🥀

🥀


💚🌹අද කතාව🌹💚


දුක්බරයි

~~~~~~~~


ආවාසනාවට ඇත්ත කතාවක්

(පසුබිම් වාදනය:-ටර රරා..ටරරා...... රරා)


හෙන ගහන්න වගේ නැවතත් කරලියට බැස්සා. තවත් අවාසනාවට ඇත්ත කතාවක් කියන්න යන්නෙ. මේක මන් අහපු කතාවක්. හැබැයිමන් එකෙන් සීයට අනූවක්ම වෙනස් කරා ඉස්දුදී.. දී...දී... දී.. ඒනම් යං කතාවට තාවට...තාවට...තාවට.... වෙනදා වගේම එක එකාගෙ නම් දාලා බැනුම් අහන්න බෑනෙ මගේ නමම දාගත්තා🥴

අද කතාව සම්ප්‍රදාය අතික්‍රමනය කරලා තියෙන්නෙ. ගනන් ගන්න එපා. හැම විදියෙන්ම ලියන්න ඕනනේ. සංවේදීඅය කියවන්න එපා. කතාව මලගේ වගේ. මන්ම ලියලා කියවලා මටම එපා වෙලා ඉන්නේ🤦‍♂️🤦‍♂️

"""""""""""""""'"""""""""""""''''''''''''''''''''''''''''''''''''''''''''''


ඩෙන්නඩෙනානා ඩෙනඩෙන ඩෙන්න ඩෙනෝ

දෙන්න ගිහින් අහවල් එක සින්න උනෝ

ඩෙන්නඩෙනානා ඩෙනඩෙන ඩෙන්න ඩෙනෝ

දෙන්න ගිහින් මගෙ ඇ$$$$$$ක සින්න උනෝ


සුදීරයා උබ දැන් ඔය මට කියලා උබේ සින්න උන අහවල් එක ගලක් උඩ තියලා තලාගන්නයි යන්නේ...


මොනාද බන් ගීත් මේ කියන බය හිතෙන කතා.


උබේ ඔය ටකරන් කට වහ ගනිනො බන්. පාරෙ මිනිස්සුත් බලනවා.


පාරෙ මිනිස්සු බලන එක නෙවෙයිනේ උබට තියන ප්‍රස්නේ. දැන් මේ පන්තිය තාම ඇරලා නැති එකට උබට තියන ප්‍රස්නේ.


ඒකනේ බන්. මට හිතුනොත් මම ඔය සර් කාරයව මරලා තෝත් එක්ක බෙදාගෙන කනවා.


නෑ නෑ උබ එච්චර හරියක් කරන්න ඕන නෑ අන්න පන්ති ඇරලා.


අම්මපා


අම්බේ උබේ මූනෙ තියන සිරියාව. අම්බේ සිරියාව නෙවෙයි සෝමාලියාව. ආං බලපන් ගීත් අර.


ඔව් මන් දැක්කා බන් ඔය එන්නේ.


ඒකනේ බන් දැන් මොකෝ කරන්නේ.


මොනව කරන්නද බන් චුට්ටක් කතා කර කර ඉදලා ගෙදර යනවා.


එන විදියටනන් චුට්ටක් කතා කරලා බැරිවෙයි බන්. මිනිහා එන්නෙ ගහන්න වගේනේ බන්.


මොන මිනිහද යකෝ


තෝ ඔය කොහෙද ගීත් බලන් ඉන්නෙ.


අර පන්ති ඇරලා රුවී එනවා.


තොගේ කෑල්ල නෙවෙයි මී හරකෝ ආං කෑල්ලගේ ඇවැස්ස මස්සිනා ශර්ට් එකේ අත නව නව දසමහ යෝදයොන්ගෙන් තුන්දෙනෙකුත් කැන්දන් අපි ඉන්න පැත්තට එනවා.


හු.......ටා. . සුදීර උන් එන්නෙනම් වලියටමයි. මන් කියනකන් උබ එකක්වත් ගහන්න බෑ. අදනම් ඕකව මරලා තෝත් එක්ක බෙදන් කනවා.


(දසමහ යෝදයො තුන්දෙනත් එක්ක ඇවිත් රුවීගෙ මස්සිනා අපි දෙන්නව වට කරගත්තා. පන්ති ඇරලා යන කොල්ලො කෙල්ලො මේ මහා ගුටි කෙලිය දැන් පටන් ගනී දැන් පටන් ගනී කියලා බල බල ඉන්නවා මන් ලාවට වගේ දැක්කා)


හා ගීත් මල්ලි. මොකෝ මේ පන්තිලග රස්තියාදුවේ?


මට ඕනනම් මම ඕන පන්තියක් ලග රස්තියාදුවේ යනවා. ඇයි, සාගර අයියට ඒක ප්‍රස්නයක්ද?


(හෙන ගහන්න වගේ අනිත් පැත්තෙන් ආපු මගේ උත්තරෙන් මිනිහා නන්නත්තාර උනා. මූ යකෝ කියන්න වගේ මගේ මූන දිහා ඌ බලන් හිටියා.)


මට කමක් නෑ මල්ලි උබ මොන පන්තිය ලග රස්තියාදුවේ ගියත්. හැබැයි උබ රුවී පන්ති ඇරන වෙලාවට මේ පන්තිය ලග ඉන්න බෑ.


(ඇයි පන්තිය තොගෙ බාප්පගෙද කියලා අහන්න ගිහින් මන් පෝඩ්ඩක් කට නැවැත්තුවා. ඒ ඈත රුවී එනවා දැක්ක නිසා)


මට ඕනනම් මම මෙතන කාමරයක් හදන් පදින්චිවෙනවා. ඇයි උබ මට මොනවා කරන්නද අයියේ?


(බොරු කියන්න ඕන නෑනෙ. ඒකටනම් ඌට මලේ මල පැන්නා)


මොනවා කරන්නද? උබෙ හතරහන්දි ගලවලා තමා මන් නවතින්නේ. ඉදාහ්


(හ්ම්ම්ම්. එතනින් එහාට ඉතින් වෙච්ච දේවල් ගැන කියලා වැඩක් නෑ. මගේ අතේ තිබ්බ ෆුල් ෆේස් හෙල්මට් එක හතරවටේ වනනවා විතරයි මතක. දසමහ යෝදයො දෙන්නෙක් නම් බිම. අනිත් එකාට සුදීරයා බිම දාගෙන ගහනවා. මම සාගරගෙ බෙල්ලෙන් අල්ලගෙන බිම දාගෙන ෆුල් ෆේස් එක උස්සලා මූනට අනින්න හදනකොටම...)


ගීත් අයියේ.......


කවදත් පුරුදු මගේ එකීගෙ කටහඩ මට ඇහුනා. මට එතකොට තමා තේරුනේ වැඩේ හිතුවට වඩා බයානකයි කියලා. හතර වටේම මිනිස්සු වට වෙලා. සාගරගේ මූනෙන් ලේ බේරෙනවා. යකෝ මන් මූට මෙච්චර ගහලද. ..


රුවී...


දෙයියනේ. සාගර අයියේ. මේ මොකද මේ. ගීත් අයියේ අනේ ඕක නවත්තන්න.මෙන්න මෙහාට එන්න..


(රුවී මගේ අතින් ඇදගෙන සෙනග අස්සෙන් ඈතට ආවා. මන් එතකොටයි බැලුවේ සුදීරයා දිහා. යකෝ. මූ තාම අර දසමහ යෝදයට ගහනවා. මල කෙලියයි ඌ මැරිලද දන්නෙත් නෑ)


සුදීර ඔය ඇති බන් වරෙන්..


ගීත් අයියේ ඔයාට තුවාලද?


නෑ මට අව්ලක් නෑ


ඇයි අයියෙ මරාගන්නේ. මේ ඔක්කොම මන් නිසානෙ.


නැතුව ඔයා නිසානෙ.


මොනවද අනේ කියන්නේ?


විහිලුට කිව්වේ. ඔයා නිසා හරි මන් නිසා හරි සාගර අයියට අද ගුටි කන්නම ඕන කිව්වනේ. මන් මොනවද කරන්නෙ ඒකට ඉතින්..


දැන් ඔයා ගෙදර යන්න අයියේ. අද සාගර අයියා අනිවාරෙන් ගෙදර ඇවිත් අප්පච්චිට මේ ගැනයි අපි දෙන්නා ගැනයි කියයි.


ඔයාට අව්ලක් වෙයිද රුවී?


බලමුකෝ


බලමුකො කියන්නෙ. මන් එන්නද ඔයත් එක්ක ගෙදර. මන්ම අප්පච්චිට කියන්නම්. එතකොට හරිනෙ.


අම්බෝ එපා. ඔයා දන්නවනෙ අපේ අප්පචිගෙ හැටි. එයා සාගර අයියට වැඩිය හපන්. දැන් ඔයා යන්න. මන් හෙට ඔයාව හම්බවෙන්නම්. ලයිබ්‍රි එක ගාවට එන්න තුනට.


(ඒහෙම කියන ගමන් කෙල්ල යන්න ගියා. අන්තිම හරියෙ කියපු ටික කිව්වෙ කෑ ගහලා.)


ආ බන් ගීත්


ම්ම්ම්


ආං උබෙ ප්‍රේම පුරානෙ ගියා


ම්ම්ම්ම්


මොකද බන් බස්සෙක් වගේ. තොගේ කටට ඇන්නද අරූ. බලපන්කො මන් මෙච්චර උදව්වක් කරා එකි මට තැන්කිව් කිව්වෙවත් නෑනෙ.


ඈහ්. උබ මොකක්ද කරපු උදව්ව


මන් අර දසමහ යෝදයෙක් එක්ක පොරබැදුවේ මගේ ප්‍රේම පුරානෙ බේරගන්න නෙවෙයිනේ.


හරි හරි බන් තැන්කිව්. උබ ගුටි කෙලගත්තෙ මන් නිසානෙ..


තැන්කිව් නෙවෙයි ඇගේ පතේ අමාරුව යන්න අව්සදයක් ගන්න වෙයි නේ.


ම්ම්ම්ම් නැගපන්කො බයික් එකට.

""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""


රෑ කෝල් පිට කෝල් ගත්තත් කෙල්ල ෆෝන් එක ආන්සර් කරේ නෑ. අව්ලක්ද. සමහර විට අද උන සීන් එක නිසා ගෙදරින් කෙල්ලගෙ ෆෝන් එක ගත්තද දන්නෑ. ඒත් මැසේජ් එකක්වත් දාන්න එපැයි.


මොනාද බන් උබ කල්පනා කරන්නේ.


සුදීරයා කෙල්ල ෆෝන් එක ආන්සර් කරන්නෙ නෑනෙ බන්.


අද ඇනපු ඇනිල්ලට වැඩේ නැගලා යන්න ඇති. හෙට හම්බවෙන්න කිව්වනේ බන්. අව්ලක් නෑනෙ.


හ්ම්ම්ම්


හූම් හූම් නෙවෙයි ඔන්න ඔය උගුරත් උබම ගහපන්. මන් යනවාගෙදර රෑ උනා වැඩී.


හා . උබට යන්න පුලුවන්ද මන් ගිහින් දාන්නද?


අම්මෝ. බීලා උබ එක්ක යනවට වඩා හොදයි මම තනියම ගිහින් හැප්පිලා මැරෙනවා.


ආහ් හා. පලයක්කො ඒනම්


ඩෙන්න ඩෙනා නා ඩෙන ඩෙන.....


(උගෙ සුපුරුදු සිදුවම කියාගෙන ඌත් ගියා. මගේ හිතටනම් සැනසීමක් තිබ්බෙම නෑ. මොනවා වෙලාද කියලා හිතාගන්න බැරුව දරාගන්න බැරුව ඉතුරු උගුරු දෙක තුනම එක හුස්මට බීලා දාලා ඇදෙන් හාන්සි උනා)


මොන දේ කරත් මට නින්ද ගියේම නෑ. මන් හිතුවට ඒ රුවීගෙ ෆෝන් එක වැඩ නැති නිසා කියලා ඊට වඩා මොකක් හරි අමුත්තක් මට දැනුනා.


ගීත්


රුවී... අම්මෝ.... රුවීගෙ කටහඩ ඇහිලා මන් ඇහැරුනත් මම හිටියෙ මගේ කාමරේමයි. නින්දගියේ නෑ නෑ කිව්වට මන් දන්නෙත් නෑ මට නින්ද ගිහින්. අසිහියෙන් වගේ වෙලාව බලනකොට වෙලාව දවල් 12 යි.

""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""


2 30 වෙනකොට සුදීරයත් එක්ක ගෙදරින් මන් ලයිබ්‍රිය ලගට යන්න පිටත් උනා. ඊයෙ රෑ ඉදන් තියන නොසන්සුන් ගතිය තාම හිතේ තියනවා කියලා මට තේරුනේ පිටිපස්සෙ ඉන්න සුදීරයගෙ කෑ ගැහිල්ලෙන්.


බ්‍රේක් ගහපන් බ්‍රේක් ගහපන් යකෝ


මොකද බන්.


පේන්නැද්ද හරකෝ කහ ඉරේ මනුස්සයෙක් මාරුවෙනවා. උබ මොන සිහියෙන්ද ගීත් යන්නෙ. නවත්තපන් නවත්තපන්.


ඇයි බන්.


මන් පදින්නම්. උබේ ඔය මහ කල්පනාව උබ පස්සෙන් වාඩි වෙලා කරපන්. නැත්තන් කෙල්ල හම්බවෙන්න නෙවෙයි බොටයි මටයි පොලීසි යන්නයි වෙන්නෙ මිනිස්සු හප්පලා.


(මමත් කට වහන් පස්සට ආවෙ ඒක ඇත්ත කියලා මටත් තේරුන නිසා. තුන වෙනකොට අපි ලයිබ්‍රියට ආවා.)


ගීත් උබ ඒනම් පලයන්. මට පොඩි වැඩක් තියනවා ටව්න් එකේ. 4 වෙද්දි මන් එන්නම්


හා හා..


(රුවීටයි මටයි සුදුරුදු ලයිබ්‍රියේ ඈත කෙලවරේ ගහක් යට ගහපු බන්කුව ලගට මන් ගියත් තාම කෙල්ල ඇවිත් හිටියෙ නෑ. වාඩිවෙලා බලාගත්තු අතේ මන් බලන් හිටියා. සීතල හුලගක් ඇහේ ගෑවිගෙන යනවා වගේ දැනෙන්න ගත්තම මගේ හිතේ ඊයෙ රෑ ඉදන්ම තිබ්බ අමුතු හැගීම තවත් වැඩි වෙන්න ගත්තා. හරියට නිකන් මගේ මුලු ලෝකෙම නැතිවෙලා ගියා වගේ මට දැනෙන්නෙ.


ගීත්


ආහ්. මොකො උබ ආයෙම ආවෙ.


ආයෙ ආවෙ. යකෝ 4 යි වෙලාව. කෝ රුවී ගියාද යමන්.


ආහ්. යකෝ මන් මේ මෙතනින් වාඩි උනා විතරනේ.පැයක් ගියාද. කෙල්ල ආවෙ නෑ බන්.


රුවී කවදාවත් උබට පොලු තියෙන්නෙ නෑනෙ බන්. අනික ඒකි පැයක් පරක්කු වෙන්නෙ නෑ කවදාවත්. මන් කියන්නම් උබ ඔතනම ඉදපන්. මන් රව්මක් දාලා විස්තරයක් හොයන් එන්නම්.


හරි උබ පලයන්. කීයට හරි අද රුවී එනකන් මන් මෙතනින් නැගිටින්නෙ නෑ සුදීරයා.


(ඌ ගිහින් ටික වෙලාවක් යනකන් මන් ඈත පාර යන වාගන ගනන් කර කර බලන් හිටියා)


ගීත් අයියේ


රුවී..හම්මෝ. ඇයි පරක්කු උනේ.


ගෙදර ප්‍රස්නනේ අයියේ. ඔයා ඒවා ගනන් ගන්න එපා.


මොකද ඊයෙ උනේ රුවී. අව්ලක් උනේ නෑනෙ. ඔයාට අප්පච්චි බැන්නද ?


අනේ ඊයෙ රෑ ගැන කතා කරන්න එපා අයියෙ. අපි වෙන දෙයක් ගැන කතා කරමු.


(රුවී මගේ ලගින් වාඩි වෙලා මගේ අතින් අල්ලගත්තා. හීතල වෙලා තිබ්බ කෙල්ලගෙ අත අල්ලගත්තු මට වෙනදා තරන් සැනසීමක්නම් දැනුනෙ නෑ)


ඇයි අයියේ..


අනේ මන්දා රුවී. ඊයෙ රෑ ඉදන් මට මහ අමුත්තක් දැනෙනවා.


ම්ම්ම්. ගනන් ගන්න එපා. ඊයෙ සාගර අයියා ඔයාගෙ ඔලුවටත් ගහන්න ඇති. ඒකයි.


අනේ ඇත්තට. මැජික් බලන්න වගේ ගුටිකෙලිය බලන් හිටියා නේ ඔයා.


අයියේ මන් මැරුනොත් ඔයා මොකද කරන්නේ.


මමද. අනේ මට මොකෝ. මන් වෙන කෙල්ලෙක් හොයාගන්නවා.


හා. මගේ හොද අයියා.


මොකක්. මොකක්. මොනවා කියන්නේ


ම්ම්ම්ම්. ...

................................................................


( පැයක් විතර ගිහින් මන් රුවීට යන්න කියනකලුත් කෙල්ල යන්න ඕන කිව්වෙම නෑ. රෑ උනොත් අදත් ගෙදරින් ප්‍රස්න නිසා පහ වෙනකොටම කෙල්ලව යැව්වා. යවලා විනාඩි පහක් විතර බලන් ගිටියේ සුදීරයා එනකන්.)


මේ පරයා තාම නෑනෙ. මොන මගුලක යනවද මන්දා.


ගීත් අයියේ


(සුපුරුදු කටහඩක්. හරියටම මතක නෑනෙ)


ආහ් අශී. කෝමද ඉතින්.


අයියා මොකද මෙතන කරන්නෙ.


මන් මේ සුදීර එනකන් ඉන්නේ.. ඇයි අශී නිකන් අඩලා වගේ. මොකෝ ඇස් දෙකත් රතු වෙලා. මූන මලානික වෙලා. ඇයි අවිශ්කයා බූට් එකක්වත් තිබ්බද?


අනේ නෑ ගීත් අයියේ. ඔයා දන්නවද ඊයෙ රුවීලයි ගෙදර උන දේවල් ගැන මොකුත්.


නෑනෙ. රුවී මට මුකුත් කිව්වෙ නෑනෙ


අයියේ. ඊයෙ රුවීලයි ගෙදර යුද්දේ වගේ. අපේ ගෙදරටත් ඇහුනා සද්දේ. උදේ තමයි දන්නෙ ඊයෙ රෑ තාත්තයි අම්මයි එක්ක හොදටම රන්ඩුවෙලා රුවී වසබීලා කියලා.


ආහ් හා. ඇත්තට ඉතින් ඉතින්


ඇයි අයියෙ හිනාවෙන්නෙ. ඊයෙ රෑම රුවී නැති වුනා දෙයියනේ..


ආහ් ඇත්තට. අනේ නිකන් යනවා අශී යන්න.


(යකෝ මේකි වැලහින්න වගේ අඩනවනේ)


අපෝ නාට්‍ය හා රංග කලාවද කරන්නේ. තමුසෙ අඩන ඇඩිල්ලට මගෙත් බඩ පපුව ඇවිලෙනවා. ජෝක් එකටට සීමාවක් තියනවනෙ. බයිල එපා. රුවී දැන් මාත් එක්ක මෙච්චරවෙලා කතා කර කර ඉදලාගියේ.


දෙයියනේ. මන් මේ කියන්නෙ ඇත්තමයි ගීත් අයියේ.


(ටිකෙන් ටික මගෙ කකුල් දෙක පන නැති වීගෙන වගේ එද්දි මහා හයියෙන් බයික් එක රේස් කරන් ඇවිත් ජැක් එකවත් නොගහා පෙරලලා දාලා මන් ඉන්න පැත්තට සුදීර දුවන් එනවා මන් දැක්කා. ඌ මට මීටර් තුන හතරක් ඈතින් නවතිලා මගෙ දිහා බන් හිටියට මුකුත්ම කිව්වෙ නෑ. හැබැයි මොනදේකටවත් ආසාවටවත් අඩන්නෙ නැති සුදීරගෙ ඇහෙන් එලියට ආපු කදුලු බින්දුව සෑහෙන දේවල් මට තේරුන් කරලා ඉවරයි. අශි කියන්නෙ ඇත්ත තමයි කියන එක සුදීරට කියාගන්න බැරුව ඌ අසරන වෙලා මගේ ඉස්සරහා බලාගත්තු අතේ බලන් හිටියා. ඒත් එක්කම හතරවටේ කලුවර වෙලා යනවා මන් දැක්කා. කිසිම හැගීමක් නැතුව අන්දකාර ලෝකෙක මාව ගිලෙනකොට මට හීනෙන් වගේ රුවීගෙ කටහඩ ඇහුනා.


""""අයියේ මන් මැරුනොත් ඔයා මොකද කරන්නේ.


මමද. අනේ මට මොකෝ. මන් වෙන කෙල්ලෙක් හොයාගන්නවා.


හා. මගේ හොද අයියා."""""


""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""


😐

ඒනම් මන්ගියාවෙ🙏

Geeth




තවත් කතාවක් හෙට....

Report Page