💜️

💜️

💜️💜️💜️💜️

එකපාරටම , මං යටට එබුණා වැඩියි වගේ දැනුනේ, මාව පෙගසස් පිටින් වැටිලා, ලොකූ ප්‍රපාතයකට වැටෙද්දි. මට හිතාගන්නවත් බෑ.. මං හිතුවේ මං මැරෙයි කියලා විතරයි. හියුගෝ බෙරිහන් දෙනවා ඇහුණත් එයාලත් පරක්කු වැඩියි.

මගේ දෑස් පියවුනා.

ඔහ්, මේ කොහේද ?? මං මැරිලා නැද්ද ?? මොකක්ද මට උනේ... කිසිම දෙයක් හිතාගන්න බෑ. මං ඇදක් උඩ. ඒ වගේම මේ තැන ගොඩක් ලස්සනයි. පාට පාට මල්, නිල් පාටින් බැබළෙන වතුර මල්, ලස්සන ස්ට්‍රෝබෙරි වතු... මෙහෙත් නිකන් ආරෝරා කුමරියගේ මල් වත්ත වගේ. 

ඒ ලස්සන බල බලා මං ඉස්සරහ ට ගියා. හියුගෝ යි ෆැටීශියා යි මාව හොයනවා ඇති.

" ඔයා, කොහෙද ඇවිදින්නේ ?? ඔයාට තාම විවේකය ඕනේ, " 

කවුද මන්දා කොල්ලෙක් මට කිව්වේ, මං දිහා පුදුමෙන් බලලා. එයාට තිබ්බේ, නිල් ඇස් දෙකක්. ඒ වගේම රත්තරං පාට කොණ්ඩයක්.. පෙනුමෙන් නම් එයා ගොඩක් ලස්සනයි. ඒත් එයාට තිබ්බේ මැර පෙනුමක්.. මං ටිකක් ගැස්සිලා ගියා.

" ඔයා.. කවුද ?? " 

" ඔහ්, මං ඩෙනට් එතකොට ඔයා.. මං හිතන්නේ ෆෙබල්ඩ් රාජධානියේ කෙනෙක් , මං හරිනේ.. " පිහියකින් එයාගේ නියපොතු සුද්ද කරගෙන මං දිහා ඇස් කොනින් බලාගෙන එයා ඇහුවා.

" නෑ, මං එහෙ කෙනෙක් නෙවෙයි " 

" එහෙනම්, කොහේ කෙනෙක් ද ?? " දරුණු පෙනුමක් අරන් එයා ඇහුවේ, මාවත් බය කරලා. 

මං අඩියෙන් අඩිය පිටිපස්සට ගියා. 

" මට බයවෙන්න ඕනෙ නෑ, " එයා මට රැව්වා. " මං ඔයාව මරන්නේ නෑ. " 

" ඔහ්, හරී.. ඒත් කොහමද මං බේරුණේ.. ? ඇත්තටම මං වැටුණේ ගොඩක් උඩක ඉදලා.. මගේ යාලුවෝ න්ටවත් මාව බේරගන්න බැරි උනා. ඉතිං මං කො.. කොහමද ??" මං කියාගෙන ගියා.

" පොඩ්ඩක් කට වහන් ඉන්න.. පළවෙනි දේ තමයි ඔයාලගේ යාලුවන්ට වඩා මං ගොඩක් දක්ශයි. අනිත් එක ඔයා වැටුනේ, එසේ මෙසේ තැනකට නෙවෙයි " එයා කිව්වා.

" මොකක්ද ඒකේ තේරුම.. " මට මහ අමුතු ගුප්ත හැගීමක් ඇතිවුනා.

" ම්ම්ම්... මං හිතන්නෙ ඔයා පියාපත් දේශය ගැන අහලා ඇති. ?? " 

මං හිතුවා.. එතකොට මේ එහෙද ?? 

" ඔයා කියන්නේ මේ එහෙද ?? " 

" එහෙම හිතන්න.. " 

" ඒක වෙන්න බෑ, ෆැටීශියා කිව්වා ගොඩක් භයානක රාක්ශයෝ ඉන්නවා කියලා. තව ගොඩක් භායානකයි කියලත් කිව්වා. " 

" ඔව්ව්, එයා හරි.. " ඩෙනට් කිව්වේ, කට කොනින් හිනාවෙලා .

" ඔයා.. ඔයා රාක්ශයෙක්ද ?? " මං පිටිපස්ස ට ගියා.

" මොකක් ?? මාව ඒ වගේ කැතට පේනවද ?? " එයා රවාගෙන කිව්වා.

" ටිකක් විතර " මං කිව්වම ඩෙනට් රතු උනා.. " හොදටම ඇති. ඇත්තටම ඔයා නම් අපේ ලෝකෙ කෙනෙක් වෙන්න බෑ. "

" ඔව්ව්, මං මනුස්ස ලෝකේ කෙනෙක් " 

" මං හිතුවා, ඔයත් ෆෙඩ්‍රික් වගේ මෝඩියෙක්.. !! " එයා කිව්වේ ගොඩක් කේන්තියෙන්. 

" ඇයි, එහෙම කියන්නේ.. ෆ්‍රෙඩ්‍රික් මෝඩයෙක් කියලා කිව්වේ.. ?? එයා තමයි මෙහෙ කුමාරයා.. " මං තදින් කිව්වේ, ඇත්තටම මං කියවලා තිබ්බ විදිහට ෆෙඩ්‍රික් හොද නිසා. එයා ආරෝරා කුමරියට ගොඩක් ආදරේ කලා. එයාලා හරිම සතුටින් හිටියේ. ඒත් ඩෙනට් ගොඩක් කේන්තියක් හිටියේ.

" ආරෝරා , හිටියේ රැවටිලා... " එයා කෑ ගැහුවා. එයාගේ සද්දෙට මං ගැස්සිලා ගියා. ඒක හරිම භයානක යි.

" මට තේරෙන්නෑ , " 

" ඔව්ව්, මොකද ඔයත් මෝඩයෙක්.. එයා වගේම.. " ඩෙනට් ගොඩක් නපුරු විදිහට කිව්වා. " දැන් ඔහෙත් යනවා.. මෙතනින්.. " 

එයා කිව්වම මට බය හිතුණා. මගේ අත ඉබේම ගියේ, ලියෝ දුන්න බ්‍රේස්ලට් එක ළග ට.

ඒත්, එතකොට ම වගේ ෆැටීශියා ආවේ, මාව බේරලා. මං දෙවියන්ට පිං දුන්නා. ඇත්තටම ඩෙනට් දුෂ්ඨ කෙනෙක් කියලා මට හිතුණේ, එයා ෆෙඩ්‍රික් ට බැනපු වෙලාවේ.

එයා ගේ කඩුව, ඩෙනට් ගේ පැත්තට දික් උනා. ඩෙනට් හිටියේ නිරායුධව.

" මොරීන් " හියුගෝ ඉක්මණට මාව බදාගත්තා " මං හිතුවේ ඔයා මැරුණා කියලා " 

" එහෙම ඉක්මණට මාව මරන්න බෑ.. " මං හිනාවෙලා කිව්වේ, හියුගෝ ව ආයෙත් දකින්න ලැබුණු එකට ගොඩක් සතුටින්.

ඊටපස්සේ අපි දෙන්නට ෆැටීශියා ගේ පිටිපස්ස ට ගියා.

" ෆැටීශියා , ඔහෙ!!  ඔහ් දැනුයි මට තේරෙන්නේ මොකක්ද වෙන්නේ කියලා " දුෂ්ඨ විදිහට හිනාවෙලා ඩෙනට් කිව්වා.

" ඔහේ, එයාට කිව්වද ?? " 

" අපෝ නෑ, මොකද මං දන්නවා එයා ආරෝරා නෙවෙයි කියලා " ඩෙනට් මං දිහා බලාගෙන කිව්වා.

" ෆැටීශියා , මොකක්ද ඒකේ තේරුම.. මොකක්ද ඔයා අපිට හැංගුවේ.. " මං ඇහුවේ ගොඩක් පුදුම වෙලා.

" තේරුම් කරන්න වෙලාවක් නෑ, අපි දැනගෙන හිටියා ඔයා මෙහාට එනවා කියලා " ෆැටීශියා කිව්වම මට ගොඩක් තරහ ගියා.

" එනවා, ෆැටීශියා සටනට.. ඔහෙට ඕනි සටන් කරන්න නේ. " ඩෙනට් කිව්වා. වැඩි වෙලාවක් ගියේ නෑ. ඒ දෙන්නා අතරේ සටනක් ඇති උනා. ඇත්තටම ෆැටීශියා කෙල්ලෙක් කියලා ඩෙනට් පොඩ්ඩක් වත් හිතුවේ නෑ. ගොඩක් භයානක විදිහට එයා සටන් කලා.

" යන්න , මොරීන් මෙතනින් දුවන්න.. " 

" මොකක්ද මට හැංගුවේ... කියන්න ෆැටීශියා " මං කෑගැහුවා.

" පස්සේ කියන්නම්, හියුගෝ මොරීන් ව ආරක්ෂා කරන්න " ඩෙනට් ගේ ප්‍රහාරයෙන් බේරෙන ගමන් ෆැටීශියා කිව්වා.

" නෑ, ඔහෙලා දැන් මැරෙනවා... " ඩෙනට් කුරිරු විදිහට කිව්වේ, හියුගෝ මාව ඇදගෙන එළියට දුවද්දි. ඒත්..., 

💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️

කතාව කියවපු හැමෝටම ගොඩක් Thanks.



 

















Report Page