🥀තනිය තනි නොකරන්න තිබුනා🥀

🥀තනිය තනි නොකරන්න තිබුනා🥀

~විහාරා~
ජීවිතයේ මග වැරදුනු තරුණියකි ඈ... තනිකම පමණක්ම තනියට පිහිටක් කරගත්...


🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂

❦ පලමු දිගහැරුම ❦


🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂


මේ සුවඳ... මගෙ උප්පත්තියේ බිම මේ... එයාපෝට් එකෙන් එලියට ආපු ගමන් කලේ මගෙ රටේ සුවඳින් පපුවම පුරවගත්ත එක...


මගෙ බැගේජ් එක අරන් යන්න... මාව පිලිගන්න කවුරුත් ඇවිත් නැ... කවුරු කියල නම් එන්නද...


අවුරුදු කියකින් පස්සෙද මේ... හරියටම අවුරුදු දහයක්... මගෙ ජීවිතේ උඩුයටිකුරු කරපු දෛවයම කනපිටගහපු රටට ආයමත් මං ආවා... මොකද මට මැරෙන්න ඕනි මං ඉපදුනු රටේ... පස් වෙන්න ඕනි මේ පොලවට...


දැන් වෙලාව හරියටම උදේ පහයි පනස් හතරයි...


මං ඉන්නෙ කටුනායක ගුවන්තොටුපළ ඉස්සරහ...


කැබ් එකක් නතර කරන් හොටෙල් එකකට ආවා...


' Room Number 26 '


රූම් එකට ගිහින් දොර වහලා මං ඉස්සෙල්ලම කලේ පැරිසියෙ සුවඳ යන්න හොඳෙට නාගත්ත එක...


📥 Madam aith awalu neda...


නාගෙන ස්කිනර් එකක් ඇඳලා ජින්ස් එකක් ඇඳන් ෆෝන් එක අතට ගත්තා...


කාගෙන්ද ඒ මැසේජ් එක...


⁣මේ පුංචි රට ඇතුලෙ මටයි කියලා හිටි එකම මනුස්සයා... මං ආවයි කියලා සතුටු වෙන එකම කෙනා...


අකීෂ් දෙනිපිටිය...


මගෙ බිස්නස් පාට්නර්...


" හෙලෝ මීදුම්... කොච්චර කාලකට පස්සෙද මේ... මීට් වෙන්නම ඕනි මට... බැ කියන්න නම් බැ ඔන්න... "


⁣මේ සතුට අවංකමද කියලා නම් දන්නෙ නැ මං.. මොකද එදා ඉඳන් මං දන්න කියන හැමෝම කලේ මාව රවට්ටපු එක...


" ඕකෙ අකීෂ්... අයි විල් කම්... "


" මං එන්නම් ඔයාව ගන්න... පැයෙන් රෙඩි වෙලා ඉන්න "



රතු පාට හීනි පටි දාපු චූටි ගව්මක් ඇඳලා ඉනට චුට්ටක් පල්ලට වෙන්න දිගට වැවුනු කොන්⁣ඩෙ කඩාදාලා කන්නාඩිය ඉස්සරහ රවුමක් කැරකුනේ පරන පුරුද්දට...


" ලස්සනයි ලස්සනයි... ප්‍රින්සස් කෙනෙක් වගේ.. "


මේඝ ආකාශ්...


" ඒයි...කවුද කිව්වෙ මගෙ රූම් එකට එන්න කියලා ම්ම්ම්...ගර්ල් කෙනෙක්ගෙ රූම් එකකට හැදිච්ච කොල්ලෙක් එන්නැ මෙහෙම... "


" කමෝන් සේයා... ඔය හිතන පතන විදිය පොඩ්ඩක් වෙනස් කරන්න දැන්.. මේ විසි එක්වෙනි සෙන්චරිය බබා... "


හිනාවකින් ෂේප් වුනා සල්ලි මත්තෙ නැහෙන මේ මිනිස්සු සංස්කෘතිය ගැන දන්න ඉටිගෙඩියක් නෑනෙ කියලා හිතුන නිසා...


" Babe... you are really like a princess.."


කන්නාඩියෙන් පේන මගෙ රූපෙ දිහා බලන් මේඝ කියනවා...


හිමිට නැගිටලා මං ලඟට ඇවිත් ඉන වටේට අත යවලා මගෙ වම් උරිස්ස උඩින් නිකට තියන් කන්නාඩියෙන්ම අපි දෙන්න බලන් හිටියා දෙන්නගෙම දිහා...


" Babe... I' m serious... "


" කි⁣යන්න ඉතිම්... "


" I love you seya... "


" මේඝ... ආදරේ කියන්නේ විහිළුවක් නෙවේ... "


" I know.. මං දන්නවා.. මට විහිළු කරන්න ඕනි නැ... මං ඇත්තටමයි කිව්වෙ... මං ආදරෙයි... I need you... "


Report Page