🎶🎸 සප්ත ස්වර 🎸🎶

🎶🎸 සප්ත ස්වර 🎸🎶

❤️PSTK0007s❤️

🌟Liyu perera🌟


⁣පෙර කොටසට

http://telegra.ph/සපත-සවර-09-09


❤️🎸 සප්ත ස්වර 🎸❤️


🧡🎶 හතළිස් හත්වන දිගහැරුම🎶🧡



************************************


තවත් දවසක උදේ කකුලත් බැදන් ඇදේ ඉන්න තාරුශා phone එකෙන් දැකපු video එහෙකට පුදුම වෙලා කෑ ගැහුවේ තාමත් අඩිය තියා ගන්න බැරි කකුල බිම තියලා නැගිටින්න හදන ගමන්.🙉😨


ඒත් එක්ක තාම සුවපත් නොවු කකුල වාරු නොවෙද්දී තාරුශා ආයේ බිම වැටුනේ කලින්ටත් වඩා හයියෙන් කෑ ගහගෙන...😑



" ආව්.... දෙයියනේ මගේ කකුල...!!! "ඇස් වලින් වැටෙන කඳුළු පිහිද පිහිද තාරුශා ආයේ හෙමින් ඇදේ වාඩි වුනා. ඒ එක්කම තාරුශා දිනෙලි එවලා තිබුන video එක ආයෙත් බැලුවා.



" දෙවියනේ මතීශ... !!" 😨

තාරුශා තාමත් අයා ගත් දෙනෙත් වලින් ෆෝන් එක දිහා බලන් ඉන්න කොට Room එකේ දොර ඇරන් ආවේ තාරුශව බලා ගන්න සෝමා අම්මා.



" මොකෝ බේබි බෙරිහන් දුන්නේ... කකුල පාර ගත්තද ආයෙත්.."



" ආ.. මේ නෑ.. නෑ... සෝමා අම්මා..නිකන් අවුලක් නෑ... සෝමා අම්මා දැන් යන්නකෝ.."



" හෙලෝ දිනෙලි මොකක්ද අනේ මේ..." සෝමා අම්මා යනකන් හිටපු තාරුශා ඉක්මනින් දිනෙලිට කෝල් කලා.



" ම්ම්... මටත් හිතාගන්න බෑ තාරූ .... මං උදේම අම්මා එක්ක හොස්පිට්ල් එකට ආවා. එතකොට තමයි දැක්කේ.. මං ඔයාට පෙන්නන්න ඕන නිසාම ඔය පොඩ්ඩක් වීඩියෝ කරේ. මාව දැක්කෙ නෑ මතීශ. ඔය doctor අපේ අක්කව බලපු කෙනා. ඒක නිසා එතන වෙච්චි දේ මට හිතාගන්න පුළුවන් වුනා..."



" දිනෙලි.. අනේ මං තාම ශොක් වෙලා ඉන්නේ... මේක මට හිතා ගන්න බෑ." තාරුශා කිව්වේ තාමත් ගැහෙන පපුවට අත තියන්.


" මේක යශ් අයියා දන්නවා ඇතිද තාරූ "


" ම්ම්... ඔව් මතීශට යශ්ට හොරෙන් කිසි දෙයක් කරන්න බෑ. මේක යශ් දන්නවා ඇති."


......................................................................




" මේ යතිශ අයියේ... අද 3 වෙද්දී එන්න හොදේ මායි සදුයි බලන් ඉන්නවා.... "



" ඒ මොකටද මන් ඇනෙක්ස් එකට එන්නේ. මං මේ වැඩ.."🤨



" මොකටද අහන්නේ... මං කිව්වේ අද මායි සදුයි දැහැමි අක්කගේ ගෙදර යනවා කියලා. ඉතින් එතකොට ඔයා කිව්වේ එන්නම් කියලා එක්ක යන්න..."



" සිරාවට ... මට මතක නෑනේ බන් එහෙම එකක්."


" මේ මනුස්සයා මොන සිහියකින්ද මන්දා ඉන්නේ.. කරන්න දෙයක් නෑ වහාම මේ ඇනෙක්ස් එක ඉස්සරහට 3 වෙද්දී වාර්තා කරන්න.."😁



" පිස්සුද... ලියා මං මෙතන වැඩ ගොඩක හිර වෙලා ඉන්නේ .හෙට යන්. මොකෝ අක්කා ගම රට අතැරලා යන්නේ නෑනේ.... "



" බෑ.. බෑ.. අනේ.. ලබන සතියේ කැම්පස් එකේ එක්සෑම්නේ.. මං ඉන්නේ හෙට ඉදන් එක හුස්මට පාඩම් කරන්න.."



" දෙන්නේ දත් ඇන්ද ගැලවෙන්න.. 😡 කට කැඩෙනකන් කිව්වා පාඩම් කරපිය කියලා.නෑ .. නෑ.. අද යන්නේ නෑ.. හෙට ඉදන් මොකද මේ දැන් ඉදන්ම ගිහින් පාඩම් කරනවා.."





"අනේ.. බෑ... බෑ... අනේ.. දැහැමි අක්කා කේකුත් හදලා අපි එනවා කියලා..අනික චොක්ලට් කේක්..😋 යන්කෝ... අප්පා.. මං ප්‍රොමිස් වෙනවා අද රෑ ඉදන්ම මන් පාඩම් කරනවා. අනේ.. අනේ.."🥺



" හරි හරි නෝනේ... ඒ නම් මං සෙනියව එවන්නම්. වැඩ ටික ඉවර වෙලා මං එහෙට එන්නම්. හැබැයි exams අවුල් කර ගනින්කෝ ලියා. එදාට උ⁣බේ ඔය දිග කොන්ඩෙන් එල්ලනවා උඹව මං studio එක ළඟ තියෙන මාර ගහේ..පැද්දි පැද්දි ඉදිනේ එතකොට."😏




" අයියෝ..මන් මේවා පුරුදු වෙන්න කරන ඒවා නෙමෙයි. මට සතියක් ඇති." 😌



" හරි හරි බලමුකෝ අපි එහෙනම්. එහෙනම් සෙනියා එයි. සදු නංගි එක්ක පරිස්සමෙන් යන්න. මං වැඩ ටික ඉවර කරලා එන්නම්... "




" හාම් හාම් බුදු සරණයි ඒනම්.." 😁 ලියා හිනා වෙවි phone එක තියෙන කොට සදු කම්මුලට අතකුත් තියාගෙන ලියා දිහාම බලන් ඉන්නවා.



" ඈ.. සදුවෝ.. උඹ උදේට කෑවේ නැද්ද.. මං දිහා කන්න වගේ බලන් ඉන්නේ.."



" ඇත්ත කියපන් ලියා.. අපි දැහැමි අක්කලගේ ගෙදර යන්න දාගත්තේ මේ උදේනේ. උඹ කොහොමද යතීෂ චූටියට ඒක කලින් කිව්වේ."🤨



" හී... මන් කලින් කිව්වේ නෑ බන්. අයියට දැන් ඉතින් එක්ක යන්නම් කියලා ආයේ බෑ කියන්න බෑනේ. ඒකයි ඔය යන්න දුන්නේ . ඒම කිව්වේ නැත්තන් මගේ බෙල්ල කඩලා උබේ අතට දෙයි බල බල ඉන්න කියලා. කටේම තියෙන්නේ පාඩම් කරන්න පාඩම් කරන්න කියලා..😒 ගොඩ කාලෙකින් වටයක් දාන්නත් බැරි වුනානේ.. ඔන්න ඔහේ යමු.." 😉



රෑ 9ට කලින් අනිවාරෙන්ම එනවා කියලා එහා ගෙදර ඉන්න ඇනෙක්ස් එකේ ඇන්ටිගෙනුත් පර්මිෂන් අරගෙන සෙනිත් එක්ක සදුයි ලියයි ගියේ දැහැමි අක්කට present එකක් ගන්න.



" සෙනියා මේ ශුවර්නේ අක්කා මේ dream catcher එකට කැමතියි වෙයිනේ.."



" ඔව් ඔව් බන්.. ඒකි ඒකිගේ කාමරේ වටේම ඕම ඒවා තමයි එල්ලන් ඉන්නේ.."




" මේ සෙනිත් දැහැමි අක්කා හරි අහිංසකයි නේද.. ලියාටයි මටයි හරි ආදරෙයි එයා.. ඇත්තටම එයාව TV එකෙන් සින්දු කියනවා දකිද්දි එහෙම හිතුවේ නෑ. අක්කා ටිකක් නිශ්ශබ්ද චරිතයක් නේ.."



" ඒක නම් ඇත්ත තමයි සෙනියා.." 😊



" අක්කා හරි අහිංසකයි බන්. අපි ගියාම තමා ඉතිං ඒකිගේ කට ඇරෙන්නේ.."



" ඇත්තටම සෙනිත් අක්කා නිසයි මං මෙහෙම සින්දු කියන්නේ.. පව් අනේ අක්කා.."



" මතියා හැමතිස්සේම කියන්නේ ලියා, දැහැමි අක්කා කරනමක් ගහපු එකෙන් ⁣වෙච්ච හොදම දේ උඔව හම්බුන එක කියලා.."



කතාවෙන් කතාවෙන් සෙනිත් ගිහින් කාර් එක නැවැත්තුවේ ලස්සන ගෙයක් ඉස්සරහායින්.



ගේට් එකෙන් ඇතුලට එනකොටම දැහැමි අක්කා ක්ලචර්ස් වලින් හිමින් හිමින් හිනාවෙවි ඉස්සරහට ආවා.



" අයියෝ.. අක්කේ.. ඉන්න අනේ ඔහොම අපි එන්නම්."



" කමක් නෑ සදු.. දැන් කකුල ලොකුවට අමාරු නෑ.. කෝ යතීෂලා ආවේ නැද්ද.."



" නෑ අක්කේ.. එයා විභූති අයියා එක්කම එන්නම් කිව්වා තව ටිකකින්." ලියා ගාඩ්න් එකේ සිරි නරඔන ගමන් කිව්වා..



" ඕහෝ .... එයා.. ඔහොම යන් ඔහොම යන්.. අපිටත් ආරංචි අපේ යස්ස පැටියට ලියා කෙල්ල පෙම් බදිනවා කියලා.. එදා stage එකේ අත්අල්ලන් perform කරද්දිම අපිට තේරුණා.. නේද සදු නංගි..." 😉



" අනේද කියන්නේ අක්කේ... අපි නම් එදාම හිතාගත්තා නේද..😁"


" ඇයි බන් අක්කේ මතක නැද්ද.. අපේ මහා.. සංගීතඥයා එදා මගේ කන පැලෙන්න ගහලා.. එතන සිනමාවේ වීරයා වුනේ.😂"




" පව් පව් සෙනිත් මේ කෙල්ල රතුවෙලා.. එන්න නංගි ඇතුළට යන්. අපේ අම්මා අන්න දාගෙන කෑම හදනවා.."


දැහැමි අක්කගේ අම්මයි දැහැමි අක්කයි එක්ක ගොඩ වෙලාවක් කියෝ කියෝ ඉදලා සදුයි ලියයි garden එක පැත්තට ගියේ පොකුන බලන්න.


සදුයි ලියයි මාලු බල බල ඉන්නකොට සෙනිතුත් ඇවිත් බෙන්ච් එකේ වාඩි වුනේ සදූගේ කරට අතකුත් දාන්.


" අනේ සෙනී මෙහෙම හිටියට මගේ ඇස් පිය වෙනවා හොදටම නිදි මතයි."😴 සෙනිත්ගේ උරහිසේ මූන තියන් ඇස් පියාගෙනම සදූ කියෝනවා.


" ඇත්තටම ඇයි බන් බූරු පැටියෝ උබ මේ වගේ කම්මැලි ඉරට්ටක් කර ගහන්න යන්නේ."😅


" අනේ සෙනිත් මන් පාඩම් කරන්න නැගිට්ටේ පාන්දර 2 ට. මේකි පාඩම් කරන්නෙත් නෑ. පන්දම වගේ ශීට් එක ඔතන් නිදා ගන්නවා එලි වෙනකන්."😒


" ලියා හෙට ඉදන්ම පාඩම් කරමූ නේ.කම්මැලි බන්."


" ඔව් සෙනියා. මාත් හෙට ඉදන්ම කරනෝ." ලියා බෝගන්විලා මලක් කඩන් සදුගේ කොන්ඩේ අමුන අමුන කියෝනවා.


" මරු යාලුවෝ දෙන්නා. අනේ ඉතින් කාට කියන්නද."


" මේ සදු මන් මේ සෙනිත් නැමැති උබේ ස්වාමිපුරුෂයට හෙයා ස්ටයිල් එකක් දාන්නද."


" අවුලක් නෑ බන්.වෙඩින් එකට photo එකක් ගහන්න ඉහේ තියෙන කොන්ඩේ පොඩ්ඩක් ඉතුරු කරන් උබ ඕන මෝස්තරයක් දා ගනින්."


" අනේ ලියා හිටපන්කෝ මගේ කොන්ඩේ අවුල් නොකර."සෙනිත් කටත් ඇද කරන් කියෝනවා.😒


" පිස්සුද බූරු පැටියෝ. සෙනිත් ඉන්න ඕන සොනික් වගේ මේමෙ ඉත්ත කූරු කරන් කොන්ඩේ."


ඒත් එක්කම ගේට් එකෙන් ඇතුලු වෙච්ච යශ්, විභුති වගේම මතීශත් දකින්නේ ලියා සෙනිත්ගේ කොන්ඩෙ හද හද ඉන්න කොට සදු සෙනිත්ගේ උරහිසේ ඔලුව තියන් ඇස් පියාගෙන මොනාදෝ සෙනිත් එක්ක කියෝනවා.


" අර බලපන් අයියේ.. අපේ සෙනියට සංසාරේම කරපු පින් එකට පලදීලා මේ ආත්මේ. මූ කොහෙ ගියත් බවලත්තු මූව වට කරගත්තු ගමන්."😂


" අනේද කියන්නේ මතියා මුන් තුන් දෙනාටම පිස්සු.."


" ආ.... ටිකිරි කෝමෙයි ඉතින්.."


" අනේ ඔගොල්ලෝ ආවද. ඉන්න මන් අක්කට කියලා එන්නම් " එහෙම කියපු ලියා එක හුස්මට ගෙට දිව්වා.


" අනේ අනේ කොල්ලෝ ටික මගේ. මේ ආවේ කොච්චර දවසකින්ද." නැන්දා එක්ක ලියා ආවේ කෑම ට්‍රේ දෙකකුත් උස්සන්.


" අනේද කියන්නේ අම්මේ මුන්ට මෙහෙ එන්න පාර ලේසියෙන් මතක් වෙන්නෑ..."


" අයියෝ නෑ නැන්දේ වැඩ හොදටම.ඒකයි." යශ් කොන්ඩෙත් අත ගගා කියෝනවා.


" ඔයාව අමතක වේනෝද වස්තුවේ මේ මතීශට . මුන්ට නම් හැබැයි ඔයාව මතක නෑ." 😁


" ඔව් ඔව් මන් ඒකනම් හොදට දන්නවා. අනේ මේ කොල්ලෝ කාලා ඉන්න."


" යශ් කොහොමද දැන් ඉතලි ශෝස් වල වැඩ. ලබන සතියේ ඔයා යන්න ඕනනේ.


" ඔව් අක්කේ.. ඔයා නැති එක නම් මගේ දකුනු අත කැඩුනා වගේ." 😕


" ලියාව එක්ක යන්න මල්ලි ලියා දක්ශයි ."


" ඉතලි යන්න වෙන්නෙ නෑ අක්කෙ. සෙනිත්ටයි ලියාටයි. මුන්ට exam"


" නෑ නෑ ඕන නම් යන් නැත්ද ලියා exam ඕන නෑනේ බන් ලියන්න." 😁 සෙනිත් විරිත්ත විරිත්ත අහද්දී ලියා ඔව් කියන්න ඔලුව වැනුවා.


" ඔය දෙන්නා යන්නේ නැත්තම් මන් යන්නෙත් නෑ exam . " 😏 සදු කොන්ඩෙත් ගස්සලා යුද්දේ ප්‍රකාශ කලා.


" ආස ඇති යශ් මුන්ට exam නොලියා ඉන්න. නෑ නෑ ඒවා කොහෙද. 😏 මේ කියන්න බැරි වුනා අද දානවා කිව්වා ක්‍රිශාන්ත අයියා cl කරලා film එකේ trailer එකක්. film එක තව සති දෙක තුනකින් ඒවී."😄 විභුති අන්තිම ටික කිව්වේ ලියාගේ කොන්ඩෙත් අවුල් කරන ගමන්.


.....................................................................



රෑ film එකේ trailer එක දැකපු තාරුශට ඒ film එකේ මන්දාරම් සිංදු කියන්නේ යතීශයි ලියයි කියලා අදුර ගන්න මහ වෙලාවක් ගියේ නෑ. තාරුශගේ අතේ තිබුනු වයින් ග්ලාස් එක අතේම කෑලි කෑලි වලට කුඩු වුනේ තරහටම ඇස් වලින් කදුලු වැටෙද්දී.


'මතීශව නැතිවුනා මට යතීශවත් නැති කරගන්න බෑ.' කැපුනු තුවාල අත දිහා බලන් මුමුනපු තාරුශා ඇද විට්ටමට හේත්තු වෙලා කෝල් එකක් ගත්තා.



" හෙලෝ අජේ මට වැඩක් කර ගන්න තියෙනවා."


" මොකක්ද මැඩම් වැඩේ... මැඩම්ට නොකරන වැඩ අපි ලග තියෙනවද.. "


" යතීශගේ ඇගේ කෙල්ලෙක් බලෙන් එල්ලෙන්න යනවා. ඒ කෙල්ලව අයින් කරන්න ඕන."


" අයියෝ මැඩම් එක කෙල්ලෙක් නෙමෙයිනේ අපේ රටේම කෙල්ලෝ ටික යතීශ මහත්තයගේ ඇගේ එල්ලෙන්න සුලු පටු කට්ටක් කනව කියලද.. "


" කියන දේ අහනවා අජේ...! ලබන සදුදා යතීශ ඉතලි යනවා. එදාට වැඩේ වෙන්න ඕන."


" ඇයි මැඩම් මේ කේස් එක ටෝනි අයියට නොදුන්නේ..."


" තමුසෙට අජේ මේක කරන්න පුලුවන්ද බැරිද කියනවා."


" පුලුවන් මැඩම් අපිට ඩීටේල්ස් එවන්න. කෙල්ලට මොකෝ කරන්න ඕන මැඩම් බය කරන්න විතරද... "🤔


" ඕන දෙයක් කර ගන්නවා. ආයේ හැබැයි එකීව මට මේ කොලබ දකින්න බෑ.. " 😠


" හොදයි මැඩම් "


' මාව ගනන් ගත්තේ නැති මිනිහා මේ පොඩි කෙල්ලව ලං කර ගත්තා නේද. බලමු යශ්.!!!!!!!.."😠😠


....................................................................


තැන්කූ යාලු... මේ ලස්සන නිසදැසට..🥰🥰❤️


ලියාගෙන් යශ්ට :


කොහොම වෙලාද මන් දන්නෑ.....

මගේ මුලු හිතේම එයා නැවතිලා....

කොහොම කලාද මන් දැන්නෑ....

මගේ හිතම එයා අරන් ගිහින්....

ඉතින් නොතේරෙන හැගුම් ගොඩක මන්

සිරවෙලා.....



නුඹ හිරු වගේ යශ්

මගේ ලොවම එලිය කරපු

ඉතින් මන් එන්නම්

ඔය දෑත අල්ලන් යන්න

සංසාරික චාරිකාවක් ❤️


( ඩිනෙල් )



°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°



❤️ආපහු හමුවෙමු ඊළඟ ස්වරයෙන්🎶🎸




~~~° Liyu Perera °~~~




Report Page