❤️

❤️


"නැන්දා මේක පන්සලක්ද මාරම ලස්සනයි නැන්දා කවදාවත් මේ තරම් ලස්සන පන්සලක් මං ජීවිතේට දැකලා නෑ හරිම නිස්කලංක පරිසරයක් පැය ගානක් උනත් ඉන්න පුලුවන් "


"ම්ම්ම් ඒකනේ දරුවෝ මං කිවුවේ අපේ පන්සල හරිම ලස්සනයි කියලා හරි හරි අපි යමුකෝ දැන් ඔයාලා ගිහින් මල් වට්ටි ටික හදලා පහන් පත්තු කරන්නකෝ "


"හා අම්මා ඔයා ගිහින් අනිත් ටික බලා ගන්නකෝ අපි එතකන් මේ ටික බලා ගන්නම් "


"යමු අමා ගිහින් අපි පහන් ටික පත්තු කරමු"


"හ්ම් යමන් යමන් මට පන්සලේ ඇවිදින්නත් ඕන ඔක්කොම ඉවර වෙලා"


"හ්ම්ම් යමු"


( අපි පහන් පත්තු කරන වෙලාවේ කවුරු හරි මම දිහා බලාගෙන ඉන්නවා වගේ හැගිමක් දැනුනත් මම ඒක ඒ තරම් ගනන් ගත්තේ නැත්තේ ගමේ කවුරු හරි අපි දිහා බලාන ඉන්නවා ඇති කියලා හිතුන නිසා ඒත් පහන් පත්තු කරලා අනිත් පැත්ත හැරෙනකොටම මං ඉස්සරහා හිටපු කෙනා දැක්කයින් පස්සේ මට ඇස් අදහා ගන්න බැරි උනා)


"අ... අ.... අනුහස් අයියා ඕ... ඕ... ඔයා මෙහේ ක්... ක්... කොහෙද"


"හිමායා මගෙ මැණික ඔයා හොදින්ද මගේ රත්තරං"


"මං හොදින් ඉන්නවා අයියා ඔයා කොහෙද මෙහෙ ඔයා ඕස්ට්‍රේලියා ගියා කියලා කිවුවා නේද මේ හැමදේම අත ඇරලා දාලා"


"ම්ම්... ඔව් මගේ මැනික ඔයාව දාලා මම මේ රටින් ගියා තමයී ඒ... ඒ...ඒත් මට බැරි උනා ඔයාව මගේ හිතින් අත් ඇර ගන්න මට ඔයාව එදා තේරුම් ගන්න බැරි උනා මගෙ රත්තරං ඒකයි මං එදා ඔයා ව මේ විදිහට දාලා ගියේ"


"ඒත් මං ඒකෙන් ගොඩක් විදෙව්වා මැණිකේ මම දැන් ලංකාවට ඇවිත් සතියක් මං ආවේ අනිවාරෙන්ම ඔයාව මගෙ කර ගන්නවා කියන බලා පොරොත්තුවෙන් මට ආරංචි උනා ඔයාට අද පන්සලේ බෝධී පූජාවක් තියනවා කියලා ඒකයි මං ඔයාව හොයාගෙන මෙහෙටම අවේ"


"දැන් ඇති මැනික අපි දෙන්නා අපි දෙන්නගෙන් ඈත් වෙලා හිටියා ඔයාගේ රස්සාව මට කිසිම ප්‍රශ්නයක් නෑ මැනික ඔයා.. ඔයා මගෙ වෙන්න ඒ හොදටම ඇති මට"



"අප්පද බොල මේයාද උබේ සපු මල් කුමාරයා මෙයා හින්දද උබ අර නුවණට අකමැති උනෙත් අඩේ අප්පා මරු මරු ආ"


"ආ මේ අනුහස් අයියා නේද මම මෙයාගේ බෙස්ටි අමා අමා කිවුවාට අමායා නයිස්ටු මීට් යූ කිව්වා ඕං උබලා දෙන්නා කතා කරලා ප්‍රශ්නේ විසද ගනිල්ලා මම අරහෙට වෙලා ඉන්නම් එහෙනම්"


"හ... හ... හරි අමා"


"මැනික අනේ කතා කරන්නකෝ රත්තරං ඔ... ඔ... ඔයා මට සමාව දෙනවා නේද "


"අනේ අයියා ඔයා මොකද්ද කරපු වැරැද්ද මමනේ වැරැද්ද කලේ ඔයා නෙවෙයිනේ ම... ම...මට තවත් නම් ඔයාගෙන් ඈත් වෙලා ඉන්න බෑ දෙයියනේ මං මැරිලා යයි අනේ මාව ඔයාගේ කර ගන්න අයියේ මං මේ රස්සාවෙන් අයින් වෙන්නම් ඔයා කියනවා නම්"


"නෑ නෑ මැනික ඔයා ඔය රස්සාවෙන් අයින් වෙන්න එපා ඔයා ඕක දිගටම කරන්න මට මගෙ කෙල්ල ගැන ආඩම්බරයි මැනික මට කවද හරි අපේ දරුවන්ට කියන්න පුලුවන් එයාලාගේ අම්මා රට වෙනුවෙන් කැප උන හමුදා සෙබලියක් කියලා මට ඒක ලොකු ආඩම්බරයක් මගේ රත්තරං"


"අයියේ ඔයා ඔයා මේ කියන්නේ ඇත්තමද මගේ අයියේ"


"ඔව් මගේ රත්තරං මේ ඇත්තමයි කියන්නේ මගේ මැනික කවදාවත් ඔය රස්සාවෙන් අයින් වෙන්න එපා හොඳද ඔයාගේ ජොබ් එක මට ප්‍රශ්නයක් නෙවෙයි"


"දැන්වත් මගෙ වෙනවද මැනික ම්ම්ම්ම්...."


" මං අම්මලාත් එක්ක කතා කරලා තියෙන්නේ අපි දෙන්නා ගැන හොඳද දැන් ඔයාගේ කැමැත්ත විතරයි මට ඕන හා කියන්නකෝ මැනික"


"හරි මගේ අයියේ මං කැමතී මං මගේ අයියට කවදාවත් අකමැති වෙලා නෑනේ ඒක කවදාවත් වෙනස් වෙන්නේ නෑ මං ආදරෙයි අයියේ"


"ආදරෙයි මගේ මැනික පනටත් වඩා අයේ කවදාවත් ඔයාව දාලා කොහෙවත් යන්නේ නෑ මම හොඳද ම්ම්ම් අපි යමු දැන් ලොකු හාමුදුරුවන්ව හම්බ වෙලා කතා කරලා එමු."



( ඒ සිද්ධියෙන් මාස 6 කට පස්සේ මං අනුහස් අයියාගේ පතිනිය උනේ අද වෙනකොට මම දරුවො දෙන්නෙක්ගේ ආදරණීය අම්මා කෙනෙක් වෙලා

මගේ හැම හීනයක් පිටි පස්සෙම හෙවනැල්ලක් වගේ මගේ ළඟින් හිටිය අනුහස් අයියා මාව හොදින් තේරුම් අරන් මගෙ රැකියාවත් තේරුම් අරන් මාත් එක්කම ඉන්න එක මට ලොකු ශක්තියක් උනා

ඉතින් මං හිතන්නේ මට ඉන්නේ මේ ලෝකේ ඉන්න හොදම සැමියා කියලා)


#ලැබුවා වූ නව වසර සාමය සතුට සෞභාග්‍යය නීරෝගී බාවය සපිරි සුභම සුභ නව වසරක් වේවා කියලා ඔයාලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා.#

ඉතින් කාලෙකට පස්සේ අලුත් කතාවකින් ඔයාලා ලගට අවා ඔයාලාගේ අදහස් කියාගෙන යමු ලයික් එකකින් කමෙන්ට් එකකින් ❤️ආදරෙයි ඔයාලා හැමෝටම❤️


අදහස් අකුරු කරපු මම

නෙතූ .......❤️



(කතෘගේ අවසරය මත උපුටා ගන්නා ලදී)

Report Page