❤️

❤️

Bedmi janesha

ඒත්, අපි යන පාර හරස් කරගෙන කැත්‍රිනා හිටියා. ඒ ගමන උදේ වෙච්ච නෝන්ඩිය නිසා, මොනාකරන්න යනවද දන්නෑ.

" මොකද, මේ එහාට යන්න  " ආර්බෙල් කිව්වා.

" බයවෙන්න එපා ! යන්න පුළුවන් ඔයාට, ඒත් මේ මෝඩ කෙල්ල යන එක ගැන නම් පොඩ්ඩක් හිතන්න ඕනේ, මොකද එයා නටලා නෝන්ඩි උනාම එයාටමනේ දුක. " එයාගේ සුවච කීකරු කුක්කා වගේ ඉන්න ෆෙලිසි එක්ක මෝඩ විදිහට හිනාවෙන ගමන් කැත්‍රිනා කිව්වා.

දැන් විනාඩි කාලක් විතර ගියා, පිස්සු හැදිච්ච බල්ලෝ ටිකක් වගේ තාමත් හිනා වෙනවා. මායි ආර්බෙල් යි මූණ ට මූණ බලාගත්තා.

" අනෙහ්, මාර වැඩේ.. හිනාවෙලා ඉවරයි නම් අයින් වෙනවද ?? " බැරිම තැන මං ඇහුවා. 

" කට නම් තියෙනවා ඉතිං , අහ්හ් ඔහේ මෝඩ විදිහට නටලා නෝන්ඩි වෙනවා දකින එකත් හෙන ජොලි. ඒක නිසා යනවකෝ.. " කියලා කැත්‍රිනා එහාට ගියා.

මං ඔළුව පහත් කරලා, අර කුමාරිකාවෝ කුමාරයාට ආචාර කරනවා වගේ කැත්‍රිනා ට ත් ආචාර කලා.. " ගොඩක් ස්තූතියි කැත්‍රිනා , ඔයාගේ මේ කරුණාව කොහොම අමතක කරන්නද ?? " කියලා කිව්වම කැත්‍රිනා රතු උනා. 

ආර්බෙල් දිවත් හපාගෙන හිනාව තදකරන් හිටියේ. 

" අහ්.. ඇත්තමයි.. ඔහේ නෝන්ඩි වෙලා මදි. මොකද කොච්චර නෝන්ඩි උනත් කට අඩු වෙන්නේ නෑනේ. " කැත්‍රිනා රැව්වා. 

" Thanks, දැන්වත් පාඩුවේ ඉන්නවා. අනිත් අය ගැන හිතන්න ඉස්සෙල්ලා ඔයා ගැන හිතනවද ?? " මං කිව්වා.

" ඔයා කියනකම් තමයි හිටියේ " 

" එහෙනම් තවත් මරු " කියලා මායි ආර්බෙල් යි ඉක්මණට ඇතුළට ගියා. 

ඊටපස්සේ ඇහුනා, කැත්‍රිනා තරහින් අඩි පොළොවේ ගහන සද්දේ. ඒකට ඉතිං මං මොනවා කරන්නද ?? 

ඇතුළට ගියා විතරයි හිත ටිකක් ගැස්සිලා ගියා. ඇත්තටම මට මේක කරන්න පුළුවන් වෙයිද ?? මේක හොදට කලොත් අන්තිම හතර දෙනා අතරට යන්න පුළුවන්. ඊටපස්සේ කෙලින්ම " ඔඩෙට් " (ඒ කියන්නේ ඉතිං දැන් ඉන්න හොද ම නැටුම් ශිල්පිනිය. ) එක්ක නටලා, මට පැරීසියේ හොද ම නැටුම් ශිල්පිනිය වෙන්න පුළුවන් වෙයි. හරියටම මගේ අම්මා වගේ. 

තරගය පටන් ගත්තා. එක එක්කෙනා තමන්ගේ නර්ථනය ඉදිරිපත් කලා. මං හිටියේ අන්තිමට. මොන දේ උනත් කැත්‍රිනා තමයි සුපිරියටම නැටුවේ. එතකොට ආර්බෙල්? එයා මගේ යාලුවෙක් කියලා කියන්නත් සතුටුයි. ඒ තරම් ලස්සනට නැටුවා. සිංදු කියන එකට වඩානම් නියමයි හැබැයි. 

කාලය වේගයෙන් ගියා. මාව තවත් රත් උනා. 

ඔන්න දැන් ආවේ මගේ අවස්ථාව, මාව ගැහෙන්න ගත්තා. 

" ඔයාට පුළුවන් ග්‍රෙසී " ආර්බෙල් කිව්වා. හිතට ධෛර්ය අරන් මාත් stage එකට නැග්ගා. 

ඇවිත් හිටිය හැමෝම මං දිහා බලන් හිටියේ. කැත්‍රිනා නෝන්ඩියට හිනාවුනා. ආර්බෙල් නම් දිරිගන්වන හිනාවක් දැම්මා. එතකොට කිසිම හිනාවක් නැතුව මං දිහා බලාගෙන අපේ teacher 's ලා හිටියා. ඒ අතරේ මගේ තාත්තා ත් හිටියා. 

සංගීතය වාදනය උනා. මං ඇගිලි තුඩු වලින් හිටගත්තා. ටික වෙලාවයි ගියේ, මං සංගීතයට සිත යොමු කලා.. හිතාගන්නවත් බෑ. මාව ඉබේම නැටවුනා. මට හිතුනේ මං ඉන්නේ ලස්සන රෝස මල් මිටියාවතක් මැද කියලා. බලන් හිටපු කිසි කෙනෙක්ව පෙනුනේ නෑ.. මං හිටියේ ඒ ලෝකේ. සංගීතයේ තාලයට පාද චලනය උනා. මං හිටියේ ගොඩක් සතුටින්. කවදාවත් ම මං මේ විදිහට ලස්සනට නටලා නෑ. 

සංගීතය නැවතුනා. හිතාගන්නවත් බෑ. හැමෝම කියන දේවල් මට ලාවට වගේ ඇහුණා. 

" මට ඔයා ගැන ආඩම්බරයි ග්‍රෙසී " 

" ග්‍රෙසී ඒකනම් මරේ මරු " 

" මොකක්ද ?? කොහොමද ඒ මෝඩ කෙල්ල ඒ විදිහට නැටුවේ " 

" නරකම නෑ " 

" එයා හොදයි " 

" ලස්සනයි , සුපිරි ග්‍රෙසී " 

මං ඉක්මණට ආර්බෙල් ගාවට ගියා. මටත් වඩා ගොඩක් සතුටින් එයා උඩ පැන්නා. " ඒක.. ඒක මරේ මරු " එයා මාව බදාගත්තා. " මං කිව්වේ ග්‍රෙසී , ඔයා ලස්සන ටම නැටුවා.. ඔයාට පුළුවන් කියලා මං දැනගෙන හිටියා.. ඇයි මෙච්චර කල් හංගන් හිටියේ " එයා සතුටින් කෑ ගැහුවා. 

මාත් හිටියේ ගොඩක් පුදුම වෙලා. " මං නටද්දි ආර්බෙල් කකුලේ සමබරතාව ගොඩක් හොද ට තිබ්බා. මේ මේ shoes වල මොකක් හරි දෙයක් තියෙනවා " මං කිව්වා.

" ආව්... අහන්න , මේක magic එකක්ද දන්නෑ. " ආර්බෙල් රහසින් කිව්වා. 

මං දෙයක් කියන්න ඉස්සෙල්ලා එතන ට කැත්‍රිනා කඩාපාත් උනා.

කතාව කියවපු හැමෝටම ගොඩක් THANKS. ඊළඟ කොටසින් හම්බෙමු හොදේ..🌠❤️















Report Page