❤️

❤️

🅰️🅼🅸🅻🅰️ 🆂🅹

ආදරය❤️.......


🔺ආදරයට කියන්නෙ මොකද්ද ?


🔺සමහරු අහනව එහෙම 


💠අනිත් අයගෙ පිළිතුරු 


🔴ආදරය කියන්නෙ විරහව 

🔴ආදරය කියන්නෙ පරිත්‍යාගය 

🔴ආදරය කියන්නෙ සෙල්ලමක් 

🔴ආදරය කියන්නෙ ලැබුනත් නැතත් එකෙක් මත්තෙම නැහෙන දෙයක්

🔴ආදරය කියන්නෙ ආතල් ගන්නන්ම් පට්ට දෙයක් 

🔴ආදරය කියන්නෙ සතුටක් 

🔴ආදරය කියන්නෙ සැපක් අරන් විසි කරල දාන එක 

🔴ආදරය කියන්නෙ අම්ම තාත්තගෙන් විතරක් ලැබෙන දෙයක් 


💠මගෙ පිළිතුර 


ආදරය කියන්නෙ සුන්දර හැගීමක් .ඒක කවදාවත් බලෙන් ගන්න පුලුවන් දෙයක් නෙමේ .එකෙක් මත්තෙ නැහුනත් ඌ අපිව දාල යනවන්ම් එතන ආදරයක් නෑ තිබුනෙ අවශ්‍යතාවයක් විතරයි .ආදරය ඉදිරියෙ ඔයාට ඔයා විදිහට ඉන්න පුලුවන් වෙන්න ඕනෙ .අපිට මුනගැන පළවෙනි ආදරේ හුගක් අයට නැති වෙන්ව .එහෙම වෙන්නෙ අපි ආදරය කරන්න යන්නෙ මිනිස්සු ගැනවත් ආදරේ ගැනවත් හරියට දන්නැතුව නිසා .ඕනම කෙනෙක්ට එයාගෙ පළමු ආදරේ කියල එයාගෙ හිත යන කෙනා ගැන එයාට ඇති වෙන්නෙ හැගීමක් විතරයි .ඒ හැගීම කොහොමත් අවු.12දි විතර ඉදන් ළමයින්ට දැනෙනව .


(😂😂සමහරුන්ට ඊටත් කලින් .අපි ඒ ගැන කතා නොකර ඉමු😂🤐🤐.)


මම න්ම් කියන්නෙ කවදාවත් වේදනා විදින තැනක ,තේරුම් ගැනීමක් නැති තැනක ,තමන්ට තමන් විදිහට ඉන්න බැරි තැනක කවදාවත් ආදරයක් කියල දෙයක් නෑ .එතන තියෙන්නෙ කලින් කිව්ව වගේ නිකන් හැගීමක් විතරයි .


(සමහරු මට බනීද දන්නෙත් නෑ🤭🤭😂. කමක් නෑ බොරු කියල බැනුම් අහනවට වඩා ඇත්ත කියල බැනුම් අහන එක හොදයි )


 කාට වුනත් ඔයාගෙ ජීවිතයම ලියල දෙන්න කලින් එයා ගැන හොද අවබෝදයක් ලබාගන්න .


මෙක කියන්නෙ කෙල්ලොන්ට - කෙල්ලනේ කවදාවත් ආදරය හරි හැගීමක් හරි මොකඛරි නිසා තමන්ගේ ආත්මගරුත්වය ,තමන්ගෙ කන්‍යා බාවය නැති කරගන්න එපා .මොන දේ වුනත් හැගීම් වලට මුල් තැන දෙන්න කලින් මොළේ ට මුල් තැන දෙන්න .හරි කොල්ලෙක්න්ම් ඔයාට කවදාවත් එයා එක්ක රූම් ගානෙ යන්න කතා කරන්නෙ නෑ .අනේ කෙල්ලනේ උබෙ ඔය මොළේ කල්පනා කරල වැඩ කරපන් මොනා වුනත් .පසුතැවෙන්න වෙන වැඩ කරන්නන්ම් එපා.


කොල්ලො මේ කියන්නෙ උබ්ලට - කවදාවත් උබෙ කෙල්ලට උනත් වෙන කෙල්ලෙක්ට උනත් කරදරයක් කරන්නෙපා බන් .කොල්ලෙක්ගෙ කොලු කම මනින්න ඕනෙ කෙල්ලෙක්ට ගරු කරන එකෙන් .කෙල්ලොන්ගෙත් වැරදි තියෙන්ව .ඒව උන්ට පෙන්නල දියන් ආතල් එකට ගන්නැතුව .මොනම කෙල්ලෙක්ට උනත් අසාදාරනයක් හින්සාවක් වෙන තැනදි කොන්දක් ඇතුව ගිහින් සාදාරනේ හොයපන්.ආදරේ කියල කෙල්ලොන්ව රවට්ටන්නෙපා බන් .ආදරේ කියල උබව කෙල්ලෙක් රැවැට්ටුවත් ඒකිගෙන් පලි ගන්න යන්නෙපා බන් .ආදරේ කරද්දි වුනත් කෙල්ලගෙ ගරුත්වය රැකපන් බන් .උබෙ ආසාවන් වෙනුවෙන් ඒකිට ලැජ්ජ හිතෙන දේවල් කරන්න කියන්නෙපා බන් .ඉවසපන් ඒවට කාලයක් එයි .එදාට උබල ඕන එකක් කරප්න් .හැබැයි උබෙ ගරුත්වයත් බල්ලට දාල කෙල්ලො පස්සෙනම් යන්නෙපා පුතෝ වදින්නම්.උබත් මොලේ කල්පනා කරල වැඩ කරප්න්බන් හැම දේ කටම කලින් .



ආදරය කියන්නෙ සුන්දර දෙයක් එක අතකින් පරිත්‍යාගයක් වෙන්නත් පුලුවන් ඒත් හැම වෙලේම එහෙම නෑ .ආදරේ කරනවන්ම් දෙන්නෙක් ඒ දෙන්න දැනගන්න් ඕනෙ දෙන්නගෙ වැරදි අඩුපාඩු දෙන්නටම පෙන්නගෙන ප්‍රශ්නයක් උනාම කතා කරල විසදගෙන දෙන්නත් එක්කම ජීවිතේ එකටම යන්න .ආදරය කරනවනම් පවුලක් වෙන්න බලාගෙන ආදරය කරපන් .මගදි දාල යන්නනම් ආදරය කරන්නෙපා බන් .


අන්තිමට කියන්න තියෙන්නෙ මොන දේ වුනත් තේරුම් අරන් ජීවත් වෙයන් 


ආදරය කරන අයත් නැති අයත් හැමෝම පුලුවන්න්ම් පොඩ්ඩක් කල්පනා කරන්න ඔයා ආදරේ කරපු කෙනා එහෙමත් නැත්තම් කරන කෙනා ලග ඔයා ඉන්නෙ ඔයා විදිහටමද කියල .❤️

Report Page