❤️

❤️

Alex

අවුරුදු දහයක් යාලු වෙලා ඉදල කසාද බැදපු දෙන්නෙක් බැදල අවුරුදු දෙකකට පස්සෙ ඩිවොස් වෙන්න යනව.

අවුරුද්දක පුංච් පැටියෙකුත් ඉන්නවලු.


ප්‍රොපෝසල් එකකින් සෙට් වෙලා යන්තම් මාස තුනක් ආශ්‍රය කරල කසාද බැදපු දෙන්නෙක් තමයි අරුන් දෙන්නව ආයෙම එකතු කරල තියන්න ට්‍රයි කරන්නෙ.උන් බැදල දැන් අවුරුදු දහයක්ලු.අදටත් ගොඩක් සතුටින් ඉන්නව කියන්නෙ.


පලාතෙම තිබ්බ හොදම හෝල් එක බුක් කරල වෙඩින් එක අරන් හනිමුන් වලට මැලේසියා ගිහින් හෝම් කමින් එක ඊටත් වඩා ලොකුවට ගත්තු කපල් එකක් එකම ගෙදර තට්ටු දෙකේ වෙන වෙනමලු දැන් ඉන්නෙ.ඩිවෝස් වෙන්න ඕනිලු ඒත් ඊට පස්සෙ සමාජයට මූණ දෙන්න බැරි නිසා මෙහෙම ඉන්නවලු.


ගැබ් ගන්නෙ නැති ප්‍රශ්නයක් හින්ද බෙහෙත් වලට හැම සේසතක්ම වියදම් කරපු ගැහැණු කෙනෙක් අන්තිම පාරට ට්‍රයි කරල බලන්න කියල ගේ උගස් කරල ඉන්දියා යනවලු. " මට නම් හිතහදාගෙන ඉන්න පුලුවන්, ඒත් යාලු වෙලා ඉද්දි මට ඔයාව විතරයි ඕනි හැමදාම කියල කියපු එයා දැන් මට වෙනස් කම් කරනව."

දන්න එකෙක් තමයි කිව්වෙ,ගෙවල් උගස් ගන්න කවුරු හරි ඉන්නවනම් කියන්න කියල.


කේන්දර ප්‍රශ්නයක් හින්ද බදින්න බැරිවෙච්ච නැන්ද කෙනෙක් මගේ හොදම යාලුව යාලු වෙලා ඉන්න කෙල්ලගෙ ගෙදර ඉන්නවලු." කේන්දර එහෙම ගැලපෙනවද දැන් මේ ලමයින්ගෙ " කියල ගෙදර ගිය වෙලාවෙ ඉස්සරලම ඇහුවෙ එයාලු.බොහොම අමාරුවෙන් තමයි යාලුව හිනාව තද කරන් ඉදල තියෙන්නෙ.


දිසානායක අංකල් ගෙයි ආන්ටිගෙයි 25 වෙඩින් ඇනවසරි එක ලගදි ලොකුවට ගත්ත.දරු , මුණුපුරන් එක්ක.ඇනවසරි එකක් සැමරුවට එයාල වෙඩින් එකක් ගත්තෙ නෑලු.පැනල ගිය දවසලු ඒ සමරන්නෙ.පස්සෙ කාලෙක ස්ටූඩියෝ එකකට ගිහින් ෆොටෝ එකක් ගත්තලු.අදටත් ඒ ෆොටෝ එක විතරලු තියෙන්නෙ.


වැඩිහිටි දීමනාව ගන්න පෝලිමේ අත් අල්ලගෙන ඉන්න ආච්චි කෙනෙකුයි,සීය කෙනෙකුයි මොනාද කියෝ කියෝ හයියෙන් හිනාවෙනව.

ලමයෙක් කිහිල්ලෙ ගහගත්තු අම්ම කෙනෙක් තමන් අතෑරල ගිය මිනිහ වන්දි සල්ලි දෙන්නෙ නෑ කිය කියා ඕ. අයි. සී මහත්තය ලග හඩා වැලපෙනව.


විවාහය කියන්නෙ එහෙම එකක්.


සමහරු විදිනව, සමහරු විදවනව.

සමහරුන්ට ලැබෙනව.සමහරුන්ට මගහැරෙනව.

සමහරු පරිස්සම් කරනව, සමහරු අත් හරිනව.

සමහරු ගලපගන්නව, සමහරු නොගැලපීම් හොයනව.


ඒත් හැමෝම ඒ වෙනුවෙන් හීන දකිනව..❤

.

.

.

.


උපුටා ගැනිමක් ..!!


Report Page