💜️

💜️

💜️💜️💜️💜️

" ෆැටීශියා , මං ප්‍රශ්නයක් අහන්නද ?? " හියුගෝ පොඩි ළමයෙක් වගේ ඇහුවා.

" හරී, එහෙනම් අහන්නකෝ.. " 

" ඇයි, අපි පියාපත් දේශෙට යන්නේ..?? " ඇත්තටම ඒක මටත් ලොකු ප්‍රශ්නයක්.

" ඔහ්හ්, මොකද මේ මාලේ ගැන එතනදි අපිට දැනගන්න පුළුවන් ඒකයි.. " ෆැටීශියා මං දිහා බලාගෙන කිව්වා. ඊටපස්සේ එයා ඉක්මණට ඉස්සරහ ට ගියා.

" ඒකනම් හිතාගන්නවත් බෑ.. " හියුගෝ මට රහසින් කිව්වා.

" මොකක්ද ?? " 

" ආරෝරා ගැන , එයා වගේ කෙනෙක් කොහමද පැහැරගෙන යන්නේ.. ?? " හියුගෝ හිටියේ කේන්තියෙන්.

" ඔව්, ඒක අමුතුයි තමයි " මාත් කිව්වා.

ඔහ්හ්, ඔයාලා දන්නේ නෑ නේද ආරෝරා කුමරියව. ඇත්තටම එයා තමයි මේ රාජධානියේ කුමාරිකාව.. එයා දුෂ්ඨ රාක්ශයෝ ඔක්කොම පරද්දලා, මේ රාජධානිය ඒ කියන්නේ, ' ෆෙබල්ඩ් රාජධානිය ' ට සාමය ගෙනාවා. ඉතිං ඒ වගේම එයා ගොඩක් ගොඩක් බලවත්, අහිංසක , කරුණාවන්ත , ගොඩක් ලස්සන කුමාරිකාවක්. ඒ උනාට එයාගේ හිත ගියේ, මනුස්ස ලෝකේ කොල්ලෙක්ට, එයා තමයි ෆෙඩ්‍රික් . ඒ දෙන්නා ගොඩක් ආදරෙන් තමයි හිටියේ. ඒත් එකපාරටම කොහෙන්ද මන්දා ආපූ නපුරු රාක්ශයෝ ටිකක් ෆෙඩ්‍රික් ව පැහැරගෙන එයාව මරලා දැම්මා. ඉතිං මේ ආරෝරා කුමාරිකාවට ඒක දරාගන්න බැරි උනා. එයා ගොඩක් කල් දුකින් හිටියේ..😧 අන්තිමට එයා මේ ලෝකේ විශිෂ්ටතම නිර්මාණය හැදුවා. ඒ තමයි ' කාලයන්ත්‍රය ' . එයා ඒකෙන් ෆෙඩ්‍රික් ව ආපහු ගෙනාවා. දුශ්ඨ රාක්ශයෝ ඉවරයක් කලා. සේරම සාමකාමීව විසදුනා.

ඒත් ආපහු දැන්, ඒ දේම වෙලා.... ෆෙඩ්‍රික් විතරක් නෙවෙයි ආරෝරා කුමරියත් නැති වෙලා.

අපිට දැන් එයාලව හොයාගන්න පුළුවන් වෙයිද ?? 

" මොරීන් ,බලාගෙන  " කල්පනා ලෝකේ ගිහින් හිටපු මාව හියුගෝ අල්ලගත්තා. පහළ තිබ්බේ ලාවා වලින් හැදුණු ගගක්. " තව ටිකකින් ඉවරයි " හියුගෝ මට රැව්වා.☹️

" sorry , මං ටිකක් කලබල වෙලා හිටියේ " මං කිව්වා.

ඊටපස්සේ හියුගෝ මගේ අතින් අල්ලගත්තා.

" හේයි, බයවෙන්න එපා...!! ඕනම දේකට මේ මං ඉන්නවා.. ඔයත් එක්ක.. " එයා හිනාවෙලා කිව්වා.

" ගොඩක් thankss හියුගෝ " මට ඇත්තටම ලොකු සතුටක් දැනුනේ. මාත් එක්ක එයා ඉන්නවා කිව්වම. 

" මොරීන් , හියුගෝ ඔය දෙන්නම... ඉක්මණට එන්න.. " ෆැටීශියා කතා කලා.

අපි දෙන්නා ඉක්මණට දිව්වා. එතන තිබ්බේ දම් පාට මල් වැල් ගොඩක්.. ඊටපස්සේ ෆැටීශියා ඒක අයින් කලා.. ඔහ්හ් හිතාගන්නවත් බෑ.. එතන ගුහාවක්... 😳 අපි දෙන්නා හිටියේ ගොඩක් පුදුම වෙලා. 

" woow , මේකද රහසිගත උද්‍යානය " හියුගෝ ඇහුවා.

" ඔව්ව්, ඉක්මණට යන්... " ෆැටීශියා ඉක්මන් කලා.. අපි දෙන්නත් ඉක්මණට ඇතුළට ගියා. ඊටපස්සේ ෆැටීශියා ඒකට මොකක්ද මන්දා මන්තරයක් කලා... අපි එළියෙන් දැක්කා වගේ නෙවෙයි දැන් තියෙන්නේ ඇත්තටම යුධ පුහුණුවෙන කදවුරක්. එතන ගොඩක් අය හිටියා.. මං හිතන්නේ ඔක්කොම 40ක් විතර. 

ඊටපස්සේ අපි දෙන්නව ෆැටීශියා ඉස්සරහ ට අරන් ගියා. " හැමෝම අහන්න.. අනාගතෙන් උදව් විදිහට මෙයාලව තමයි තෝරගෙන තියෙන්නේ , අපි එයාලවත් අපේ කදවුරට ගන්නවා.. " ෆැටීශියා නිවේදනය කලා.

හැමෝම හිටියේ නොසන්සුන් වෙලා. " හොදයි එහෙනම් , ඉක්මණට වැඩ පටන් ගමු.. " අපේ වයසේ වගේ පොඩි කොල්ලෙක් කිව්වා.

ඊටපස්සේ හැමෝම අපිට ආචර කරලා, නැවතත් පුහුණුවීම් පටන් ගත්තා. ඒක නම් ඇත්තටම මරු. හැමතැනම කට්ටිය, ගොඩක් උද්‍යෝගයෙන් තමයි වැඩ කලේ.

එතන මායා බඩු ගොඩක් තිබ්බා. " එන්න, ඔයාලගේ ආයුධ තෝරගමු. " ෆැටීශියා අපි ට කතා කලා.

" woow, ඇත්තමයි ෆැටීශියා මේකනම් නියමයි ! අපිට පුළුවන් වෙයි කුමරියව හොයාගන්න " හියුගෝ සතුටින් කෑ ගැහුවා .

" නෑ, හියුගෝ ... රාක්ශ සේනාව වැඩියි. අපි වගේ දහ ගුණයක් ඉන්නවා එතන , ඒත්... " ෆැටීශියා කතාව නතර කලා.

" මොකක්ද ඒත්.. " අපි දෙන්නම ඇහුවේ, ගොඩක් පුදුම යෙන්.

" ඔය සේරම නවත්තන්න පුළුවන් කාලයන්ත්‍රය පාවිච්චි කලොත්... " ෆැටීශියා කිව්වේ, රහසින් වගේ.

" ඉතිං ඇයි ඒක පාවිච්චි කරන්නේ නැත්තේ..?? " මං ඇහුවේ, ඇග පුරාම හිරියක් පැතිරී යද්දී. මොකද ? මටත් ඕනි උනේ තාත්තා ව ආයෙත් ගෙන්න ගන්න. ඒත්.... මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා වගේ.

" මොරීන්, ඒක පණගන්වන්න පුළුවන් ආරෝරා කුමරියට විතරයි " මගේ බලාපොරොත්තු බිදුණා. ඇත්තටම මං වැරදියි තමයි. ඒත් මට ඕනි ම උනේ, තාත්තා ආපහු මායි අම්මයි එක්ක සතුටින් ඉන්නවා දකින එක.

" ඔහ්හ්, ඒකනම් ඇත්තටම අසාධාරණයි.. " හියුගෝ කිව්වා.

" ඕවා අමතක කරන්න , බලන්න මෙන්න තියෙනවා ආයුධ ! ඕන එකක් තෝරගන්න පුළුවන්... ලියෝ.. මෙයාලට උදව් කරන්න " එතන හිටපු කොල්ලෙක්ට ෆැටීශියා කිව්වා. " මං ඔයලව පස්සෙ හම්බෙන්නම්.. " කියලා ෆැටීශියා ත් ගියා.

ආයුධ විදිහට තෝරගන්න තිබ්බේ, අපි හිතුවෙවත් නැති දේවල්. මොකද මේසේ තිබ්බේ මුද්දක්, බ්‍රේස්ලට් එකක් විතරයි.

මායි හියුගෝ යි ඒ දිහා කන්න වගේ බලන් හිටියේ, ඇත්තටම එහෙම වෙන්න බැරි නිසා.

💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️

කතාව කියවපු හැමෝටම ගොඩක් Thanks..😋❤️

















Report Page