📷

📷

Bedmi janesha

" ඉතිං මොකද ?? " මං හයියෙන් ඇහුවා. ඒත් අපරාදේ එහෙම ඇහුවේ, මොකද ඊටපස්සේ එතන හිටිය හැමෝම අපි දිහා බැලුවා. 

" මොකද ?? ඒක වැඩක් නැති දෙයක් , මං විතරයි මේකෙන් දිනන්නේ.. " 

" හහ්, ඉතිං මට පාන්ද ?? " මං කිව්වම කැත්‍රිනා ගේ මූණ රතු උනා. හැමෝම එයාට හිනාවුනා. 

" පාන් !! පාන් නෙවෙයි කේක් ?? " 

" ඕ.. කේක්, sorry කැත්‍රිනා ඇත්තටම මං දැන් කේක් කෑල්ලක් කාලා ආවේ " 

කට්ටියගෙම ගේ හිනාව නිසා, එයා ලැජ්ජාවෙන් වගේ හැමෝම දිහා බලලා, මට රවන්න ගත්තා.

" ඔහ්, ඇත්තමයි ඔහේනම් මහ මෝඩ කෙල්ලෙක්. හරියට නටන්නවත් බෑ.. හීන දකින්නේ පැරීසියේ හොද ම නැටුම් ශිල්පිනිය වෙන්න.. පිස්සු හැදීගෙන එනවද කොහෙද ?? " තිබ්බ කේන්තියට කැත්‍රිනා බෙරිහන් දුන්නා. 

" බ්ලා බ්ලා බ්ලා.. මට ඕවා ඇහෙන්නේ නෑ.. " අත් දෙකත් දෙපැත්තට වන වනා මං කිව්වේ පණ්ඩිත කැත්‍රිනා ව අවුස්සලාම දාන්න. 

" අපි යමු, ෆෙලිසි.. " කියාගෙන එයාගේ යාලුවවත් ඇදගෙන එයා කැත්‍රිනා යන්න ගියේ, හැමෝම එයාට හිනාවෙද්දි .

       මං කලේ මහ මෝඩ වැඩක් කියලා පස්සේ තමයි තේරුණේ. මොකද එයා ඉතිං දැන් හොදටම නටලා මාව පරාද කරලම දායි. හොද වැඩේ ඔයාටත්, කැත්‍රිනා හරි මෝඩ ග්‍රෙසී!! 

" ඒකනම් මරේ මරු !! " මං ගාවට දුවගෙන එන ගමන් ආර්බෙල් බෙරිහන් දුන්නා. එයාටත් කැත්‍රිනා ව පේන්න බෑ. 

" ඇත්තටම හිතලා නෙවෙයි එහෙම කිව්වේ.. " මං ඇත්තම කිව්වා.

" එහෙනම් තවත් මරු ! මට නම් කැත්‍රිනා ව පේන්න බෑ.. හිතන් ඉන්නේ සේරම පුළුවන් එයාට කියලා.. " මූණ බෙරි කරන් ආර්බෙල් කිව්වම මට හිනාත් ගියා. 

   එයා පොඩි කාලේ වගේමයි. ඇත්තටම චූටි ළමයෙක් වගේ. මගේ හොද ම යාලුවා උනෙත් එයා. හැබැයි ඉතිං  එයාට ඇත්තටම මට වඩා හොද ට නටන්න පුළුවන්. ඒත් එයාට තිබ්බේ වෙනම හීනයක්. ආර්බෙල් ට ඕනි උනේ, හොද singer කෙනෙක් වෙන්න. පොඩි අවුලකට තියෙන්නේ ඉතිං එයා සිංදු කියද්දි හැමෝම දුවන එක.. ( ඇත්තටම එයාට සිංදු කියන්න බෑ ) ඒත් මිසිස් වීන්ට් ( ඒ කියන්නේ ආර්බෙල් ගේ අම්මා ) නිසා එයාට මෙහෙට ඇවිත් නටන්න උනා. මොකද මිසිස් වින්ට් මෙහෙ නැටුම් ගුරුතුමියක්. 

" හරි එහෙනම් ඉතිං අපි ය..... " කියන්න ගිය දේත් අමතක වෙලා ගියා මට එයා මෙහාට එනවා දැක්කම.

" ග්‍රෙසී !! මොකද මේ.. ?? " ආර්බෙල් පුදුම වෙලා ඇහුවා. ඊටපස්සේ මං පිස්සුවෙන් වගේ බලන් හිටපු දිහා ආර්බෙල් ත් බලලා, කින්ඩි හිනාවක් දැම්මා.

" අහ්... මෙන්න සිහින කුමාරයා ඇවිත්.. " ආර්බෙල් කිව්වම මං හොද සිහියට ආවා.

" මොකක්ද ?? සිහින කුමාරයා , පිස්සුද ආර්බෙල් ?? " මං හිමින් මිමිණුවා. 

" Hii, ඉතිං ඔයාලා ලෑස්තියි ද ?? " සෙයින් ඇහුවා. 

      ඉන්න!! සෙයින් ව ඔයාලා දන්නේ නෑනේ. ම්ම්.. එයා තමයි මගේ සිහින කුමාරයා , ඒකනම් පේන්න ඇති නේද ?? ඇත්තටම එයා හරිම handsome කොල්ලෙක්. ඒ වගේම ගොඩක් දක්ශ යි. හැම කෙල්ලෙක්ම එයාට ගොඩක් කැමතියි. ඒත් එයානම් කාටවත්ම කැමති නෑ. 

" අහ් ඔව්... " මං කිව්වේ, පිස්සුවෙන් වගේ.

" ඒකනෙවෙයි, කෝ මේ කැත්‍රිනා ! මං උදේ ඉදන් එයාව හෙව්වා. "  පුහ්! ඔය කිව්වේ, මේ කැත්‍රිනා නම් මහ වදයක් අනෙහ්.. ඇත්තටම සෙයින් ඔයාට බැරිද මේ මං ගැන පොඩ්ඩක් අහන්න.

" එයා ගැන මොකද අපෙන් අහන්නේ.. ?? " ආර්බෙල් මැද්දට පැන්නා. 

" නෑ, ඉතිං ඔයාලා කෙල්ලොනේ ඒකයි " 

" අපි කෙල්ලො තමයි , ඒත් ඒ උද්දච්ච කෙල්ල ගැන නම් අහන්න එපා !! " ආර්බෙල් තරහෙන් කිව්වම, සෙයින් ගැස්සිලා ගියා. 

" හරි හරි, ඔහොම කෑ ගහන්න ඕනෙ නෑ.. " 

" හරේ, එහෙනම් අපි යමු නේද ග්‍රෙසී " පිස්සුවෙන් වගේ සෙයින් දිහා බලන් හිටපු මගේ කකුළ පාගලා ආර්බෙල් කිව්වා.

" ආව්.... " 

" ඇ.. ඇයි මේ.. ?? " වැටෙන්න ගිය මාව සෙයින් අල්ලගත්තා.

දැන්නම් මට කලන්තේ වගේ. බොරුවට අමාරුයි වගේ රගපාන්න ඕනෙ.

" අහ්, අනේ මගේ කකුළ , එතන මොකක්ද උනා.. " ඇක්ට් එක සුපිරියටම දැම්මා. ආර්බෙල් ත් පුදුම උනා. 

" ඔහ්, sorry මං නිසාද උනේ. " සෙයින් ඇහුවේ ගොඩක් දුකින්. 

" අහ්, නෑ නෑ.. දැන් හරි " ආර්බෙල් ට තේරිලා මට රැව්ව නිසා මං කිව්වා. 

එකපාරටම ,

*********

කතාව කියවපු හැමෝටම ගොඩක් THANKS.


















Report Page