💙💙💙

💙💙💙

💜️💜️💜️💜️

ඒත්, එකපාරටම දොරටු වැහුණා. මමයි හියුගො යි එක තැන නතර උනා. 

ෆැටීශියා මොර දුන්නා.. " එපා....! ඩෙනට් එයාලට කරදරයක් කරන්න ඔයාට බෑ " 

" ඔයා හරී.. " ඩෙනට් අහිංසක විදිහට කිව්වා. " මොකද ඉතිං හියුගෝ මගේ මල්ලී නේ " 

මට ඒ දේ විශ්වාස කරන්න බෑ, ඒ කිව්ව කතාවේ තේරුම මොකක්ද ? ඒක විකාරයක්.

" මොකක් ? " හියුගෝ හිටියේ, කම්පනය වෙලා. ඇත්තටම එහෙම වෙන්න පුළුවන් ද ? " එහෙම වෙන්න බෑ, මං... මං පොඩි කාලේ ඉදලා හිටියේ අනාථ නිවාසෙක. " 

" ඕ.... හරිම ශෝකනීයයි, " ඩෙනට් බොරුවට රගපෑවා. " මොකද දන්නවද එහෙම උනේ.. " 

" ඩෙනට්, ඔයාට බෑ ඒක කියන්න " ෆැටීශියා කෑ ගැහුවා. එයා හිටියේ හොදටම බය වෙලා.

" නෑ, මට පුළුවන් ! එයාලා ඒක දැනගත්තොත් ඔහෙගේ සැලැස්ම ඉවරයක් වෙයි.. " දුශ්ඨ විදිහට හිනාවෙන ගමන් ඩෙනට් හියුගෝ ගාවට ගියා. ඇත්තටම ඒ දෙන්නාටම තිබ්බේ, රත්තරං පාට කොණ්ඩයක්. ඒත් ඩෙනට් ගේ ඇස් නිල් පාටයි. හියුගෝ ගේ දුඹුරු පාටයි. මගේ ඇගේම හිරියක් පැතිරෙද්දී, මට තේරුනා ඒ දෙන්නම එක වගේ කියලා.

" හියුගෝ , මේ අහන්න.. මහ ලොකු පූජකයෙක් කිව්වා, අපිව බේරගන්න වීරයො දෙන්නෙක් එනවා කියලා. ගොඩක් සහෝදර සහෝදරියෝ මේ නිසා වෙන් කලා.. මොකද එයාලා කිව්වේ, එකම කුසේ උපන් සහෝදරයෙක් සහ සහෝදරියෙක් අපේ රාජධානිය බේරගන්නවා කියලා. ඉතිං දුශ්ඨ රාක්ශයෝ කලේ, එකම පවුලේ සහෝදරියෝ හෝ සහෝදරයෝ ඉන්නවනම් එයාලව විනාශ කරපු එක. මම විතරයි බේරුණේ. ඔයාව බේරගන්න මට ජීවිත කාලේම හැංගෙන්න උනා. ඒ වගේම ඔයාව මේ ලෝකෙන් ඈත් කරන්න උනා. ඒත් අර විකාර මැජික් පොත ඔයාලව හොයාගෙන ආයෙත් අනතුරෙ දැම්මා.. " ඩෙනට් ෆැටීශියා ට රැව්වා. 

" එයාලව අපිට ඕනේ, ඩෙනට් ඇයි ඔයාට ඒක තේරෙන්නේ නැත්තේ.. ?? " ෆැටීශියා කිව්වේ, ගොඩක් දුකින්. මොන දේ උනත් ෆැටීශියා ඩෙනට් ඉස්සරහ හිටියේ හරිම අසරණ විදිහට. ඒකනම් ටිකක් විතර අමුතුයි. 

" පොඩ්ඩක් ඉන්න, ඉතිං ඇයි පොතේ එහෙම දෙයක් තිබ්බේ නැත්තේ.. ?? " මං ඇහුවා.

" මොකද ඒකෙන් රාජධානිය ගැන හදුන්වලා දෙනවා විතරයි.. " 

" ඔහ්හ්, " 

" හොදයි , ඔය හොදටම ඇති.. හියුගෝ ආරෝරා කුමරිය ව විශ්වාස කරන්න එපා..!! එයා ආදරෙන් අන්ධ වෙලා. " 

" ඔයයි එහෙම වෙලා ඉන්නේ.. " ෆැටීශියා මැද්දට පැන්නා.

" ඔයා පැත්තකට වෙලා ඉන්නවා.. " 

" මොකද ? ඒක තමයි ඇත්ත.. ඔයා ආරෝරා ට ආදරේ කලා. ෆැඩ්‍රික් ට ඉරිසියා කලා. ඔයාට ආදරේ කල අය ගැන දන්නවද ඩෙනට් ?? කියන්න ?? නෑ.. ඔයා ඒක දන්නේ නෑ.. " 

ෆැටීශියා හිටියේ, ගොඩක් දුකින් වගේ. මටයි හියුගෝ ටයි මුකුත්ම හිතාගන්න බැරි උනා. එයාලා දෙන්නා මූණ ට මූණ බලාගෙන තරහෙන් පුපුරමින් හිටියේ.

" මට පාඩුවේ ඉන්න දෙනවා.. " අන්තිමට ඩෙනට් කිව්වා

" මේ අහන්න, අපිට රාජධානිය බේරගන්න ඕනි. ඒ වගේම කුමාරයවයි කුමරියවයි " 

" මොකටද ?? තවත් බල බලා ඉන්නේ, මොරීන් ගේ මාලෙන් ආරෝරා ඉන්න තැන පේනවානේ.. " ඩෙනට් මූසල විදියට කිව්වා.

" ඒක ඇත්තක්ද ?? " මං ඇහුවේ ගොඩක් පුදුම වෙලා.

" ඔව්ව්, ඒත් ඒත් ඒක භයානකයි.. " 

" ඇයි..?? ඔය මාලය ඇරිය ගමන් රාක්ශයින්ට ඔයාව හොයාගන්න පුළුවන් ! මොකද මේ පියාපත් දේශය " ෆැටීශියා කිව්වා.

" ඔහ්හ්.. " 

" ෆැටීශියා , ඒක තමයි කරන්න තියන හොදම දේ.. නැත්නම් ආරෝරා ව හොයන්න වෙන්නේ නෑ.. "  

" ඒකට කමක් නෑ, අපි මොරීන් ව අනතුරේ දාන්න බෑ. " 

" එහෙනම් මොකද ඒ ගැන එයාට කියන්නේ නැත්තේ ?? " ඩෙනට් කිව්වම ෆැටීශියා රතු උනා.

" එන්න, හියුගෝ අපි යන්.. මොරීන් ඔයත් එන්න " ෆැටීශියා කිව්වා.

ඒත් හියුගෝ එතනින් හෙල්ලුනේවත් නෑ.. එයා හිටියේ ඩෙනට් දිහා බලාගෙන.

" ඒක ඇත්තක්ද ?? මට පවුලක් හිටියද ?? ඒ කියන්නේ මං තනි වෙලා නෑ.. මං ඒක විශ්වාස කලා.. " හියුගෝ සතුටින් කිව්වා.

" ඔව්ව්, එන්න මාත් එක්ක ඉන්න.. ආයෙත් යන්න ඕනි නෑ. මෙතන ආරක්ෂිත යි. " ඩෙනට් කිව්වේ හරිම සතුටින් .

" ඒකට කියන්නේ ආරක්ෂිත යි කියලා නෙවෙයි ඩෙනට් ! බයගුලු කම.. ඔහෙ ඉන්නේ හැංගිලා.. " ෆැටීශියා කිව්වේ ගොඩක් කේන්තියෙන්.

" අනේ, හියුගෝ ඔයා මෙහෙ ඉන්නවද ?? " ඇත්තටම මට ගොඩක් දුක හිතුණා. එයා ගොඩක් ගොඩක් හොද කෙනෙක්. ඒත් එයා මාව දාලා යනවද ?? 

" ඔව්ව්, මට මට සහෝදරයෙක් ඉන්නවා. මොරීන්. " එයා කිව්වා. මට හිතාගන්නවත් බෑ. 

" ඔක්කොම එකයි.. මාව කාටවත්ම ඕනි නෑ.. " ඉක්මණට මං එතනින් දිව්වා.

" මොරීන්.....!! " ෆැටීශියා යි හියුගෝ යි කෑ ගැහුවත්, මං ඒ ගැන හිතුවේ නෑ.. ඕනෙ දෙයක් වෙච්චි දෙන් කියලා මං දිගටම දිව්වා.

අන්තිමට මං නතර උනේ, ලොකු දිය ඇල්ලක් ළග. මට හිතාගන්නවත් බෑ. මොකක්ද ෆැටීශියා මගෙන් හැංගුවේ?? ඇත්තටම හියුගෝ ඩෙනට් ගේ සහෝදරයා. ඒ කියන්නේ මං විතරයි මනුස්ස ලෝකේ කෙනෙක් උනේ. මට ගොඩක් දුකයි. 

එකපාරටම මට මතක් උනේ, තාත්තා දුන්න මාලය. හැමෝම කිව්වේ, ඒක ආරෝරා කුමරියව හොයන්න උදව් කරයි කියලා. 

මගේ මුලු ලෝකෙම උඩුයටි කුරු වෙද්දී , 

මං අන්තිමට ඒක ඇරියා. ඒ මාලය එකපාරටම දිලිසුණා. ඒකේ ඇතුළෙන් පෙන්නපු දේ නිසා මල් ගල් උනා.

හිතාගන්නවත් බෑ.....!!!! 

මේක වෙන්න බෑ...... !!! 

නෑ.......!!!! 















Report Page