කොහොමද බන් මන් බලන් ඉන්නේ උඹ මගෙම ගෙදර මගෙම මල්ලි එක්ක ජීවත් වෙන හැටි..අමු අමුවෙ පිච්චෙන්න බෑ මැනික මට..ඒකයි උඹටවත් නොකියා ලන්ඩන් ආවේ..


දවසක් එයි..එදාට මගෙ රූපෙම අඩුවක් නැතුව තියන උඹෙ මහත්තයගෙන් මාව පේන.. එදාට උඹට මතක් වෙයි..උඹේ මහත්තයගෙ රූපෙන්ම හිටපු එකෙක්ව උඹ රැවැට්ටුවනෙ කියලා..


උඹේ මහත්තයව දකින දකින වාරයක් ගානේ උඹ විඳවන දවසක් එයි..මොකද... ආදරේ කරපු හිතක් රැවැට්ටුවට උඹට දඬුවමක් ලැබෙන්නම ඕනි නිසා..


පසු තැවෙයි සමහර විට උඹ එදාට..උඹට ඕනි වෙයි මගෙන් සමාව ගන්න..හැම දෙයක්ම මාත් එක්ක කියලා සමාව ඉල්ල ගන්න උඹට ඕනි වෙයි..


ඒත් මැණික..එදාට මන් උඹ ගාව නැති වෙයි..උඹට හොයා ගන්නවත් බැරි තරම් ඈතකට මන් ගිහින් ඉඳීවි..උඹට ලං වෙන්නවත් බැරි තැනක මන් ඉඳීවි..පසු වදනක් නැති මගේ කතාව එක්ක..


උඹ දන්නවද මැනික..ලෝකෙට රහසක් නොවෙච්ච අපේ බැඳීම මල්ලිට විතරක් රහසක් උනේ කොහොමද කියලා..සමහර විට අපි ටුවින්ස්ලා හින්දා වෙන්නත් ඇති..


ඒත් මතක තියා ගනිං..කවදාවත්ම ඌට දැන ගන්න තියන්න එපා උඹ මාව රැවැට්ටුවා කියලා..එදාට ඌ උඹව අතාරින්න දෙපාරක් හිතන එකක් නෑ සමහර විට..මන් දන්නවනෙ ඌ ගැන..ඒ දේ වෙන්න ඉඩ තියන්න එපා බන් කවදාවත්...


පෙරවදනකින් පටන් ගත්ත මගේ කතාව පසු වදනක් නැතුව උඹ ඉවර කරාට උගේ කතාවට ඒ දේ වෙන්න තියන්න එපා.. ලියපං මැනික උගේ කතාවටවත් පසුවදනක්..ලස්සන අවසානෙකුත් එක්කම..


මොකද මන් හොඳටම දන්නවා... පසුවදනක් නැති,හරිහමං අවසානයක් නැති කතාවක් තමන්ගෙ ජීවිතේ උනාම දැනෙන දුක..ඒ දුක ඌට දෙන්න එපා මැනික...


මල්ලි එක්ක දරුවෝ ගොඩක් එක්ක ලස්සනට ජීවත් වෙයන් මැනික...


හැබැයි...ඒ දරුවන්ටවත් උගන්නපං.. රවට්ටන්න බලාගෙන ආදරේ කරන්න එපා කියලා.. මොකද උඹ කරගත්ත පව දරුවෝ පිටින් උනත් පිට වෙන්න ඉඩ තියෙන හින්දා...


කවදාහරි දවසක වරෙන් මන් ගාවට...මේ ආත්මෙ නම් බැරි වෙයි..ඒත් කවදා හරි ආත්මෙක ඇවිල්ලා.. උඹ පටන් ගත්ත මගේ කතාවට පසුවදනක් ලියලා තියලා පලයන් මැනික..පසුවදන නැතුව අසම්පූර්ණයි මගෙ කතාව...


පරණ කතාවෙ ඉවරයක් නැතුව අලුත් කතාවක් ලියාගන්න බෑ මැනික මට..ලියන්න හිතන්නවත් බෑ බන්..


කල්පනාව ආයෙම බිඳුනේ නිලුපුල්ගෙ කටහඬ නිසා...


~~~~~~~~~~~~~~~~~~~~~~~~~

"ආයෙම එනවද..පොඩි වෙලාවක් මාත් එක්ක ඉන්න..ඈතින් ඉර බැහැගෙන යන වෙලාවක..



'අත්වැල් බැඳගෙන..මං මාවත් දිග...

ඔහේ ඇවිද ගිය..කාලය මතකද...'



මන් කියන්නේ නෑ...ආයෙම මගේ වෙන්න කියලා..මන් ඉල්ලන්නෙත් නෑ..මාව අතාරින්න එපා කියලා.. මට ඕනි එකම එක දෙයයි.. ආදරෙන් පටන් ගත්ත බැඳීමට ආදරණීය අවසානයක්...



වෙරළ කොනක හිද...

බලා හිඳින්නෙමි...

ඔබ එන මග මා..පවන් සැලී..

පෙර දිනයක අප හමුවුනු තැන හිඳ..

වෙන්වෙන්නට මුණ ගැසෙමු යලී..."


(Credit goes to Nilupul Chamikara ❤️)


~~~~~~~~~~~~~~~~~~~~~~~~~


උඹ කවදාකහරි දැන ගත්තොත් මගේ කතාව.. අන්තිමටම මතක තියා ගනිං නංගි...


#ළඟින් තියා ගන්න බැරි උනත්, අයිති කරගන්න බැරි උනත් ආදරෙයි තාමත් මන් ඔය හිතට..ඉස්සර වගේම...

වෛරයක් නෑ හිතේ කොනකවත් උඹ ගැන...


~නිමි~

---------------------------------------

#ආදරේ කරපං..හැබැයි රවට්ටන්න බලාගෙන එපා..

#ජීවත් වෙයං..හැබැයි ආදරේ ජීවිතේම කරගන්න එපා..

#සෙල්ලම් කරපං..හැබැයි ආදරේ කරන හිත් එක්ක එපා..පණ ගැහෙන ජීවිත එක්ක එපා..

#කතාව පටන් ගත්තෙ උඹ නම්.. අවසානයක්,පසුවදනක් දීලා කතාව ඉවර කරපං...

#මතක තියා ගනිං..කවදාවත්ම තමන් කරපු ආදරේට අපහාස කරන්න,වෛර කරන්න එපා..මොකද උඹත් කාලයක් ඒ ප්‍රේමය ඇතුලේ ජීවත් වෙච්ච නිසා..

--------------------------------

නිලුපුල් චාමිකර..අහලා බලන්න පුලුවන් නම් ඒ කටහඬින් කියන එක දෙයක්.. භාවනාවක් ඒ කටහඬ..ඇස් දෙක පියාගෙන අහලා බලන්න..හරියටම ඇහුවොත් ඒවි කඳුලක් ඇස් දෙකට...


කියන් යන්න ඔයාලගෙ අදහසත් මේ ගැන..කමෙන්ට් බොක්ස් එකේ බැරිනම් ඉන්බොක්ස් ඇවිත් හරි කියන්න.. ඉස්සෙල්ලා කතාවෙත් ගොඩක් අය කමෙන්ට් බොක්ස් එකේ අදහස් කියන්න බෑ කියලා ඉන්බොක්ස් ඇවිත් අදහස් කිවුවා..


අලුත් කතාවකින් හම්බෙමු..එතකං පරිස්සමින් ඉන්න..ආදරෙයි හැමෝටම ❤️🖤


මන් Mihili ❤️

Report Page