😒

😒


කෙටි කතාව_💔


ඔව් මම ශශී,

වෙනදා මන් මගෙ මැණිකව බලන්න යන්නේ නිම්හිම් නැති සතුටකින්......චුට්ට වෙලාවක්වත් ඔයාව නොබලා ඉන්නේ කරගන්න දෙයක් නැතුවහම.........මොකද ඔයා දැන් මගේ ජීවිතේ කොටසක් වෙලා...නැතුවම බැරි....


            ලොක්ඩවුන් කාලේ ඔයාව නොදැක කාලය කෑවේ වෙන කරන්නම දෙයක් නැති නිසා......හැබැයි ඔයාගෙන් වීඩියෝ කෝල් එකක් එනකන් ඉවසීමක් නැතුව ඇස් රතුවෙනකන් බලන් ඉන්නවා....මොකද ඔයාටත් මාව නොදැක ඉන්න බැරි විත්තිය මන් දන්න නිසා.....


  ඉස්සර අත් දෙක අල්ලන් අපි දෙන්නා ඇවිදින්න ගියපු හැටි.....ගිය මාසෙත් අපි දෙන්නා වැව රවුමෙ බෝට්ටු පැද්දා...අම්මෝ හිනාවෙවී මතක් වෙද්දී තනියම මට හිනා යනවා......😙😙


             වැව රවුමෙ ගහ යට ඉදන් හරි ලස්සනට හිනාවෙවී ආදරෙන් කතා කර කරා හිටපු හැටි.....එදා තමා අපි දෙන්නා මීට් උන අන්තිම සුන්දර දවස..........මතකද ඔයා එදා මගෙ අත අල්ලන්    "ශශී මැණික මන් ඔයාට ගොඩක් ආදරෙයි....  ඉක්මණට මන් ළඟට එන්න......" කියලා කිව්වා....  අනේ මතක් වෙද්දි මට කියා ගන්න බැරි සතුටක් එන්නේ..........


      මාත් ඇඟිලි ගැන ගැන හිටියේ අන්න ඒ මන් ඔයාගෙම වෙන දවස එනකන්........  ඔයත් එක්කා එදා ඒ ගහ යට ඉදන් වලි දාගෙන කාපු චොක්ලට් එක 🍫 .....  අම්මෝ පුදුම රහක්...ඒ රහ වැඩි උනේ මන් ඔයත් එක්ක ඉදන් ඒ චොක්ලට් එක කාපු නිසා තමා....🥰🥰    


             ඒත් අද අපේ ඒ ලස්සන ආදරේට කොරෝනා කියන කරුමක්කාර වචන තුන හරස් වෙලා🥺🥺🥺.........ඔයා රෝහල් ඇඳේ ඉදන් විදපු දුක.........   අනේ මැණිකහ් මතක් වෙද්දි.......මට කොරෝනාව😣😣😣 ඒත් මට ලොකු විශ්වාසයක් තිබුණා ඉක්මණට ඔයාට හොඳ වෙලා ආයෙත්  මන් ළඟටම එනවා කියලා...........       


වෙනදා ඔයා යන හැම ගමනක්ම මට කියලා යනවා..... ඒත් අද කාටවත් ම නොකියා   අඩුම තරමේ මටවත් නොකියා  ළඟකට නෙවේ  හොයගන්නවත් බැරි දුරකට යන්නම ගිහින්😫😫😫😫     

      

      ඒකත් අවසාන පාරටවත් ඔයාව බලාගන්න බැරිම විදිහකට........  කියාගන්න බැරි වේදනාවකින් ඔයාව බලන්න ආවත් අද කවුරුත් මට ඔයාව බලන්න දෙන්නෙ නෑ.......😭😭😭😭    


       එදා ඉක්මණට ඔයා ළඟට එන්න කියපු ඔයා අද නොකියාම ඉක්මණට හැමෝවම දාල ගිහින්.....එදා අනේ දෙවියනේ ඉක්මණින් සුව වෙලා මන් ළඟට එන්න ලැබෙන්න කියලස් පතපු මන් අද මගෙ මැණිකට නිවන් සුව පතන්න වෙලා.......🥺🥺🥺🥺



      කොරෝනා උඹනම් ආයේ මගේ ජීවිතේට ඔය කොරෝනා කියන අකුරු තුන අහන්නවත් තියන්න එපා...... ✋😖   උඹ අද මගේ ඇස් ඉදිරිපිට මිනිස් රූපයකින් හිටියනම් ඇත්තමයි මන් උඹවත් මරාගෙන මැරෙනවා.........        


      ඔච්චර ඉක්මණට උඹ එයාව එක්කන් ගියානම් උඹට මාවත් එයත් එක්කම එක්කන් යන්න තිබුණා.....මොකද එයාටවත් මටවත්  අපි දෙන්නට දෙන්නා නොදැක එක මොහොතක් ඉන්න බෑ......😔😔


      

   😷 මේ වගේ ආදරණීය ජීවිත කොච්චක්නම් මේ  කොරෝනා අපායක් කරල ඇතිද.........

   පරිස්සම් වෙන්න හැමෝම....තමන්ගේ ආදරණීයන් රැක ගන්න....😷

Report Page