❤️❤️❤️❤️❤️

❤️❤️❤️❤️❤️


"


අනේ මාව බේර ගන්න කෙනෙක් නැද්ද? අනේ මට උදව් කරන්නකෝ. කවුරුත් නැද්දෝ…..??" 



          තමන් පාලු කාමරේක හිර වෙලා ඉන්න බව දැනගත්ත මෙතුනි කෑ ගැහුවේ කිසිම දෙයක් හිතා ගන්න බැරිවයි. විඩෙන් විඩේ ඇඟට දැනුන තෙහෙට්ටු ගතියත් එක්ක ඇති උන හිස කැරකැවිල්ල මොකද්ද කියලා ඇයට හිතා ගන්න බැරි උනා. 



මට මොකද්ද උනේ… එහෙම්මම ඉඳ ගත්ත මෙතුනි හිසේ කැක්කුම අතරින් කල්පනා කලා. 



────┈┈┈┄┄╌╌╌╌┄┄┈┈┈────



"හෙලෝ මෙතූ මැණික ඔයා කොහෙද ඉන්නේ ?" නෙතූගේ පෙම්වතා වන සුදේෂ් ඇහුවේ නෙතූගේ දුරකතනයට ඇමතුමක් ගනිමින්.  



"මම බස් හෝල්ට් එකට ඇවිත් ඉන්නෙ අනේ. ඇයි තාම ඔයා පරක්කු."



"හරි මැණික මම ඉක්මනින් එනවා.." එක පාරටම දුරකතනය විසන්ධි කරමින් සුදේෂ් පැවසුවේය.



තවත් ස්වල්ප වේලාවකින් මෙතූ ළඟටම විත් නැවැත්තූ කාරයෙන් බැස ගත් සුදේෂ් අහිංසක මුහුණක් හදාගෙන ඇය අසලට ආවේ ඇයගේ හිතේ වූ තරහා තේරුම් ගෙන මෙනි.



සොරි මැණික….. අනේ ඩැඩාගේ බිස්නස් වැඩකට මට යන්න උනානේ. ඒකයි පරක්කු උනේ..හරි හරි අපි දැන් යමුකෝ…



එහෙම කියපු සුදේෂ් මෙතූගේ අතත් අල්ලන් ඉස්සර උනේ මෙතූ බනින්න කට හදා ගන්නවා දැකපු නිසයි ….



මෙතූ නැත්නම් මෙතුනි කියන්නේ සාමාන්‍ය පවුලක කෙල්ලෙක්. තාත්තා තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් උන අතර අම්මා ගෘහණියක්.. විශ්ව විද්‍යාලයේ අවසන් වසරේ ඉගෙනුම ලබන මෙතුනි ප්‍රේම සම්බන්ධයක් පටන් ගෙන තිබුනේ රටේම නම දිනාගෙන සිටි ප්‍රභල ඇමති කෙනෙක් උන රණමල් ඩයස් ගේ එකම පුතා උන සුදේෂ් නිර්මාල් ඩයස් එක්කයි..

මෙතුනි කියන්නේ රූප සම්පත්තියෙන් ඉහළින් හිටපු කෙනෙක්. එක් වරක් බැලුව කෙනෙක් තව සිය පාරක් විතර බලන්න තරම් ලස්සනක් ඇයට තිබ්බේ. කලු පාට කිතුල් රෑන වගේ දිග කෙස් වැටිය බිම ගෑවී නොගෑවී යන තරම් දිගයි. හැබැයි මෙතූගේ හිතේ තරමක අහංකාර කමක් තිබ්බෙත් ඒ රූපේ හින්දමයි. ඒ සමානම කඩවසම් රූපයක් සුදේෂ් සතුවත් තිබූ අතර දෙන්නම නියම කපල් එක යැයි නොකී කෙනෙක් නැත. 



────┈┈┈┄┄╌╌╌╌┄┄┈┈┈────



තමන්ට උනේ මොකද්ද කියලා කල්පනා කර කර හිටපු මෙතූ එක් වරම ආයෙත් පියවි සිහියට ආවේ කවුරු හරි එනව වගේ ඇහුණ නිසයි… ඒත් එක්කම මෙතූ හිටපු කාමරේ දොර ඇරගෙන කාමරේ ඇතුළට ආවේ හැඩිදැඩි පිරිමි කෙනෙක්.



"අනේ මට යන්න දෙන්න. තමුසෙලා කවුද ? ඇයි මට මෙහෙම කරන්නේ? දෙයියනේ කෝ සුදේෂ් ? උබල එයාට මොනාද කලේ… මට යන්න දීපල්ලා. "



තවත් හයියෙන් මෙතූ කෑ ගැහුවේ හිතට ආව බයත් එක්කමයි..



හා හා කෑ ගහලා වැඩ වරද්ද ගන්න එපා මිස්. ඔයාගේ හැම ප්‍රශ්නෙටම සර්ගෙන් උත්තරයක් ලැබෙයි. මේක කාලා ඉන්නවා දැන්



එහෙම කීව ඒ මිනිහා බත් මුලක් එක්ක වතුර ජෝගුවක් මෙතූ ළඟට විසි කලා..



උබේ කෑම මට එපා. මට යන්න දීපන්..අනේ සුදේෂ් මාව බේර ගන්න. එහෙම කීව මෙතූ බත් මුල විසික් කලේ දොර ළඟට.



එක පාරටම දොර ඇරගෙන කාමරේ ඇතුළට ආවේ මෙතූ හීනෙන්වත් හිතපු කෙනෙක් නම් නෙවේ. ඒ රූපේ දැක්කම මෙතූගේ කට විවර උනේ මේ දකින්නේ හීනයක්ද කියලා හිතන ගමනුයි…



"මොකද මෙතූ මැණික කෑ ගහන්නේ ආ…ඔයාට බයයිද තනියම ඉන්න." නෝන්ඩියට වගේ හිනාවක් දාගෙන එහෙම කීවේ සුදේෂ්. ඔව් මෙතූ පණ වගේ ආදරේ කරපු සුදේෂ්. 



"සුදේෂ් මට මේ මොකද්ද උනේ ? අනේ කතා කරන්නකෝ. මේ අය කවුද? ඇයි මෙහෙම කරන්නේ…. ? අනේ මාව බේර ගන්න රත්තරන් මෙතනින්.."



    අඬ අඬාම මෙතූ පවසන්නේ සුදේෂ් දිහා බලාගෙනයි. 



"උබව බේර ගන්න මම. අනේ නිකන් පලයන් බන් යන්න. මට ඕන උනේ උබට ආදරේ කරන්න නෙවේ යකෝ. උබ එක්ක එකට ඉන්න. උබේ ලස්සන බලා ගන්න. උබෙන් සතුටු වෙන්න. නැතුව උබ හිතුවද මම තාපසයෙක් කියලා. උබ වගේ ලස්සන කෙල්ලෙක් ළඟ තියන් රැක ගන්න තරම් මම හැඟීම් දැනීම් නෑ කියලා හිතුවද ? මම කී පාරක් උබව නම්ම ගන්න බැලුවත් උබ ඒ එක පාරකවත් කැමති උනේ නෑනේ මම එක්ක ඉන්න. අන්න ඒකයි මම මෙහෙම තීරණයක් ගත්තේ. උබ මම එක්ක යාලු උනෙත් මගෙ සල්ලි වලටයි බලයටයි නේ. උබ හිතුවේ මම ඒවා දන් නෑ කියලද. අච්චර අහිංසක සදෙව් වහ බීවේ තෝ හින්දා නේද ? "



මූණේ ඇති උන ඒ උපහාස හිනාවත් එක්කම සුදේෂ් කියවගෙන කියවගෙන ගියා. 



"අනේ සුදේෂ් මොනවද මේ කියන්නේ? මම මෙහෙට ආවේ කොහොමද?" 



"හහ්… උබ ආවෙද… උබ ආවේ මම උබට බොන්න දුන්න බීම එක හින්දා. උබ ඒක බොන්න කලින් මම ඒකට මත් පෙතිදැම්මා..ඒවා බීවම උබට සිහි නැති උනා. ඒ හින්දයි මට උබව අරන් එන්න පුලුවන් උනේ.."



"අනේ දෙයියනේ මේ මොනවද මට ඇහෙන්නේ. සු… සු…දේෂ් ඔයා…ඔයා ඇයි.. මෙහෙම ක….ළේ මට. මම ඔයා… ඔයා… ගො…ඩා…ක් විස්වාස ක….ක…ළා..

අඬ අඬම මෙතූ කියවනවා…



උබ ආදරේ කලාද මට. උබ දන්නේ නෑ මේ සුදේෂ් කියන්නේ කවුද කියලා. උබ එක්ක මම යාලු උනේ, උබ පස්සේ මම ආවේ උබේ ලස්සනට මිසක් ඇත්තටම ආදරේට නෙවේ. මම කෙල්ලෝ කී දෙනෙක් දූෂණය කරලා තියේද මේ අත් දෙකෙන්. එහෙම මම උබට ආදරේ කරන්න… හහ්… උබ හිතන් ඉන්න ඇති නේද..

දැන් බලන් ඉදපන් උබටත් වෙන දේ. අපි රෑට හම්බෙමු මැණික. මාවයි මගෙ යාලුවන්වයි සතුටු කරන්න බලන් ඉන්න මැණික මෙතූ….



        රාගී ඇස් දෙකෙන් මෙතූ දිහා බලපු සුදේෂ් එහෙම කියලා කාමරෙන් ඉවතට ගියා…


"අනේ දෙවියනේ මට මේ මොකද්ද උනේ. ඇයි මම මෙහෙම දෙයක් කර ගත්තේ… ඇයි මම මෙහෙම මිනිහෙක්ට රැවටුනේ..මම…. මම… සදෙව්… සුදේෂ්….මෙතූ අඬ අඬ කල්පනා කරනවා.

────┈┈┈┄┄╌╌╌╌┄┄┈┈┈────



"මෙතූ…. මගෙ මැණික……"



උද්‍යානයේ තිබුණ ගල් බංකුව උඩ වාඩි වෙලා හිටපු මෙතූ ළඟට ඇවිත් සදෙව් එහෙම කීවේ ආදරණීය හඬකින්. 



"අනේ සඳෙව් අයියේ.. මට කැම්පස් යන්න පුලුවන් රත්තරනේ. මම ඉහළින් තේරිලා… "  

          ඇස් වල සතුටු කඳුලු පුරවන් සඳෙව්ගේ පපුවට තුරුල් උන මෙතූ කීවා..



" මම දැනන් හිටියා මගෙ මැණික ඉහළටම යනවා කියලා. මට ගොඩක් සතුටුයි. ඔයාට ඉගෙන ගන්න ඕන සේරම වියදම් මම බලා ගන්නම්. මගෙ මැණික හොඳට ඉගෙන ගන්න.."



ඉරිසියාවක් වෛරයක් නැතුව සදෙව් එහෙම කීවේ මෙතූව තමන්ගේ පපුවට තවත් තද කර ගන්න ගමන්.



සඳෙව් කියන්නේ කෙල්ලෙක්ට දාහකින්වත් හොයා ගන්න බැරි කොල්ලෙක්. අඟ හිඟකම් මැද්දෙන් පවුලේ බර කරට ගත්ත අහිංසක තරුණයෙක් තමයි සඳෙව්. දවසින් දවස දියුණු වෙමින් සැපවත් ජීවිතයක් ගත කරන්න සඳෙව්ට හැකි උනේ ඔහුගේ උත්සාහය නිසාමයි. ඔහු ඔහුගේ පණ දෙවෙනි කොට මෙතූට ආදරේ කලේ මෙතූ සඳෙව්ගේ මුලු ලෝකෙම නිසයි. ටික කාලයක් යනකොට සඳෙව්ට මේ ලෝකේ ඔහුගේම කියලා හිටිය අම්මත් සදහටම ඔහුගෙන් ඈත් වෙද්දි ඒ අඩුව මකා ගන්න සඳෙව් ළං උනේ මෙතූට.



ගොඩක් ආදර කතා අද කාලේ ඉවර වෙන්නේ කොල්ලා අතින් කෙල්ල අනාථ වෙලා. ඒ තරම් සල්ලාල තරුණ ජීවිත එමටයි මේ සමාජේ. එහෙම ගත්තම තමන් ආදරේ කරන කෙල්ලව පණ වගේ පරිස්සම් කරන පෙම්වතුත් ඉන්නවා කියලා ඔප්පු කලේ සඳෙව්. මෙතූ එක්ක තනි වෙන්න ඕන තරම් ඉඩ තිබුණත් සඳෙව් මෙතූට ආදරේ කලේ මලක් පරිස්සම් කරනවා වගේ. කවදාවත් එයාගේ වෙන්න කියලවත් , පාලු බිත්ති හතරක් මැද්දේ එයා එක්ක තනි වෙන්න කියලවත් සඳෙව් මෙතූගෙන් ඉල්ලුවේ නෑ. ඉල්ලන්න හිතලත් නෑ. ඉතින් ඒ වගේ පිරිමි ප්‍රාර්ථනා නොකරන්නේ කවුද? 



මේ ආදර කතාව මෙහෙම ගලන් යනකොට මෙතූ කැම්පස් ගිහින් අවුරුදු දෙකක් පසුවෙලා තිබුනේ. ඒ වෙනකොට සමාජේ ගොඩක් අය ඇසුරු කරලා තිබුණ මෙතූට සඳෙව්ගෙ ආදරේ මදි උනේ සඳෙව් මහා වත්කමක් නොතිබුණ අහිංසක නිහඬ ජීවිතයක් ගත කරන කෙනෙක් උන නිසයි. මෙතූට ඕන කලේ හිතේ හැටියට වියදම් කරන , ජීවිතේ එන්ජෝයි කරන කොල්ලෙක්…



මේ කාලේ වෙනකොට තමයි මෙතූගේ ලස්සනට වහ වැටිලා සුදේෂ් මෙතූගේ ආදරේ ඉල්ල ඉල්ල පස්සෙන් එන්න පටන් ගත්තේ. ලැබුන අවස්ථාවෙන් මෙතූ තමන්ට පණ වගේ ආදරේ කරපු සඳෙව් තමන්ගේ හිතෙන් සම්පූර්ණයෙන්ම අයින් කරලා දැම්මේ හිතක් පපුවක් නැති ගාණට..



දවස් ගණන් කෝල් මැසේජ් නැති වෙනකොට සඳෙව් මෙතූව බලන්න කැම්පස් එකට ගියේ ඒ හිතේ තිබුණ ආදරේ නිසාමයි…



        මැණික…. ඇයි මේ? මොකද්ද ඔයාට වෙලා තියෙන්නේ.. මම මොකද්ද කරපු වැරැද්ද? 



හිතේ දුක තද කරන් සඳෙව් ඇහුවේ මෙතූගේ අතින් අල්ලන ගමන්.



අත අරින්න සඳෙව් මගෙ අත. ඇත්තටම අපි දෙන්නා ගැළපෙන් නෑ.ඔයා මහ තණ්හාව තියෙන මිනිහෙක්. කොල්ලෙක් උනාම ලයිෆ් එක එන්ජෝයි කරන්න ඕන. ඔයා ගොඩයෙක් වගේ ඔහේ ඉද්දී මට ලැජ්ජයි ඔයා මගේ බෝයි ෆ්‍රෙන්ඩ් කියලා මගේ යාලුවන්ට ඉන්ට්‍රඩියුස් කරලා දෙන්න. මාව තේරුම් ගන්න සඳෙව්. ඔයාට මාව ගැළපෙන් නෑ…



මෙතූ කියවගෙන කියවගෙන යද්දි සඳෙව්ගේ ඇස් වලින් කඳුලු ගලාගෙන ගියේ එයාටත් නොදැනි.



හරි මැණික… මම යන්නම් ඔයාගෙම් සදහටම ඈතට. මම ගොඩයෙක් තමා මැණික. මට සල්ලි නෑ තමා. මම වියදම් කරන් නෑ තමා. හැබැයි උබට ඕනේ කියන හැම වෙලේම මම හැමදේම වියදම් කලේ උබට තිබුන ආදරේට. කමක් නෑ මැණික ඔයා සතුටින් ඉන්නවා නම් මට ඒ ඇති. 



මම යන්නම්. පරිස්සමෙන් ඉන්න හැමදාම 



    එහෙම කියපු සඳෙව් අන්තිම වතාවටත් මෙතූ දිහා බලලා යන්න ගියත් ආයෙම නැවතිලා මෙතූට කතා කලා…



මෙතූ… මගෙ මැණික….මේ ලෝකේ ඔයා හිතන තරම් සුන්දර නෑ. මිනිස්සු ඔයා හිතන තරම් සුන්දර නෑ. අවංක නෑ. සල්ලි වලින් කරන්න පුලුවන් වගේම බැරි දේවල් ගොඩයි. ඒක ඔයාට තේරුම් යයි ඉක්මනින්. එදාට ඔයා පරක්කු වැඩි වෙයි. මේ සඳෙව්ව ගොඩාක් මතක් වෙයි. එහෙම කියලා සඳෙව් මෙතූගෙන් ඈත් උනා…

────┈┈┈┄┄╌╌╌╌┄┄┈┈┈──── 



බීමත් පිරිමි කටහඬ කින් ගැස්සිලා ගිය මෙතූ කල්පනාවෙන් මිදුනේ ඇඟට දැනුන රළු පහස හින්දා..



"මෙතූ මැ.. ණි… ක…."



බීමතින් රතු වූ ඇස් වලින් සුදේෂ් මෙතූ ළඟ.



අනේ ප්ලීස් සුදේෂ්…. මට යන්න දෙන්න. අනේ මට අනුකම්පා කරන්න. මට යන්න දෙන්න දෙයියනේ..



    මෙතූ නොවදිනා වැදුම් වැන්දත් සුදේෂ් ඒවා කනකට ගත්තේ නෑ..



උබ වගේ කෙල්ලෙක් අත් අරින්න කියලද උබ මට කියන්නේ ඈහ්…මේ බලපල්ලකො මේකි කියන කතාව. බලපන් උබේ ඇඟ. ඕක විඳින් නැතුව උබ කියන්නේ මට අතට ආව චාන්ස් එක මිස් කර ගන්න කියලද. ඈහ් යකෝ…



සුදේෂ්ගෙන් එල්ල උන කම්මුල් පහරට මෙතූ බිමට ඇඳගෙන වැටුනා. ඒත් එක්කම සුදේෂ් මෙතූ ළඟට ආවේ ගොදුරක් ළඟට එන කොටියෙක් වගේ තොල කට ලෙව කකා. රාගයෙන් මත් උන ඒ ඇස් ගිණි බෝල දෙකක් වගේ…



අනේ ප්ලීස් සුදේෂ්…..


මෙතූට කියන්න හම්බුනේ එච්චරයි. පැනපු ගමන් සුදේෂ් මෙතූ ඇඳන් හිටපු ඇඳුම් ඉරලා දැම්මේ ඒ සිරුරේ පහස විඳ ගන්න කෑදරකමින්. මෙතූ අකමැති උනත් මේ දේට සුදේෂ්ගේ හැඩිදැඩි සිරුරත් එක්ක සටන් කරන්න මෙතූට බැරි උනා. අන්තිමට සියලුම බලාපොරොත්තු අත් ඇර ගත්ත මෙතූ නිහඬ උනේ රිසි සේ සුදේෂ්ට ඒ සතුට විඳ ගන්න දෙමින්. 



නොයෙකුත් වේදනා මැද කදුලු පෙරමින් මෙතූ ඇඬුවත් රාගයෙන් මත් වෙච්ච සුදේෂ්ට ඒවා දැනුනේවත් නැති තරම්. තමන්ගේ ඕනේ එපාකම් සේරම මෙතූගෙන් පිට කර ගත්ත සුදේෂ් ඒ නිරුවත් සිරුරෙන් මෑත් උනේ ජයග්‍රාහී ලීලාවෙන්. 



නැගිට ගන්න උත්සාහ කලත් මෙතූට නැගිට ගන්න අපහසු උනේ ඇයගේ සිරුර පුරාම තිබුණ තැලීම් සීරිම් පාරවල් නිසා.



එහෙමම වැතිරුණ නෙතූට සඳෙව් මතක් උනේ ඔහුගෙන් ලැබුණ ඒ ආරක්ෂාව නිසා…

            ඔව් සඳෙව් ඔයා කීවා හරි….ඔයා විතරයි මට ආදරේ කලේ.



ටික වෙලාවකින් සුදේෂ්ගේ යාලුවන් කිහිප දෙනෙක් මෙතනට ආවේ මෙතූගේ පහස ලබා ගන්නයි. තමන් මේ තරම් ආදරේ කරපු සුදේෂ් මේ වගේ තිරිසන් වැඩක් කරයි කියලා මෙතූ කවදාවත් හිතන්න නැතිව ඇති…



රළු පිරිමි දෑත් වල හිංසනය දරා ගන්න බැරිව මෙතූ මහ හයියෙන් විලාප තිබ්බත් ඒ හඬ ඇහෙන මානේ කිසි කෙනෙක් හිටියේ නෑ. එක එක්කෙනා මෙතූගේ සිරුර මතින් නැගිට යද්දි වේදනාව නිසාම මෙතූගේ දෑස් ටික ටික පියවෙන්න ගත්තා….



අඳුරු ඡායාවක් වගේ මෙතූ ඉස්සරහා හිටියේ වස බෝතලයක් අරගත්ත සඳෙව්. 



"ම….ට්…ට ස්…ස….මාවෙන්න ස…ද්….ඳෙව්….. ම…ම්..ම හි…න්..දා…. ඔ…ඔ…යාට… ජ්…ජී…විතේ ප්..ප්..වා න්…නැති උ…නා…."



වේදනාවත් හිතේ දුකත් එක්කම හුස්ම නතර උන මෙතූගේ අවසන් හුස්ම පිට වෙනකොට ……



"මෙතූ… මගෙ මැණික….මේ ලෝකේ ඔයා හිතන තරම් සුන්දර නෑ. මිනිස්සු ඔයා හිතන තරම් සුන්දර නෑ. අවංක නෑ. සල්ලි වලින් කරන්න පුලුවන් වගේම බැරි දේවල් ගොඩයි. ඒක ඔයාට තේරුම් යයි ඉක්මනින්. එදාට ඔයා පරක්කු වැඩි වෙයි. මේ සඳෙව්ව ගොඩාක් මතක් වෙයි."



කියලා අන්තිමට සඳෙව් කීව වචන දෝංකාර දුන්නා….



◆━━━━━━◆❃◆━━━━━━◆  



✍️✍️✍️✍️✍

🌺🌺 නිපුනි 🌺🌺  


අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම් 🚫🚫



Report Page