______ දඟකාර හැඩකාරි💋 __________

______ දඟකාර හැඩකාරි💋 __________


පෙර කොටසට👇👇

https://telegra.ph/%E0%B6%AF%E0%B6%9F%E0%B6%9A%E0%B6%BB-%E0%B7%84%E0%B6%A9%E0%B6%9A%E0%B6%BB-09-04

Episode #8💋

"අර කොන්ඩ රෝල් ගෑනිද.. "

" ඔව්. එයා දැන් අබිරු එක්ක එකට ඉන්නේ..... "

"මොකක්....හලෝ සයුනි...ෆෝන් එක කට් හරාද..හලෝ............."


~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~


"සයුනි.............................. සයුනි.............පොඩ්ඩක් ඉන්න...

නවතින්න පොඩ්ඩක්.........

මම ඔයාට මුකුත් කරන්නෑ.................නවතින්නකෝ............මම ඔයාගෙ සුදු අයියනේ......ප්ලීස් නවතින්න...."



 හයියෝ අබිරුවෝ අතට ආපු චාන්ස් එක අර උඩැක්කියක් නිසා සයුනිවත් මිස් උනා සැක්.......

මේ වම්බොට්ටි කොහේ අතුරු දහන් උනාද.......

පව් එදා මං කෙල්ලගෙ කම්මුලටත් ගැහුවා...බය වෙන්නැති කෙල්ල...


සයුනි හිතුවද දන්නැ මං ශාක්යා ගෑණිව බැඳල ළමයිනුත් හදල කියලා අර හිටපු විදිහට....

 ශික්...ඔක්කොම නාගත්තනේ........


ආයි දවසක් එයිනෙ....එදාටනම් බලෙන් හරි ගිහින් උස්සගෙන එනෝ......මගේ වම්බොට්ටිව..


මම ආයිත් ශාක්‍යා හිටපු තැනට යන්න හිතලා පිටිපස්ස හැරුනා.....


මම ඉස්සරහට යනකොට එකපාරටම මං දැක්කෙ අලු පාට කාර් එකක්...........

මට ඒක දැක්කම මොකක්දෝ මතක් උනා.......


ඔව් ඒ එදා අපේ ගේ ඉස්සරහ නවත්තලා තිබුනු කාර් එක...


ඒකම තමයි ඒ......


ඒක ශාක්‍යලයි අම්මගෙ කාර් එක කියලනෙ අපේ අම්ම කිව්වෙ....මොකද එහෙනම් මේක ක්ලබ් එක ළඟ නවත්තලා....



පොඩ්ඩක් හොටේ දාලා බලන්න ඕන.....



මම සාමාන්‍ය විදියටම ක්ලබ් එක ඇතුලට ගිහින් බැලුවා...


තොට පිස්සු අබිරුවෝ....හොදටම පිස්සු...උබ මේක අස්සට ආවා කියල කාර් එකේ අයිතිකාරයා හොයාගන්න ඇහැකිද...උබ කලින් දැකලා නෑනෙ උන්...උබෙත් මෝඩකම නම්.......උබට මෝල්..


මම ඔලුවටත් ගහ ගහ කේන්තියෙන්ම එලියට යන්න හදනකොටම දැක්කෙ හුරු පුරුදු චායාවක්....


කොන්ඩෙ කඩාදාපු කෙල්ලෙක්...වම්බොට්ටි විතර උස මහත...හිච්චි ඇඳුම් කැල්ලකුත් ගහගෙන..... හොඳට නටනවා.....මට කවුරුහරි මතක්වෙනවා මේ ඩාන්ස් එක දැක්කම.....ම්ම්ම්..ඒත් කව්ද..


පොඩ්ඩක් ඉන්න ඕන..කියට හරි පිටිපස්ස හැරෙයිනේ.....


මම බියර් තියන තැන පුටුවකින් වාඩි වෙලා ඒ කෙල්ල දිහාම බලන් හිටියා.....

ටිකකින් කෙල්ල ලගට ආවෙ කැප් එකක් දාගත්තු කලු උස මහත ටිකක් නාකි පොරක්.......


ඌ ඇවිල්ලා කෙල්ලට බියර් එකක් දික් කරත් කෙල්ල ඒක එපා කිව්වා....


ශික් .මුන් ට පොඩ්ඩක් හැරෙන්න බැරිද මට මූන බලාගන්න...


කැප් එක දාපු මිනිහා අර කෙල්ලගෙ මූන අල්ලගෙන බලෙන්ම අර බියර් එක හැලුවෙ කෙල්ල නෑවිලා යන්න..... 

යකා නැගපු කෙල්ල අතත් ගහලා දාලා පිටිපස්සෙ දොරෙන් එලියට ගියා.....කැප් එක දාපු පොරත් කෙල්ලගෙ පස්සෙන්ම ගියා....



අබිරුවෝ තැපගෙන ඉන්නැතුව පලයන්.....


මාත් හිමිට හිමිට ඒ ගොල්ලො ෆලො කරගෙන ගියා...ඒ දෙන්නම ලන් වුනේ..... අර අලු පාට කාර් එකට ...😨😨😨



මේ දෙන්නා....එතකොට මේ දෙන්නද ශාක්‍යාගෙ දෙමව්පියෝ...



අම්ම කිව්ව විදිහට නම් මේක ශාක්‍යාගෙ අම්මගෙ කාර් එක.... ඒත් මේ ඉන්නෙ පොඩි කෙල්ලෙක් නෙ......


කැප් එක දාපු මිනිහා කෙල්ලගෙ අතින් අල්ලගෙන කාර් එක ඇතුලට දාන්න හැදුවා.... කෙල්ල අත ගලවගන්න හැදුවත් බැරි උනා......



"අතා......රින්න මාව...මට යන්න දෙන්න...ප්ලීස්" කෙල්ල කෑගහුවා...


කැප් එක දාපු පොර කෙල්ලට ගැහුවෙ කම්මුල රත් වෙන්න...



කෙල්ල කදුලු සල සලම මූනට වැටුනු කොන්ඩෙ පස්සට කරා..



දැකපු දෙයින් මං විසික් වෙලා ගියා........


"දෙයියනේ............ඒ මගේ වම්බොට්ටි..............."



මම බිම තිබ්බ පොල්ලකුත් උස්සන් ගියේ එතන්ට....



"ඕයි...............ඔයි කෙල්ලට යන්න දීපන්............."



මගේ කටේ සද්දෙට වම්වොට්ටි මගේ දිහාබැලුවා....එයා අසරන බැල්මක් මට පෙන්නුවා......


මම කැප් එක දාපු මිනිහගෙ අතින් ඇදලා මගේ පැත්තට හරවගත්තා....


කලුම කලු උස මහත නාකි තට්ටයෙක්....ඌ දැක්ක ගමන්ම මටමතක් උනේ එදා අපේ ගෙදර ජනේලෙන් පැන්න කෙනා....ඔව් ඒ මූම තමයි....මට හොදටම සුවර්...



"උබ.............තෝ මොකද මගේ කෙල්ල එක්ක ක්ලබ් ගානෙ කරන්නෙ..."


මම තට්ටයගෙ කොලර් එකෙන් අල්ලන් කතා කරේ ....


"ඇයි.මල්ලි උබේ කියල ලියල තියෙන්නෙ කොහෙද මේ බඩුවෙ....."

තට්ටයා සයුනිට ඇගිල්ල දික් කර කර ඇහුවෙ...



"බඩුව....🤯😤තොගෙ වයසට ගැලපෙන වැඩ කරහන්.බ#ලා."..මම තට්ට මිනිහගෙ කොලර් එකෙන් අතෑරියේ ඌව තල්ලු කරන ගමන්....



"තොට එච්චර හයියක් පරයා....වරෙන් යන්න කෙල්ලෙ....."...තට්ටයා සයුනිගෙ අතින් ඇද්දා...



"අතෑරපන් මගෙ කෙල්ලව........මූසිල බ#ලා.."..මම තට්ටයගෙ බෙල්ලෙන් අල්ලලා කාර් එකේ බොනට් එකේ වදින්න ගැහුවා....


නලලෙන් ලේ බේරි බේරි ඌ කාර් එක ඇතුලට ගියේ.....



මම කේන්තියෙන්ම සයුනි දිහාබැලුවෙ.... ඇගිල්ලකුත් කටේදාන් ඉකි ගගහා වෙව්ල වෙව්ල අඩනවා.....



මම කෙලින්ම ගියේ සයුනි ගාවට.......



"තමුන්.............තමුන් මේ වගේ ගෑනියෙක් කියලා මං කීයට වත් හිතුවෙ නෑ අයිසෙ.... තමුන් දන්නවද තමුසෙට මං නොකිව්වට කොච්චර ආදරේද කියලා...නෑනෙ....තමුන් ඒව දන්නෙනෑ.... බලපන් ඇදන් ඉන්න එක උබ.....ජරා ගෑනි......"


මම මගේ කෝට් එක ගලවලා සයුනිගෙ ඇග වැහෙන විදිහට දැම්මේ.....


සයුනි මුකුත් නොකියම මගේ දිහා බලන් හිටියා.........


"බලපන් උබේ ඔලුවත් තුවාල වෙලා....බිපු බෝතලේ ඔලුවෙ ගහගත්තද......දීපන් ෆෝන් එක ඩොක්ට කෙනෙක්ට පෙන්නපන් ඕක.."


මම සයුනිගෙ අතේ තිබ්බ ෆෝන් එක අරන් ස්ක්‍රීන්එක ස්වයිප් කරේ....


එතකොටම තිබ්බෙ තට්ටයා එක්ක ගහපු ෆොටෝ එකක්...ඒක දැක්කම නම් මට හොදටම මල පැන්නා....



"තෝ..........ඌමනාවෙන්ද මූ එක්ක ඉන්නේ.......මම හිතුනෙ තොට කරදර කරන්න ඇවිල්ලා කියල..ශික්...අප්පිරියයි උබව...එපාම උනා අදනම්...තොපි වගේ කෙල්ලෙක්ට ආදරේ කරාට මට හෙන ගහන්න ඕන.....තොගේ හිතේ මේ කොල්ල වෙනුවෙන් ආදරයක් තිබ්බෙම නැද්ද .."මම ෆෝන් එකත් පොලවෙ ගහලා සයුනිව එතනම දාලා යන්න ආවා...



"අබිරු...............නවතින්න.....අනේ ඔයා හිතන කිසි දෙයක් මෙතන උන්නෑ...........ප්ලීස්........"



"අනේ......................මං ඔයාට ඔක්කොම කියන්නම්.....මං ගැන වැරදියට හිතන්නෙපා.....එයා මං අදුරන කෙනෙක් නෙවෙයි....."




සයුනි කියන ඔක්කොම මට ඇහුනත් මං ඇහුන්නැ වගේ ගියා..... සයුනි මගේ පස්සෙන්ම එනවා...



"අනේ එයා තමයි ඔයාලයි අම්මා..............."



මම පිටිපස්ස හැරුනෙ සයුනි කියන දේ අහගන්නම ඕන උනු නිසා..මොකද අපෙ අම්මා ගැන සයුනි කියන්න ගියෙ..එතකොට එදා අපේ ගෙදරට ආවෙත් එයා.......



මම පිටිපස්ස හැරිලා බලනකොටම 



සයුනි හිටියෙ බිම වැටිලා......................




"සයුනී................................මම දුවල ගිහින් සයුනිව අත් දෙකට අරන් ළඟ තිබ්බ ටැක්සියකට දාගත්තා...................."


ටැක්සි කාරයගෙන් වතුර බෝතලයක් ඉල්ලන් මං සයුනිගෙ මූනෙ ගැවෙ...


"අනේ..........නැගිටින්න....මගේ සයුනි......අනේ සොරි...මං බැන්නෙ තරහ ගිය නිසා...ඔයා මොනව කරත් මං ඔයාට ආදරේ...."මම සයුනිගෙ මූන තුරුලු කරන් ඇඩුවා................



මෙයා එක්කන් කොහෙද යන්නේ.......................අම්ම මගේ සයුනිව මරලා දායි ගෙදර යන්නත් බෑ.....................



විකුමා....විකුම්ගෙ ගෙදර යන්න ඕන..... ඌගෙ මාමා දොස්තර නෙ............විකුම් ට කෝල් එකකුත් දීලා ටැක්සි ඩ්‍රයිවර් ට විකුම්ගෙ ගෙදර ලොකේශන් එක දුන්නා....




"අනේ...සයුණි නැගිටින්න............"මගේ උකුලෙ උඩ සද්දයක් නැතුව ඉන්න වම්බොට්ටි දිහා මං බලන් ඉන්නෙ කොහොමද........අනේ කාලා බීලත් නැතුව ඇති..............




"අනේ...........සිහිය එන්නකෝ....සයුනි...නැගිටින්න...මං ඔයාව දාලා කොහෙවත් යන්නෑ......................".


සයුනි.......................




❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

**************************************************************




හලෝ.....ළමයි....................................


මොකක් වෙයි කියලද හිතන්නෙ...........................


අඩේ........ කලින් එපියට කමෙන්ට් 400+ තිබුනා.. තෑම්ස්ස්ස්🤗🤗🤗🤗🤗


... කමෙන්ට් දාන හැමෝන්ටම මං රිප්ලයි කරා...😘.. එක්කෙන්ක් දෙන්නෙක් මිස් උනානම් සොරි හොදෙ...

කතාව කියවන හැමෝටම මගේ හද පිරි මෙව්ව ☝එක






පරිස්සමින් ඉන්න...



බායි👋🏻👋🏻👋🏻👋🏻👋🏻

Report Page