🥺🥺
💔🥺හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ 💔🥺
වාට්ටුවේ ඉන්න ගමන් එහා පැත්ත හැරිලා බැලුවෙ මන් ලමයෙක් අඩනව ඇහිල.
එතකොට මන් දැක්ක දෙයින් අවුරුදු අටකට කලින් මගේ පෙර මතකයක් ඇවිස්සිලා ගියේ මටත් නොදැනිම.
අවුරුදු අටකට පෙර
.................................................................................
අනේ මට යන්න බැ එයාගෙ අතේ එල්ලිලා උරහිසට හේත්තු වෙලා මන් ඇඩුවෙ අවුරුදු දෙකක පෙම දාල මට යන්න වුන නිසයි පවුලේ ප්‍රශ්නයක් හින්දා අපිට කොළඹ යන්න වුනා.A/L ලියල ආපහු එනව කියල කීවත් මට දරාගන්න බැරි වුනේ කොහමද මන් අවුරුදු දෙකක් එයා නොබල ඉන්නෙ කියල.
අනේ මගෙ දෝනි මේ අහන්නකෝ..
අවුරුදු දෙකයිනෙ ජීවත කාලෙටම නෙවේනෙ මන් මගේ මැනිකට හැමදාම කෝල් කරන්නම් අවුරුදු දෙකකට පස්සෙ අපි දෙන්නම A/L කරලත් ඉවරයිනෙ හොදට පාස් වෙලා අපි දෙන්නම කැම්පස් යමු .දෝනි එනකල් මන් බලන් ඉන්නම් මට මගෙ දෝනිවත් ගොඩක් විශ්වාසයි. මගෙ මැනිකට මාව විශ්වාසයි නේද
එයා එහම කීවත් මන් හැඩූ කදුලින් එයාට සමුදීල ගෙදර ආවෙ හිතට එන හැමදෙයක් ගැනම වෙනදටත් වැඩිය හිතමින්.
අම්මා......
ආහ් දෝනි ආවද ඔයා
ඔය රවුම් ගගහ ඉන්නෙ ඔක්කම ලෑස්ති කරගෙනද
තව ටිකක් තියේ කියල මන් මගේ කදුලු හන්ගන් කාමරේට යන්න හැදුවත්
දෝනි...
ඔයා නෙතුලගෙ ගෙදර නෙවේනේද ගියේ ආහ්... කොහෙද ගියේ මෙච්චර වෙලා පෝන් එක වැඩ කරන්නෙත් නැ
ඕෆ් වෙලා තියෙන පෝන් එක දිහා මන් බැලුවෙ ගොඩක් අසරණව
ආහ් අම්ම මගදි මට සනුව හම්බුන එයා කිව නෙතූ ගෙදර නෑ කියල ඒ හින්දා මන් වැවලගට ගියා අය කවද එන්න වෙයිද දන්නෑනෙ
එහම කියල මන් කාමරේට් ගියෙ ඇස් දෙක ලාවට පිහ දාන ගමන්.නෙතූ කියන්නෙ පොඩි කාලෙ ඉදන් මගෙ හැමදේටම ඉන්න හොදම යාලුවා ගොඩක් අයට එහම කෙනෙක් ජීවිතේ ඉන්නව එතකොට මන් යාලුවෙලා ඉන්න කෙනාගෙ නම නේශාන් මන් තත්සරනි ඒත් ගොඩක් අය කියන්නෙ නම් ශානි කියල
හවස නෙතුත් ආව ගොඩ වෙලාවක් කතා කර කර හිටිය ගොඩක් ඇඩුවා ඒත් හිත ටිකක් හරි හැදුනා.
හෙට මන් යනව අම්මයි තාත්තියි එක්ක.
කොළඹ ගිහිල්ලත් සතියක් විතර ගියා නේශානුයි මායි මැසේජ් කරා වීඩියෝ කෝල් ගත්තා නෙතූනම් එක දවසක් මාව බලන්නත් ආව.
ඔහම අවුරුද්දක් විතර ඉක්මනට ගෙවිල ගියා ටික කාලයක් යනකොට නෙතූගෙ නම්බර් එක වැඩ නැතුව ගියා මට වෙන නම්බර් එකක් හොයාගන්න විදිහක් තිබ්බෙත් නෑ නේශානුත් ගොඩක් මාව මගඇරියා මගෙ කෝල් මැසේජ් එයාට වදයක් වුනා.
ඒත් ඇයි යෙ මන් එයාට වරදක් කරෙත් නෑ මට කිසි දෙයක් හිතාගන්න බැරිවුනා
පාඩම් කරන්නෙත් නැතුව හැමවෙලේම මන් හිතුවෙ එයාගෙ ඒ වෙනස් වීම ගැන.
එක්සෑම් වලටත් තව මාස හතරක් විතර.එක දවසක් එයා මට මැසේජ් එකක් දාල තිබ්බ ආය මට කරදරයක් වෙන්න එපා කියල ඒක දැකල මට මාවම පාලනයක් නැතිවුන මට මතක් වුනේම එයා මගෙ පස්සෙන් ආපු අවුරුදු තුන මන් ආය මොකුත් ම කියන්න ගියෙ නෑ
එක්සෑම් එකට තව මාස තුනයි පාඩම් කරන්න කාලයක් නෑ ඒ හින්දා මන් පාස් පේපර් කරා උසස් පෙලට bio කරේ වද්‍ය පීඨ යන්න .ඩොක්ටර් කෙනෙක් වෙන්න ඒත් අවසාන කාලෙ ඒක හරියට කරගන්න බැරිවුනා කොහම හරි අවසන් මාස තුනේ පාස් පේපර් වල පිහිටෙන් එක්සෑම් කරා.
රිසල්ට් එනකල් ඔන්ලයින් ජොබ් එකකුත් කරන ගමන් කෝස් එකකුත් කරා.ඉක්මනටම ආපහු ගමේ ගියේ නෙතූට මේ දේවල් කියන්නයි එක්සෑම් ගැන අහන්නයි එයා නම් හොදට එක්සෑම් කරගෙන ඇති.එයාට කොල්ලො ප්‍රශ්න තිබ්බෙ නෑනෙ
උදේම කොළඹින් පිටත් උනේ අම්මත් එක්කමයි.
නෙතූලගෙ ගෙදර ගියා මන් ඔව් මට ඒ දවස අද වගේ මතකයි.
නෙතූ....නෙතූ....
ඔව් එලියට ආවෙ මන් බලාපොරොත්තු වුන රූපෙ ඒ නෙතූ...
අනේ නෙතු දැක්ක කල් ඔයාගෙ නම්බර් එකක් වැඩ කරන්නෙත් නෑ...
මන් කියවගෙන කියවගෙන ගියා සතුටටම මගෙ අතේ තිබ්බ බඩුත් වැටුනා අඩ අඩ මන් දුවගෙන ගිහින් එයාව බදාගත්තා.එයාටත් සතුටු ඇති ඒකනෙ මොකුත්ම නොකිය ඉන්නෙ.
ඒ වෙලේ විතරයි මට ඒක හිතන්න පුලුවන් වුනේ එයා මාව තල්ලු කරා.
අහකට වෙන්න ශානි.ඔයා මගෙ යාලුවා කියන එකත් මට පුදුමයක් ඔව් කොළබ ගියාට පස්සෙ උබ ගොඩක් ලස්සන වෙල ඒ ලස්සන හින්දා උබට මදි වුනාද අර අවුරුදු ගානක් ආදරය කරපු කොල්ලව වෙන කොල්ලො හොයන් ගියේ කී දෙනෙක්ට තමුසෙ බලාපොරොත්තු දුන්නද
එය එහම කියල ගෙ ඇතුලට ගිහින් දොර වැහුවා.
ඒ වචන මට බර වැඩී මගේ සහෝදරිය වගේ හිටපු එකී නේද මෙහම කීවෙ මට තවත් එතන ඉන්න හයියක් තිබ්බෙ නෑ අඩ අඩම පාර දිගේ දුවගෙන ගියා යනකොට මට සනුව හම්බුනා ඌ කොල්ලෙක් වුනත් මන් ගැන ගොඩක් හොදට තේරුම් අරන් හිටියේ.
ශානි ..ශානි...ඇයි බන් මේ උබෙ ඇස්වල කදුලු ආන්ටි කීව මට අද උබත් ආව කියල.උබ නැති හින්දා හවස එන්න හිතන් මන් මේ යන්න හැදුවෙ උබට කියන්න ලොකු දෙයක් තියෙනව බන්
කියන්න මන් කදුලු පිහ දදා කීව
හවස එන්නම් නිදහසේ කිය්න්න
හවස එන්න එපා මම යනව
ශානි....
සනුව මන් දිහා පුදුමෙන් බැලුවා.
මේකයි බම් ඔය ඇඩිල්ල නවත්තගනින්කො මැනික
කියන්න
ඇයි උබ නේශාන්ට බෑ කීවෙ.
මම....
ඔව් උබට වෙන කොල්ලෙක් ඉන්නව තවත් වදයක් වෙන්න එපා කියල
වුන හැමදේම මන් එයාට කිව්වා..
ඔව් බන් මටත් හිතුනා උබ කවදවත් එහම කරන්නෑ කියල නේශාන් එක්ක දැන් යාලුවෙලා ඉන්නෙ කව්ද කියල දන්නවද
නෑ
නෙතූ....
ඒක ඇහුවාම මගෙ ඔලුව කැරකිලා ගියා.එහම්මම මම බිම ඉදගත්තා.
________________________________________________
අවුරුදු දොලහක සහෝදර ප්‍රේමේ...
නැවතුනා අවුරුදු තුනක මගේ ආලේ ලග...
ගියේ ඔබ ඔහුගෙ අතේ එල්ලී....
තරහ නෑ සොයුරියේ මා සිත
ශානිගෙන් නේශාන්ට*
_______________________________________________
එදා මන් හැමදේම හරියට දැනගත්තා.මන් එයාට කොච්චර ආදරේ කරත් එයා මට ආදරේ කරල තියෙන්නෙ බොරුවට එදා මන් අන්තිමට ඔය උණුහුමේ ඉන්නකොට ඔයා මට කීව දේ
අවුරුදු දෙකයිනෙ ජීවිත කාලෙටම නෙවේනෙ
මගෙ හිතේ ඒ වෙලේ ඒ වචන ටික දෝන්කාර දුන්නා.
________________________________________________
සද අයිති අහසටලු
තරු අයිති වලාකුලුවලටලු
හිරු අයිති මිහිමතටලු
නුඹ අයිති ඇයටලු
මා අයිති නුඹේ අතීතෙටලු
ශානිගෙන් නේශාන්ට *
_______________________________________________
මන් ගෙදරට දුවල ගිහින් අඩ අඩ අම්මව බදාගත්තා.
අනේ අම්මේ අපි දැන්ම යමූ .....
ඇයි ඇයි දෝනි මේ...
අම්මා එන්නැත්තම් තනියම හරි කොළඹ යනව කියල හිතාගෙන
මොකුත්ම කියන්නෙ නැතිව කාමරේට දුවගෙන ගිහින් බෑග් එක හදල වෙන ඇදුමක් දාගෙන එලීයට ආව.අම්ම නම් තාම බලන් ඉන්නව බලෙන්ම අම්මවත් ලෑස්ති කරන් ආය කොළඹට ආව.
එදායින් පස්සෙ ඒ පැත්තක වත් ගියේ නෑ රිසාර්ට් ත් ආව මෙඩිසින් ගිහින් ඩොක්ටර් කෙනෙක් වෙන්න තරම් හොද රිසාල්ට් එකක් තිබ්බෙ නැතත් නර්ස් කෙනෙක් වෙන්න පුලුවන් වුනා
.................................................................................
ඔව් අද මගෙ නේශාන්ගෙ අතේ මන් වෙනුවට එල්ලිලා යන්නෙ නෙතූ මගේ පොඩි කාලෙ ඉදලම හොදම යාලුවා දුකයි සතුටයි එකට යාවුණ ඇස් අස්සෙන් යාන්තම් වැටුනු කදුලු පිහදාල මන් ඒ දිහා බැලුවෙ සතුටින් ....
එයාගෙ සතුට තියෙන්නෙ නෙතූ ලග ඉතිම් නෙතූ කියන්නෙත් හොද කෙල්ලක් ඒ හින්දා එයාල සතුටින් ඉන්නව දැකල මාත් සතුටින් කොහමත් මන් හිත හදාගෙන ඉන්නෙ...
___________________________________________________
සුසුමන් හෙළනා...
කදුලක් දීල...
නැවතුනේ....
මා නොවේ ..
ඔබ...
ආදරේ අපෙ අද නැවතිලා...
අතරමං වුනා මන් ඒ මග...
ශශීගෙන් නේශාන්ට*
____________________________________________________
අවුරුදු දොලහක සහෝදර ප්‍රේමේ...
අවුරුදු දොලහක සහෝදර ප්‍රේමේ...
නැවතුනා අවුරුදු තුනක මගේ ආලේ ලග...
ගියේ ඔබ ඔහුගෙ අතේ එල්ලී....
තරහ නෑ සොයුරියේ මා සිත...
ශශීගෙන් නෙතූට*
___________________________________________________
ඒත් එක්කම මගෙ උරහිසෙන් කව්දෝ අත තිබ්බා.
මන් පිටිපස්ස බලනකොටයි දැක්කෙ ඒ කව්ද කියල ඒ හිටියෙ සනු
ස..නු..
මොකෝ මේ ශානි බය වෙලා...
අවුරුදු අටකට පස්සෙ මාව දැකලත් ඔයාට අදුරගන්න පුලුවන් වුනානෙ
වෙනද වගෙ නෙවේ ඒ කටහඩේ තිබ්බෙ නිවුනු කමක්
පොඩි කාලෙ ඉදල යාලුවා අමතක වෙන්නනම් මන් මැරෙන්න ඕනි ලමයො
මන් හිනාවක් දාගෙනම කිව
ඔයා බලන් ඉන්නෙ අර දෙන්න දිහා නේද
හ්ම්ම්ම්
ඔහම පෙවුනට නෙතූ දහදුක් විදිනව නේශාන් එක්ක ගිහිල්ලා නේශාන් හැමදාම රෑට බීල ඇවිත් එයාට ගහනව හරියට ජොබ් එකක්වත් නෑ එයාලට අමාරුවෙන් ජීවත් වෙන්නෙ එක්සෑම් කරගත්තෙත් නෑනෙ ඉන්නෙත් කුලී ගෙදරක
අනේ මගෙ කෙල්ල පව්....
මට ඇඩුනා ...
ඔය යන්නෙ දෙන්න තුරුලු වෙලා නෙවේ ශානි නේශාන්ට හිටන් ඉන්නවත් බෑ එයා ඒ තරම් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා
ආනෙ ..ආනෙ ..එයාට මේ මොකද වුනේ.... සනු ඔයා කෝමද මෙච්චර විස්තර දන්නේ....
ශානී...
එයාගෙ අත් දෙකෙන් මගෙ උරිස් දෙක අල්ලලා ඒ පැත්තට හරවගත්තා.
මම තමයි එහෙදි එයාට ට්‍රීට්මන්ට් කරේ...
එතකොට සනු ඔයා ඩොක්ටර් කෙනෙක්..
ඔව් ශානි...මට මෙහෙට ට්‍රාන්ස් එකක් හම්බුනා එයටත් කොළඹ එන්න වුනේ ලෙඩේ බරපතල කමට
ලෙඩේ .... ඒ මොකක්ද...
නේශාන්ගෙ අක්මාව නරක් වෙලා
සනු වෙන කියපු කිසි දෙයක් මට ඇහුන්නෑ මම දුවන් යන්නයි හැදුවෙ එතකොට සනු මාව අල්ලගත්තා
එපා..ඔයා එයාලෙග ජීවත මැද්දට ආය ගියොත් එයාල පසුතැවි තැවි ජීවත් වෙයි ඔයා කැමතිද එහම වෙනවට
නැ නැ සනු
මන් එහම කියල සනුගෙ පපුවට හේත්තු වෙලා හොදටම ඇඩුව දුක අඩු වෙනකල්....
දන්නවානම් ඇය ඔබ ගැන දැනගෙන ඔහු සමග රණ්ඩු කරා කියා
ඔබේ මිතුරිය වැරදි ඔහු කියා දැනගෙන
ඔබේ පෙම්වතා සමග රන්ඩු වුනා කියා
එදා ඉදන් ඔව්න්ගේ ජීවිත වෙන පැත්තකට පෙරලුනා කියා....
නෑ ඔබ දැනගන්නව දැන් ගියොත් ඔව්න් ලගට...
ඒ වගේම එයාලත් මුලු ජීවිතේම විදවයි දැන් දැක්කොත් ඔබව....
ඔබට වැරද්දක් කල නිසා බොහම...
සනු ශානිගෙ ඇස් දිහා බලන් හිතයි*
_____________________________________________
හිත බැදි ස්නේහ වන්ති නුඹ...
වැඩිපුර ආලවන්ත වුන ...
උනුහුම් තාල ගේන සිත ...
සෙමින් සැලුණා ...
පෙමින් වෙලුණා...
විරසක හීන මං සලහා...
සනු ශානිට*
_____________________________________________________
(අන්තිම කවි දෙක හරියට කියෙව්වනම් කතාවෙ වුනේ මොකක්ද කියල හරියටම තේරෙයි😉)
සමාප්තයි.
බුදුසරනයි 😘
♥️HM♥️