🀄❤⚔👺

🀄❤⚔👺

Telegram

මේක මගේ කතාව.මේ කතාව වේලා තියෙන්නෙ ත්‍රිවිල් රියෙදුරෙක්ට.


සාගර කියන්නේ ත්‍රිවිල් හයර් කරලා එදා වේල හම්බකරගන්න පුද්ගලයෙක්.එක දවසක් මේයාට දුර පැත්තකට හයර් එකක් යන්න සෙට් වෙනවා.මේයා ඒ හයර් එක ගිහින් ඉවර වෙනකොට වේලාව රෑ 8.00 ට විතර ඇති.මේයා ඒ හයර් එක ඉවර වේල ගෙදර යන ගමන් අතුරු පාරක වයසක මිනිහෙක් ත්‍රිවිල් එකට අත දාලා නවත්තනවා.ඊට පස්සේ ඒ වයසක මිනිහා ත්‍රිවිල් එකට නැගලා එයාට යන්න ඕන තැන කියනවා.මෙහෙම ටික දුරක් යනකොට සාගරට මේ දෙන්නා අතර තියෙන නිස්සබ්දතාවය කරදරයක් වෙනවා මෙයා ඒ නිස්සබ්දතාවය බිද දමාලා කතාව පටන් ගන්නවා.


"අන්කල් මේ රෑ කොහෙද ගියේ"


වයසක මිනිහාගෙන් උත්තරයක් නැහැ.ඊට පස්සේ සාගරට හිතුනා මේ මිනිහා එක්ක කතා කරලා වැඩක් නැහැ කියලා.මිනිහා කට ඇරියේ යන පාර කියද්දී විතරයි.මේ මිනිහාගේ ගේ ගාවට අවාට පස්සේ මිනිහා ත්‍රිවිල් එකෙන් බැහැලා සල්ලි ඇරන් එන්නම් කියලා ගේ ඇතුලට ගියා.විනාඩි විස්සක් විතර ගියා මේ මිනිහා තාම අවෙ නැහැ.ඊට පස්සේ සාගර ත්‍රිවිල් එකෙන් බැහැලා සල්ලි ඉල්ල ගන්න කියලා ගේ ඇතුලට ගියා.ගේ ඇතුලේ අවුරුදු 60 ක විතර වයසක ගැහැනු කෙනෙක් පත්තරයක් බල බල ඉන්නවා.මේයා ඊට පස්සේ ගැනු කෙනාට කතා කරා.


"ඇන්ටි මෙ ගෙදර අන්කල් කෝ.එයා මගේ ත්‍රිවිල් එකේ හයර් එකක් ආවා.සල්ලි ඇරන් එන්නම් කියලා ගේ ඇතුලට ගියා.ගියා ගියාමයි තාම ආවේ නැහැ"


පුතා මන් කියන් දේ අහලා කලබල වෙන්න එපා.මගේ මහත්තයා මැරිලා අවුරුදදක් විතර වෙනවා.


ඒ වචන ටික ඇහුවා විතරයි සාගරගේ ඇගේ මයිල් කෙලින් වුනා.


"මේ තියෙන්නෙ එයාගේ පෝටො එක"කියලා මල් මාලයක් දැම්ම පෝටො එකක් පෙන්නුවා.ඒකේ හිටියේ දැන් ටිකකට කලින් සාගරගේ ත්‍රිවිල් එකේ ආපු වයසක මිනිහා.


"පුතේ මගේ මහත්තයා මැරුනට පස්සේ කිප සැරයක්ම මෙහෙම ත්‍රිවිල්වලින් ආවා.හැබැයි එයාගෙන් කාටවත් කිසිම කරදරයක් වුනේ නැහැ.පුතගේ හයර් එකේ ගාන කීයද"


"සල්ලි එපා ඇන්ටි"කියලා ඉක්මනින් ත්‍රිවිල් එකට නැගලා සාගර ගෙදර යන්න ගියා


කොහොමද මගේ කතාව අඩුපාඩු තියෙනවානම් කියන්න.

Report Page