😂👊

😂👊


මිස්ටර් බීන් සහ අයින්ස්ටයින් ❤️😛👍


අයින්ස්ටයින් සහ මිස්ටර් බීන් දිනක් අවන්හලකදී මුනගැසුනා.


නමුත් අයින්ස්ටයින් පවසන බොහෝ දෑ කෙරෙහි මිස්ටර් බීන් සවන්දුන්නේ එතරම් උනන්දුවකින් නෙවෙයි.


බීන් ගේ අවධානය ලබාගැනීම පිනිස අයින්ස්ටයින් මෙසේ පැවසුවා.


"මිස්ටර් බීන්,

මම ඔබගෙන් දැන් ප්‍රශ්නයක් අහනව,

ඔබ ඒකට උත්තර දුන්නොත් මම ඔබට ඩොලර් 1000ක් දෙනව."


එවිට මිස්ටර් බීන් උනන්දුවෙන් අයින්ස්ටයින් වෙත අවධානය යොමුකලා.


අයින්ස්ටයින් නැවතත් මෙසේ පැවසුවා.


"ඒ වගේම ඔබ මගෙනුත් ප්‍රශ්නයක් අහන්න ඕනෙ.

මට ඒකට උත්තර දෙන්න පුලුවන් උනොත් ඔබ මට ඩොලර් එකක් දෙන්න ඕනෙ.

හැබැයි අපි දෙන්නටම එක ප්‍රශ්නෙකට වඩා අහන්න බෑ"


"මම එකගයි"


මෙම වාසිදායක ඔට්ටුවට බීන් ඉහලින්ම කැමැත්ත පලකලා.


අයින්ස්ටයින් මෙසේ කල්පනා කලා.


"බීන්ට මම ඉතාම අමාරු ප්‍රශ්නයක් දෙන්න ඕනෙ,

නැත්තම් ඩොලර් 1000ක් නැතිවෙනව."


ඒ වගේම මිස්ටර් බීන් මෙසේ සිතුවා.


" අයින්ස්ටයින් ට ඩොලර් එකක් දීල කොහොමහරි ශේප් වෙනව"


අයින්ස්ටයින් මුලින් ප්‍රශ්නය ඇසීමට බීන්ට අවස්තාව දුන්නා.


"හොදයි මිස්ටර් බීන්,

මුලින් ඔබ ප්‍රශ්නය අහන්න"


මිස්ටර් බීන් මෙසේ ඇසුවා.


"සතෙක් ඉන්නව,

ඌට කකුල් හතරක් තියෙනව,

ඒත් ඌ පාරක් මාරුවෙනකොට කකුල් දෙකයි පාවිච්චි කරන්නෙ,

ඒත් ඌ ආප්ස්සට යනවනම් කකුල් පහක් තියෙනව"


අයින්ස්ටයින් ඉතා වෙහෙසවී කල්පනා කලා.


ඒත් ඔහුට පිළිතුර සොයාගත නොහැකි උනා.


අතුරු ප්‍රශ්න ඇසීමද කල නොහැකියි.


අවසානයේ ඔහු උත්සහය අතහැරියා.


"මෙන්න ඩොලර් 1000ක්,

මම පිළිතුර දන්නෙ නැහැ"


මිස්ටර් බීන් ඩොලර් 1000ගෙන සාක්කුවේ දාගත්තා.


දැන් අයින්ස්ටයින් ගේ වාරයයි.


ඔහු නැවතත් මෙසේ සිතුවා.


"ඩොලර් 1000ත් නැති උනු එකේ මේ සතා මොකාද කියල දැනගන්න එක වටිනව"


එසේ සිතා ඔහුගේ ප්‍රශ්නය ඉදිරිපත්කලා.


"මිස්ටර් බීන්,

ඇත්තටම මොකාද ඒ සතා"


එවිට මිස්ටර් බීන් නිහඩවම ඩොලරයේ නෝට්ටුවක් අයින්ස්ටයින් වෙතට දිගුකලා.


.....................................................................


ඔබ කටයුතු කරන්නේ කෙතරම් බුද්ධිමතෙකු සමග ද යන්න ගැටලුවක් නොවේ.


ගැටලුව වන්නේ ඔබ ඔබගේ බුද්ධිය කෙතරම් අවස්තානුකූලව යොදවනවාද යන්නයි.


(උපුටා ගන්නාලද්දකි)

Credit goes to respective owners

Report Page