???

???

⛓️ Demon ⛓️

🙄

🏳️


ආදරේ ආත්මයෙන් ම කරලා, හුස්මකින් පවා ඒ හිත නමින් ම පේ වෙලා ඒ කෙනාම විශ්වාසය බින්ඳම ඇති වෙන හැඟීම මොන වගේ ද..

කෙනෙක් විඳලා නැති... කෙනෙක් විඳලා තියෙන ඒ හැඟීම...

වචනයෙන් කියන්න පුලුවන් ද..

එච්චරට ආදරේ කරපු එච්චරට විශ්වාස කරපු ඒ කෙනාම කිසි දෙයක් මතක නෑ වගේ ඉන්නකොට... ඒ දැනෙන හඟීම....

හැම තත්පරේකම මාවම හොයපු.. තොරතෝංචියක් නැතිව කියවන එක අහන් හිටපු.. හැම රෑකම හීනෙන් පවා දැකපු ඒ කෙනාම.. " ඔයාගේ ආදරේ නෙවෙයි.. මට මගේ නිදහසයි ඕන.." කිව්වම දැනෙන්නේ කොහොමද...

ඒක විඳින්නම ඕන...

මට කියන්න...

එහෙම තනිවුණ හිතක්...

ආයිම කෙනෙක්ව විශ්වාස කරයි ද?? ඒ විදියට වේදනා වින්ඳ කෙනෙක් ආයිත් ආදරේ කරන්න දෙපාරක් නොහිතයි ද?? අලුත් බැඳීමක් ඇති කරගන්න එහෙම හිතක් දෙපාරක් නෙවෙයි සිය දහස් වතාවක් නොහිතයි කියලා කාටද විශ්වාසයෙන් කියන්න පුලුවන්??

ඔබට?? මට?? එහෙම හිතක් ගැන හරියටම කියන්න පුලුවන් ද??

ඒ ගැන හරියටම දන්නේ ඒ හිතම විතරයි... ඒ හිතේ අයිතිකාරයම විතරයි..

එච්චරට ආදරේ කරපු, හැමෝටම වඩා විශ්වාස කරපු, ඒ කෙනාම එහෙම ඒ විශ්වාසෙ කඩල යනවනම්...

ඇත්තටම එහෙම හිතක්..

ආයිම කෙනෙක්ව විශ්වාස කරන්න එක සැරයක් නෙවෙයි සිය දහස් සැරයක් හිතනවා... කෙනෙක්ට ආදරේ කරන්න ඊටත් වඩා හිතනවා...

එහෙම හිතක් බොහෝ විට ඉන්නේ තනියම... සමහරක් විට නිමා නොවෙන කල්පනාවක.. සමාජෙන් ගොඩක් ඈතින්... මිනිසුන්ගෙන් හැංඟිලා... මතකයන් අතර තනි වෙලා.... නැතිනම් ඒවා මරලා දාන්න නිමා නොවෙන වැඩ ගොඩකට හිර වෙලා... සමහර විට ඇබ්බැහිවීමක...

ඉතින් එහෙම හිතක් ගැන දන්නේ නැත්තම්, ඔයාට එහෙම වෙලත් නැතිනම්, ඔයාට ඒක තේරුම් ගන්නත් බැරි නම්... ඔයා ඒ හිතට ඡෝදනා කරන්නෙ නැතුව ඉන්න...

සමහර විට ඔයා ඇතුල් වෙන්න උත්සාහ කර ඒ හිත... ඒ වේදනාව විඳින හිතක් වෙන්න පුලුවන්... ඒ වේදනාව වින්ඳ හිතක් වෙන්න පුලුවන්.. එහෙම හිතක් කියන දේවල් දන්නේ නැතිව.. තේරුම් ගන්නෙ නැතිව.. ඒක සිනහවට කාරණයක් කරගන්න ඔබ සාධාරණ ද??

ඔබ දන්නවාද ඒ හිත වේදනා විඳින තරම?? සමහට විට නැති වුණේ ඒ හිත වෙනුවෙන් හිටපු එකම කෙනා නම්.. ඒ හිත තේරුම් ගන්න පුලුවන් වුණු එකම කෙනා නම්...

ඔබට ඒ වේදනාව කොහොම දැනෙයි ද??

එහෙම එහෙම හිතකට ඔබ චෝදනා කිරීම සාධාරණ ද??

ජීවිතේ වින්ඳ ලොකුම වේදනාව ඒ ප්‍රතික්ෂේප වීම නම්... ඒ විශ්වාස ඝාතනය නම්.. ඒ හිත් බිඳීම නම්..

විටෙක ඒ හිත ආපසු නොහැරෙන්නට පවා එය බලවත් විය හැකි...

ඒ වේදනාව ඒ හිත දරාගත්තේ තනිවම නම්.. හිත හදන්න ඕන වෙලාවේ ඒ හිත තනිකලා නම්.. විශ්වාස නොකලා නම්... කවුරුත් ඒ හිත වෙනුවෙන් නොහිටියානම්... ඒ මොහොත ගෙවුණෙ මතක එක්ක විතරයි නම්..

බැඳීමකට, විශ්වාසයකට නැවත ජීවය ලබාදෙන්නට පෙර ඒ පිළිබඳව ගැඹුරින් නොසිතයි කියා කියන්නට පුලුවන් කාට ද??

සමහර විට ඔයාගේ මනස විවෘත වුණේ ඒ සිදුවීම නිසානම්... සමාජය තේරුම් ගත්තේ ඒ නිසානම්... බැඳීම් ඈත් කලේ ඒ නිසානම්... තනිකම හුරු වුණේ ඒ නිසානම්...

එහෙම හිතක විශ්වාසයට තැනක් නැවත හිමි වේවිද?? එහෙම හිතක ආදරේකට තැනක් නැවත හිමි වේවිද??

ඒ හිතට පැලැස්තර ඇලවීමට නොවෙයි, සදාකාලික සුවයක් ලැබීමට නැවත බැඳීමකටම ඉඩ ලැබේවි ද??


මඳක් සිතන්න...


ඔබට ,මට සේම සෑම කෙනෙකුටම කතාවක් තිබේ... එය ජීවිතයයි..

ඔබ එය කියවීමට අදහස් නොකරයිනම්, එය ඔබේ මාර්ගයෙන් වෙනස් නම් හෝ එහි අවශ්‍යතාවයක් ඔබට නොමැතිනම් එහි කවරය බලා හෝ හැඳින්වීම කියවා ඔබ කරන විචාරය සාධාරණද??

...............................................................

Report Page