💜️

💜️

💜️💜️💜️💜️

ඔහ්හ්, මට සේරම මතකයි නේ. ඒ කියන්නේ ආරෝරා මගේ මතකය අරන් නෑ. ඒකනම් මරේ මරු.

ඒත් හියුගෝ ඔයත් ඉන්න තිබ්බේ. ඇත්තටම ඔයා ගොඩක් හොද යාලුවෙක්. ඔයා වගේම ආරෝරා , ෆැටීශියා , ඩෙනට් ඔක්කොම හොදයි. මට කවදාවත් ම ඔයාලව අමතක වෙන්නේ නැති වෙයි. 

" මොරීන් , මොකද මේ.. ?? තනියෙන් හිනාවෙන්නේ.. ?? " එකපාරටම මගෙන් ඇභිකේල් ඇහුවා.

" අහ් නෑ, නිකං " ශේප් එකේ හිනාවක් දාලා මාත් කිව්වා.

" හරී.. එහෙනම් ඉක්මණට වැඩ කරමු.. " එයා කිව්වමයි මතක් උනේ. වැඩ ගොඩයි. 

ඒ වැඩ කරද්දී ත් මට මතක් උනේ, ෆෙබල්ඩ් රාජධානිය ගැන. අර චොක්ලට් ගග, ඩෙනට් ! අම්මෝ එයානම් මාර දක්ශයි. එතකොට ෆැටීශියා , එයා ගොඩක් හොදයි. එයාලා දැන් සතුටින් ඉන්නවා ඇති. හියුගෝ ත් එහෙදි හොදින් ඇති. මං ගොඩක් සතුටු වෙනවා, ඒ රාජධානිය මට බේරගන්න පුළුවන් උන එක ගැන. මං ගැන හිතලා ආපහු තාත්තව ගෙනාවනම් ඇත්තටම මං ගොඩක් නරක කෙනෙක්. මං කොහොමද එහෙම හිතුවේ. ඔහ්හ් දැන් ඉතිං සේරම හරි නේ. මට ආරෝරා දුන්න තෑග්ග තමයි , ඒ ලෝකේ ගැන මතකය මට දීපු එක. ඔයාට මං ගොඩක් ආදරෙයි ආරෝරා.

ඉක්මණට වැඩ ටිකත් ඉවර කරලා මං ගෙදර ගියා.

" අම්මා..... " 

" මොරීන් !! " අම්මව දැක්කා විතරයි ඉක්මණට ගිහින් අම්මව බදාගත්තා. " මොකද මේ..?? " 

" ඔයාව ගොඩක් මතක් උනා.. " 

" මේ පොඩි කාලෙට " එහෙම ඇහුවම මට හිනාත් ගියා. අම්මට කියන්න පුළුවන් නම්. ඒත් එක කරන්න බෑ. 

"  ඔව් අම්මා... මං ඔයාට ආදරෙයි " 

" අනේ, අනේ මොරීන්.. හරි දැන් එහෙනම් යන්නකෝ.. මාත් ඔයාට ආදරෙයි නේ.. "  අම්මා හිනාවෙල කිව්වා.

සුපුරුදු ලෙස මාත් ඉස්සර වැඩම පටන් ගත්තා. සේරම දේවල් අමතක කරන්න ගියත්, ඒවා අමතක උනේනම් නෑ. ඒත් ඒ මතකයන් මට කියලා දුන්නා, හැමවෙලේම තාත්තා මාත් එක්ක ඉන්නවා කියලා. 

මං කාමරය අස් කරද්දී මට හම්බුනා ලියුමක්. හිතාගන්නවත් බෑ. ඒක ලියලා තියෙන්නේ තාත්තා. ඔහ්හ්, ඇත්තනේ.. මං එදා තිබ්බ දුකට මේ මොකක්ද කියලා බලන්නෙත් නැතුව අයින් කලා. කොච්චර මෝඩයි ද ?? 

" මොරීන් !! මගේ පැටියෝ මං නැති උනා කියලා කවදාවත් ම අඩන්න එපා.. ඒ වගේම අම්මව හොද ට බලාගන්න. අහ්හ් මතකද මං ඔයාට කියලා දුන්න කුමරිය ගැන. ආරෝරා කුමරිය. ඇත්තටම එයාලා ඉන්නවා.. විශ්වාස කරන්න බෑ නේද ?? ඒත් දවසක ඔයා ඒක පිළිගනියි. ඔන්න බලන්නකෝ.., එදාට මගේ කෙල්ල ගොඩක් නිර්භීත වෙයි. ඔව්ව් ඔයා වීරයෙක් වෙයි මොරීන්. ඔයා හිතුවා වගේම. හරී එහෙනම් පරිස්සමෙන් ඉන්න. 

        මං ඔයාට ගොඩක් ආදරෙයි. " 

ඒ ලියුම කියවද්දි මගේ ඇස් වලට කදුළු ආවේ දන්නෙත් නැතුව. තාත්තා ඔයා හරි , මං වීරයෙක් උනා. ඔයාගේ මොරීන්. ඔයා නැතුව ගොඩක් පාලුයි. ඒත් මං කලේ හරි දේ, එහෙම නේද ?? ඔයා ඒ ගැන ගොඩක් සතුටු වෙයි. මං දන්නවා. 

කොහොමහරි ඒ දවසත් ගියා.. සති ගානක් මං හිටියේ library එකේ. ඒ හැමවෙලේම මට ආරෝරා ව වගේ ම හියුගෝ ව මතක් උනා. 

එක දවසක් මං library එකේ වැඩ කර කර ඉද්දී , කවුද කතා කලා. ඒ සද්දෙට මං ගොඩක් පුදුම උනා.

" hii, මැඩම්.. මට පොතක් හොයලා දෙන්න ඔයාට පුළුවන් ද ? අහ්හ් ඇත්තටම කිව්වොත් මට ඒකේ නම නම් මතක නෑ.. ඒත් ඒකේ ඉන්නවා.... " 

" රාක්ශයෝ " මං හිනාවෙලා කිව්වා.

" හරියටම හරි " 

" හියුගෝ , ඔයා කො.. කොහමද ආයේ ආවේ ?? " මං කෑ ගැහුවා. 

" ස්ස්... මොරීන් , අයියෝ ඔයානම් වෙනස් වෙලාම නෑ.. බලන්නකො ඉතිං " එයා කිව්වේ, හැමෝම අපි දිහා කටත් ඇරන් බලන් ඉද්දී . හරිනේ ඉතිං මේ library එකනේ. 

" හරී, එහෙනම් අපි යන් " කියලා මං හියුගෝ ත් එක්ක පාරට ගියා. එහෙන්ම අපි දෙන්නා ගියේ, coffee shop එකට.

" ඉතිං , කොහොමද ආරෝරා ට ?? " 

" එයා හොදින්, ඒත් එක නෙවෙයි හොද ම දේ ඩෙනට් , ෆැටීශියා එක්ක යාලු උනා. ඒකනම් මරේ මරු. ඔයාටත් ඉන්න තිබ්බේ එතන , ඒක නියමයි.. ආරෝරා ත් ගොඩක් සතුටු උනා. " 

" woow, මං හිතුවා එහෙම වෙයි කියලා. ඒත් හියුගෝ ඔයා කොහොමද මෙහාට ආවේ ?? " 

" ඒකට ආරෝරා තමයි අවසර දුන්නේ, එයා කිව්වා ඔයාටයි මටයි ඕනෙම වෙලාවක එහාට එන්න පුළුවන් කියලා " 

" ඒ කොහමද ?? " එතකොට ට අපිට coffee ගෙනාවා.

" ඉන්න, මේ coffee එක බීලා කියන්නම්කෝ.. " 

" හියුගෝ !! " 

" හරි ඉතිං ඔච්චර හදිස්සිනම් කියන්නම් " එයා මට ඇහක් ගහලා කිව්වෙ, හිනාවෙලා. " මේ මාලෙන්, අපිට ඕනෙ වෙලාවට තියෙන්නේ මේ මාලය අරන්, දෙන්නත් එක්ක අත්දෙක අල්ලන් ප්‍රාර්ථනා කරන එක විතරයි " 

" මරේ මරු " මං කෑ ගැහුවා.

" අයියෝ , මොරීන් හිමින් "  හියුගෝ මට රැව්වා.

" හරී " මං හිනාවෙන ගමන් කිව්වා.ඊටපස්සේ අපි දෙන්නා ගියා library එකට. හවස් වෙනකල් අපි පොත් කියෙව්වා. ඊටපස්සේ ආයෙත් ගෙදර ගියා. හියුගෝ ත් අපේ ගෙදර ඉන්නවා. අම්මා ත් ඒකට ගොඩක් ආස උනා. ඊටපස්සේ හියුගෝ library එකේ වැඩට ආවා. ඒක මරු. ඒත් මේ මෝඩයට ඉක්මණට නම් අමතක වෙන එක තමයි ප්‍රශ්නේ.

අපිට පුළුවන් වෙලාවට, අපි ආයෙත් ෆෙබල්ඩ් රාජධානිය ට ගියා. ඊටපස්සේ ඇති වෙනකල් විනෝද උනා. 

අපි දෙන්නා ගොඩක් සතුටින් හිටියේ. ඒත් එකදවසක් පෙගසස් පිටේ යද්දී හියුගෝ කියපු දෙයක් නිසා මං බිමටත් වැටෙන්න තිබ්බා.

"මොකක්ද ?? ආයෙත් කියන්න " 

" ඔව්, මොරීන් මං ඔයාට ආදරෙයි.. " එයා කෑ ගැහුවා. අපි දෙන්නා හිටියේ අහසේ උඩ. 

" හියුගෝ , ඒක ඇත්තටම නේද ?? " 

" නෑ, විහිලුවක් කලේ " 

" හියුගෝ " 

" හරි ඉතිං " 

" මාත් ඔයාට ගොඩක් ආදරෙයි.. " මාත් කිව්වා.

ඉතිං ඊටපස්සේ හිතාගන්න පුළුවන් නේද වුන දේ. හැමෝම ගොඩක් සතුටින් හිටියා. 

ඒ හැමදෙයක්ම උනේ මැජික් නිසා. 

ඉතිං ඔයාලත් මැජික් විශ්වාස කරන්න. කියන්න බෑ. ඔයාලත් වෙනම ලෝකෙකට ගියොත්. මට කියන්න හරිද ? 

💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️

ඉතිං කතාව හොදයි නම් comment එකක් දාන්න.


                   

















Report Page