⚡️🅵🅰️🅽🆃🅰️🅲🆈 🅻🅰️🅽🅳⚡️

⚡️🅵🅰️🅽🆃🅰️🅲🆈 🅻🅰️🅽🅳⚡️

Sandaru Muthumala

අහන්නමයි හිටියේ මං .......


- ඒ මොකක්ද ?


________🥀


~ ඔයා ඔහොම ජිවිතකාලෙම ම


තනියම ඉන්නවද ?


ඔයාට පුළුවන්කම තිබ්බනෙ


කවුරැ හරි බැදලා


පවුල් ජිවිතයක් පටන් ගන්න


මං කියන්නෙ


ඔහොම තනියම ඉන්න ඕන නෑ නෙ


මොනව උනත් ඉතින්


- අහ් මට ඒක ගානක් නෑ ......


සමහරක් විට


මං මේ ඉන්න කැමති විදිහ


වෙන්න ඇති ........


එක්කො ලැබීම


නැත්නම් තනියම ඉන්න


තීරණය කරපු හින්දා වෙන්න ඇති


මේ විදිහට හරි ඉන්නෙ


~ ඒ කිවේ .......... ??


- ඔයා කීව වගේ


මට කෙනෙක් බැද ගන්න තිබුන තමා ...


ඒත් ඒකම වෙන්න බෑ නෙ නේද


ජිවිතේ හොඳ ම විකල්පය ??!!!


සමහරක් විට ඒ තීරණය ගත්‍තනම්


මං මේ ඉන්න විදිහට


මට මගේ හිතෙ නිදහසෙන් වත්


ඉන්න බැරි වේවී නේද ....?


වෙන දේවල් අපි කාටවත් කියන්න බෑ නෙ .....


~ ඔව් ඉතින්


ඔයා කියන එකත් හරි වෙන්න පුළුවන් .......


තව දෙයක්


ඔයාට ජිවිතකාලෙම ඔහොම ඉන්න එක


කරන්න පුළුවන් ද ?


හැමදාම එක විදිහට නෑ නෙ ඉතින් ......


- ඔව් ඒක හරි


හැමදාම එක විදිහට නම් නෑ ....


එන විදිහට මූණ දෙනවා .......


ඒක විතරයි මං හිතාන ඉන්නෙ .......


~ අනෙ මන්ද ඉතින්


කැමැත්තක් ඔයාගෙ ජිවිතේ නෙ ......


- ඔව් 🙂 .......


ඒත් මිනිස්සුන්ට ඕක හෙන ප්‍රශ්නයක්


ඇදුමක් ඇන්දත්


ටිකක් පරක්කු වෙලා ආවත්


යාලුවෙක් එක්ක කතා බහ කරත්


වාහනයක ගියත් ආවත් ..........


හැමදෙයක් ම නතර වෙන්නෙ


එකම තැනකින්


____________________________________


බදින්නෙ නැද්ද


තමුන්ට කියලා කෙනෙක්


දරැවෙක් මල්ලෙක් ඕන නැද්ද කියලා


අහන්න බලන් ඉන්න අය


කවදාවත් ඒ දැනෙන වේදනාව


තේරුම් ගන්නෙ නෑ .......


හේතුව ක් තියෙන්න පුළුවන් නේද


මොනාම හරි ඒ තීරණය ගත්ත...


සමහරක් විට ඒ තීරණය


ජිවිතේ එපාකරවන


දෙයක් වෙන්න පුළුවන් නේද


ඒකම අහනකොට දැනෙන්නෙ


කොහොම ද කියලා හිතන්නවත් පුළුවන් ද ....


සමහරක් කැලැල්


ජිවිතකාලෙම පුරාවටම පෑරිලා තියෙනවා


ඒ වට පිළියම්


නැති වෙන්න ත් පුළුවන් .......


______🥀


ඔය මොන දේ උනත්


කවදාවත් මට මගෙ ජිවිතේ


ප්‍රශ්නයක් වෙලා නෑ .......


ඒත් තනියම ජීවත් වෙන


කෙනෙක් ගේ ජිවිතේ


අනිත් හැමොටම මාතෘකාව ක් ......


මිනිස්සුන්ට තනියම


ජීවත් වෙන්න බැරි නෑ කවදාවත්


ඒත් මිනිස්සු බලන් ඉන්නෙ


එහෙම අයව මානසික ව වට්ටන්න


ඒකයි කෙනෙක් ට


තනියම ජීවත් වෙන්න අමාරැ ........


.....🙂


තනියම ඉන්න කවුරුත් මට මේකට


මේක කරලා දියව් කියන්නෙ නෑ නෙ


ඒ හින්දා ඒ අයට පාඩුවෙ ඉන්න දෙන්න ......


ඒ මිනිස්සුන්ට රිද්දන්න


ඒ මිනිස්සුන්ට රිද්දන්න


තවත් අසරණ කරන්න එපා


Report Page