🥰🥰🥰

🥰🥰🥰

Rashmi Navodya

°° ~ Uthpalaa Jayakody ~ °°:

💔 අහිමි

අතීත ආදරය 💔



'' හැර දමා නොයමි මතු කිසිදු භවයක.

සොයාගෙන එමි කොහේ සිටියත්.

සමාව දෙනු මැන මෙවරට පමණක්. ''



❤️❤️🥀අහිමි අතීත ආදරය❤️❤️🥀




       සැදෑව සුන්දරව දිස් විය. ඇය සිටියේ රාජකීයන්ටම පමණක් වෙන් වූ මගුල් උයනේ සැදෑ අසිරිය විදිමිනි. කසාවත් පැහැය අහස පුරා පැතිරී පවතී. සෑම දෙයක් තුළින් දිස් වන්නේ සෞම්‍ය බවයි. මගුල් උයන මැද හුදකලාව සිටින ඇයට මේ සියල්ලක ම දැනේන්නේ චමත්කාරයකි.




       ඇය නමින් පූජනී කුමරියයි. ධවල දේශය ඇගේ දේශයයි. ඈ එහි ඔටුන්න හිමි රාජකුමරියයි. මායා බිසවගේ සහ විශාල් රජුගේ එකම දූ කුමරියයි.                                                   




       පූජනී කුමරිය, ඈට හිමිව තිබුණේ රාජකීයන්ට ම පමණක් හිමිවන සුන්දර රූපශ්‍රීයකි. ධවල දේශවාසීන්ගේ අදහස නම් ඇගේ අනුහසින් ධවල දේශය වාසනාවන්ත වූ බවයි. එය සැබෑවකි. ඈ දුටු පමණින් කදුළු හෙළන දෑස් දිලිසෙයි. ව්‍යාකූල මනස සන්සුන් වේ. ක්‍රොධයෙන් දැවෙන සිත කඩා හැලෙන දිය දහරක් වේ.




       ධවල දේශය සාගරයෙන් වට වූ කුඩා දිවයිනකි. මේ දූපතේ වගා කිරිමට නොහැකි බෝගයක් නොවී ය. එ ජනතාව දිවි ගැට ගසා ගත්තේ ගොවිතැනෙනි, කුඹල් කර්මාන්තයෙනි, ලෝහ කර්මාන්තයෙනි, සත්ත්ව පාලනයෙනි,වෙළදාම වැනි අහිංසක ජිවනෝපාය මොවුන්ගේ ජිවිත තැබුවේ සැමදා සතුටිමනි.

  



      විශාල් රජතුමා ඉතා සාමකාමී හා ධාර්මික යුක්ති සහගත ලෙස රාජ්‍ය පාලනය කළහ. සිංහ වංශය කවදත් ජනතාව ට කළ සේවය උත්කුෂ්ඪය. විශාල් රජු සිංහ වංශයේ තේජවන්ත ප්‍රතාපවත් රජ කෙනෙකි. ඒ නිසා ම ඔවුන් එදා සිට ධවල දේශයේ දියුණුව ට කටයුතු කළෝ ය. 

  



     බිසව මායා, මා හට අවැසියි මේ කිරුළ, මේ රාජ්‍ය පාලනය මාගේ දියණියට පවරා නිදහස් වන්න. ඊට කිසිවෙකුත් විරුද්ධ වන බවක් මා හට පෙනී යන්නේ නම් නැහැ. ආමාත්‍යවරු, රටේ ජනතාව මාගේ දියණියට බොහොම ළෙන්ගතුයි. ඇය කවදා හෝ මේ කිරුළ භාරගත යුතුයි නොවැ. මට විශ්වාසයි, ඈ හොදින් රාජ්‍ය පාලනය කරයි. මාගේ දියණී ඊට සුදුසුයි නේද මායා?

  


     රජතුමනි, ඈ තාම ළාබාලයි. ඇයට මේ සා වගකීමක් දරාගත නොහැකියි. රජතුමනි තව ම කල් වැඩියි මේ කිරුළ ඇයට භාරදෙන්න. අනික ඇය තව ම ශිල්ප හදාරමිනුයි සිටින්නේ. ඇගේ ශිල්ප ශාස්ත්‍රය හෝ අවසන් වන තෙක් පමා වන්න. 




පියාණෙනි, ඔබ මා බලාපොරොත්තු වුවා ද ? 

එසේයි. ඔබ සිටියේ උයනේ නේද පූජනී ?

එහෙමයි පියාණෙනි. ඔබ මන් ද මා කැදවුයේ ?

ඔබ කැදවීමට මා හට හේතුවක් අවැසි ද පූජනී ? විශාල් රජු විමසුවේ මදක් උස් ස්වරයෙනි.



නැත පියාණෙනි.




මගේ දියණිය, මට මදක් මහන්සියි. එම නිසා විවේක ගත යුතුයි. මා ඔබ කැදවූයේ විශේෂ යමක් පැවසිමටයි.

එහෙමයි පියාණෙනි. ඔබට මහන්සි නම් ඇයි විවේක නොගන්නේ ? මා දැන් ම පිටව යන්නම්. කුමරිය ආපසු හැරුණේ කුටියෙන් පිටව යාමටයි.




නැහැ පූජනී. ඔබ, මාගේ විවේකය ට බාධාවක් නොවෙයි. විශාල් රජු වහා පැවසුවේ ය. 




එසේ නම් පවසන්න. කුමක් ද කවුරුන් ද ඔබේ විවේකයට බාධා කරන්නේ ? මා දැන් ම ඔහුට දඩුවම් කරනවා. විශාල් රජු ට පමණක් නොව මායා බිසවට ද සිනා ය. දියණියගේ සුරතල් වදන් ඔහුව සනසාලයි.




නෑ දියණිය. ඔබ කළබල වෙන්න එපා. මම විවේක ගන්නම්. නමුත් ප්‍රශ්නයක් තිබෙනවා. මා විවේක ගන්නා නිසා රාජ්‍ය කටයුතු අතපසු වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ මට සහාය වෙනවා නේද එය නිසියාකාරව සිදු කරන්න. 





එහෙමයි පියාණෙනි. ඔබ වෙනුවෙන් ඕනෑ ම දෙයක් කරන්නම්. 





හොදයි, එසේ නම් හෙට සිට ඔබට රාජ සභාවට පැමිණිමට අවසර ලැබෙනවා. හොදමයි පියාණෙනි, ස්තූතියි. මා විශ්වාස කරනවට.




බලන්න මෑණියනි, පියාණන් මා බිය කරනවා. කරුණාකර පියාණන්ට වටහා දෙන්න. එතුමන්ගේ විවේකයට බාධා කරන්නෙක් මේ ධවල දේශයේ නොමැති බව. මෙතෙක් වෙලා දියණියගේ සහ පියාගේ සංවාදයට නිහඩව සවන් දුන් තම මව ළගට ගොස් පූජනී පැවසුවේ දුක් මුසුව ය.




එය නම් සත්‍ය පූජනී. මම වටහා දෙන්නම්. තවත් රෑ වනතුරු සුරතල් වදන් පැවසූ පූජනී කුමරිය, කුටියෙන් පිට වූයේ මවට සහ පියාට රාත්‍රියට සුබ පතා ය.





ඔබ නිවැරදියි මායා. තවම පූජනී ළාබාල වැඩියි රජ වෙන්න. එම නිසා මා ටිකෙන් ටික රාජ්‍ය කටයුතු වලට ළං කර ගන්නම්.




මට සතුටුයි රජතුමනි ඔබගේ තිරණය පිළිබදව. මායා බිසව සතුටු සිතින් පැවසුවා ය.




• UTHPALA WANNIARACHCHI •






Story Challenge



ඔන්න guys ඔයාලා වෙනුවෙන් මගේ 

පළවෙනි novel එක type කළා.


හොද ද නැද්ද කියලා කියන්නකෝ



කොහොමත් හැම කතාවක මුල ඉතිම් ටිකක් borin තමයි. කියවගෙන යන්නකෝ. හොද හොද එවා එළි වෙන ජාමෙට කියනවනේ. 



පොඩ්ඩක් typing mistakes ඇති. ඒවා ගණන් 

ගන්න එපා. ටිකක් වෙනස් කතාවක්. 


මගේ තව කතාවක් තියනවා. ඒක දෙන්නෙ ඕකට  ල්good comments ආවොත් තමයි. ඒක නම් රජ කතාවක් නෙමේ.



කමක් නෑ මොකක් හරි ඔන්න දුන්නා 

කතාවක් . හොද නැත්නම් ඒත් කියන්න. 



හොදයි නම් ඒකත් කියන්නම්.....




🙂 Please send me so more COMMENTS .... 🙃


Comments කරපු නොකරපු ඔක්කොට ම ඉතිම් ආයෙත් 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 තෙරුවන් සරණයි !!!!! 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻







පරිස්සමින් ඉන්න හොඳේ හැමෝම.....

Report Page