🥰🥰🥰

🥰🥰🥰

Rashmi Navodya

වෛශ්‍යාවී මනාලී ඈ.....


පෝරු මස්තකය මත උඩරට මනාලියක් ලෙස අද හැඩවී ඉන්නෙ නමින් සංකල්පනී දහම්සා නම් අවුරුදු 23 ක රූමත් අහිංසක තරුනියක්..උඩරට නිලමෙ ඇදුම් කට්ටලයෙන් මහා තේජසකින් ඈ දෙස බලා සිටින්නේ යුරාද් අනුරාධ නම් 25 හැවිරිදි කඩවසම් තරුනයෙක්...


සියලු විවාහ චාරිත්‍ර අවසන් වූ පසු එලඹුනේ ඔවුන්ගෙ මදුසමය බලා පිටත්ව යාමටයි..

හික්කඩුව වෙරලාශ්‍රිත සුන්දර හෝටලයක තම මංගල රාත්‍රියට තෝරා ගත් ඔවුන් රාත්‍රී 10 පමන වන විට ඒ කරා ලගා විය..


දෙදෙනාම ඔවුන්ට වෙන් කල හෝටල් කාමරයට පැමිනි විට දිස් වූයේ රෝස මල්වලින් ගැවසීගත් මංගල යහනාවත්,ඉටිපන්දම් ආලෝකයෙන් වර්නවත් වූ සුන්දර දර්ශනයකි..


"සනු මැනික "

"ම්ම්ම්"

"මැනික ඒනන් පොඩ්ඩක් රිලැක්ස් වෙන්න මන් වොශ් එකක් දාන් එන්නම්"

"හරි අයියෙ ඉක්මනට එන්න"

"ආපෝ මෙකිගෙ හදිස්සිය"


විලියෙන් ඇබරුනු සංකල්පනී ඇස් බිමට හරව ගත්තෙ යුරාද්ගෙ මුහුනට ද සිනාවක් එක් කරමිනුයි.ටවල් එකත් අරන් ඔහු ගියෙ ඇගපත සෝදා ගැනීමටයි..

සංකල්පනී මංගල ඇදුම් පිටින්ම බැල්කනියට ගියේ ලුනු සුවද මුසු වූ ඒ මුහුදු සුලගෙ පහස විදින්නටයි.ඇයටත් නොදැනී බර සුසුමක් පිටඋනෙ ඇගෙ අතීතයට ඈව එක්කරගෙනයි.


අතීතයට.....


"සංකල්පනී ලෑස්ති වෙයන් බන් ඊලග මහත්තය බලන් ඉන්නව උබ එනකන්"


"හරි මැඩම් මන් ලෑස්තියි"


මේ තමයි හර්බල් ස්පා නමින් පවත්වාගෙන යන නීතිවිරෝදී ගනිකා නිවාසය...


"අම්බෝ මාලි අර කෑල්ල නම් මරුඕයි මට මේකිව ඕනි ගාන කීයද කියපන්"


"අයියෝ ඇමතිතුමා මෙයා ගෙ නම් ගාන පොඩ්ඩක් සැරයි අපෙ ඉහලම ඉල්ලුමක් තීන ගර්ල් නෙ "


"මාලියො ගාන කියපන් මට තව ඉවසන්න බෑ ඕයි"


"ලක්ශයයි ඇමතිතුමා"


"ආහ් මේක ගනිං"


සංකල්පනීගෙ ජීවිතෙ අපායක් උනෙ ඔහුගේ මවගෙ දෙවෙනි කසාදෙ සැමියා අතිනි.පලමු වරට තම ආත්මය උදුරාගත්තට පස්සෙත් එයින් නොනැවතුනු ඔහු සංකල්පනීව මවටත් හොරා මේ ගනිකා මඩමට විකුනුවේ තම අතමිට සරු කර ගැනීමටයි. දිනෙන් දින බාල මහලු සියල්ලන්ගේම හපයක් වීමට සදුනිට සිදු වූයෙ ඇයගෙ මවට ඇගෙ දෙවෙනි සැමියා විසින් කරදරයක් කරයි යන බිය නිසාය.ඉදින් ඈ මේ දුක් ඉවසා සිටියෙ තම මව නිසාය.නැතිනම් ඈ මේ වෙන විටත් තම දිවිය අවසන් කර හමාරය..


කාමාතුරයන්ගේ කාමුක ආශාවන්ට සංකල්පනී ගොදුරු වූයේ කොටියෙකුට අසුවූ මුවැත්තියක් ලෙසටයි..

තමාව තමාටම පිලිකුලක් වුයෙ ඇගෙ මේ ශරීරය නිසාමය.

කීයක් නන් මේ ශරීරයෙන් තම කාමුක ආශාවන් ඉශ්ඨ කරගන්න ඇද්ද.


කලකිරීම මුසු තමා ගැනම අපුලක් දැනෙන මේ ජීවිතෙන් මිදීමට ඈට අවස්ථාව උදා උනි .ඒ ඇගෙ නෑයෙක් යැයි කියන්නට සිටි තම මව මිය යාම නිසයි.ඉදින් ඈ තම දිවිය අවසන් කරගන්නට සිතා ගත්තෙ දෙවරක්වත් නොසිතාය.


ඉදින් ඈ ස්පා නම් වූ මිහිපිට අපායක් බදු වූ ඒ තැනින් පැන ආවෙ තම දිවිය තොර කර ගැනීමටයි.


ඉදින් තම ඉදිරියට ඇදෙන කාර් රියට පැන්නෙ එකපාරින්ම මෙ දිවියෙන් සමුගැන්මටයි.ඒත් ඈ සිතූ ලෙසම එය සිදු වූයේ නම් නැ.


නමුත් එදායින් පසු ඇගෙ දිවියම වෙනස් විය.

ඈ පැන තිබූ කාරය පදවා තිබුනෙ වයසක ජෝඩුවකි.ඉදින් මේ දේ නිසා බියට පත් වූ ඔවුන් කතා කලෙ තම පුත්‍රයාටයි.


"අනෙ පුතේ කවුදෝ ගැනු දැරිවියක් අපෙ වාහනෙ ඉස්සරහට පැන්නා ඉක්මනට ම එන්නකො පුතේ"


දුරකතනය විසන්දි වී විනාඩි 10 කට පමන පසු තරුනයෙක් පැමිනියේය .ඉදින් ඒ ඔහුය.යුරාද් අනුරාධයි.වෘත්තීයම වෛද්‍යවරයෙකු වූ ඔහු සංකල්පනීව රැගෙන ගියේ ඔවුන්ගෙ නිවසටයි.


සංකල්පනීගෙ වාසනාවට ඇයට දැඩි හානියක් නන් සිදුවී තිබුනේ නැති තරම් ය..

ඈට විවේක ගන්නට දි යුරාද් කාමරේන් පිටවී ගියෙ අම්ම තාත්තාව සන්සුන් කිරීමටයි.


"අම්මා කලබල වෙන්න එපා.එයාට අමාරුවක් නැ ඉතිම් ඔයාල කලබල වෙන්න එපා හරිද මන් චෙක් කරන්නම් මන් නිවාඩුවකුත් දාල ආවෙ"


"හරි පුතා හරි ඒනම් පුතත් දැන් පොඩ්ඩක් විවේක ගන්නකො"


"හරි අම්මා"


"ආහ්...මගෙ ඔලුව,මං මෙ කොහෙද ඉන්නෙ මොනාද උනේ "


ඈ කාරයට පනින තැන තෙක්ම සිදුවූ හැම සිදුවීමක්ම මතක් කරන්නට උත්සාහ කලාය.


ඈ හිමින් සැරෙ නැගිටින්නට වූයේ මේ තැන ගැන දැන ගැනීමටයි.තම ගත තමාට අවනත නොවෙද්දි ඈ බිම වැටෙන්නට ගියත් ඈව ශක්තිමත් අත් දෙකකට මැදි විය.

ඇස් ඇර බැලුවෙ මේ කවුරුන්දැයි කියා බැලීමටයි.


ඝන ඇහි බැමක් ,දුබුරු ඇස්, ගානට ශේව් කරපු රැවුලක් අමුතුම කඩවසම් බවකින් පිරුනු තරුනයෙක් .සංකල්පනීගෙ හිත අමුතුම හැගීම් ගොන්නකින් පිරී ගියා.


ඉදින් ඔහුටත් මෙය වෙන්සක් නොවීය..

අහිංසක ඇස්,පිරුනු කොපුල් ,රත් පැහැ දෙතොල් ඔහුවත් වෙනමම ලොවකට රැගෙන ගියා..


ඉදින් ඔවුන් මෙ මොහොතින් මිදුනෙ යුරාද්ගෙ අම්මගෙ සද්දෙන්.


"අනේ දෝනි පරිස්සමින් පුතේ ...පුතා ඕහොම්මම දෝනිව ඉන්දවන්න"


දෝනි ඒ වචන ඈට නුහුරුය මවගෙන් පසු ඈට මෙතරම් සෙනෙහසින් කතා කලේ තමා නන්නාදුනනා මේ මැනියන් ය.


"දෝනි එකපාරටම වාහනෙ ඉස්සරහට ආවම අපිට කරගන්න දෙයක් නැති උනා අපිට සමාවෙන්න දෝනි...දෝනි කොහෙද ඉන්නෙ "


ඇගෙ ඇස් කදුලින් බර වූයෙ ඒ මොහොතේය ඈට මහත් අසරන කමක් දැනුනි.


ඉදින් ඔහුට මේ අසරනකම හොදින්ම දැනුනි.


"අම්ම මේ නංගිට පොඩ්ඩක් විවේක ගන්න දෙන්නකො ම්ම් පස්සෙ කතා කරන්න පුලුවන්නෙ අම්ම දැන් යන්නකො ම්ම්ම්"


"හරි පුතා ඒනම් මන් යන්නම් දෝනි.. පරිස්සමින් ඉන්න"


"නංගී.."


"ඔව් අයියේ"


"මන් දන්නෝ නංගි ඔයගෙ හිතේ ලොකු බරක් තියෙනව කියලා අම්ම අහපු දේ ඉස්සරහ ඔයා අසරන උනු හැටිත් මන් දැක්කා ම්ම්ම් ඔයා කැමති කාලයක් මෙහෙ ඉන්න පුලුවන් ..ඔයා අතීතය අමතක කරන්න හරිද ... දැන් පොඩ්ඩක් රෙස්ට් කරන්නකො ම්ම්"


"හරි අයියෙ අයියට ගොඩක් පින් ඒත් මට ජීවත් වෙන්න බැ අයියෙ මට මැරෙන්න ඕනි .මේ පිලිකුල් ජීවිතෙන් ඈත් වෙලා යන්න ඕනි."


ඈ අඩා වැලපුනේ වැලහින්නක් ලෙසයි.ඔහුගේ හිතද මොහොතකට නතර කරන්නට මේ මොහොත සමත් විය.


"ඔය වගේ කතා කියන්න එපා නංගි ඔයාට මැරෙන්න තරම් උනු දේවල් මොනාද ම්ම්"


ඔහුගෙ කටහඩම භාවනාවක්..ඉදින් ඈ සිත ඔහුට අවනත වූවා ඉදින් ඈ ඇගෙ අපුල ජීවිතේ ගැන අකුරක් නෑරම ඔහුට පවසන්නට විය.


ඈ අඩන දෙස ඔහුටත් බල සිටින්නට නොහැකි විය. ඉදින් ඈව ඔහු තුරුලට ගත්තේ ඇගේ හිස අතගාමින් ඈ සනසවන්නටයි.පලමුවරට දැනුනු මේ උනුහුම ඔහුගෙ සිත නොසන්සුන් කරවන්නට විය.ඇගේ කදුලුවල උනුහුම ඔහුගේ හදවතටම දැනෙන්නට විය..හෝරාවක් දෙකක් ඔහුගෙ උනුහුම ඇතුලෙ ගුලි වෙලා ඉන්නට ඇති.ඈට එහෙම්මම නින්ද ගොසින්ය.


පරිස්සමින් ඇද මත ඇයව තැබූ ඔහු ඈ දෙස බලා හිස අතගා කාමරෙන් එලියට ගියේය.


දැන් සංකල්පනී යනු එම පව්ලේ හුරතලි...

යුරාද්ගෙ හිත හොරකන් කරපු සමනලී...

කාලයත් එක්කම සංකල්පනී යුරාද් හද බැදුනේ පැරනි අතීතය වලදමමින්ය.

ඈ වැරදි නැත.ඔහු ඈ අත පතන්නට විය.ඉදින් පෙමින් වෙලුනු ඔවුන් අද දින විවාහ විය..



වර්තමානෙට ...


"අම්බෝ මැනික මොනාද ඔච්චර කල්පනා කරන්නෙ,මන් එනවවත් ඇහුනෙ නෑ නෙ" යුරාද්ගෙ දෑත් සංකල්පනීගෙ බදවටා එතී ඈ තම පපුව දෙසට බර කරගත්තේ ඇගෙ ගත වෙව්ලා යද්දි..


"නැ අයියෙ මට අතිතෙ මතක් උනා.. මන් කන්‍යාවියක් නෙමේනෙ "


ඇගෙ දෑස් බිමට බරවිය.ඈ තමා දෙසට හරවා ගත් ඔහු ඇගේ මුව දෝතට පරිස්සමින් මැදි කරගත්තේ ඇගේ මුහුනටම එබී ගෙනය..


"මේ පිස්සු හෝන්‍තුව ඕව හිතන්න එපා බන්.ම්ම් කො ගිහිම් හෝදන් එන්නකො,මට ඉවසිල්ලක් නා"

;

"මෝඩයා " ඈ දුවන් ගියෙ පොඩි එකියක් වගේ..


යුරාද්ගෙන් අතහැරුනෙ බර හුස්මක්...


"මගෙ කෙල්ලට ආයෙ කිසිම දුකක් විදින්න දෙන්නෙ නැ පරන දේවල් මතක් වෙන්නවත් දෙන්නෙ නැ ආදරෙයි මයෙ මැනිකට මන්"


වෛශ්‍යාවී මනාලී ඈ❤️✨


ඕං මයෙ පලවෙනි තනි කොටස් කෙටි කතාව වෙන්න ඕනි.මතකත් නැ🙊 හි.... ඉතිම් අදහසක් කියන් යන්නකො බැරි නම් කමක් නැ හී....


රසූ....❤️✨

Report Page