🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

No Name 💖💖

❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️

❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️

💖💖__ජීවිතේට යමක්__💖💖

අනිවාරෙන්ම කියවන්න........🤗🤗🤗

👉 සැළකිය යුතුයි......

ආදරේ අන්ධයි කියන්නේ නිකන්ද ඉතින්....යාලුවෙලා ඉන්නේ රස්තියාදුකාරයෙක් එක්ක ද , සල්ලාලයෙක් එක්ක ද , කුඩු කාරයෙක් එක්ක ද කියලා දන්නේ නෑ.....මොකද එහෙම එවුන්ගේ ආදරේට කෙල්ලෝ හරි ඉක්මනට රැවටෙනවා......එකම එක වචනයක් ආදරෙන් කතා කරත් ඇති....කෙල්ලෝ ඉතින් ඉස්මුදුනෙන් පිලිගන්නවා ඒ කොල්ලව....මෝඩයි ඉතින් නේද.....කොල්ලා කොච්චර වැරදි කරන කෙනෙක් වුනත් , ආදරෙන් අන්ධ වෙලා ඉන්න කෙල්ලන්ට ඒ වැරදි පේන්නේ නෑ.....වෙන්න පුලුවන් හැමදෙයක් ම වුනාට පස්සේ තමයි කෙල්ලන්ට මොලේ පෑදෙන්නේ.....එතකොට ගොඩක් පරක්කුයි....ආපහු හැරෙන්න බෑ.....ඒ නිසා දෙයක් වෙන්න කලින් ඒ දේ වළක්වගන්න බලන්න......💕

තමන්ගේ අම්මා තාත්තා , සහෝදර සහෝදරියෝ දෙයක් කියන්නේ තමන්ට කරදරයක් වෙයි කියලා ඒ මිනිස්සුන්ගේ හිතේ තියෙන බයට කියලා මේ මෝඩ කෙල්ලොන්ට තේරෙන්නේ නැති හැටියක්.....ඒ මිනිස්සු මොනවහරි කිව්වහම අර ආදරේ කරන එකා ලොකු කරගෙන තමන්ගේ අම්මට තාත්තට විරුද්ධ වෙනවා.....😠

නොවිදිනා දුක් විදලා , මාස 10 ක් බඩේ තියාගෙන , හරිහැටි කෑමක් බීමක් නැතුව , ලෝකේ තියෙන දරුණුම වේදනාව විදගෙන මේ ලෝකෙට දරුවෙක්ව බිහි කරන්න අම්මා කෙනෙක් කොච්චර දුකක් විදිනවද....එයාලගේ කොච්චර දේවල් නම් එයාල කැප කරනවද....රැයක් දවාලක් නැතුව , අව්ව වැස්ස ගැන හිතන් නැතුව , බඩට හරියට කෑමක් නැතුව , තාත්තා කෙනෙක් කොච්චර දුක් විදිනවද තමන්ගේ දරුවට සැප දෙන්න....කිසිම අඩුපාඩුවක් නොවෙන්න ඒ දරුවව බලාගන්න දෙමව්පියෝ කොච්චර දුක් විදිනවද....අත පය හතර කඩන්නේ නැතුව ඒ දරුවන්ව පරිස්සමෙන් හදාගන්න කොච්චර නම් දුකක් දෙමව්පියෝ විදිනවද...තමන්ට කන්න නැතත් දරුවගෙ කුස පුරවන්නයි එයාලා වෙහෙසෙන්නේ...දරුවට හොදට උගන්නලා සමාජේ ඉහළ තැනකට ගේන්නයි එයාලා මහන්සි වෙන්නේ...දරුවෙක්ට වැරැද්දක් වෙන කිසිම දෙයක් කවදාවත් දෙමව්පියෝ කරන්නේ නෑ....

අවුරුදු 18 ක් 19 ක් වුනහම කෙල්ලෝ කොල්ලෝ හිතන්නේ " අපි තමයි ලොක්කෝ...අපි තමයි හැමදේම දන්නේ....අම්මලා මොනවද දන්නේ....." කියලා......නෑ , ඒක වැරදී...අම්මලා තාත්තලා අපිට වඩා ගොඩාක් දේවල් දන්නවා....එයාලට සමාජේ ගැන අත්දැකීම් ඕන තරම් තියෙනවා.....තමන්ගේ දරුවා හැරෙද්දි කියන්න පුලුවන් මොකටද හැරෙන්නේ කියලා......අම්මලා තාත්තලා ගැහැණු ළමයෙක්ව රකින්නේ ඇස් දෙක ඇතුලේ තියාගෙන...පිරිමි ළමයින්වත් එහෙමයි...ගෙදර එන්න රෑ වුනොත් , දරුවා ළගින් අරක්කු ගදක් ආවොත් ඒ දෙමව්පියෝ හදවතින් පිච්චෙනවා.....ඒත් කරදඩු උස් මහත් වෙලා සමාජෙ ගැන අල්ප මාත්‍රයක්වත් නොදැන , උන් තමන්ගේ දෙමව්පියන්ට පිටු පානවා....කවදහරි දවසක ඒ රත්තරන් අම්මගේ තාත්තගේ ඇස්වලින් එක කදුලක් හරි වැට්ටුවොත් ඒකට අනිවාරෙන් ම දවසක පසු තැවෙන්න ම වෙනවා....ඒකට විදවන්නම වෙනවා....😌

තමන්ගේ දරුවෝ පොඩි කාලේ එයාලගේ කැත කුණු අතගාලා ඒ හැම වැඩක් ම දෙමව්පියෝ කරන්නේ කිසිම අප්පිරියාවක් නැතුව....එහෙම අප්පිරියා වෙලා ඒ දරුවන්ව කවදාවත් ජරාවට තිබ්බේ නෑ එයාලා...හැමවෙලේ ම පිරිසිදුව තිබ්බා....පොඩි කාලේ කොච්චර මුරණ්ඩු වැඩ කරත් සැර කරලා හරි , ආදරෙන් හරි ඒ දේවල් කියලා දෙන්නේ තමන්ගේ දරුවන්ව හරියට හදාගන්න ඕන නිසා.....ඉතින් ඒ දරුවන්ටත් පුලුවන් වෙන්න ඕනේ තමන්ගේ දෙමව්පියෝ වයසට ගියාට පස්සේ , එයාලට කිසිදෙයක් කරගන්න බැරි වුනොත් , එයාලගේ කැත කුණු අතගාලා එයාලව පිරිසිදුව සතුටින් තියන්න.....😊....වයසට ගියහම දෙමව්පියොත් හැසිරෙන්නේ පොඩි ළමයි වගේ...එයාලත් මුරණ්ඩුයි....ඒත් දරුවෝ විදියට අපි දැනගන්න ඕනේ එයාලට ආදරෙන් හැමදෙයක් ම තේරුම් කරලා දෙන්න....එයාලා එයාලගේ ඇගේ ජරා කරගන්නවා , හතර වටේ බුලත් කෙළ ගහනවා කියලා අපි එයාලව පාරට ඇදලා දාන එක , එයාලව වැඩිහිටි නිවාසවලට ගෙනිහින් දාන එක හරිද.....නෑ නේද....එහෙම කරන්න හිතන්නවත් එපා.....😌.....අම්මලා තාත්තලා අපිට බැන්නට , ගැහුවට එයාලගේ හිත්වල කවදාවත් අපි ගැන තරහක්වත් , වෛරයක්වත් නෑ....අපිට ගහලා බැනලා අපි විදවනවට වඩා සිය දහස් ගුණයක් අම්මලා තාත්තලා විදවනවා....අපිට හොරෙන් එයාලා අඩනවා......😔

අද ඊයේ හම්බුණු කොල්ලෙක් හෝ කෙල්ලෙක් තමන්ගේ මුළු ලෝකෙම කියලා හිතන් ඉන්න ගොන් හරක්ට මං මේ කියන්නේ....තමන්ගේ අම්මට තාත්තට වඩා ඒ කොල්ලව හෝ කෙල්ලව ඔලුව උඩ තියාගෙන ඉන්න අයට කියන්නේ....අද ඊයේ හම්බුණු කෙනෙක් කොහොමද ඔයාලගේ ලෝකේ වෙන්නේ....තමන්ගේ වීරයා කියලා හිතන් ඉන්නේ තමන්ගේ කොල්ලව....දරුවෙක්ගේ වීරයා තමයි ඒ දරුවගේ තාත්තා....😌....මං ඕනතරම් දැකලා තියෙනවා කට්ටිය Whatsapp Status අනං මනං දානවා....💕 My World 💕.....💕 My Everything 💕.....කියලා....ඇත්තමයි හිනා යනවා ඒවා දැක්කහම....එහෙම save කරගන්නම ඕනේ නම් තමන්ගේ අම්මගේ තාත්තගේ number එක එහෙම save කරගන්නකෝ.....ආදරේ කරන කෙනා කොහොමද ඔයාලගේ ලෝකේ වෙන්නේ.....එයාලා මොනවද ඔයාලා වෙනුවෙන් කරලා තියෙන්නේ....ඔයාලගේ හැමදේම කොහොමද එයාලා වෙන්නේ.....පිස්සු ද ඇත්තටම....එහෙම අය මන්ද මානසික මිනිස්සු....තමන්ගේ ලෝකේ , තමන්ගේ හැමදේම වෙන්න ඕනේ තමන්ගේ අම්මා තාත්තා මිසක් ළගදි හම්බුනු කොල්ලවත් කෙල්ලවත් නෙවෙයි....අඩුම තරමේ තමන්ගේ අම්මගේ තාත්තගේ ළගින්වත් තියන්න පුලුවන් ද එයාලව....දෙමව්පියෝ තමන්ගේ දරුවෝ වෙනුවෙන් කරලා තියෙන ඒවගෙන් සීයට 10 ක් වත් ඔය උඩ දාගෙන මහ ලොකුයි කියලා හිතන් ඉන්න boyfriend , girlfriend කරලා නෑ...කරන්නෙත් නෑ...කරන්නත් බෑ....මුලින්ම කියනවා " ඉර ගෙනත් දෙන්නම් , හද ගෙනත් දෙන්නම් " කියලා...ඔය වගේ බොරු මවාපෑම්වලට කෙල්ලෝ වගේ ම කොල්ලොත් රැවටෙනවා....😌

සමහර කෙල්ලෝ තමන්ගේ කොල්ලට කතා කරන්නේ " මගෙ අප්පච්චී , මගෙ තාත්ති " කියලා....කොල්ලෝ තමන්ගේ කෙල්ලට කතා කරන්නේ " මගෙ අම්මි " කියලා....ඇත්තටම ඇයි එහෙම කතා කරන්නේ....තමන්ගේ අම්මගෙයි තාත්තගෙයි තැන එහෙම වෙන කෙනෙක්ට දෙන්න හිතන්නවත් පුලුවන් ද.....අනේ මන්දා මටනම් බෑ.....අද කාලේ බහුතරයක් අය තමන්ගේ දෙමව්පියන්ට වඩා ලොකු කරගෙන ඉන්නේ ආදරේ කරන කෙනාව....අම්මටයි තාත්තටයි වඩා විශ්වාස කරන්නේ අර අද ඊයේ හම්බුනු කෙනාව....තමන්ගේ කොල්ලා හරි කෙල්ල හරි කිව්වොත් " අනේ මේ පියාඹන්නේ අලියෙක් " කියලා...උන් ඒකත් විශ්වාස කරනවා....කොල්ලා හෝ කෙල්ල කිව්වොත් " දවස් 10 ක් නොකා ඉන්න " කියලා....ඒකත් කරනවා....කෑමක් කෑවත් , සින්දුවක් ඇහුවත් , කොටින්ම කිව්වොත් ටොයිලට් ගියත් තමන්ගේ කොල්ලට හෝ කෙල්ලට කියනවා.....ඇත්තටම මොකක්ද ඒකෙ තේරුම....අත්‍යාවශ්‍ය ම දෙයක් නම් කිව්වට කමක් නෑ....මේක එහෙම නෙවෙයි....ගෙදර ඇතුලේ අඩි 10 ක් ඇවිද්දත් ඒකත් කියනවා......මොන විකාරයක් ද ඒක.....අනික තමයි තමන්ගේ අම්මා තාත්තා තමන් වෙනුවෙන් කරපු කැප කිරීම් ඔය ආදරේ කරන අය කරන්නේ නෑ.....කරන්නත් බෑ.....😌....අද ඊයේ හම්බුනු කොල්ලා හෝ කෙල්ල වෙනුවෙන් නෙවෙයි....තමන්ගේ අම්මා තාත්තා වෙනුවෙන් කැපවෙන්න.....😌

තව දෙයක්....ගොඩක් අය තමන්ගේ පොඩි කාලේ ඉදන් එකට හිටපු යාලුවන්ව අතාරිනවා තමන්ගේ කෙල්ල හෝ කොල්ලා වෙනුවෙන්....නරක යාලුවෙක් නම් අතෑරියත් කමක් නෑ කියමුකෝ....ඒත් තමන්ට ආදරේ කරන....ඕනම දේකදි ළගින් ඉන්න යාලුවන්වත් අතාරිනවා.....ඇයි එහෙම කරන්නේ....කොල්ලට හෝ කෙල්ලට කලින් නේද තමන්ට තමන්ගේ යාලුවෝ හම්බුනේ....දුකේදි වගේම සතුටෙදිත් ළගින් හිටියේ ඒ යාලුවෝ නේද....ඉතින් ඇයි එහෙනම් තමන්ගේ යාලුවන්ව කවුරුත් නිසා අතාරින්නේ....එහෙම කරන්න එපා.....🙂

අනික මං කියන්නේ නෑ කොල්ලෝ විතරයි වැරදි....කෙල්ලෝ ඔක්කොම හරි කියලා....අපෝ වැරදි කරන කෙල්ලොත් ඕන තරම් ඉන්නවා....10 ට ගණින්න බෑ වගේ ඉදලා යටින් ගේම් ගහන කෙල්ලෝ ඉන්නවා....දකින දකින කොල්ලට ආදරේ කරන කෙල්ලෝ ඕන තරම් ඉන්නවා....එකපාර 4 , 5 run කරන කෙල්ලොත් ඉන්නවා.....මං නෑ කියන්නේ නෑ.........ඒ වගේ ම කෙල්ලෝ නිසා තමන්ගේ ජීවිතේ වරද්දගත්තු කොල්ලොත් ඕන තරම් ඉන්නවා.....කෙල්ල දාලා ගියහම අරක්කු බොනවා....කුඩු , ගංජා ගහනවා...සිකරට් බොනවා....ඇත්තටම මොකක්ද ඒ විකාර වැඩේ තේරුම.....කෙල්ලගේ මතකයන්ගෙන් ටිකකට හරි ඈත් වෙන්නලු එහෙම අරක්කු බීලා මත් වෙන්නේ.....එහෙම බීලා බීලා අන්තිමට ලෙඩෙක් වෙලා අකාලේ මැරෙනවා....අර දාලා ගියපු කෙල්ල වෙන මිනිහෙක් බැදගෙන සතුටින් පවුල් කනවා.....😐......කෙල්ල ගැන නෙවෙයි , තමන්ගේ අම්මා ගැන හිතන්න මුලින්ම....අම්මගෙන් කිරි උරලා බීපු කටින් අරක්කු බොද්දී , සිකරට් බොද්දී , කුඩු , ගංජා ගහද්දී , ඒ හැමදේකින් ම පිච්චෙන්නේ අර අසරණ අම්මා....ඒ දෙමව්පියන්ට දුකක් දුන්නොත් සාප වෙයි.....serious ආදරේ කරන කෙල්ල රවට්ටලා ගියහම ලෝකේ ඉන්න හැම කෙල්ලවම පේන්නේ අර රවට්ටලා ගියපු කෙල්ල වගේ.....ඒ වගේ කෙල්ලෝ නිසා ගුණ යහපත් අහිංසක කෙල්ලෙක්ටවත් අද සමාජේ ඉන්න බෑ....ඒ මොකද දන්නවද.....අර රවට්ටපු කෙල්ලගෙන් ගන්න බැරිවුණු පලිය වෙන වෙන කෙල්ලෝ ගොඩකගෙන් ගන්නවා....ඒ අහිංසක ජීවිත පලිද අර නොසන්ඩාල කෙල්ලගේ වැඩ වලට.....😠

කෙල්ලෙක් උනහම තමන්ගේ දෙපයින් නැගිටින්න උත්සාහ කරන්න.....කසාද බැදලා ළමයි වද වදා , බත් තම්බ තම්බ හිටපු සාම්ප්‍රදායික ගැහැණු දැන් කාලේ නෑ....මේ සමාජෙත් එක්ක ගැහැණියෙක්ට එහෙම ඉන්නත් බෑ....සාම්ප්‍රදායික ගැහැනු හොයන පිරිමි ඉන්නවනම් කරුණාකරල ඔයාල ඔය මානසිකත්වයෙන් මිදෙන්න....ගොඩක් කෙල්ලෝ රැයක් දවාලක් නැතුව මහන්සි වෙලා ඉගෙනගන්නවා....අන්තිමට මොකෙක්හරි කොල්ලෙක් නිසා ඒ හැමදෙයක් ම අතාරිනවා...කෙල්ලොන්ටත් තියෙනවා හීන , බලාපොරොත්තු , ආසාවල්....ඒවා සැබෑ කරන්න කොල්ලෙක් විදියට තමන්ගේ කෙල්ල පස්සෙන් ඉදන් ඒ කෙල්ලට ශක්තියක් වෙන්න....සමහර කෙල්ලෝ හිතනවා කසාද බැන්දට පස්සේ මගේ හැම අවශ්‍යතාවයක් ම මගෙ මහත්තයා සපුරලා දෙයි කියලා.....එහෙම හිතලා ඉගෙනගන්නේ නැතුව ඉන්නවා....හැබැයි පොඩ්ඩක් හිතලා බලන්න....කෙල්ලෙක් හොදට ඉගෙනගෙන , හොද ජොබ් එකක් කරානම් කවදාවත් තමන්ගෙ සැමියා ළගවත් දෙකට නැවෙන්න ඕනේ නෑ නේද....හදිස්සියේ තමන්ගේ අම්මට හෝ තාත්තට කරදරයක් උනා....ලක්ශ ගානක් ඕනේ ඔපරේෂන් එකක් කරන්න....එතකොට තමන්ගේ සැමියගෙන් ඉල්ලන්න ඕනේ....හදිස්සියේවත් තමන්ගේ සැමියා කිව්වොත් " මං ගාව ඔච්චර සල්ලි නෑ , ඔය නාකි ගෑනි හරි නාකි මිනිහා හරි මැරිලා ගියදෙන් " කියලා....එතකොට කෙල්ලනේ ඔයාලා අකුලගෙන ඉන්න ඕනේ නේද...හැබැයි තමන්ට රස්සාවක් තිබ්බොත් කොහොමහරි තමන්ගේ අම්මව හෝ තාත්තව සනීප කරගෙන බේරගන්න පුලුවන් නේද....ඉගෙනගෙන හොද වැදගත් රස්සාවක් කරන්න....එහෙම නැතුව තමන්ගේ ඇග විකුණගෙන කන ගණිකාවක් වෙන්න එපා......😠

ආදරේ කරන කොල්ලා කිව්වොත් " මැණික මාව විශ්වාසයි නම් මට ඔයාව මගේ කරගන්න ඕනේ...ඔයා ආවේ නැත්තම් මං ඔයාව දාලා යනවා...මට ඔයාගේ අර විදියේ , මේ විදියේ photos ඕනේ.....ඔයා කවදමහරි මගේ වෙනවනේ...ඉතින් දැන් මගේ උනත් එකයි...තව අවුරුදු 5 , 6 කින් කසාද බැදලා මගේ උනත් එකයිනේ....." කියලා.....අනේ අප්පේ ඉතින් අර මෝඩ කෙල්ලෝ ඕකට රැවටෙනවා...මොකද ඉතින් කොල්ලා දාලා යයි කියලා බය වෙනවා....කොල්ලගේ වචන ඉස්සරහ අසරණ වෙනවා....ඇත්තටම ආදරේ කරානම් කවදාවත් තමන්ගේ කෙල්ලව අසරණ කරන්නේ නෑ.....ඕක රාගික ආදරයක් විතරයි.....අකමැත්තෙන් හරි අන්තිමට කොල්ලට ඕන හැමදෙයක් ම දෙන්න අර අසරණ කෙල්ල හිතාගන්නවා.....ඊටපස්සේ ඉතින් කෙල්ලක්ගේ වටිනාම දේත් කොහෙහරි කාමරයක් අස්සේ අර කොල්ලට දෙනවා....අන්තිමට කොල්ලෙක් අතින් අනාථ වෙලා හැමෝගෙන් ම කුණු කතා අහගෙන ඔලුව පාත් කරගෙන ජීවත් වෙනවා.....ඒත් බැරි වුනහම සියදිවි නසාගන්නවා.....මේ ලෝකේ දූෂණය වෙන්නේ කෙල්ලෝ විතරක් නෙවෙයි......කොල්ලොන්ටත් එහෙම ප්‍රශ්ණ තියෙනවා.....කෙල්ලොන්ට වගේම කොල්ලොන්ටත් ඕන තරම් ප්‍රශ්ණ තියෙනවා.....😐......තියෙන විසේට හදිස්සියෙවත් ළමයෙක් හම්බෙන්න හිටියොත් මොකද කරන්නේ......මේ ලෝකෙවත් නොදැකපු , කිසිම දෙයක් නොදන්න අර අසරණ කිරි සප්පයව කිසි හිතක් පපුවක් නැතුව කුසේ ඉද්දිම මරලා දානවා....එහෙම දරුවෙක් කුසට ආව නම් ඒ දරුවව හදාගන්න....මොකද ඉතින් දරුවෙක්ව හදාගෙන , ඒ දරුවව බලාගන්න පුලුවන් නිසානේ එහෙම එකතු වෙන්නේ......ඔය කෙල්ලො කොල්ලොන්ට තියෙන විසේට අර අහිංසක දරුවා පළි නෑ.....ඒ නිසා ඒ නූපන් දරුවව මරන්න එපා.....එහෙම තිරිසන් වැඩ කරන්න එපා....මේ ලෝකේ ඉද්දී පඩිසන් නොදුන්නත් මැරුණට පස්සේ හරි ඕවට වන්දි ගෙවන්න වෙයි.......😠

කසාදයක් බදිනකම් ඇයි කෙල්ලනේ , කොල්ලනේ තමුන්ගේ හැගීම් දැනීම් පාලනය කරගෙන ඉන්න බැරි.....ආදරය ඇතුලේ රාගය තියෙනවා....හැබැයි ඒ දේවල්වලට සීමාවක් තියෙන්න ඕනේ....තමන්ට තමන්ව පාලනය කරගන්න පුලුවන් වෙන්න ඕනේ.....

කෙල්ලෙක් රූම් ගිහින් කොල්ලෙක් එක්ක හිටියම ඒ photos social media වල share කරනවා කියලා ඒ කෙල්ලව blackmail කරලා උන්ගේ අවශ්‍යතාවයන් ඔක්කොම සපුර ගන්නවා....සමහර එවුන් එතනින් නවතින්නේ නෑ.....තව අසහනකාර මිනිස්සු ගොඩකගේ ගොදුරක් වෙලා අන්තිමට ගණිකාවක් වෙලා නවතින්නේ....තමන්ගේ අම්මා තාත්තා කොහොමද පාරෙ බැහැලා යන්නේ.....ඒ මිනිස්සුත් මරාගන්න හදන අමු තිරිසනෙක් වෙන්න එපා....කවදහරි ඔහොම එවුන් මට්ටු වෙන්නේ උන්ගේ ළමයින්ගෙන්මයි.....එදාට විදවයි මදි නොකියන්නම.......😠

කෙල්ලෙක්ව ළගට අරන් ඒ කෙල්ලව විනාශ කරන්න කලින් හිතන්න......මගෙ අම්මට මේ දේ වුනානම්....මගේ අක්කට නංගිට මේ දේ වුනානම්....කවදාහරි මගෙ දුවට මෙහෙම දෙයක් වුනානම්....කියලා......😔....අන්න එදාට දැනෙයි තමුන් අසරණ කරපු , නැති කරලා දාපු කෙල්ලට දැනුණු දේ......

හැබැයි ඉතින් මෙහෙමත් එකක් තියෙනවා.....තමන්ගේ නිරුවත් photos දෙන්න , ඒ වගේ ම කොල්ලා අකමැති වුනත් බලෙන් ම රූම් ගානේ රිංගන අසහනකාරි කෙල්ලොත් ඉන්නවා.....ඒ වගේ කෙල්ලෝ මුලු ගෑනු සංහතියටම ලැජ්ජාවක්.....😠...එහෙම කෙල්ලෝ කොයි වෙලාවෙත් බලෙන් දෙන්න බලාගෙනනේ ඉන්නේ.....😠

සමහර කොල්ලෝ...කෙල්ලෝ ගොඩක් අසරණ කරලා , අනාථ කරලා අන්තිමට පිරිසිදු කෙල්ලෙක් හොයනවා කසාද බදින්න....අනේ ඉතින් මහ පුදුම සමාජයක් තමයි මේක....හදිස්සියෙවත් කසාද බදින කෙල්ල අපිරිසිදුයි නම් ඒ කෙල්ලට රටේ නැති කුනුහරප කිය කිය බනිනවා...." මං වගේ කොල්ලෙක් නිසානේ මේ කෙල්ලත් මෙහෙම විනාශ වෙලා තියෙන්නේ.....මං විනාශ කරපු කෙල්ලොන්ගෙත් ජීවිත මෙහෙම ඇති " කියලා , ඔය මහලොකුවට තමන්ගේ ගෑනිගෙ පතිවත හොයන එවුන් හිතන්නේ නෑ.....😠.....කෙල්ලො පතිවත රකිනවා වගේ කොල්ලොත් දැනගන්න ඕනේ එයාලගේ පතිනිවත රැකගන්න.....කෙල්ලොන්ගේ පතිවත වගේ කොල්ලොන්ගේ පතිනිවත මනින්නත් මොකක්හරි මිනුම් දණ්ඩක් තිබ්බනම් බලාගන්න තිබ්බා ඔය කොල්ලොන්ගෙත් රගේ......එහෙම මිනුම් දණ්ඩක් නැති නිසා තමයි ඔච්චර නැට්ට පාගගෙන දගලන්නේ.....නැත්තම් ඉතින් ඔහොම කොල්ලොන්ට විහින් ම බෙල්ල කපාගෙන මැරෙන්න තමයි වෙන්නේ.....

සමහර එවුන් තමන්ගේ අම්මා තාත්තා අතෑරලා පැනලා යනවා....ගිහින් අපා දුක් විදිනවා....මොකද ඉතින් අර අහිංසක අම්මට තාත්තට දීපු ගින්දරවලට දුක් විදින්නම වෙනවා....අම්මට තාත්තට වඩා කොල්ලව විශ්වාසයිනේ ඉතින්....අනේ මන්දා මෙහෙමත් කෙල්ලෝ.....ඊටපස්සේ ළමයෙකුත් හදාගෙන ආයේ අම්මලා ළගට එනවා.....කොච්චර වැරදි කරත් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් කවදාවත් තමන්ගේ දරුවෝ අතාරින්නේ නෑ.....එයාලා ඒ තරම් උතුම්....එහෙම දෙමව්පියන්ට තමයි අද කාලේ ළමයි ඔහොම කරන්නේ.....තමන්ගේ අම්මට තාත්තට කොච්චර නම් බනිනවා ඇතිද....ඒ මිනිස්සුන්ගේ හිත් කොච්චර රිදෙනවා ඇතිද.......😔....අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් දරුවෙක්ව හදන්නේ ඒ දරුවන්ගෙන් කුණු කතා අහගන්න නෙවෙයි......😔

ආදරේ කියන්නේ හිතට දැනෙන්න ඕන දෙයක්...ගතට නෙවෙයි හිතට දැනෙන්න ආදරේ කරන්න.....අද කාලේ ආදරේ කරනවා කියන්නේ තනිකරම ලිංගිකව හැසිරෙන එකනේ....ඒකද ආදරේ....නෑ නෑ....ඒක නෙවෙයි ආදරේ....ආදරේ කියන්නේ උතුම් පිවිතුරු දෙයක්....ඒ උතුම් පිවිතුරු වචනේ විනාශ කරන්න එපා.....Marry කරාට පස්සේ කරන්න තියෙන දේවල් ආදරේ කරද්දී කරන්න එපා....හැගීම් දැනීම්වලට ඉඩ දෙන්න...හැබැයි නියම තැනදී.....ආදරේ සුන්දර විදියට විදින්න....බැදීම් ඇතුලේ හැගීම් පාලනය කරගන්න.....හැමදේකටම හැගීම් ඉස්සර කරගත්තොත් ජීවිතේ හරි ඉක්මනට වරදිනවා.....

සෝබන විදියට ආදරේ කරන්න එපා....ආදරේ කරන අයට එයාලටම ආවේණික වුණු භාෂාවක් තියෙනවා....සමහර වචන අහන් ඉන්න අයට තේරෙන්නෙත් නෑ....ඇයි ඉතින් කතා කරන්නේ තොත්ත බබාලටත් හපන් විදියටනේ.....😁....අනේ අනේ ඉතින්....

ආදරේ ඇතුලේ දෙන්නට දෙන්නා හොද තේරුම් ගැනීමකින් ඉන්නවනම්....දෙන්නට දෙන්නා විශ්වාසයි නම්.....ඒ ආදරේ හරි ලස්සනයි....විශ්වාසයක් නැති තැන.....තේරුම් ගැනීමක් නැති තැන.....කවදාවත් ආදරයක් රැදෙන්නේ නෑ......🙂

ආදරේ කරන එක වැරැද්දක් නෙවෙයි....ඒත් තමන්ගේ අම්මගේ තාත්තගේ තැන කාටවත් දෙන්න එපා....කොල්ලට හෝ කෙල්ලට කරන ආදරේට වඩා සිය දහස් ගුණයකින් තමන්ගේ අම්මට තාත්තට ආදරේ කරන්න.....💕....හැබැයි මං කියන්නේ නෑ තමන් ආදරේ කරන කෙනාට ගරු කරන්න එපා කියලා....තමන්ගේ කොල්ලට හෝ කෙල්ලට ගරු කරන්න පුරුදු වෙන්න.....ලස්සන wedding එකක් අරන් තමන්ගේ කෙල්ලව ළගට ගන්නකම් තමන්ගෙනුත් තමන්ගේ කෙල්ලව ආරක්ෂා කරන්න.....එතනයි නියම ආදරේ තියෙන්නේ......කොන්ද පණ තියෙන ශ්‍රේෂ්ඨ පිරිමියෙක් වෙන්න....😌

අනිත් දේ තමයි....කෙල්ලනේ....ඇයි ඔච්චර කොල්ලෝ ළග වැද වැටෙන්නේ.....බැන්දට පස්සේ කරන්න ඕන දේවල් ඇයි දැන් කරන්නේ කියලා අහන්න කට පණ නැද්ද...." බදිනකම් ඉන්න බැරිනම් මාව අතෑරලා යන්න " කියලා කියන්න තරම් හයියක් නැද්ද.....කොන්ද පණ නැද්ද....කොල්ලගේ විශ්වාසය දිනාගන්න ඕනෙ කියලා ඇයි තමන්ගෙම ජීවිතේ බිල්ලට දෙන්නේ.....ඇත්තටම ඇයි ඔච්චර මෝඩ....😠

යටි බඩ පැලෙන්න තරම් වේදනාවක් හැම මාසෙම දරාගන්න පුලුවන් නම්.....අමු අමුවේ අස්ථි ඇට කටු කැඩෙන වේදනාව දරාගන්න හයියක් තියෙනවනම්....තමන් ආදරේ කරන කෙනා නැති වුනහම....ඒ දුක , වේදනාව දරාගන්න බැරිද....😌....පුලුවන් නේද...

ගොඩක් ගෑනු තමන්ගේ කසාදේ කටුගාගන්න අකමැති නිසා , තමන්ගේ දරුවන්ට තාත්තෙක් නැතිවෙන නිසා තමන්ගේ කසාද මිනිහගෙන් එන ඕනම ප්‍රශ්නයක් ඉවසගෙන දරාගෙන ඉන්නවා.....අද හැදෙයි හෙට හැදෙයි කියලා හිතුවට මැකුවත් ඒ මිනිස්සුන්ගේ චරිතෙවත් , ගති ලක්ෂණවත් වෙනස් කරන්න බෑ.....වෙනස් වෙන අයත් ඉන්නවා....හැබැයි බොහෝම සීමිත ප්‍රමාණයයි වෙනස් වෙන්නේ........

තව දෙයක්....කිස් කරන එව්වයි , බදාගෙන තුරුල් වෙලා ඉන්න photos අරන් ඒවා ඇයි හැම එකාටම පේන්න social media වල දාන්නේ.....හදිස්සියේ ඒ සම්බන්ධේ නැවතිලා වෙන කොල්ලෙක් බදින්න වුනා කියමුකෝ....කොහොමද එතකොට තමන්ගේ මහත්තයට මූණ දෙන්නේ...." උබ අරුත් එක්ක හොදට නටලා නටලා දැන් මගේ කරේ එල්ලුනාද " කියලා ඇහුවොත් කට වහගෙන ඒ කියන ඔක්කොම අහන් ඉන්න වෙනවා නේද...කට්ටිය කියද්දී " ආ උබ එකෙක් එක්ක නටලා දැන් වෙන එකෙක් බැදගත්තද " කියලා....මොනවද ඒ මිනිස්සුන්ට දෙන උත්තර......ඇයි මෙච්චර මෝඩ.....ඇයි මෙච්චර ඉක්මනට ආදරේට රැවටෙන්නේ.......😠

අපිට කාවවත් පිටින් බලලා කියන්න බෑ " මෙයා හොදයි , මෙයා නරකයි " කියලා.....හැබැයි ආශ්‍රය කරලා තේරුම් ගන්න පුලුවන්.....ඒත් ආශ්‍රය කරන්න ඕනේ අතේ දුරින් , ඒ වගේ ම ගොඩක් කල්පනාවෙන් , පරිස්සමෙන්.....😊

අනික මේ දේ හොදට මතක තියාගන්න......තමන්ගේ අම්මවයි තාත්තවයි රවට්ටලා.....එයාලට දුකක් දීලා.....මොකක්හරි දෙයක් කරොත්....කවදාවත් ඒ කරන දේ හරියන්නේ නෑ....😌....කසාදයක් කරගත්තත්...දෙමව්පියන්ගේ ආශිර්වාදය ඇතුව කසාද බදින්න....එතකොට ඒ පවුල් ජීවිත කොහොමහරි රැකෙනවා....😊....දෙමව්පියන්ගේ ආශිර්වාදය තියනවනම්....කවදාවත් කාටවත් වරදින්නේ නෑ......💕

ළමයෙක් හම්බුනාම කාණුවක , කුණු කූඩෙක තමන්ගේ දරුවව දාලා යන අම්මලා තාත්තලා අතරේ.....ඇස් දෙක වගේ අපිව පරිස්සමෙන් බලාගන්න අපේ අම්මලා තාත්තලා ලබන්න ඔයාලා වගේම මාත් හරිම වාසනාවන්තයි....ඉතින් මේ ආත්මේ ඒ රත්තරන් දෙමව්පියන්ට දුකක් , වේදනාවක් දීලා....ලබන හැම ආත්මෙකම අම්මෙක් අප්පෙක් නැති අනාථයෙක් වෙලා ඉපදෙන්න එපා.....තමන්ගේ දෙමව්පියන්ව ආදරෙන් බලාගන්න.....එයාලා මේ ලෝකෙන් සදහටම ගියාට පස්සේ....නිකන් බොරුවට තැන තැන ගිහින් කියව කියව හූල්ලන්න එපා.....එයාලා ජීවත් වෙලා ඉන්නකම් එයාලව ආදරෙන් බලාගන්න....එයාලව සතුටින් තියන්න.........💝🙏

කවදහරි දවසක අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වුනහම තමයි තමන්ගේ අම්මයි තාත්තයි ගැනත් තේරෙන්නේ.....එතකොට ගොඩක් පරක්කු‍යි......😔

හොදට ඉගෙනගන්න....ඉගෙනගෙන ජීවිතේ ජය ගන්න....හැමදෙයක් ම දරාගෙන ඉස්සරහට යන්න....කවදාවත් කවුරුත් නිසා මගින් හැරෙන්න එපා....හැමදේම තේරුම් අරගෙන ජීවත් වෙන්න....🤗

මට ලෝකෙ වෙනස් කරන්න බෑ.....හැබැයි මගෙ හිතට ආපු අදහසක් මං අකුරු කරේ....මේක කියවන කවුරුමහරි කෙනෙක් මං කිව්වා වගේ කෙනෙක් නම් , ඔයාලගේ අම්මා තාත්තා ගැන හිතලා වෙනස් වෙන්න......තමන්ගේ දෙමව්පියන්ට දුකක් , වේදනාවක් දුන්නොත් , අනිවාරෙන් ම තමන්ටත් ඒ දුක , වේදනාව කවදහරි දවසක තමන්ගේ දරුවෙක්ගෙන් හරි ලැබෙනවා.....තමන්ගේ ජීවිතේ උඩින් ම ඉන්න ඕනේ තමන්ගේ අම්මයි තාත්තයි...ඊටපස්සේ තමයි අනිත් අය....අපේ ලෝකේ අපේ දෙමව්පියෝ....❤️

NOBODY ON EARTH CAN EVER LOVE YOU MORE THAN YOUR PARENTS ❤️🙏

I LOVE MY PARENTS....❤️❤️❤️

❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️

මං මේ දේ කිව්වේ කෙල්ලොන්ට කොල්ලොන්ට දෙගොල්ලොන්ටම පොදුවේ......අදාල අය විතරක් තොප්පිය දාගන්න....🤗

මේ ලෝකේ ඉන්න හැමෝම හරිත් නෑ....හැමෝම වැරදිත් නෑ.....අනික පිටින් බලලා අපිට මනුස්සයෙක්ව මනින්නත් බෑ....එක එක්කෙනා එක එක දේවල් දිහා බලන කෝණේ වෙනස්....ඉතින් මං දකින පැත්ත තමයි මං කිව්වේ....මේක කියවන ඔයාලා මට වඩා සම්පූර්ණයෙන් ම වෙනස් විදියට මේ දේ දිහා බලනවා වෙන්නත් පුලුවන්.....ඉතින් ඒක ඔයාලගේ විදිය...මේක මගේ විදිය.....🤗

සමහරු කියයි " ඔයා කියන විදියට ආදරේ කරන්න බෑ " කියලා....අනේ මන්දා ඉතින් මං නම් මෙහෙමයි.....😁🙈......ආදරේට ආදරෙයි.....එච්චරයි....😐...අංක එක මගෙ අම්මයි තාත්තයි....එතනින් පස්සේ තමයි අනිත් අය......🤗

කියන්න නම් ඕන තරම් දේවල් තියෙනවා....ඔක්කොම කියන්න ගියොත් මේක type කරලා ඉවර කරන්න බැරි වෙනවා......

සමහර අය මට බනියි....කුණුහරපෙනුත් බනියි....කමක් නෑ.....මේක මගේ human right එක.....මට මගෙ අදහස කියන්න නිදහස තියෙනවා....ඉතින් මං කිව්වේ මට හිතෙන දේ....හරි වැරැද්ද ඔයාලා තෝරගන්න....It's Your Choice....😌

ඉතින් ඔයාලට මොනවමහරි දෙයක් දැනුනනම් පහළින් comment එකක් දාගෙන යන්න.....හොද හෝ නරක කැමති දෙයක් , ඔයාලට දැනුණු දෙයක් කියන්න.....මං වැරදි නම් ඒකත් කියන්න....😊

ඔයාලගේ වටිනා කාලයෙන් ටිකක් වැය කරලා මේක කියෙව්වට ගොඩාක් ස්තූතියි.....මං කාටවත් reply කරන්නේ නෑ....මොකද මං මේක ලියන්නේ නිර්නාමිකව....🤗.....ඒකට මට සමාවෙන්න....😊😊

ගිහින් එන්නම්....💕

හැමෝම පරිස්සමෙන් ඉන්න......❣️

තුණුරුවන්ගේ සරණයි.........!!!.......🙏🌸

No Name 💖💖

Report Page