.........

.........

💠දිලිණි💠



මැඩම්...මැඩ..ම්


මොකද මිනිහො බෙරිහන් දෙන්නෙ...


මැඩම් කලන...කලන මැඩම්...


මගෙ යකා අවුස්සන්නෙ නැතුව කියන මගුලක් කියපම් මිනිහො...



ලග තිබ්බ පුටුවටත් පයින් ගහලා මම කෑගැහුවෙ මගේ කේන්තිය උපරිමේම තියෙද්දි මොකද මම කැමති නෑ බොරුවට ගොත ගගහ කියෝනවට කියනවනම් එකපාරක කියන්න ඕනි...මන් ලග කාටවත් අනුකම්පාවක් නෑ මට විරුද්ධ වෙන හැමෝටම අයිති මරණය තමයි...

මම හර්ශි මට වාසගම් නෑ මොකද මම ජීවත් වුණේ අනාත නිවාසෙක ඉස්කෝලෙ යන කාලෙ ඉදන්ම මම කරාතෙ ටයිකොන්ඩො වගේ ඒවට ගොඩක් කැමති ඒත් මම කාටවත් වරදක් කරපු කෙනෙක් නෙවෙයි...මාව මේ තත්වෙට පත් කලේ මේ සමාජෙ මිනිස්සුම තමයි...මගෙ පලවෙනි ආදරේ ඔව් ඌ තමයි මාව වෙනස් කලේ...ඌ තමයි මාව මේ තත්වෙට ඇදලා දැම්මේ...



මැඩම් කලනට වෙඩි තිබ්බා...


මොකක්ද උබ කිව්වෙ...


ඔව් මැඩම් අර පලිහගුරු ඇමතියගෙ මිනිස්සු උන් අපිව වට කරලා වෙඩි තිබ්බා මැඩම්...කලනට එකක් වැදුනා...


යකො තොපි කලනට වෙඩි තියනකම් උඩ බලන් ඉදියද තොපි සේරම එකයිඅගෙ වැඩ ඔක්කොම අව්ල් කරනව ශිට්...කෝ දැන් කලන...


මැඩම් අපිට කලනව බේරගන්න බැරි වුණා...


මොකක්ද යකෝ උබ කිව්වෙ...


ආපු කේන්තියට මම ඌට ගැහුවෙ පයින් ඔව් ඌ මේවට වග කියන්න ඕන්ක් නෑ තමයි ඒත් මගෙ දකුණු අත වගේ ඉදපු එකාට වෙඩි වැදෙනකම් මුන් මොනවා කලාද...

කාත් කව්රුවත් නැති මට මගෙම සහෝදරයෙක් වගේ කලන සැලකුවේ...අනාත නිවාසෙ ඉදපු මට ඉගෙනගන්න කාලෙ ඉදන් යාලුවෙක්ට ඉදියනම් ඒ කලන විතරයි...විහග මගෙ ආදරේ ඌ මාව රැවැට්ටුව දවසෙ ඉදන් ජීවත් වෙන්න හේතුවක් තිබ්බනම් ඒ කලන...

අද මේ ඇමතියා හින්දා මට කලනව නැති වුණා ඉතුරු කරන් නෑ ඔය එකෙක්වත්...උන්ගෙ ජරා වැඩ හින්දා තමයි මේ ඔක්කොම


මැඩම් අපි කලනට වෙඩි තිබ්බ එකාව අල්ලගත්තා...


කෝ... කෝ ඕකා ඉතුරු කරන් නෑ මම ඕකව


පල්ලයහ කාමරේ මැඩම් අපේ වුන් හොදට සැලකුවා ඌට


යමන්...මොකාද මේ හශීගෙ එකෙක්ට අත තියන්න පුලුවන් වුන එකා බලන්න මට මනුස්සයෙක් මරනවා කියන්නෙ මහ ලොකු වැඩක් නෙවෙයි මොකද මේ අවුරුදු දෙක තුනට මම මිනිස්සු පනහක් විතර මරලා ඇති හැබැයි එකෙක්වත් වැරදි නොකරපු උන් නෙවෙයි උන්ගෙන් බාගෙට බාගයක්ම අර හොර ඇමතියගෙ ගෝලයො ගෑනු ලමෙක්ටවත් තනියම පාරෙ බැහැල යන්න බැරි තරම් කුරිරුයි මේ ලෝකෙ...

අද මම ඕකව ඉවර කරලම තමයි පස්ස බලන්නෙ කලනට අතක් උස්සපු එකෙක් මේ වෙනකොට ජීවතුන් අතර නෑ...


මූ තමයි මිනිහා...


අහ් අලුත් එකෙක් වගේ...ගලවපම් ඕකගෙ ඔලුවට දාලා තියෙන එක...

Report Page