🥰🥰🥰🥰

🥰🥰🥰🥰

Rashmi Navodya

*සිහිනයකි නුඹේ ආදරේ🌸*


_කෙටි කතාවකි.._✍🏻


*___________________________________*



ඔව්.. අද දවස මට විශේශ දවසක්.. මන් අද උඩරට මනාලියක් විදියට ඇදගෙන ඉන්නෙ.. 

මගේ ජීවිතේම වෙනස් කරපු ඒ කෙනා මගෙ ඉස්සරහින්ම ඉන්නවා උඩරට නිලමෙ ඇදුමට එයාගෙ ගාම්භීරත්වය තව තවත් කැපි පෙනුනා..

අද එයාගෙයි මගෙයි වෙඩින් එක...🙈❤️

මට අද එයාව දැක්කාම එයාව මට හම්බුන පලවෙනි දවස මතකයට ආවා.. 


*_වසරකට පෙර.._*


*-----------------------------*

මගෙ නම අයේශා කාවින්දි.. අපෙ පවුලෙ ඉදියෙ මායි අම්මයි මල්ලියි විතරයි.. අපි හරිම දුප්පත්.. 

අම්ම ලොකු සල්ලිකාර මහත්තයෙකුගෙ ගෙදර තමයි වැඩ කරන්නෙ..🙂 එතකොට මන් ගමේ දහම්පාසලෙ පොඩි උන්ට උගන්නනව.. 

මටයි මල්ලිටයි කන්න අදින්න දෙන්න අම්ම ලග සල්ලි තිබ්බෙ නැහැ..

මල්ලි ඕ ලෙවල්.. හරිම දුක්බර ජීවිතයක් අපි ගත කරන්නෙ.. 😖

අපිට එදා වේල පිරිමහගන්න තිබුනෙ වත්තෙන් හොයාගන්න ලැබුන දෙයකින් තමයි..

හුගක් දවස් වලට මන් බඩගින්නෙම නිදාගත්තෙ මගෙ අම්මයි මල්ලියි බඩගින්නෙ ඉද්දි මට බලන්න ඉන්න බැරි කමටයි.. 😞

කටු මැටි ඉරි ගිය බිත්ති තියෙන ටකරන් දාපු අපෙ පුංචි පැල්පත වැස්සට කඩන් වැටෙන්න ඔන්න මෙන්න වගෙ තිබ්බේ..😖


එතකොට එයා තමයි ශානුක රනසිංහ.. එයා කොලබ ලොකු සල්ලිකාර තාත්ත කෙනෙක්ගෙ දඩබ්බර පුතෙක්...ඒත් හිත හරිම හොදයි.. 🙂

එයාගෙ තාත්තල ඉන්නෙ කොලබ.. ඒත් ශානුක අපෙ ගමට ඇවිත් තියෙන්නෙ එයා අපේ ගමෙන් ඉඩමක් අරන් හොටෙල් එකක් හදන්න... 

ඉතින් අපෙ අම්ම වැඩට ගියෙ ශානුකගෙ ගමෙ තියෙන ගෙදරට.. 😇


ඒත් ශානුක දන්නෙ නැහැ එයාලගෙ ගෙදර වැඩකරන කෙනාගෙ දුව මන් කියල.. එ වගෙම මාත් ශානුකව දැකල තිබ්බෙ නැහැ..🙂


මගෙ තාත්ත නැති උනායින් පස්සෙ මන් නිතරම වගෙ පන්සලෙම තමයි කාලය ගත කරන්නෙ..😔

මට තාත්තව නිතරම මතක් වෙනවා.. තාත්ත අද ඉදියනම් අද අපිට මෙයිට වඩා හොද ජීවිතයක් ගත කරන්න තිබ්බා..🙂

හ්ම්ම්..මගෙ හිතට සහනයක් දැනෙන්නෙ පන්සලේදි.. 


පන්සලේ ලොකු හාමුදුරුවො මට කත කරල කිව්ව හෙට හවස පන්සලෙ පූජාවක් තියනවා.. නෙලුම් මල් ටිකක් හොයා දෙන්න කියල..🙃


මාන් ලොකු හාමුදුරුවන්ට වැදල නෙලුම් මල් ටිකක් අරන් එන්නම් කියල අවසර අරගෙන පන්සලෙන් පිටත් උනා...😇


මන් දෙවැට දිගෙ හිමින් ඇවිත් අපෙ ගෙදරට ආවා..

මන් යනකොට අම්ම බතල තම්බනවා.. මන් පහල ලිද ගාවට ගිහින් ඇග සෝදම් ඇවිත් අම්මට පොල් සම්බෝලයක් හදන්න උදව් කලා..😇

එහෙම්මම රැටත් කාල මන් නිදා ගන්න ගියෙ හෙට ඉරිද දවසක් නිසා..


උදේම නැගිටල මන් අම්මටයි මල්ලිටයි තේ එකක් හදල දීලා ඉක්මනට ඇග සෝදම් ඇවිත් සුදු සාරියක් ඇදම් පන්සලට ගියෙ පොඩි උන්ට උගන්නන්න තියෙන නිසා.. 🤭

අපිට කොච්චර ප්‍රශ්න තිබ්බත් මගෙ අම්ම මාව රස්සාවකට යවන්න කැමති උනෙ නැහැ...


මන් ඉතින් පන්නසලට ගිහින් පොඩි උන්ටත් උගන්නනල ලොකු හාමුදුරුවන්ටත් වැදල හවසට නෙලුම් මල් ටිකත් අරගෙන එන්නම් කියල..😴


ආපහු මන් ගෙදර ඇවිත් මල්ලි කො කියල බැලුවා.. පව් අසරනයට හොදටම නින්ද ගිහින්.. 


අම්ම නම් ගෙදර ඇවිත් නැ තාම.. මන් හිතන්නෙ ලොකුමහත්තයලගෙ ගෙදර වැඩ කරනව ඇති තාම... 🙂


එහෙම හිත හිත මන් චීත්ත ගවුමකුත් අරම් ලිදට ගිහින් හොද හැටි නා ගත්තා..


ඊටපස්සෙ ගෙදර ඇවිත් මල්ලිවත් නැගිට්ටවල තෙ එකක් හදා දුන්නා හකුරු කෑල්ලක් එක්ක..


අද හවසනෙ පූජාව කිව්වෙ... මන් ඉතින් මල්ලිට අඩගැහුවෙ නෙලුම් මල් කඩන්න යන්න.. 😒

එයට ඉස්කොලෙ වැඩ තියෙන නිසා එන්න බැ කිව්වා.. අපෙ ගෙදරට ලයිට් තිබ්බෙ නැහැ.. ලාම්පුවකින් තමා අපි රෑට ඉන්නෙ..🙂


මල්ලිටත් එන්න බැහැ කිව්ව නිසා මන් හනිකට හවස් වෙන්න කලින් වැවට ගියෙ පන්සලට ගෙනියන්න නෙලුම් මල් ටිකක් කඩාගන්න කියල..😇


වැව ගාව කාර් එකක් නවත්තල තිබ්බා..🙄 කවුරුත් අයිතිකාරයෙක්නම් පේන්න ඉදියෙ නැහැ..


ඒත් ලගට යද්දි නම් සුදු පාට ශර්ට් එකකට කලු කලිසමක් ඇදගත්තු සුදු ලස්සන මහත්තයෙක් වැව ලග ඉදියා.. එයා හරිම ලස්සනයි.. පින් පාටයි..🥰


මන් ඉතින් හිමීට වැව ලගට ගිහින් පාත් වෙලා නෙලුම් මල් කඩන්න ගත්තා... කූඩයක් පිරෙන්නම නෙලුම් කඩාගෙන මම පිටිපස්සට හැරුනෙ ගෙදරට යන්න හිතාගෙන... 🤭


ඒත් අර මහත්තයා මාත් එක්ක හරි ලස්සනට හිනා උනා.. එයාගෙ වල ගැහෙන කම්මුල් හරිම ලස්සනයි.. ඒ වගේම ඒ ඇස් වලින් මගෙ ඇස් තප්පරේකටවත් අහකට ගන්නවත් මට හිත දුන්නෙ නැහැ..🤭 

මාත් එයාට හිනාවකින් ප්‍රතිචාර කලා.. 


මන් දෙවැට දිගෙ දුවන් ආවෙ ඉක්මනට පන්සලට යන්න හිතාගෙන..


මන් ගෙදර එනකොට අම්මයි මල්ලියිත් සුදු ඇදුමක් ඇදගෙන ලෑස්ති වෙලා ඉදියා.. 

මාත් ඉක්මනට ගෙදර ගිහින් නෙලුම් මල් ටික අම්මට දීලා මූන කට සෝදම් ඇවිත් සුදු දිග සායට අත්දිග බ්ලවුස් එකක් ඇන්දා... ඉන ගාවට තිබ්බ මගෙ කොන්ඩෙ තනි කරලකට ගොතාගෙන අම්මත් එක්ක එලියට බැස්සෙ පන්සලට යන්න හිතාගෙන..🤭


අම්මයි මායි මල්ලියි පන්සලට යනකොට සෙනග ගොඩක් ඉදියා.. ඒත් හරිම නිස්කලංකයි ඒ පරිසරය.. හිතට අමුතුම සුවයක් දැනෙනවා..


අම්මා නෙලුම් මල් ටික ලොකු හාමුදුරුවොන්ට දෙන්න ගියා.. මායි මල්ලියි බුදුන්වහන්සේට මල් පූජ කලා.. එතකොටම වගෙ අම්මත් ආපු නිසා අපි තුන්දෙනාම බුදුන් වැන්දා...🙂


මන් මල් වට්ටියකුත් අරන් බෝ මලුවට යන්න හිතාගෙන හිමීට ආවා.. ඒත් කවුද මන්ද මනුස්සයෙක් මගෙ ඇගෙ හැප්පුනා.. 😖


මල් වට්ටිය මගෙ අතින් බිම වැටුනා.. සුදු පාට සමන් පිච්ච මල් බිම හැම තැනම විසිරිලා ගියා.. මන් ඒ දිහාමයි බලන් ඉදියේ.. 🙂



🙎🏻‍♂️ මොන සිහියකින්ද පාරෙ යන්නෙ.. ඇස් පේන්නෙ නැද්ද තමුන්ට..


අනේ කවුද මේ.. මන් හරියට පාර බලන්නෙ ගියේ.. මන් වැරද්දක් කලෙ නැනෙ... මට ඇඩෙන්න වගේ.. මන් හිමීට ඔලුව උස්සල බැලුවෙ කවුද ඒ මට බනින්නෙ කියල බලන්න..


එතකොට මන් දැක්කෙ අර දවල් මට වැව ලගදි හම්බුන අර මහත්තයව... 

කාගෙන් වැරද්දක් උනත් මන් සමාව ඉල්ලනව කියල හිතාගෙන මන් එයාට කතා කලා..🙂



🙎🏻‍♀️ අ... අනේ.. ම..මට සමාවෙන්න.. මන් දැක්කෙ නැහැ..



එයා තාමත් ෆෝන් එකෙ සිහියෙන්... ඒත් එක්කම එයාගෙ ඇස් මන් දිහාවට හැරුනා...එයා ටිකක් වෙලා මන් දිහා බලන් ඉදියා...



🙎🏻‍♂️ මේ.. අනෙ සොරි.. මන් වෙන කල්පනාවක ඉදියෙ.. ඔයා නෙද අද දවල් වැව ලග නෙලුම් මල් කැඩුවෙ...



🙎🏻‍♀️ ඔ.. ඔව්.. මහත්තයා..



🙎🏻‍♂️ මහත්තයා කියන්න එපා.. මට ශානුක කියන්න..



🙎🏻‍♀️ ඒ...ඒත්.. ම...හත්තයා..



🙎🏻‍♂️ මහත්තය නෙමෙ ශානුක කියන්න.. 

ඔයාගෙ නම මොකක්ද.. ඔයා කොයි හරියෙද ඉන්නෙ..



🙎🏻‍♀️ මම අයේශා.. මේ එහා පාරෙ ඉන්නෙ...


අපි දෙන්නට වැඩි වෙලාවක් කතා කරන්න උනෙ නැහැ එතනට අපෙ අම්ම ආවා..



👩🏻‍🦳 මොකද දෝනි උනේ.. ඇයි මෙ අඩලා..



🙎🏻‍♀️ අ.. අම්මේ මේ..



🙎🏻‍♂️ අම්මෙ මන් යද්දි මෙයාගෙ ඇගෙ හැප්පුනා..


එහෙම කිව්වාම අපෙ අම්ම ශානුක දිහා බලල පුදුම උනා... ශානුකත් එ වගෙ..



👩🏻‍🦳 අනේ දෙයියනේ.. මේ චූටි බේබිනෙ...


ඔව් ඒ අපෙ අම්ම වැඩ කරන මහත්තයගෙ පුතා.. ඉතින් ඒ මහත්තයා මාත් එක්ක හොදට කතා කලා.. පස්සෙ එදා අපිව එයාගෙ කාර් එකෙන් ගෙදරටම ගෙනත් ඇරලුවා.. අම්මයි මායි ඉතින් එ මහත්තයට පින් දුන්නා..🙂


කෝම හරි ශානුක නිතරම අපෙ ගෙදරට ආව.. එයා අපෙ පුංචි පැල්පතට එන්න ලැජ්ජ උනෙ නැහැ..😇


ටික කාලයක් යද්දි මායි ශානුකයි අතර සම්බන්දයක් ඇති උනා..🥰


මන් එයාට පනටත් වඩා ආදරේ කලා.. එයාත් එහෙමයි.. එයාට අපෙ දුප්පත් කම ප්‍රශ්නයක් උනෙ නැහැ... 



අපෙ ආදරේට අවුරුදු එකාමහරක් දැනට... එයා තමයි අපිට කන්න අදින්න සල්ලි දෙන්නෙ.. එයා කිව්ව අම්මට රස්සාවට එන්න එපා කියල.. ඒත් අපිට එයාගෙන් කන්න බොන්න බැරි නිසා අම්ම ඒකට කැමති උනෙ නැහැ...🙂



දවසක් ශානුක මට අරන් දීපු ෆෝන් එකට කෝල් එකක් ආව.. මන් ඉතින් ගිහින් බැලුවෙ කාගෙන්ද කෝල් එක කියලා...

ඔව් ශානුකගෙන් ආවෙ..

මොකො දන්නැ හදිස්සිය...🙄 මන් ඉතින් ඉක්මනට ආන්ස කලා කෝල් එක🙂


එයා කිව්ව දේවල් මගෙ ඔලුවේ දෝංකාර දෙන්න ගත්තා.. 😖


එයා කිව්වෙ මගෙ අම්මට අසනීප උනාලු.. අම්මව ඉස්පිරිතාලට එක්කගෙන ගියාලු.. එහෙන් කිව්වලු අම්මව සනීප කරන්නනම් ලක්ශ පහක් ඕනි කියල 😞


කොහෙන්ද දෙයියනේ මන් එච්චර සල්ලියක් හොයන්නෙ... මන් අඩාගෙනම පාර දිගෙ දුවගෙන ගියෙ ශානුකගෙ ගෙදරට.. ඒත් එයාගෙ කාර් එක මාව පහු කරගෙන ගිහින් ආයෙ හරවන් ආවෙ මාවත් අරන් ඉස්පිරිතාලෙට යන්න.. 😞


එයා පුලුවන් තරන් මගෙ හිත හදනව.. ඒත් මටයි මගෙ මල්ලිටයි ඉන්නෙ මගෙ රත්තරන් අම්ම විතරයි... 😔


කෝම හරි මන් ඉස්පිරිතාලෙට ගියාම දොස්තර මහත්තය කිව්වෙ අම්මව සනීප කරන්න පුලුවන් ශානුක රනසිංහ කියල කෙනෙක් ලක්ශ පහක සල්ලි ගෙව්ව කියල.. 


අනේ ශානුක මට දෙවිකෙනෙක් වගෙ පිහිට උනේ.. 🙂එහෙම්මම මන් අඩ අඩම ශානුකගෙ කකුල් දෙක ලග බිම දනගහන් ස්තූති කලා.. 

එයා මාව එයාගෙ අත්දෙකෙන් නැගිට්ටවල බදාගත්තා.. 


මට හරියට දැනුනෙ මන් පුංචි කාලෙ මගෙ තාත්තගෙ පපුවට තුරුලුවෙලා ඉන්නව වගෙ හැගීමක්..🥺


අම්මට සනීප උනා... මන් ප්‍රාර්තනා කරන්නෙ මට මේ ආත්මෙ විතරක් නෙමෙයි හැම ආත්මයකම ශානුක මගේම වෙලා ඉපදෙන්න කියල..🙂


කොහොම හරි ටික කාලයක් ගියාම ශානුක මන් ගැන එයාගෙ අම්මලට කියල තිබ්බා.. එයාගෙ දෙමව්පියො අපෙ සම්බන්දෙට අකමැති උනෙ නැහැ.. 😇


ඒ වගේම මගෙ මල්ලි ඕ ලෙවල් හොදින් පාස් උනා.. එයාට දැන් අවුරුදු 19ක්... අපි මේවා අතඇරල දාල කොලඹට ආවා... ඉතින් අපි තුන්දෙනාට ශානුකගෙ තාත්තා ගෙයක් අරන් දුන්නා.. ඔහොම තමයි ඉතින් අපෙ ජීවිතෙ අලුත් ආරම්භයකින් පටන් ගත්තෙ.. 

අපි අපේ දෙමව්පියන්ගෙ ආශිර්වාදය මැද කසාද බදිනවා.. අද තමයි ඒ සොදුරු දවස.. දුක් කම්කටොලු මැද මගෙ ජීවිතට ආපු මගෙ ආදරේ.. 🙈



*_වර්තමානයට..._*


*-----------------------------*


එයා ගාවට මන් හිමින් අඩි තියල ගියා.. එයා මගේ අතින් අල්ල ගත්තා..🤭 

ජීවිතෙ අවසාන මොහොත වෙනකම්ම මාත් එක්ක මාව තාත්ත කෙනෙක් වගෙ බලාගන්නව කියල පොරොන්දුවක් දුන්නා...


ඔව්.. අපි දෙන්නට දැන් අවුරුදු තුනක පුංචි දුවෙක් ඉන්නවා... එයත් හරියටම ශානුක වගෙමයි.. 🙈

ඒ ඇස්.. ඒ වල ගැහෙන කම්මුල් අපෙ පුංචි දෝනිටත් තිබ්බා..


මන් හැමදාම ප්‍රාර්ථනා කරන්නෙ අපි දෙන්නගෙ පුංචි දෝනිට එයාගෙ තාත්ත වගේම හොද කෙනෙක් ලැබෙන්න කියල...❤️


මගේ ජීවිතෙට අලුතින් ආපු ඔහු නිසා අද අපෙ ජීවිතෙ හුගාක් රසවත් උනා..🥰



*____________________________________*


*_මේක මගෙ පලවෙනි කෙටි කතාව.. ඉතින් අඩුපාඩු ඇති.. කතාව කියවල කතාවෙ හොද නරක කියාගෙන යන්න.._*🥰

*_හැමොටම බුදුසරණයි... පරිස්සමෙන් ඉන්න.._🙏🏻*


*_____________________________________*




*♥️Vɪsʜᴜ....✍🏻*

Report Page