💙

💙


නොගැළපෙන බව දැනුනත් අතඅරින්න බැරි බැඳීම්..අපි හැමෝටම ඇති..😢

එපා කියන දේම කෙරුවත්..හිත රිදෙයි කියලා වචනයක්වත් නොකියපු.. පරිස්සම් කරනවට අකමැති වුණත්..හොරෙන් හරි පස්සෙන් ගිහින් රැකපු... කට් කරන්න කට් කරන්න ආයේ ආයෙත් කෝල් අරන්..හොයලා බලපු... දවස් තිබ්බෙම නැද්ද....? මඟ ඇරලා යන්න හදද්දිත්..වදයක් වෙවී.. ලඟින්ම ඉඳපු...

අපිට දැනෙන අයට.... අපිව නොදැනුනාට... ප්රේමයක් තියෙන්නම බැරිද.කාටත් හොරෙන් හංගපු..

දරන්නම බැරි තැනක වෙනස්කම්...බදාගෙන හිනාවුණාට...දුක එක්ක..කදුළු වැල්... හුස්ම වල...බර පපුවට නොදැනුණා නෙමෙයි.. උඹ ඉන්න හීනවලටත් ආදරේ කරන එක වරදක් නම්... ඒකත් පාපයක්...වෙයිද උඹ මගෙන් ⁣වෙන්වෙන්න තරම්...

දවසක් තියෙයි...ජීවිතේ ගැන උඹ මගෙන් ඉගෙනගන්න.. ⁣නොදරුවෙක් වගේ මගේ ළග හුරතල් වෙන...❤ නොකිව්වට මොකද..බලාපොරොත්තු ගැන.විශ්වාසයක්වත්..තියාගන්න එක නරකද.....?

හමුවීම් තියෙනවා සඳහටම වෙන්වීමක් නැති.. එකතුවුණහම ආදරේක වුණත් අඟය අඩුවෙන එක සාමාන්යයයි... ඉසුරුමුණිය දෙන්න අතරත් ප්රශ්ණ තියෙන්න ඇතිනේ ඕන තරම්. සාලිය අතඇරියේ නෑනේ..අශෝකමාලාව රජකම අහිමිවුණත්....

ඉතින්..... හිතන්න කෙනෙක් නෑ වෙන උඹ ගැන ඇරුණම.. දකින්න ආසම රූප අතර උඹත් හිටියම.. ජීවත් වෙන්න ආසයි...මං මවාගත්ත.ලෝකේ අස්සෙම...❤


Report Page