❤️❤️❤️❤️

❤️❤️❤️❤️

Rashmi Navodya

"දුව… ලෑස්ති වෙන්න ඉක්මනින්. අර කට්ටිය දැන් මග එන ගමන් කීවා."

              ඔලුවේ ඉදන් පොරවන් සුවසේ නිදාගෙන ඉන්න ආකර්ශා ඇහැරවන්න චින්තා නොගන්න උත්සාහයක් නෑ.


"මොකද්ද ඇත්තටම මේ සද්දේ මේ තරම්. ඇයි චින්තා කෑ ගහන්නේ බොරුවට. කෙල්ල තව ටිකක් නිදා ගන්නැතෑ අනේ. අපි ළඟ ඉන්නකම් විතරයි ඔය සේරම. හෙට අනිද්දා පිට ගෙදරකට ගියාම ඔහොම නිදහසක් ලැබෙන් නෑ ඒ ළමයට."

                 අතුල සාලෙට වෙලා කීවේ චින්තගේ කෑ ගැහිල්ල නවත්තන්න හිතාගෙනයි.


"අනේ මන්දා මේ තාත්තලා දුවලා. හෙට අනිද්දා දීගෙක යන්න ඉන්න කෙල්ල. තාම ඔලුවේ ඉදන් පොරවන් නිදි. නැන්දම්මලා අන්තිමට කෑ ගහන්නේ ඉතින් අම්මට තමා. ඕනෙ එකක් කර ගන්න එකයි ඇත්තේ."

            පුරුදු විදියටම චින්තත් සැමියට නෝක්කාඩු කීවේ හැම උදෑසනකම සුපුරුදු වාදන තැටිය ඔහොම හින්දයි.

                      ඔලුවේ ඉදන් පොරවගෙන හිටියත් අම්මා තාත්තා කීව දේවල් අකුරක් නෑරම ආකර්ශට ඇහුනා. ඒ ඇස් කඳුලින් බර වෙන්න ගියේ මොහොතයි.


"දෙවියනේ ඇයි මම මේ තරම් පවුකාර උනේ ? මාව ලස්සනට මනමාලියක් කරලා මේ ගෙදරින් පිට කරන්න මගෙ අහින්සක අම්මයි තාත්තයි කොයි තරම් නම් බලාපොරොත්තුවෙන් ඉන්නවද ? මම කොහොමද ඒ දෙන්නට කියන්නේ එයාලගේ දුව ජීවිතේම විනාස කර ගත්ත එකියක් කියලා. "

       හැමදාම වගේ අදත් ඒ දෙමව්පිය ආදරේ මැද්දේ ඒ හිත ගොඩක් අසරණ වෙනවා. පිහි තුඩකින් හාරනවා වගේ අමිහිරි මතක ගොන්නක් ඒ හිත අස්සේ පොර බඳිනවා. 

වෙනදා වගේම ඒ ඉකිය පිට කරන්න ආකර්ශා දීවේ නාන කාමරයට.


"ආ මැණිකේ… මෙන්න මේ සාරිය ඇඳ ගන්න."

     ලා නිල් පාටට හුරු අපූරු සාරියක් ආකර්ශා අතෙන් තිබ්බේ චින්තා විසින්.

     

   ආකර්ශා නෙත්මිනී දුණුසිංහ කියන්නේ සාමාන්‍ය පවුලක හැදුණ වැඩුන ළමයෙක්. විශ්ව විද්‍යාල අධ්‍යාපනය අවසන් කරලා රැකියාවක් අපේක්ෂාවෙන් ඉන්න ආකර්ශාට විවාහා යෝජනාවක් ගෙනෙන්නේ ඉතාමත් වැදගත් සල්ලිකාර පවුලකින්. කිසි දිනක ළඟ විය නොහැකි පවුලක් උන නිසා ආකර්ශාගේ පියා එම යෝජනාවට කැමති වෙන්නේ ආකර්ශාට වෙනත් සම්බන්දයක් නොතිබුන බව ආකර්ශාගෙන්ම දැනගෙනයි. 

                               ඒත් ආකර්ශාගේ හිත හරියට ඇවිස්සුන මීවදයක් වගේ. හරිම නොසන්සුන්. ජීවිතේ ගන්න ඕන හිතුවක්කාරම, බොළඳම තීරණය ආකර්ශා විසින් ගත්තේ මීට වසරකටත් පෙරයි. ඉතින් පිරිසිදු  පතිනියක් විදියට  කුලගෙයකට යන්න ආකර්ශා තමන්ට තිබ්බ එකම සුදුසුකම නැති කරගෙන හමාරයි. මේ කිසිම දෙයක් නොදන්න අතුලයි චින්තයි තමන්ගේ එකම දුවව මනමාලියක් විදියට ගෙයින් පිට කරන්න හිතේ දහසක් බලාපොරොත්තු පොඳි බැඳන් ඉන්නවා. මේ දේවල් මතක් වෙනකොට ආකර්ශාට ජීවිතේ පවා හානිකර ගන්න හිතෙන වාර අනන්තයි. ඒත් හිතේ හයියක් නැති නිසාම වෙන දේකට මූණ දෙන්නත් දැන් එයා සූදානම්. 

               

ලා නිල් පාට අම්මා දුන්න සාරිය ඇඳලා, දිග කොණ්ඩේ තනි කරලට ගොතන් හිටපු කෙල්ලගේ මූණේ සුන්දරත්වය තව ටිකක් ඔපමට්ටම් කරන්න ලා රෝස පාටින් ලිප්ස්ටික් ටිකක් ගාලා කෙල්ලව හැඩ කලේ කෙල්ලගේ නැන්දෙගෙ දුව නෙත්මි. 


"ඔයා මාරම ලස්සනයි නංගි. චාම් සාරියට ඔයා හරිම හැඩයි. මනමාලයට දැන්මම උස්සන් යන්න හිතෙයිද දන් නෑ"

                      නෙත්මි කීවේ ආකර්ශාගේ හැඩ බලන ගමන්. මේ දේවල් කෙල්ලට හීනයක් වගේ. ඔහේ රූකඩයක් වගේ එහෙට මෙහෙට කැරකිලා, අන්දන විඳියකට අන්දනකම් කෙල්ල ඈත කල්පනාවක. හරියට අනිත් අයට ඕන විදියට වැඩ කරන රොබෝ කෙනෙක් වගේ.


මිදුලේ නවත්තපු කාර් එකක හඬිනුයි ආකර්ශා පියවි සිහියට ආවේ.


"අන්න කට්ටිය ඇවිල්ලා. අනේ දුවේ බලන්න අපේ දුවගේ මොනා හරි අඩු පාඩුවක් තියෙනවද කියලා."

          එහෙම කියලා චින්තා හනිකට එළියට ගියේ ඇවිත් ඉන්න අයව පිළි ගන්න.

සතුටු සාමීචි කතා බහෙන් අනතුරුව හැමෝම බලන් හිටියේ ආකර්ශා එනකම්. බුලත් හෙප්පුවත් අතින් අරගෙන බිම බලාගෙන එන මේ ලස්සන කෙල්ල දැක්කම ඇවිත් හිටපු අයගේ මූණේ ඇදුනේ හරිම ලස්සන හිනාවක්. 


"අනේ ඇස් වහක් කටවහක් නෑ හරිම සීදේවි කෙල්ල"

              හැමෝම හිතුවේ එහෙමයි. චින්තට තමන්ගේ දුව ගැන දැනුනේ හරිම ආඩම්බරයක්.  

බිම බලාගෙනම කාමරයෙන් එළියට ආව ආකර්ශා මනමාලයා කවුද කියලවත් බලන් නැතුව බුලත් හෙප්පුව අතට දීලා දණ ගහලා වැන්දා. ඊට පස්සේ අම්මා ගාවින් වාඩි වෙලා බිම බලාගෙනම හිටියේ හිත ඇතුළේ මහා ගින්නක් බුර බුරා ඇවිලෙනකොටයි. 


"දුව හරිම ලැජ්ජයි නේද අනේ ?"

                     පැමිණ සිටි අයෙක් එහෙම ඇහුවේ කෙල්ලගේ බිමට නැමිලා තිබුන මූණ දිහා බලාගෙන. 


" දැන් ඉතින් ලැජ්ජාවේ හිටියා ඇති දූ. යන්න අපේ පුතා එක්ක ගිහින් ටිකක් නිදහසේ කතා කරන්න. දෙන්න දැන අඳුන ගන්න එක හොඳයිනේ."

               මනමාලයගෙ අම්මා උන මොනිකා කීවේ හරිම ආදරෙන්.

කෙල්ල කරන්නම දෙයක් නැති තැන එළියට ආවේ මොන දේ උනත් තමන් ගැන ඇත්තම කියනවා කියලා හිතන්."ආකර්ශා…"

          විනාඩි ගාණක නිහඬතාවය බිඳිමින් කතා කලේ ආකර්ශා බලන්න ආව මනමාලයා. එතකොට තමයි ආකර්ශා හරියටම එයාගේ මූණ දැක්කේ..

              ඒ මූණ දැක්කම ආකර්ශාගෙ හිත මොහොතකට ගැස්සුනේ ඒ මූණේ තිබුන මොකද්දෝ මන්දා හුරු ගතියකටයි. ඕනෙම කෙල්ලෙක් වශී වෙලා යන තරමේ ලස්සන ඇස් දෙකෙනුත්, අකීකරු කැරලි කොණ්ඩෙනුත් ඒ රුවේ කඩවසම් බව තවත් වැඩි උනා. ඊටම ගැළපෙන හිනාව ආකර්ශාගේ හිතේ ඇති කලේ වටහා ගත නොහැකි හැඟීම් සමුදායක්.

         ඒ කඩවසම් දේහදාරී තරුණයා තමා ආකර්ශා විවාහ කර ගන්න ඇවිත් ඉන්නේ. මොල්ලිගොඩ වලව්වේ එකම උරුමක්කාරයා. මොනිකා නිර්මාණි මොල්ලිගොඩගෙයි, අනුර නිශ්ශංක මොල්ලිගොඩගෙයි එකම පුතා වුන අභිශේක් වාසුල මොල්ලිගොඩ. අවුරුදු 25ක් උන කොල්ලට ඒ දෙමව්පියො හෙව්වේ කුලවත් වංශක්කාර කෙල්ලෙක් නෙවෙයි. සාමාන්‍ය පවුලක ඉපදුණ පොළවේ පය ගහලා ජීවත් වෙන කෙල්ලෙක්. 


"ආකර්ශා ,"

      ආයෙම කොල්ලා කතා කලේ තාමත් ආකර්ශා ඒ මූණ දිහා බලන් වචනයක්වත් කතා නොකරපු නිසයි. 


" මේ බලන්න ආකර්ශා, මමයි අපේ අම්මලට කීවේ මම ඔයාව මැරි කරන්න කැමතී කියලා. ඔයා කැම්පස් යන කාලේ ඉදන් මම ඔයාව දන්නවා. ඔයාව මුලින් දැක්ක දවසෙමයි මගෙ හිතට ඔයා ගැන ආදරයක් දැනුනේ. හිතා ගන්න බැරි අමුතු බැඳීමකින් ඒ මොහොතේ ඉදන් ඔයා මගේ හිතේ හොල්මන් කලා. ඔයාට මගෙ ආදරේ කියන්න උත්සාහ කලත් ඒකට මට වෙලාවක් ලැබුන් නෑ. ඒකයි මම මේ විදියට යෝජනාවක් අරගෙනම ඔයාලගේ ගෙදරට ආවේ."


"ඇයි ආකර්ශා ඔයා කතා කරන් නැත්තේ? මට කියන්න ඔයා මේ මැරේජ් එකට අකමැතිද ? මම ඔයාට ආදරෙයි තමයි. ඒත් එහෙමයි කියලා ඔයාව බලෙන් මගෙ කර ගන්න මට ඕන නෑ. අවුරුදු 3ක් මේ හිත ඔයාට දුරින් ඉදන් ආදරේ කලා. ඉස්සරහටත් එහෙමම ඉදී."

                 අභිශේක් කීවේ ඇස් වල කඳුලු පුරවන්. 

                           

අභිශේක්ට ආකර්ශාව හම්බුනේ අහම්බෙන්. ඒ දැකපු වෙලේ ඉදන් ඒ හිතේ හැමතැනම හිටියේ ආකර්ශා. අවුරුදු 3ක් ගියත් ඒ හිතෙන් තනියම ආදරේ කලේ දුර ඉදන් හරි ඒ රූපේ දිහා බලන් සැනසිලා. කෙල්ල මේ කිසිම දෙයක් දැනගෙන හිටියේ නෑ.


"මට කියන්න ආකර්ශා ඔයාට වෙන අෆෙයාර් එකක් තියේද කියලා. ඔයාට වෙන බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා නම් මට කියන්න. මම ඔයාට කරදරයක් වෙන් නෑ. ඈතට වෙලා ඔයා දිහා බලාගෙන ඉන්නම්. "

ආකර්ශාගේ නිහඬ බව ඉවසන්නම බැරිව අභිශේක් කීවේ ඇගේ උරහිස් තම දෑතින්ම සොලවමින්.


"නෑ අභිශේක් ,මට එහෙම කිසිම සම්බන්දයක් නෑ. "


"එහෙනම් ඇයි ඔයා මට අකමැති."


"මට පිරිමි සංහතිය ගැනම හිතේ තියෙන්නේ පිළිකුළක් අභිශේක්. මගෙ තාත්තා ඇරෙන්න අනිත් පිරිමි හැමෝටම මම වෛර කරනවා. මට බෑ ඔයාව කසාඳ බඳින්න. මම ඔයාලගේ පවුලට ගැලපෙන කෙල්ලෙක් නෙවේ."

ඇස් වල කඳුලු පුරවන් ආකර්ශා කියන්නේ ලොකූ කතාවක් හිතේ හිරකරගෙන කියලා අභිශේක්ට තේරුනා.


"ඇයි එහෙම වෙන්න හේතුව. මට කියන්න. මොකද්ද ඔයාගේ හිතේ තියෙන ප්‍රශ්නේ. අපි ඒවා විසඳ ගමු."


"ඒවා විසඳ ගන්න ලේසි නෑ අභිශේක්. ලේසි නෑ. ඔයා මාව බැන්ඳොත් ඔයාගේ ජීවිතේම විනාස වෙයි. මම පිරිසිදු කෙල්ලෙක් නෙවේ අභිශේක්. ආදරේ හින්දා මුලු ජීවිතේම විනාස කර ගත්ත කෙල්ලෙක්. "

ආකර්ශාගේ කතාවත් එක්ක අභිශේක්ගේ අත් ඔලුවට ගියේ ඔහුටත් නොදැනීමයි. හිතට දැනුන වේදනාවත් එක්ක ළඟම තිබුන පුටුවෙන් ඔහු වාඩි උනේ කිසිම දෙයක් හිතා ගන්න බැරිව. "


"මොකද උනේ අභිශේක්. ඔයත් ඒ ආත්මාර්ථකාමී පිරිමි ගොඩෙන් කෙනෙක් නේද ? දැන් මාව දැක්කම ඔයාට දැනෙන්නේ පිළිකුළක් නේද ? කියන්න අභිශේක්. ඔයාට පුලුවන්ද වෙන කෙනෙක් අතින් හපයක් වෙලා විසි උන මාව ඔයාගේ ළඟට අරන් බලා ගන්න. බෑ නේද ? හැම ආදර කතාවක්ම මඟුල් දවසේ සුදු රෙද්දේ රතු ලේ පැල්ලම නැත්නම් එතනින් ඉවර වෙනවා. අන්න ඒකයි මම කසාදෙකට අකමැති"

         ඉකිගසමින් ආකර්ශා අඬන්නේ අතීතේ උන සිදුවීම් එකින් එක ඇස් ඉස්සරහා මැවි ම්වී පෙනෙද්දි. 

උන් තැනින් නැගිටපු අභිශේක් ඒ ඇසිල්ලෙන් ආකර්ශාව තමන්ගේ පපුවට තද කර ගත්තේ මොන දේ උනත් මම උබව අතාරින් නෑ කියන හැඟීමෙන්.


"මේ අහන්න මැණික. මම ඔයාට ආදරේ කලේ ඔයා දැක්ක දවසෙමයි. ඔයාට නොකියා මම අවුරුදු 3ක් ඔයාට ආදරේ කලා. මේ හිත විඳවපු තරම් ඔයා මතක් වෙලා ඒ ගැන දන්නේ මම විතරයි. අවුරුදු 3ක් ඔයාගේ ළඟටවත් ලං නොවී ඔය මුලු හිතටම මම ආදරේ කලේ. එහෙම එකේ මගේ ආදරේට ඔයාගේ පිරිසිදුකම අදාල වෙන්නෙම නෑ. ඔයාගේ ආදරේ පිරිසිදු  නම් මට ඒ ඇති මැණික. මට ඕන ඔයාව. මුලු ජීවිත කාලෙටම මට ඕන ඔයාගේ ආදරේ අස්සේ දැවටෙන්න විතරයි."


"ඒත් අභිශේක් මේවා ඔයාගේ අම්මලට ලොකු ප්‍රශ්නයක් වෙයි. මම කරපු වැරැද්දට ඔයාට ජීවිත කාලෙම විඳවන්න වෙයි අභිශේක් "


"ඒ සේරම මම බලා ගන්නම්. ඔයා හිතන්න එපා ඒ ගැන." අභිශේක් කීවේ කෙල්ලගේ නළලත් සියුම්ව සිප ගනිමින්.

මේ තරම් වටිනා පිරිමින් ඉන්න සමාජේ ඇයි තමන් අර වගේ ආත්මාර්ථකාමී මිනිහෙක්ට ආදරේ කරේ කියන පසුතැවිල්ල ආකර්ශාගේ හිතේ ඇති උනේ කඳුලු වලින් ඇස් පිරෙද්දි. "අතීතේ උන දේවල් අතීතෙටම බාර කරන්න මැණික. ඒවා වර්තමානයට, අනාගතයට ඇදන් ගිහින් දුක් විඳින්න ඕන නෑ. ඔයා මේ මොහොතේම ඒ අඳුරු අතීතෙන් ඈත් වෙන්න."

අභිශේක් කීවේ ඒ අත් තමන්ගේ පපුවට තද කරලා සිප ගන්න ගමන්. 


මේ වගේ බැඳීමක් මීට කලින් කේශාන්ගෙන්වත් දැනුනේ නෑ නේද කියලා ආකර්ශා කල්පනා කලේ තව තව අභිශේක්ගේ පපුවට තුරුල් වෙමින්. ඒ මොහොතෙම අතීත සිදුවීම හැමදෙයක්ම අභිශේක්ට කියන්න ඕන කියලා ආකර්ශා කල්පනා කලේ හිතේ හැමදේම හංගන් තමන්ට පණ වගේ ආදරේ කරන  අභිශේක්ට අසාධාරණයක් කරන්න ඒ හිතට ඉඩක් නොදෙන නිසා. 


" මට කේශාන්ව හම්බුනේ ඉස්කෝලේ යන කාලෙදි. අවුරුදු 5ක් අපි දෙන්නා ආදරේ කලා. කිසිම වෙලාවක දුකක් නොදැනෙන්න තරම් ලොකු ආදරයක් අපි දෙන්න අතරේ තිබුනා. ඒකට කාගේ ඇස්වහක් වැදුනද කියලා මම දන් නෑ අභිශේක්."

                     මේ තරම් කාලයක් හිතේ හිරකරන් හිටපු හැමදෙයක්ම ආකර්ශා එකිනෙක කියන්න පටන් ගත්තා.


"මට කැම්පස් යන්න රිසාල්ට් ඇති උනත් කේශාන්ට මදි උන හින්දා එයාගේ හිතේ ලොකු අකමැත්තක් තිබ්බා මම තනියම කැම්පස් යනවට. ඒත් මම මගෙ අම්මලගේ හීනේ හැබෑ කරන්න ඕන හින්දම කැම්පස් ගියේ එයාගේ අකමැත්ත උඩින්. එදා ඉදන් එයාගේ ආදරේ සැකේකට පෙරලුනේ හිතා ගන්නවත් බැරි විදියට."

                   එක දවසක් එයාට මාව හම්බෙන්න ඕන උනා. නොගියොත් තව ප්‍රශ්න වෙයි කියලා හිතලා මමත් ගියා එයා එක්ක. එයා මාව එක්ක ගියේ ගෙස්ට් හවුස් එකකට. කවමදාවත් මම හිතුවේ නෑ අවුරුදු ගාණක මගේ ආදරේ එහෙම කාමරේක බිත්ති හතරක් අස්සේ නැතිම වෙලා යයි කියලා. මගෙ චරිතෙත් එක්කම ආදරෙත් ටික ටික දිය වෙලා ගියේ විශ්වාසය රකින්න මම මගේ හැමදෙයක්ම කේශාන්ගේ හැඟීම් ඉස්සරහා අතඇරලා දාද්දි. ඒත්….."


"ඇයි ඒත් කියන්නේ… කතා කරන්න ආකර්ශා. ඌ මොකද්ද ඔයාට කලේ ඊට පස්සේ.?"


"ඒත් ටික කාලයක් යනකොට කේශාන් දවසින් දවස වෙනස් උනා. එයාට ඕන උන හැම වෙලේම මගෙන් එයාගේ ඕනේ එපාකම් ඉටුකර ගත්තේ මාව පයට පෑගෙන දූවිල්ලක් ගාණටවත් ගනන් ගන් නැතුව. එයා වෙනුවෙන්ම කැප වෙලා හිටපු මාව අන්තිමට එයා අත් ඇරලා ගියේ වෙන පිරිමි එක්ක සතුටු වෙන ජරා කෙල්ලෙක් ගාණට දාල. එදා ඉදන් මට සේරම පිරිමි එපා උනා. තමන්ගේ උවමනාව ඉටුකර ගන්නකම් රැකගෙන ළඟින් තියා ගත්තට එපා උන දවසට අප්පිරියා කරලා විසික් කරලා දාන පිරිමි තමයි සේරම කියලා ඔයා හම්බෙනකම්ම මම හිතන් හිටියා. එදා මට මගෙ ජීවිතේ එපා උනත් මැරෙන්න බැරිකමට මේ වෙනකම් මම ජීවත් උනේ මගෙ අහිංසක අම්මලාට දුක් දෙන්න බැරි නිසා. මේ දේවල් එයාලා දන්නවා නම් මේ වෙනකොටත් එයාලා ජීවිතේ නැති කරගෙන."


"ඔයාම කියන්න අභිශේක් මම වැරදිද ? අවුරුදු 5ක ආදරෙත් එහෙම මාව දාලා යද්දි අනිත් අය ගැන මොන කතාද ? "

ආකර්ශාගේ කතාව අහනකොට අභිශේක්ගේ ඇස් වලට කඳුලු පිරුනේ ඇයි කියල ඔහුටත් හිතා ගන්න බැරි උනා. 


"අදින් පස්සේ ඔය ඇස් වලට කදුලක් එන්න බෑ ආකර්ශා. මම මගේ පණටත් වැඩිය ආදරෙන් ඔයාව බලා ගන්නවා. මට ඔයාගේ ආදරේ ලැබුනම ඇති. ආදරේ වෙනුවෙන් හැමදේම  පරිත්‍යාග කරපු ඔයාගේ ආදරේ ලබන්න මට පින තිබුනා. ඒ ආදරේ මම මොනම දෙයක් හින්දවත් නැති කර ගන් නෑ. "

දැඩි හඬකින් අභිශේක් කීවේ මුලු ජීවිතේම ආකර්ශාට කැපකරලා. 



එදා ඉදන් ආකර්ශා වෙනස්ම කෙල්ලෙක් උනා. ආදරේට පුලුවන් කෙනෙක්ගේ ජීවිතේ ලස්සන කරන්න වගේම හැඩි කරලා නැති කරලා දාන්නත්. අවුරුදු ගාණක් ආදරේ කරලා තමන්ව සැක කරලා දාලා ගිය කේශාන්ට වඩා අවුරුදු 3ක් තමන්ව නොලැබම තනියම ආදරේ කරපු අභිශේක්ගේ ආදරේ මොන තරම් වටිනවද කියලා ආකර්ශාට හිතුනා. 

               කාලය ගෙවිලා ගිහින් ආකර්ශා අභිශේක්ගේ පතිනිය වෙලා යන දවසත් ඉක්මනින් ආවා. පැරණි චාරිත්‍ර වලට අනුව උඩරට පන්නෙට හැඩ උන මනාල යුවල පෝරු මස්තකයට නැග සියලු චාරිත්‍ර වාරිත්‍ර ඉටු කලේ හැම දෙනාගෙම ආශිර්වාදය මැදයි. පළමු දින උත්සවය අවසන් වී මනාල යුවළ මංගල රාත්‍රිය ගත කිරීමට නුවර එළියේ මනරම් හෝටලයක් වෙත ගමන් කලේ ආකර්ශාගේ දෙමව්පියන්ගේ ඇස් කඳුලින් බර කරමින්.

ඒත් ආකර්ශාගේ හිතේ නම් තාමත් තිබුනේ ලොකූ කැලඹීමක්. අභිශේක් මොන තරම් මට ආදරේ කලත් එයාලා වැදගත් පවුලක් නිසා හැම චාරිත්‍රයක්ම අකුරටම බලයි. මම කොහොමද දෙයියනේ මගේ පිරිසිදුකම ඔප්පු කරන්නේ. මම ඉඳුල් උන ගෑණියෙක්. ඇයි දෙවියනේ මට මෙහෙම උනේ. හෙට ඉදන් මට මොන වගේ දේවල් වලට මූණ දෙන්න වෙයිද? " ආකර්ශා දහඅතේ කල්පනා කරනවා. 

ඇස් වල කඳුලු පිසිමින් බර සුසුම් හෙලන ආකර්ශා හිතන්නේ මොනවද කියන එක අභිශේක්ට ගැටලුවක් උනේ නෑ. ඒත් ඒ වෙලේ ආකර්ශාට කිසිම දෙයක් නොකියා අභිශේක් ඉවසන් හිටියේ ඒ හිත තව තව රිදවන්න බැරි

නිසයි. 


" අම්මෝ මම නම් ඉන්න බැරිව හිටියේ අප්පා " ආකර්ශා කීවේ පැමිණි විගස ඇඳ මත වැටෙමින්.


"චී කෙල්ලගේ වල් කම. ඒ තරම් හදිස්සිද ඈහ්… ඕවා ඉතින් දැන්ම බෑ. රෑ වෙනකම් ඉන්න වෙනවා.."

                 මනමාල හිනාවක් දාගෙන අභිශේක් කීවා."අනේ යන්න අභී යන්න. මම නෙවේ වල්. ඔයා තමා. මම ඉන්න බෑ කීවේ උදේ ඉදන් මේ සාරි ඇඳන් අප්පා.. කෝ එන්න අනේ මගෙ මේ ඔලුවේ තියෙන කටු ටික ගලවන්න."

     අභිශේක්ව තමන් වෙත ඇදගන්න ගමන් ආකර්ශා කීවේ අතරින්පතර ඔලුවේ ගහලා තියෙන කටු ගලවන ගමන්.


"අම්මෝ මැණික මේ කටු ගොඩ. කොහොමද අප්පේ මේවා ඔලුවේ ගහන් හිටියේ. වෙලාවට මම කෙල්ලෙක් උනේ නැත්තේ." අභිශේක් කීවේ ආකර්ශාව පිටුපසින් වැළඳගන්න ගමන්. 


" ඔයා වොශ් දාන් එන්නකෝ අභී. මට මේ ඇඳුම් ගලවන්නම වෙලා යයි තව." ඇඳන් හිටපු සාරිය ගලවන්න උත්සාහ කරන ගමන් ආකර්ශා කීවේ අභිශේක්ව නානකාමරයට තල්ලු කරන ගමන්. 

                         

සුන්දර නුවර එලියේ රාත්‍රී සීතලත් එක්ක ආකර්ශා හෝටල් කාමරයේ බැල්කනියට වෙලා හඳ දිහා බලන් හිටියේ මේතාක් දුරට තමන්ගේ ජීවිතේට මොන තරම් දේවල් සිදු උනාද කියලා කල්පනා කරන ගමන්. එක පාරටම ඒ කල්පනාවෙන් ඇය මිදුනේ උණුසුම් සුසුමක් ගෙල පෙදෙසට වැදෙනකොටයි. පිටුපසින් පැමිණි අභිශේක් ආකර්ශාව වැලඳ ගත්තේ මහත් ආදරයකින්. 


"දන්නවද මැණික මේ දවස එනකම් මම ඇඟිලි ගැන්නා. ඔයා මගෙම වෙලා හැමදාම ඉන්න ලැබෙම දවස වෙනකම් මම හීන දැක්කා. අද ඒක හැබෑ වෙලා. මගෙ ආදරේ දිනලා අද ඔයා මගෙම ළඟ ඉන්නේ. මට මේ වෙලාවේ දැනෙන සතුට සැනසීම වචනයෙන් කියන්න තේරෙන් නෑ මැණික. මේ සතුට මට දුන්නට මුලු ජීවිත කාලෙම මම ණයයි ඔයාට. " අභිශේක් මේ වචන කියන්නේ ඔහුගේ හදවතින්මයි කියලා ආකර්ශා තේරුම් ගත්තේ හඳ එළියෙන් දිලිසි දිලිසි පේන ඒ පිරිමි ඇස් වල පිරිලා තිබුන කඳුලු වලින්. 


"ආකර්ශා එහෙමම ඒ පපුවට වාරු උනේ ඇයගේ මුලු ජීවිතයම ආදරෙන් නැවත ජීවත් කල අභිශේක්ට ජීවිතේම උනත් පරිත්‍යාග කරන්න තරම් ගෞරවයකින්. 


හඳ එළියෙන් දිලිසෙන, නුවර එළියේ සීතලෙන් මත් උන ආකර්ශාගේ දෙතොල් වෙත අභිශේක් සෙමින් තම දෙතොල් තිබ්බේ තව දුරටත් හිරකරගෙන ඉන්න බැරි හැඟීම් සමුදායක් එක්කයි. ඒ පහසටම මත් උන ආකර්ශාගේ දෑගිලී අභිශේක්ගේ පිට පුරා රටා මවද්දි ඔවුනොවුන් තවත් හැඟීම් අතරටම හැංගුනේ ඒ ආදරේට තව තවත් මිහිරක් එක් කරමින්. එක පාරටම විදුලියක් වැදුනා වගේ ආකර්ශා ඒ පහසින් මෑත් උනේ ඇස් වල කඳුලුත් පුරවගෙනයි.


"එපා අභී එපා. මීට වඩා දුර ගියොත් ඔයාට දුකක් දැනෙයි හිතට. ඔයාගෙ හිතට සැනසීමක් දෙන්න පුලුවන් දෙයක් මගෙ ළඟ නෑ මහත්තයෝ… මම මහ පවුකාර කෙල්ලෙක්. "

තව තවත් අභිශේක්ගෙන් ඈත් වෙමින් ආකර්ශා කීවේ හිතේ නලියමින් තිබ්බ සිතුවිලිය. 


"පිස්සු කෙල්ල. මම එදා ඉදන් ආදරේ කලේ ඔයාගේ හිතට මිසක් වෙන දේකට නෙවේ. අද උනත් මට වෙන දේවල් වැඩක් නෑ රත්තරනේ ඔයා ඇරෙන්න."


තම දෑත් අතරට හරහට ආකර්ශාව ඔසවාගත් අභිශේක් ඇයව රැගෙන යහනට ගියේ ඇයගේ හිතේ මේ තරම් විදපු දුක් අද අවසන් කරනවා කියලා හිතාගෙනයි.

ටිකෙන් ටික මත් උන හැඟීමෙන් අභිශේක් ආකර්ශාගේ දෙතොල් සිප ගත් අතර ඔහුගේ දෙතොල් ඇගේ සිරුර පුරා ගෙන ගියේ මහත් සෙනෙහසකින්. ඒ ලැබුන ආදරණීය පහසින් මත් උන ආකර්ශා අභිශේක්ට නතු උනේ හිතේ සියලුම වේදනාවන් මොහොතකට අමතක කරමිනි. ඇයගේ දෑගිලි ඔහුගේ පිට මත රටා මවද්දි එයින් මත් උන අභිශේක් තව තවත් ඇයගේ ගතට වාරු උනේ හිතේ ගතේ හටගත් හැඟීම් නිදහසේ ගලා යන්න ඉඩ දීලයි. නහරයක් නහරයක් පාසා ආදරණීය හැඟීම් රුධිර නාල දිගේ ගලා එනකොට ආකර්ශාගේ මුවින් පිට උන හීන් කෙඳිරිලි හඬ කාමරයේ බිත්ති අතර දෝංකාර දුන්නා. හඳ එළිය නව යුවලට ආසිරි පතන්න මෙන් ජනෙල් තිර අතරින් අපූරුවට සෞම්‍ය රැස් මාලා විදහා පෑවා.

නැවත වතාවක් ගැහැණියක් වෙමින් ආදරණීය පිරිමි සිරුරක පහසින් ආකර්ශා සැතපුනේ ඇස් අඟින් කඳුලු බිඳුවක් ඔහේ ගලාගෙන යනකොටයි.


ආදරය කියලා රැවටිලා රාගයක පැටලුණ ඒ හිත ආදරණීය හදවතක් අස්සේ සරාගී හෝරාවක් ගත කරනවා. ශරීරයෙන් දෙන්නෙක් එකතු වෙලා තමන්ගේ කියලා හිමිකාරත්වයක් ඇති කර ගත්තත්, ආදරණීය හිත් දෙකක් රාගයෙන් මත් වෙලා එකතු උනොත් ආත්ම ගාණක ආදර කතාවක්, හිමිකාරත්වයක් ඇති කර ගන්නවා. අහබුවක් වුනත් ආකර්ශාගේ හා අභිශේක්ගේ බැඳීමත් ඒ වගේ. කේශාන්ගේ ආසාවටම ඔහුගේ උන ආකර්ශා අද තමන්ගේම කැමැත්තෙන් පිරිමි පහසක දැවටිලා ආත්ම ගත ප්‍රේම කතාවක ආරම්භය  රචනා කරනවා..


අභිශේක්ගේ  තුරුලේ සුවසේ නිදාගෙන හිටි ආකර්ශා උදේම ඇහැරුනේ දොරට තට්ටු කරන හඬකින්. එළියෙන් ඇහුනේ අභිශේක්ගේ අම්මාගේ කටහඬ.

ඒ කටහඬ ඇහෙනවත් එක්කම නැවත වතාවක් ඇගේ ඇස් කඳුලින් තෙමුනේ අදින් පස්සේ තමන්ට මොන වගේ දේකට මූණ දෙන්න වෙයිද කියලා හිතන ගමන්. 


"අභී නැගිටින්නකෝ. අන්න ඔයාගේ අම්මලා ඇවිත්. අපි මොකද්ද කරන්නේ."

බියෙන් රතු වෙලා ඇස් වලින් කඳුලු ගලමින් තිබුන ඒ මූණ දැක්කම අභිශේක්ගේ හිතටත් ආවේ කියා ගන්න බැරි තරම් දුකක්.


"ඔයා යන්න මැණික බාත්රූම් එකට. මම අම්මව බලා ගන්නම්." එහෙම කීව අභිශේක් ආකර්ශා නානකාමරයට පිටත් කලා."අනේ දෙවියනේ මම කාට කරපු වරදක්ද මේ. ඇයි මටම මෙහෙම වෙන්නේ. එක ආදරයක් රැක ගන්න මම හැම පරිත්‍යාගයක්ම කලා. ඒත් ඒ ආදරේ මට නොලැබුනා. දැන් මට පණටත් වඩා ආදරේ කරන කෙනෙක් ලැබිලත් මට ඒ ආදරේ විඳ ගන්න පින නෑ. ඇයි දෙවියනේ මේ තරම් නපුරු."

ඔහේ කඳුලු වැල් මූණ පුරා දුවද්දි ආකර්ශා ආයේ පියවි සිහියට ආවේ අභීගේ හඬින්. 


"ආකර්ශා එන්න එළියට. මෙන්න අම්මලා ඇවිත්. "

                     අභීගේ අම්මට තමන්ගේ අම්මට මූණ දෙන්න බැරි තරම් ලැජ්ජාවක් හිත පුරා දුවද්දි ඇය නාන කාමරෙන් එළියට ආවේ ඕන දේකට මූණ දෙනවා කියන හැඟීමෙන්. 


ආකර්ශා දැකපු ගමන් ඇය ගාවට ඇවිත් ඇගේ මූණ අත් ගාලා තමන්ගේ තුරුලට ගත්ත අභිශේක්ගේ අම්මා ඇගේ නළලත ආදරෙන් සිප ගත්තා.


"අපේ මොල්ලිගොඩ වලව්වට චරිතවත් දුවෙක් දුන්නට ඔයාට පින්…" එහෙම කියලා මොනිකා චින්තාගේ දෑතින්ම අල්ල ගන්නකොට චින්තාගේ ඇස් වලින් වගේම අභීගේ ඇස් වලිනුත් කඳුලු ගලනවා.

අම්මලා කාමරෙන් පිටවී ගියත් තාම ඒ විදියටම ගල් ගැහිලා ආකර්ශා බලන් ඉන්නේ සිදු උන දේ හිතා ගන්නවත් බැරිව. 


"ආකර්ශා.. ඇයි මේ?"

අභීගේ කටහඬින් ඇය නැවතත් පියවි සිහියට ආවේ සිදු උනදේ ගැන කල්පනා කරන ගමන්මයි. එහෙමම ඇගේ ඇස් දිව්වේ පෙර දින ඔවුන් රාත්‍රිය ගත කල යහනටයි. ඒ දැක්ක දෙයින් ආකර්ශාට අදහා ගන්න බැරි උනා මොනා වෙලාද කියලා. 

ඔව් ඒ සුදුපාට ඇතිරිල්ලේ අපූරුවට ඇයගේ පිරිසිදුකම සටහන් වෙලා තිබ්බා. දෙනෙත් වලට අදහා ගන්න බැරි ඒ සිදුවීම දිහා ආකර්ශා බලන් හිටියේ කඳුලු සට සට ගාලා වැටෙද්දි.


"කොහොමද මහත්තයෝ එහෙම උනේ. මේ… මෙහෙම වෙන්න බෑනේ. මට කියන්නකෝ මෙහෙම උනේ කොහොමද?" ආකර්ශා පුදුමයෙන් වගේ අභීගේ අතේ එල්ලිලා ඇහුවේ කිසිම දෙයක් හිතා ගන්න බැරිව. එතකොටමයි ආකර්ශා දැක්කේ අභීගේ අතේ තාමත් රතු පැහැ වෙලා තියෙන කැපුම් තුවාලෙ. 

ඒ මොහොතේ උනේ මොකද්ද කියලා ආකර්ශා වටහා ගත්තෙත් අභීගේ දෙපාමුල වැඳ වැටුනෙත් එකටමයි.


"ඇයි මහත්තයෝ ඔයා එහෙම දෙයක් කලේ? කතා කරන්නකෝ." දෙපා බදාගෙන ආකර්ශා මහ හයියෙන් අඬනවා.

ඇගේ දෙවුරින් අල්ලලා අභිශේක් ඇයව තමන් වෙත ගත්තේ ඇගේ ඇස් වල කඳුලු දෑතින්ම පිසදාන ගමන්. 


"අඬන්න එපා මැණික. ඔයා ඔයාගේ හැමදේම පරිත්‍යාග කලේ ඔයාගේ ආදරේ රැක ගන්න. ඒත් එහෙම කර ගන්න බැරි උනා. ඒ උනාට අපේ මේ බැඳීම හැමදාම තියෙන එකක්. කවදාවත්ම වෙන් නොවන බැඳීමක්. ඒ වෙනුවෙන් මට මේ දේ කරන්න පුලුවන් උනා. ඔයාගේ අකමැත්තෙන් ඔයා කේශාන් එක්ක එකතු උනාට ඊයේ ඔයා මගෙම උනේ ඔයාගේ මුලු ආත්මෙන්මයි. ඒ පිරිසිදුකමම මට ඇති හැමදාටම. අද ඉදන් මගෙ මුලු ලෝකෙම ඔයා. "

      ආකර්ශාව පපුවට තුරුල් කරන් අභිශේක් ආදරෙන් එහෙම කීවා…


ආදරේ කියන්නෙම හිතේ ඇති වෙන උතුම් හැඟීමක්. රාගයෙන් මත් උන ඇස් වලට ආදරේ කියන්නේ නිකම්ම නිකම් අකුරු හතරක් උනාට ආත්මෙන්ම ආදරේ කරන හිත් වලට ආදරේ අපූරු බැඳීමක්. රාගයෙන් මත් උන හිතක් සනසලා ජීවිතේ වේදනාවට පත් උන ආකර්ශා අභිශේක්ගේ ආදරෙන් ආයෙම නව පණක් ලැබුව. ආදරේ ලස්සන වෙන්නේ ඒක ඇතුළේ රාගයක් සුලුවෙන් හරි තිබුනොත් තමා. ඒත් ඒකට නියම උන කාලයක් එනවා. ඊට කලින් රාගයෙන් මත් උනොත් ජීවිත කාලෙම දුකක් වෙන එකනම් නොඅනුමානයි. 



✍️✍️✍️✍️

🌺🌺 නිපුනි 🌺🌺


අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම් 🚫🚫

Report Page