🙂

🙂

Ishani Lakshika

අමතක වූ මිතුදම...




"අඩෝ බං මොකද කරන්නේ......?"



"මුකුත් නෑ බං කාලේ කකා ඉන්නවා..."



"😂 ඔව් ඔව් ඉතින් ඔක්කොම එකයි..."



"සිරාවටම බං.. අහ් ඒක නෙමේ උඹට යාලුවෙක් සෙට් උනා කිව්වා නේද... ඉතින් කොහොමද හොදයිද..."



"අඩෝ සිරාවටම පට්ට හොදයි බං සුපිරි ඈහ්...."



"අහ් ඒමද හ්ම්ම් හ්ම්ම්.."



"ඇයි මොකෝ....."



"නිකන් නිකන් යකෝ..."



"හ්ම්ම් හ්ම්ම් එහෙනම්... මේ මම කාලා එන්නම් ඇහ් බං... ඇවිත් msg එකක් දාන්නම්...."



"හරි බං එල බායි😍"



🔷🔷🔷🔷🔷🔷🔷🔷🔷🔷🔷🔷🔷🔷🔷




අහ් මේ කවුද කියලා කියන්න බැරි උනානේ... එක්කෙනෙක් තමා දිල්... ඒ කියන්නේ දිලුමි.... අනිත් එක්කෙනා දුල්... ඒ කියන්නේ දුල්ෂි... දෙන්නම හොදම යාලුවෝ... කවුරු ආවත් ඒ යාලුකම නැති උනේ නෑ.... ඒ තරම් ඒ යාලුකම ඒ දෙන්නටම වටිනවා.... අහ් එතකොට මේ යාලුවෙක් හම්බ වෙලා තියෙන්නේ අපේ දිල්ට... ඒ තමා සිතූ...



🔷🔷🔷🔷🔷🔷🔷🔷🔷🔷🔷🔷🔷🔷🔷

 




  🔹දින ගනනකට පසු.....




"ඒ දිල් මොකද කරන්නේ බං..."



"අඩෝ මම මේ සිතූ එක්ක චැටක් දාගෙන හිටියේ...."




"අහ් එහෙමද බං..."




"ඔව් බං ඇයි මොකක්හරි උවමනාවක් ද....?"




"නෑ නෑ බං නිකන්... උඹ හොදින්ද බලන්න msg එකක් දැම්මේ...."




"අහ් එහෙමද හරි හරි එහෙනම් බායි බං... rply පරක්කු උනොත් සිතූ තරහා වෙනවා බං ඒකයි..."




"අහ් එහෙමද බං හරි හරි බායි පරිස්සමෙන් ඉදපන්..."




උඹට අද දවසවත් මතක නෑ දිල්... වෙනදට මුලින්ම මට විශ් කරන උඹට අද මගේ birthday එක අමතකම වෙලා ගිහින්... වෙනදට මටත් කලින් මං ගැන හොයලා බලන උඹට දැන් මාව අමතක ම වෙලා ගිහින්... ඒ උඹේ සිතු නිසා නේද දිල්... මම ඒකිට හරි ඉරිසියයි දිල්... ඒකි හින්දා ඔයා මගෙන් ඈත් උනා... මාත් එක්ක මගේ හැමදේටම හිටපු උඹට අද මගේ birthday එකත් අමතක වෙන තරමට ඒකි උඹට ලං වෙලා... ඇයි බං එහෙම උනේ... මමනේ උඹගේ හොදම යාලුවා... ඒකිට කලින්නේ බං උඹට මාව හම්බ උනේ... ඒත් කොහොමද ඒකි දැන් මගේ තැන ඉන්නේ.... ඉරිසියා කරන්න හොද නෑ තමා.... ඒත් මම ඒකිට ඉරිසියයි දිල්... ඒකි මගේ යාලුවව මගෙන් උදුරගත්තා... මට මං ගැනම පව් කියලා හිතෙනවා දිල්... හැමදේටම හිටපු උඹ වෙනස් උනාම මට ඒක දරාගන්න බෑ....




"දුල් පුතේ...."



"ඇතුලට එන්න අම්මා... දොර නිකන් වහලා තියෙන්නේ...."



"ඇයි පුතේ අසනීපෙන්ද.. මූණත් එක්ක හරි නෑ..."



"එහෙම නෑ අම්මා... ඔලුව ටිකක් රිදෙනවා...."




"අහ් ඉන්නකෝ මම පෙනඩෝල් දෙකක් අරන් එන්නම්.. ඒක බීලා නිදාගන්න...."




"අහ් අම්මා ඇයි ඔයා ආවේ...."




"අහ් පුතේ මම මේ ආවේ දෙයක් කියන්න නම් තමා..."




"මොකක්ද අම්මා...."





"පුතේ තාත්තාට ට්‍රාන්සර් එකක් හම්බ වෙලා..."




"අනේ කොහාටද අම්මා... මට නම් බෑ තාත්තා නැතුව ඉන්න...."





"නෑ පුතේ අපිත් යනවා තාත්තා එක්ක..."




"අනේ එහෙමද අම්මා.... කොහෙටද මේ ලග කොහෙටහරි නේද... මට දිල්ව බලන්න එන්න පුළුවන් නේද...."





"නෑ පුතේ... ඕස්ට්‍රේලියාවට හම්බ වෙලා තියෙන්නේ... අපිට යන්න වෙන්නේ එහෙට... තාත්තා කියන විදියට නම් පදිංචියට ම තමා යන්නේ පුතේ.... අයියත් ඉන්න එකේ මමත් නම් කැමති...."




"අනේ අම්මේ මම කොහොමද එහෙම...අනේ දිල්ව දාලා යන්න බෑ අම්මා.. 😭"




"අනේ පුතේ අඩන්න එපා... අපි නිවාඩු වෙලාවට බලන්න එමු...."




"අනේ අම්මා....😭😭"




"යන්නම වෙනවනේ පුතේ..... අපි යාලූවා බලන්න එමු... දැන් ඉතින් යාලුවට කතා කරලා කියන්නකෝ..."





🔹 මාස දෙකකට පසු....




මේ කෝල් එකවත් ආන්ස්වර් කරපන් දිල්.... යනවා කියලා උඹට කියන්නවත් මේ කෝල් එක ආන්ස්වර් කරපන්....🥺🥺🥺🥺




"හෙලෝ දුල්... මොකද බං මේ නවත්තන්නේ නැතුව කෝල් ගන්නේ... වැඩක හින්දනේ ආන්ස්වර් කරේ නැත්තේ...."




"අනේ සොරි දිල්... මම මේ කතා කරේ මම යනවා කියන්න..."




"මට කිය කිය ඉන්නේ මොකක්ද බං ඉතින්... යනවා නම්... යන දිහා කියලා msg එකක් දැම්මා නම් මම බලනවනේ... ඕකට කෝල් ගන්නම ඕනිද..."




"මම උඹට msg ගොඩාක් දැම්මා දිල්... ඒත් උඹ ඒවා බලලා තිබ්බේ නෑ.... උඹට මාව අමතකම වෙලා ගියානේ ඉතින්.... මම යනවා දිල්... ආය එන්නේ නැති වෙයි මම... අපේ ගෙදර ඔක්කොම යනවා.... ඉතින් මම්...."




"මොනවද බං හෑලි කියන්වන්නේ....කියන මගුලක් ඉක්මනින් කියපන්... සිතූ කෝල් එකක් ගන්නවා..."





"හරි දිල් හරි.. සොරි බං... මම අපෙ ගෙදර අය ඔක්කොම ඕස්ට්‍රේලියා යනවා... ආය එන්නේ නෑ... උඹට දුක හිතෙයි කියලා හිතුනා... ඒත් ඒක එහෙම නෑ නේද බං... උඹට මට වඩා හොද යාලුවෙක් ඉන්නවනේ... කමක් නෑ බං උඹ සතුටින් නම් මම දුක් උනත් කමක් නෑ....උඹ මාව මගඇරියෙත් උඹගේ අලුත් යාලුවා මට වඩා හොද හින්දනේ... අම්මා කිව්වා නිවාඩුවට උඹව බලන්න ලංකාවට එමු කියලා... ඒත් මම ආය එන්නේ නෑ දිල්... මොකද මට හිටපු මගේ යාලුවා දැන් නෑ.... ඒකිට මාව අමතක වෙලා.. නෑ ඒකි මාව අමතක කරලා.... අඩුම උඹට මේ පාර මගේ උපන්දිනේවත් මතක තිබ්බේ නෑ දිල්... ඉතින් මගේ යාලුවට මාව අමතක වෙලා කියන්න තවත් උදාහරණය මොකටද.... අද තමා මම උඹට කතා කරන අවසාන දවස... ආය මම උඹට කතා කරන්නේ නැති වෙයි දිල්.... උඹේ යාලුවා එක්ක සතුටින් පරිස්සමෙන් ඉදපන්... බායි..."




" දුල් දුල් හෙල්..."




ඉතින් දුල්ගෙයි දිල්ගෙයි යාලුකමට නැවතීමේ තිත තැබේවි... ඒත් දුල්ගේ හිතින් ඒ යාලුකම නැති නොවේවි... ඒ සහෝදර බැදීම මතක් වෙන මතක් වෙන වාරයක් පාසා ඒ ඇස්වලින් කදුලු පිටවේවි... නමුත් පසුව මුණගැසුන කෙනෙක් නිසා තම සහෝදරිය වන් මිතුරිය අමතක කල දිල් ටික කලකින් නැවත හිත හදාගනීවී... විටෙක කාලයත් සමග දුල් ඇගේ හිත හදාගනීවී... ඇයට අලුත් මිතුරු මිතුරියන් මුණ ගැසේවි.... නමුත් ඇගේ සහෝදරිය වන් මිතුරියට ඇගේ හිතේ තියන තැන ගන්නට ඔවුන්ට හැකි වේවිද... පිළිතුර කාලයට භාර කරමු...



💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙



ඉතින් මම නවතින්නම්... දැනුන දේ කියන් යමු......



මම ishuu💖 



Report Page