🥰🥰🥰🥰🥰

🥰🥰🥰🥰🥰

Rashmi Navodya

kasuu 😜😜😜:

kasuu 😜😜😜:

🥀නාදුනන පෙම🥀


     6️⃣ කොටස


"හරි ආකාශ්..මං බලන්නම්...මං හිතන්නෙ නැ වැඩේ හරි යයි කියල නම්..."


කෝල් එක කට් කරපු ආකාශ් ෆෝන් එක සීට් එකට විසික් කරල තරහින් වේගයෙන් කාර් එක පදවගෙන ගියා...


****~~🪶🪶🪶~~****


වගීශා ඔෆිස් එකෙන් ගෙදරට ඇවිත් වොෂ් දාලා උඩට වෙලා ඩාන්ස් කර කර හිටියා...

එකපාරටම සින්දුව නැවතුණා..

වගීශා පිටිපස්ස හැරිලා බැලුවෙ ඒ මොකද උනේ කියල බලන්නයි...

එතකොටයි වගීශා දැක්කෙ තාත්ති ඇවිත් කියල...


"තාත්ති..මොකක්ද අනේ.."


"මං දැන් ගොඩක් වෙලා..බලන් හිටියා හිටියා...නවත්තන පාටක් නැති නිසයි මං ඕෆ් කරේ..."


"අනේ සොරි තාත්ති..දැක්කෙ නෑනෙ.."


වගීශා තාත්තිව බදාගෙන හුරතල් උනා..


"ඉතිං තාත්ති..අද වේලසනින්ම ඇවිල්ලනෙ.."


"ඔව් මැණික..අද ටිකක් කලින් ආවා.."


"තාත්තිට බොන්න මොනා හරි ගේන්නද මම.."


" මං වොෂ් දාගෙනම එන්නම් දූ..ඔයත් නාලා ඒම මොනව හරි හදන්නකො..මට දෝණි එක්ක පොඩි දෙයක් කතා කරන්නත් තියනව.."


නාලා ඉවර වෙලා තාත්තිට කොෆී එකකුත් හදාගෙන වගීශා එළියට ආවා..


දෙන්නම එළියෙ තියන බංකුවට වෙලා ඉදගත්තෙ ලොකු කතාවකට මුල පුරන්න වගේ...


"දෝණි...දැන් තාත්තිට වැඩ කරන්නත් බෑ...මහන්සියි..මං දැන් වයසයිනෙ..ඒ හින්දා..."


"හරි හරි...ඔය ඉතිං හැමදාම කියනව වගේ එන්න කියලනෙ කියන්න හදන්නෙ නේද.."


"ඔව් ඔව් ඉතිං.."


"තව මාස තුනක් දෙන්න තාත්ති..මං ආසාවෙන් කරන වැඩේනෙ මේක ඉතිං...නවත්තන්න හිතෙන්නෙම නෑ..."


"හරි හරි එහෙනම්..හැබැයි ඔන්න මාස තුනයි...මේ වයසක මට මොනා හරි උනොත් මගෙ දූ ඕව පුරුදු වෙලා ඉන්න ඕනිනෙ.."


"අනේ තාත්ති..මොනවද මේ කියන්නෙ..කොල්ලා වගේ ඉදගෙන මෙතන...ආයෙ ඒම කියනව නෙමෙයි ඔය වගේ කතා...තාත්තිට මොකුත්ම වෙන්නෙ නෑ හරිද...?"


තාත්තගෙ නහය මිරිකමින් වගීශා කිව්වා..


"ළගකදි ක්ලාස් එක පැත්තෙ ගියෙ නෑ නේද චූටි?"


"අනේ මංදා තාත්ති..මට දැන් යන්න හිතෙන්නෙත් නෑ..නොයා ඉදලත් බැ හැබැයි..මහත් වෙනව මම..."


"ම්ම්ම්..ගිහින් ආයෙ කතා කරගෙන බලන්න..."


"යන්න ඕනි තමා..මං අද කාලෙකින් ඩාන්ස් කරෙත්..ඩාන්සිනුත් අත ඇරුණනෙ ඩිග්‍රි එකත් එක්කම..."


"හරි හරි...අද අපිට තියනව ඩින(ර්) අවුට් එකකට යන්න"


"ඒක නම් හොදයි තාත්ති...බෝරින් ගෙදර ඉන්න ගියාමත්..තනියමද යන්නෙ අපි.."


"නැ..නැ..මිස්ට ජයදේවලත් එනව කිව්වා..."


"අන්කලුයි ආන්ටියි නංගයි විතරයි නේද එන්නෙ තාත්ති.."


"ඒ මොකද ඒ...පැතුම් අයියත් එයි ඉතිං..."


"අපෝ තාත්තී...ඒ මිනිස්සු හිතන් ඉන්නෙ මං පැතුම් අයියව මැරි කරන්න කැමතියි කියල..ඒත් තාත්ති මට නම් පේන්න බෑ.."


"හරි හරී...මං ඉන්නවනෙ ඉතිං...එනව කියල නොයා ඉන්න බෑනෙ...අපි යං හොදද.."


වගීශා අකමැත්තෙන් වගේ ඔලුව වැනුවා.


"දැන් ගිහින් ලෑස්ති වෙන්න මැණික.."


"තාත්ති යන්නකො..මං එන්නම්...මට බිස්නස් වැඩකට කෝල් එකක් ගන්න තියනව.."


"වෙනදටත් මං ඉස්සරහනෙ ඒ කෝල් ගත්තෙ..අද මොකෝ.."


කියල තාත්ති අමුතු විදියට හිනා වෙලා ඇතුළට ගියා..


වගීශා තාත්තා යනකන් බලන් ඉදල ආකාශ්ට කෝල් එකක් ගත්තා..


ආකාශ්ගෙ ෆෝන් එක ඕෆ්..වගීශා ටිකක් දුකින් වගේ ඇතුළට ගියේ එළියට යන්න ඇදුමක් දාගන්න..


කබඩ් එක ඇරල ඇදුමක් තෝරමින් ඉද්දි වගීශාගෙ ෆෝන් එක රින්ග් උනා..


වගීශා දුවගෙන ආවෙ කෝල් එක ගන්න...


කෝල් එක ආන්ස්වර් කරල ෆෝන් එක කනේ තියා ගත්තෙ ඇඹරෙමින් වගේ...කටටත් ඇගිල්ලක් ගහගෙන...


"හෙලෝ.."

කනටවත් ඇහෙන්නැති ගාණට වගීශා කිව්වෙ...


"මේ මොන සමයමක්ද බං....කනට ඇහෙන්න කතා කරපංකො.."


"හපෝ උබද ? කියපං කියපං..."


"ඈ බං...එන පොට නම් හොද එකක් නෙමේ ආ.. 'A' අකුර දැක්ක විතරයි පැණි ඇඹලයා වගේ ආන්ස්වර් කරල හෙලෝ කිව්ව හැටි මේකි.."


"අයියෝ අනූ..මං ආකාශ්ට ගත්තා..ආන්ස්වර් කරේ නෑ..මං හිතුවෙ එයා කියල ඉතිං..."


"එයා..?හරි හරි හොරෙන් කරන් යමං ඕම...මොකද කරන්නෙ වැඩක් ද උබ?"


"තාත්ති ඩින(ර්) එකකට යන්න ඉන්නෙ අනූ...ජයදේව අන්කල්ලත් එක්ක..මං මේ යන්න ලෑස්ති වෙනව.."


"ආ එහෙමද ? අර පැතුමාත් එයිනේ..පටන් ගනී පම්පෝරිය...අහන් ඉදපන් දැන්..."


"ඔව් අප්පා..උබ ඇයි කතා කරේ?"


"නිකම් ගත්තෙ ඉතිං..හරි හරි උබ ලෑස්ති වෙයන්..මං තියනව.."


"හරි ඩාලිං..බායි..සී යූ.."


ඩෙනිම් කලිසමට ටී ෂර්ට් එකක් දාගෙන පුරුදු විදියටම කොණ්ඩෙට පෝනි ටේල් එකක් දාගෙන වගීශා එළියට ආවෙ ආකාශ්ට ආයෙත් කෝල් එකක් ගනිමින්මයි....


ඒත් ආකාශ් ආන්ස්වර් මේ පාරත් කරේ නැ..


"ආකාශ්ට කරදරයක්වත්ද ෆෝන් වැඩ නැත්තෙ.."

වගීශා තමන්ටම කියාගෙන තාත්ති එක්ක හොටෙල් එකට ආවා..


ජයදේව පවුලෙ අයත් වගීශාත් වගීශාගෙ තාත්තත් එකම මේසෙක වාඩි උනා...


ටික වෙලාවකින් වගීශාත් පැතුම්ගෙ නංගිත් එළියට ආවෙ ෆොටෝස් ටිකක් ගන්න හිතාගෙන...


පැතුමුත් මේ දෙන්නා පස්සෙ වැටුණෙ හරියට ඇඹලයෙක් සීනි වලට ඇදෙනව වගේ....


පැතුම් දීපු ඉගියකින් එයාගෙ නංගි එයාලගෙ කාර් එක ළගට ගියේ පැතුමුත් වගීශාත් හොටෙල් එකේ එළියෙ බංකුවක් ළග තනි කරල...


පැතුම් වගීශාත් එක්ක බංකුවෙ ඉදගත්තා..පැතුම් සුපුරුදු විදියටම එයාගෙ පම්පෝරිය දිග අරිද්දි...වගීශා ඕනවට එපාවට වගේ ඒ දේවල් වලට උත්තර දුන්නා..


වගීශාගෙ ඇස් උඩ ගියේ ඒ දෙන්නා දිහා කවුදෝ බයික් එකකට වෙලා බලන් ඉන්නව දැකල...


වගීශාට ඒ රූපෙ අදුනගන්න වැඩි වෙලා ගත උනේ නෑ..


වගීශා ඒත් එක්කම කලබල උනා..එයාගෙ හිතට බයක් දැනුණා..එයා බංකුවෙන් නැගිටල තාත්ති ළගට යන්න ඕනෙ නිසා..

එතකොටම පැතුම් වගීශාගෙ අතින් ඇදල ළගට ගත්තා...වගීශා නැවතුණේ පැතුම්ගෙ ඔඩොක්කුවෙ...


මේ හැම දේම බලන් හිටපු බයික් එක රේස් කරල රේස් කරල යන්න ගියා...


පැතුම්ව තල්ලු කරපු වගීශා අඩාගෙන කාර් එකට ආවා..

තාත්තිට කෝල් කරා..


"තාත්ති..මගෙ ඔලුව ටිකක් රිදෙනව වගේ..මං කාර් එකට වෙලා ඉන්නම්...ඔයා කලබල වෙන්න එපා..තාත්ති කතා කරල එන්න.."


"ගොඩක් අමාරුද? අපි ගෙදර යමුද?"


"නැ නැ..අඩු වෙයි..ඔයා ඕම ඉන්න.."


"හ්ම්..මං ඉක්මනට එන්නම්කො..ටිකක් ඇලවෙලා ඉන්න.."


"හරි තාත්තා.."


කෝල් එක කට් කරපු වගීශා හොදටම අඩන්න ගත්තා..එයා ගොඩක් බය උනා..මේක කාටවත් කියාගන්නත් බැ...


තාත්තා එනව දැකපු වගීශා ඇස් වල කදුලු පිහගත්තා..


ගෙදර ගිහින් එහෙම්ම ඇදට වැටුණු වගීශාට එදා වෙච්චි දේවල් එකින් එක මතක් උනා..



අපි තවත් කොටසකින් හමුවෙමු ඒනම් ❤️


ඉතිං guys මේක අපි දෙන්න ලියල දාන පළවෙනි කතාව 📝👭

ඉතිං කියාගෙන යන්න කතාව ගැන අදහස් ටිකක්...💬


කතාව ලියන්නෙ දිව්‍යා සමගින් මම කසූ 👭❤️👭

Report Page