🌹

🌹

V 99

#හත්වන_පාඩම🐞


🚫🏴‍☠‍කතෲ අවසරයකින් තොරව කතාව උපුටා ගැනීම සම්පූර්ණයෙන්ම තහනම්❌🏴‍☠‍ ( ඔරිජිනල් පෝස්ට් වල ලින්ක් , මා විසින් පලකරන ලද ඔරිජිනල් පෝස්ට් පමණක් ශෙයා කරන්න)✋

............................................................................................................


https://www.facebook.com/103596942435421/posts/103614145767034/


මම නිදා ගන්න ඇදට ආවාම ගස් ගෙම්බියො දෙන්නා මොනවද කිය කිය හිනා වෙනවා


🌼"මොකද ආ........? තමුසෙලා හිනා වෙන්නේ?


🌷" පිගානක් ඕනද?


🌲"ම්ම්ම්ම්ම් ආසයි නේ පිගානක් තුරුල් කරගෙන නිදා ගන්න....


🌷"අනේ ඕයි මට ඒක මතක් වෙනකොට මහ කලකිරීමක් ඇති වෙනවා ඕයි චූටි ගැන....


🌲"අනේ...... මට බෑ දෙයියෝ......


🌼" ඔව් මම ඒ පිගානට ආදරේ 


🌷"හම්මට......


🌼"මම කුස්සියට ගියා බත් බෙදා ගන්න....

ඉතින් මම ඒ පිගාන අතට අර ගත්තා...

පිගාන මගේ දිහා ආදරෙන් බැලුවා.....

උණුබත් දාන්න එපා මාව පිච්චෙයි....... කියලත් කිව්වා...... ඉතින් මට දුක හිතුනා......මම පිගාන තුරුල් කර ගත්ත............

එහෙන්මම සින්දුවක් කිය කිය සාලෙට ආවා.......සතුට වැඩිකමට පිගාන ඇඩුවා....... හිටගෙන තුරුල් කරගෙන ඉන්න අමාරු නිසා මම සැටියෙ දිගා උනා.... එහෙන්මම මට නින්ද ගියා......


ලොකුයි පොඩියි මගේ දිහා කට ඇරගෙන බලාගෙන ඉන්නෙ මාව කන්න වගේ....

මමට හිනා ගියේ මගේ මූණට එබිලා දයාබර ගං කබරියො දෙන්නා බලාගෙන ඉන්න විදියට....

මම කොට්ටයක් මූණට තද කරගෙන හිනා උනේ මේ මහ රෑ මරලතොනි දීලා හිනා වෙන්න බැරි නිසා..


🌲- ඒ බං පොඩ්ඩියේ.......


🌷- ඕ බං කියාපන්.........


🌲- මට..........මැවිලා පේනවා.....


🌷- මොකද්ද ........?


🌲- මගුල් පෝරුවක් උඩ චූටිය උඩරට මැනිකෙ කෙනෙක් විදියට ඇදලා ඉන්නවා.....

ඒ වගේම එතන එහා පැත්තේ අර පිගාන නිලමේ කිට් එක ගහලා ඉන්නවා....


🌷- අනේ....... මැණිකේ..... ඔහොම කුප්ප කතා කියන්න එපා....... මගේ හුස්ම හිරවෙලා මම මැරේවී........


පොඩි අක්කා ඇදේ පෙල්ලීගෙන හිනා වෙනවා. 


🌼"ඇයි දෙයියෝ මේ වගේ අක්කලා දෙන්නෙක් මට දුන්නේ........ මාගේ ජීවිතය කාලකන්නි කර මා මේ ලෝකයෙන් සමු ගන්නේ.... කෙදිනක හෝ මේ නල්ලමලේ අම්මණ්ඩිලා දෙන්නා නිසාමයි...... ඔව් මට එය සක්සුදක් සේ පැහැදිලියී.....


ලොකු අක්කායි පොඩි අක්කයි බදාගෙන හිනා වෙනවා. වෙලාවකට උන් දෙන්නා අඩනවා. මම මේ ඔක්කොම බලාගෙන ඉන්නවා..

වෙලාවකට හිතෙනවා මම කොච්චර වාසනාවන්තයි ද කියලා මේ වගේ අක්කලා දෙන්නෙක් ලබන්න.... 

මොනදේ නොතිබ්බත් අපි සතුටින් ඉන්නෙ කියල හිතෙනකොට පුදුම සතුටක් දැනෙන්නෙ..


🐞🐞🐞🐞🐞🐞🐞🐞🐞🐞🐞🐞🐞🐞🐞🐞🐞


කේශ්මිත ට කෝල් කරලා බෝඩිමේ වැඩේ හරි කියල කිව්වා.

මොනවා උනත් කේශ්මිත හොද කොල්ලා.

ඌ ඉන්නකොට මට පාලු නැහැ. සින්දුවක් අහගෙන ආතල් එකේ ඉන්න පුලුවන් . මොකද පොරට සින්දු කියන්න පුලුවන් ලස්සනට.


සද නොදනින නමුදු 

සදට එලිය හිරු ගෙනේ...🎶

ඔබ නොදනින නමුදු

ඔබට සෙවන මම වෙමී..//


සෙනෙහස හද තුල උතුරා ගලනු බැරි බැරී...

තව විමසන සිරිතට නිහඩවන ඉඩ දෙමී...🎶


කතරක තනි වී ඔබ යන අයුරු පෙනි පෙනී..

හිමසිල මුදුනක සිටියද මහද ගිනි ගනී..

ගිම්හානය.............


මම මුමුණපු සින්දුව නතර කලේ මගේ කාමරේ ලග හිටගෙන ඉන්න ටිශිනි දැකලා.

මම ගල් වෙලා බලාගෙන හිටියෙ මේකි මේ එන්නෙ මොන පොටටද කියල කල්පනා කර කර.


💋woow...... so beutiful !


ටිශිනි මගේ කාමරේට එන ගමන් කිව්වා.

මම බිත්ති ඔරලෝසුවේ වෙලාව බැලුවෙ මේ වෙලාවට කෙල්ලො කොල්ලොන්ගෙ කාමර වලට එන එක හොදයි ද කියල හිත හිත.

වෙලාව 11 ට කිට්ටුයි ......


💋 හරිම ලස්සනයි අයියා..... ඒ සින්දුව මම මීට කලින් අහලම නෑ. නයිස්..


මට හිනා ගියේ ඒ සින්දුව අහලා නෑ කිව්වාම.


💋අයියා හිනා වෙන විදිය හරිම ලස්සනයි....


මම කට කොනකින් හිනා වුණේ මේ මොන සමයමක් ද කියල හිත හිත. ඊටත් රෑ ඇදුමක් ඇදගෙන කොල්ලොන්ගෙ කාමර වලට එන්න මේ කෙල්ලට ලැජ්ජාවක් නැද්ද කියලත් හිතුනා. 


මම හිනා වෙන එක නතර කරලා කාමරෙන් එලියට යන්න දොර පැත්තට ගියේ මේකි කාමරේ ඇතුලට එන්න හදන නිසා.


💋අයියා හරීම ආඩම්බරයි අප්පා.....

මේකි මගේ අතකින් අල්ලගන්න ගමන් එහෙම කිව්වෙ මගේ මූණ බලාගෙන.


🐞මේ මොකද?

මම කේන්තියෙන් ටිශිනි ගෙනැහුවෙ මේ කරන විකාර වැඩ නිසා මෙච්චර හොද බෝඩිම මට නැතිවේවි කියන බයෙන්.


💋ඇයි..... මම ඔයාගෙ අතින් ඇල්ලුවා......


ටිශිනි මගේ ඇස් දිහා කෙලින්ම බලාගෙන කතා කරනවා. ලැජ්ජාවක් නැති කෙල්ලෙක්... මට තරහක් ආවෙ හිතට මේකිගෙ කන් අඩිය රත් වෙන්න පාරක් ගහන්න.


🐞මේ ඔයා අල්ලගෙන ඉන්නෙ මගේ අත. අනික මේ මගේ කාමරේ. කරුණාකරලා මෙතන ප්‍රශ්න ඇති කරගන්නෙ නැතිව එලියට යන්න .


මම ටිශිනි ගෙ මූණ නොබලම කිව්වා.


💋 මේ මගෙ අම්මාගෙ මහ ගෙදර .........

ඉතින් මේ ගෙදර අයිතියක් මටත් තියනවා....

මේ කාමරේ අපේ..... ඉතින් ඔයා මගේ.....


මේ ගෑනිට ඔල්මාදෙද මන්දා.. මම ඒකිගෙ අත ගස්සලා දාලා කාමරෙන් එලියට ආවා..

ටිශිනි කාමරේ ඇතුලේ ඉදන් ඇවිත් මගේ පිටිපස්සෙ න් මාව තදින් බදා ගත්තා...


💋අනේ අයියා.... ඔයාට දුක නැද්ද?

මට මේ ගෙදර අයත් ආදරේ නැහැ..

අඩුම තරමේ ඔයාවත් මාත් එක්ක කතා කරන්න....


ටිශිනි හඩ බාල කරලා කිව්වෙ මගෙන් අනුකම්පාව ගන්න වගේ. මම ඒකිව තල්ලු කලේ ආපු කේන්තියටමයි. මගේ ඔලුවත් ගිනි අරගෙන... රෑ දැකපු හීනයක් වගේ...

මම කාමරේට ඇවිත් දොර ලොක් කර ගත්තේ ටිශිනි තල්ලු කරලා දාලා.


ටිශිනි දොරට තට්ටු කරනවා. මම ඇදේ වාඩි උනේ මෙ උන දේ හිතා ගන්න බැරිව.

නැහැදිච්ච කෙල්ලෙක්...

මගේ මුලු ඔලුවම අව්ල් වෙලා තිබ්බ නිසා මම ඇදේ හාන්සි වෙලා ඇස් පියා ගත්තේ ටිශිනි නටපු නාඩගම අමතක කරන්න.


හරි පුදුමයි ....

අර පුන්චි කෙල්ල ට මගේ ඇස් දිහා බලලා හිනා වෙන්නවත් බැහැ.ඒකට ටිශිනි .... මගේ අතිනුත් ඇල්ලුවා මහ රෑ කාමරේට ඇවිත්.


මාව කේන්තියට වෙව්ලනවා. ඒත් පොඩි එකී මතක් වෙනකොට ඒ තරහා නිමෙනවා.

සිද්ද වුණ දේවල් අමතක කරලා මම ඇස් පියා ගත්තේ මගේ ඔලුව තදින් මිරිකගෙන.


🌲🌲🌲🌷🌷🌷🌼🌼🌼🌲🌲🌷🌷🌼🌼🌲🌼


අද ඉරිදා නිසා අද අක්කලාත් ගෙදර ඉන්නවා. මම ආසම දවස ඉරිදා 

අපි තුන් දෙනා ඇග මැලි කඩ කඩ කුස්සිය පැත්තට ගියේ පුන්චි කාලේ කෝච්චි ගියා වගේ...එකා පිටිපස්සෙ එල්ලිලා..


අම්මා තේ හදන්න කේතලේ ලිපෙන් තිබ්බා.


අක්කා කෝප්ප ටික හේදුවා. මම සුපුරුදු ප්ලේස් එකේම වාඩි උනා..


👵 චූටි දූ..... මේ අලුත් මග් එකක් හෝදලා ගන්න.


🌼 ඒ කාටද අම්මා.......?


👵අලුත් ලමයෙක් එනවානෙ අද ?


🌷අලුත් ලමයෙක් කිව්වෙ?


👵අර මේඝ සර් ගෙ යාලුවෙක්...


අක්කලා දෙන්නයි මමයි මූණට මූණ බැලුවා.

යකූ තව මරාලයක් ද, අම්මෝ මට නම් බෑ තේ අදින්න. පොඩ්ඩිව හරි ලොක්කිව හරි ඒ වැඩේට සෙට් කරන්න ඕන...


මම පොඩ්ඩි දිහා ආතල් එකට වගේ බලලා හිනා වුණා...


🌼ලොකු අක්කා පව් අප්පා... ඒකි තමයි ගෙදර ට නාකි වෙන්නේ....

මම පොඩී ගෙ කනට කිට්ටු වෙලා කිව්ව එක ලොකූ අහගෙන හිටියා.......

ලොකු අක්කා මට එරෙව්වා.


වෙනදා වගේම සර් ට තේ එක යවන්න අම්මා තෝරගත්තේ මාව.

ටිශිනි සීන් එකට පනීවි කියල බයේ මම ඉක්මනට තේ එක ගත්තා.


කවදාවත් නැතිව සර් දොර අගුලු දාලා. මම කීප වතාවක්ම දොරට තට්ටු කලා. සර් දොර ඇරියේ සැකයකින් වගේ. මටත් අමුත්තක් දැනුනා.

මාව දැකපු සර් හකුලගෙන ඉදපු ඇහිබැමි ලිහිල් කර ගත්තා.


තේ එක අතට ගන්නෙ නැතිව සර් දොර ඇරලා මට ඇතුලට එන්න වගේ අයින් උනා.

මට කාමරේ ඇතුලට යන්න හයියක් නොතිබුන නිසා මම සර් ගෙ දිහා බැලුවා.


සර් මගේ අත දිහා බලලා ආපු හිනාවක් තද කරගන්නවා වගේ පෙනුනා.

මොකද තේ එක තියලා තියන ට්‍රේ ලෑල්ල එක්ක මගේ අත වෙව්ලනවා.


🐞අර මේසෙ උඩින් තේ එක තියන්න.


මම ඉක්මනට තේ එක තියලා යන්න හදනකොට සර් මගේ උරහිසින් අත තිබ්බේ මොහොතකට මම ගල් වෙලා යන්න.

ඇස් ලොකු උනා.. පපුව ගැහෙන්න ගත්තා.. මේ මම දකින හීනයක් ද කියලත් හිතුනා.

සර් අත ගත්තා.


🐞මේ ....... පුලුවන් නම් තව පුටුවක් මේ කාමරෙන් ගෙනත් තියනවද?


මම හා කියන්න වගේ ඔලුව වනලා දුවලා ආවෙ කාමරේට.


අම්මෝ........ මේ මොකද්ද උනේ අප්පා.......

සර් මගේ උරහිසට අත තිබ්බා. කන්නාඩිය ඉස්සරහට ගිය මම උරහිස දිහා බැලුවා.

ඇත්තම කිව්වොත් මගේ හිත පිරිලා යන්න සතුටක් ආවා...

මේ වගේ පොඩි දේකටත් මට මෙච්චර සතුටක් දැනෙන්නෙ ඇයි....? 

මම මගෙන්ම ඇහුවා.


අක්කලා දෙන්නා කාමරේට එන සද්දෙ ඇහිලා මම මුකුත් නොව්න ගානට හිටියා.


🌷 මේ චූටියෝ....... ඔයාට අද ගේ අතු ගාන්න තියෙන්නෙ.....

ගේ අතු ගානවා......


මම හා කියන්න වගේ ඔලුව වනලා කුස්සියට රින්ගුවෙ කොස්ස හොයන්න.

පොඩි අක්කා මිදුල අතු ගාන සද්දෙ ඇහෙනවා. මම ගේ අතු ගාලා ඉවර වෙලා සර් ට පුටුවක් කාමරෙන් ගෙනිහින් තිබ්බා. 

ඒ වෙලාවෙත් සර් කාමරේ හිටියෙ නැති නිසා මම පුටුව තියලා කාමරේ දිහා බැලුවා.


කාමරේ පිලිවෙලයි. තව කෙනෙක්ට බඩු තියන්න පුලුවන් වෙන්න කාමරේ හදලා.. 


මම පුටුව තියලා කාමරෙන් එලියට එනකොටම මේඝ සර් කාමරේට ආවේ තව කව්ද මහත්තයෙක් එක්ක.

පෙනුමෙන් උසයි සුදුයි.

මේඝ සර් වගේම ලස්සනයි.


මගේ දිහා උවමනාවෙන් බලපු ඒ මහත්තයා හිනා වුණා. කෙනෙක් හිනා වුණාම හිනා නොවී බැරි නිසා මමත් හිනා වුණා ඉතින්.


මේඝ සර් ගෙ මූණ කලු වෙලා ගියේ මම බලාගෙන ඉන්දිද්දිමයි.


මම කාමරෙන් එලියට ගියා.


🐞🐞🐞🐞🐞🐞🐞🐞🐞🐞🐞🐞🐞🐞🐞🐞


🐞 ඕයි කේශ්මිත 


🕶️ඇයි බං මොකද?


🐞මොනවද බලන්නේ?


🕶️ඒ අඩෝ කවුද බං ඒ.........?


🐞 කවුරු උනාම උබට මොකද ?


🕶️හප්පා...... මූ බලහන්කෝ...... ඇයි උබ ඒ කෙල්ලට ලයින් ද?


🐞පි........පිස්සුද උලමෝ.....?


🕶️අහ් මම උලමා..... උබ හොද එකා...... අනේ නිකන් පලයන් බං යන්න....... උබ ඒකිට ලව් නේද?


🐞පිස්සුද ගෙම්බෝ....... 


🕶️ අන්න අන්න මල්ලී අපිට කොලේ වහනවා.....


🐞 මේ කේශ්මිතයා මේ...... ඒකි මේ ඉස්කෝලෙ යන පොඩි කෙල්ලෙක්... විකාර නොකර හිටපන්....


🕶️ ඉතින් මම ඉස්කෝලෙ යන්නෙ නෑනේ.... උබනේ යන්නේ.....


🐞මේ කුනුහර්ප නාහා උබ හිටපන්....


🕶️අනේ මේ උබට එපා නම් මම ටෝක් කරන්නද?


🐞 උබ ඔය හදන්නෙ මට මේ බෝඩින නැති කරන්න හොදේ.....?


🕶️ හා හා ඉතින්.... ඒත් ඒකි පට්ට ලස්සනයි නේ ඕයි.....


මම කේශ්මිත දිහා බැලුවෙ තරහින්. මොකද්ද ඒ තරහට හේතුව කියල නම් මම දන්නෙ නෑ. ඒත් මට අමුතු ලෝබකමක් වගේ දෙයක් එක්ක පොඩි ඉරිසියාවක් ආවෙ පොඩි කෙල්ලගෙ හිනාව දැකලා.

ඔය සදිත්සා හිනා වෙනවා මම දැක්කමයි..

කේශ්මිත පිස්සු වැටෙන එක අහන්න දෙයක් ද ඒ හිනාවට මාටත් මොකද්ද වුණා.


කේශ්මිත ට බඩු තියන්න ඕන තැන් මම පෙන්නුවා...


🌲🌲🌼🌼🌷🌷🌼🌼🌲🌲🌼🌼🌷🌷🌲🌲🌼


🌷 අම්මෝහ් කව්ද බං ඒ.......?


🌲බලහන් අම්මෝ හැන්ඩි ලුක්.......


🌷ඒ මදිවට හිනාව බලප.න්.....


🌲මේඝ සර් වගේ බුම්මන් ඉන්නෙත් නෑ...


🌼 මොනවද බං බොලාට වෙලා තියෙන්නේ?


🌷 එයා මගේ....... මම තේ ගෙනියන්නෙ අනිත් දවසෙ.....


🌲මංගල නැකතේ දීගෙට ගිය මගෙ නංගෝ..... කවෘන් කවදා මා කැන්දාගෙන යා....... දෝ.......ඕ ......ඕ .......ඕ........


බල්ලෙක්ට අහන් ඉන්න බෑ අප්පා.... මම ලොකූගෙ කට අතින් වහ ගත්තා.


🌼අඩන්න එපා යෝදියේ.......


🌷ඔව් ඔව් බං....... කොහොමත් අපි දෙන්නා එක වෙලාවෙ ඉපදුනේ..... ඒකම රූපේ. අපි මූට සමගියෙන් ආදරේ කරමු අක්කේ....


පොඩී ලොකූව බදා ගත්තා.... ලොකූ බොරුවට අඩ අඩ හොටු පිහදානවා පොඩී ගෙ ඇදුමේ.......


මම ඉතින් හිනා වෙවී බලාගෙන හිටියා. මගේ මේඝ සර් නැතුව ඕන එකෙක් ගනිල්ලා කියල කියන්නත් හිතුනා. බට් ඒව කියල මට එන ගැරහුම් ගැන හිතුවාම කටවහගෙන පාඩුවේ ඉන්න එක හොදයි කියලහිතුනා.

🐞🐞🐞🐞🐞🐞🐞


අම්මා උදේට කන්න ඉදිආප්ප හදල කිරි මාලු හදලා තිබ්බා.මේඝ සර් ගෙ යාලුවා එන නිසාම අම්මා කෑම කාමරෙන් තව පුටුවකුත් ගෙනත් තියලා තිබ්බා.


🐞 අම්මේ...... මේ කේශ්මිත 


අම්මා වෙනදා වගේම මේඝ සර් එක්ක හොදට හිනා වෙලා කේශ්මිත සර් එක්කත් හිනා වුණා.


👵මේ පුතා ඔය පුතා ගැන කියල තියනවා ..

වාඩි වෙන්න කෑම ටිකක් කන්න.

අම්මා එහෙම කියල කේශ්මිත සර් ගෙ අතට පිගානක් දුන්නා.


කේශ්මිත සර් කට ඇරගෙන අක්කලා දෙන්නා දිහා බලාගෙන ඉන්නවා අම්මා දැක්ක නිසාද කොහේද අම්මා අපිව කේශ්මිත සර් ට හදුන්වලා දුන්නා.


👵මේ මගේ ලොකු දූලා දෙන්නා. නිවුන්නු.

මේ කවිත්මා .මේ සවිත්මා .


🕶️කවුද අප්පේ ඒක දන්නේ මම හිතුවෙ හොල්මනක් කියල .එනකොට මිදුල අතු ගගා ඉදපු කෙල්ල මෙන්න ගෙට ගොඩ වෙනකොට පැන් වීදුරුවක් අරගෙන එනවා..


කේශ්මිත සර් කියපු විදියට අපි හිනා වුණා.මේඝ සර් මගේ දිහා බලාගෙන බර කල්පනාවක.

මම මේඝ සර් ගෙ දිහා බලලා හිනා වුණත් පොර නෙමෙයි හිනා වුණේ..


🕶️ එතකොට මේ නංගී


කේශ්මිත සර් එහෙම අහනකොට මම හිනා වෙලා බිම බලා ගත්තා.අම්මා කිව්වා මම පොඩි දුව සදිත්සා කියල .


අම්මෝ සාන්ත බලන්න එපාය වෙනස....

මෙන්න මගේ ගං කබරියො සාන්ත දාන්ත තීන්ත කූඩු වෙලා

බුදාම්මෝ........ලැජ්ජාව........

මෙච්චර දගකාර කෙල්ලො දෙන්නා...දැන් ඉන්නෙ උපාසක අම්මණ්ඩිලා දෙන්නෙක් වගේ. කේශ්මිත සර් කරපු විප්ලවයක්...

මම නෝන්ඩියට හිනා වුනේ මුන් දෙන්නා මෙච්චර සංසුන් වෙලා ඉන්නවා මම දැකලාම නැති නිසා.


ලොකුයි පොඩියි මට එරෙව්වා.මම ආයෙත් මගේ කුප්ප හිනාව දාලා උන් දෙන්නට නොන්ඩි කලා.

මේ වගේ අවස්තාවකින් ප්‍රයෝජන නොගෙන බෑ සාන්ත. බිකෝස් මම ඉපදිච්ච වෙලාවෙත් මම හෙලුවෙන් හිටියා කියල මුන් දෙන්නා මට නොන්ඩි කලා කියලා ආරංචියක් ආවා. ඒ කියන්නෙ ඉපදිච්ච දවසෙ ඉදන් මට කරලා තියෙන්නෙ විහිලු තමයි.


කේශ්මිත සර් සැරින් සැරේට අපි දිහා බලලා හිනා වෙනවා . මොනවා උනත් මම මේඝ සර් ගෙ දිහා බැලුවෙ කවුරු හිනා වුණත් මේඝ සර් හිනා වෙනවා වගේ සතුටක් මට ලැබෙන්නෙ නැති නිසා.


💋 ආන්ටී..... අද මගේ නෑයෝ වෙන අක්කා කෙනෙක් මෙහේ එනවා.


එහෙම කියාගෙන ටිශිනි කෑම කාමරේට ආවා. කේශ්මිත සර් ගෙ දිහා අමුත් විදියට බලලා මේඝ සර් ගෙ ලග තිබ්බ පුටුවෙන් වාඩි වුණ ටිශිනි ඉදිආප්ප ටික දිහා බලලා මූණ ඇඹුල් කර ගත්තා.


👵කවුද දුව නෑ වෙන අක්කා කෙනෙක් කිව්වෙ.? මම අදුනන කෙනෙක් ද?


💋ආන්ටි නම් අදුනනවද මම දන්නෙ නැහැ. මගේ තාත්ති ගෙ අයියා ගෙ දූ. ඒ කියන්නෙ මගේ ලොකු තාත්තිගෙ දූ..


අපි මූණට මූණ බලා ගත්තේ ගෙදර දි මේ ගෑනි තාත්තේ කියල කට ඇරලා මාමට කතා කරනවා අපේ කන් දෙකටම ඇහිලා තියන නිසා.


👵මම ඔයාලගෙ ලොකු තාත්තා නම් දන්නවා.. ඒත් එයාගෙ දූ නම් දැකලා නෑ දුව.


💋 ම්ම්ම් ඔව් එයා දැන් මෙහේ ඉන්නෙ... ලොකු තාත්තිලා මෙහේ ගෙයක් අරගෙන...


ඒ ගමන මොන මරාලයක් ද මන්දන්නෙ නෑ කියල හිත හිත අපි කෑම කාලා මිදුලට ගියා. ලොකු අක්කා ලස්සනට මිදුල අතු ගාලා . මගේ රෝස පැලේ මලක් අත ගගා ලොකූ කතාවට මුල පිරුවා.


🌲අපේ තාත්තිත් වර්ක්ස් කරන්න ගිහින් නේද නංගා..

ආක්කා අමුතු විදියට කිව්වා. 


🌷මල විකාර ඕයි මොන මල හෝන්තුවක් කඩාගෙන පාත් වේවිද දන්නෙ නෑ ඊලගට...... මම නම් ඔය එනවා කියන එකී අදුනන්නෙ නෑ....


🌼ඒක තමයි මාත් කල්පනා කලේ. ඒකි දැන් එන්නෙ නවතින්නද මෙහේ...?


🌷අනේ දන්නෙ නෑ චූටියෝ මම නම්...


🌼අම්මට පුලුවන් ද මෙච්චර ගානකට තනියම උයන්න. නැන්දා හිතන්න ඕන පොඩ්ඩක් මේව


🌲ඔය අපි මේ ගෙදර කට්ටිය බෝඩ් කර ගන්න එකට ඊරිසියාවෙ බං 


🌷නැන්දා හිතන්න ඕන අප්පච්චි මේ ඔක්කොම තනියම කරන්නෙ කියල... අනික අපි තුන් දෙනාම ඒලෙවල් කරනවා. කොච්චර වියදමක් ද? ඒ මදිවට රටේම ඉන්න අය මේ ගෙදර නවත්තන්න හදනවා


🌲ටිශිනි පාඩම් කරන්නෙත් නෑ. මෙතන අපිට පාර්ට් දදා ඉන්නවා..


🌼අම්මට බෑනේ මේවට කතා කරන්න....


🌲ඒක තමයි බං කියන්නේ........


🌷මේ ටිශිනි මේඝ සර් ට ලයින් දානවා නේ....?


🌲 ඔව් ඔව් බලහන් බලන බැල්ම... ඕකි ඔය පොශ් වගේ දගලන්නෙ සර් කැමති වේවි කියලා හිතා ගෙන.


🌼ම්ම්ම්ම්ම්ම්ම් ඔයාලා කේශ්මිත සර් ට ලයින් කරනවා නේ?


🌲එයා ශෝක් නේ බං....


🌷ඔව් බං පට්ට හොදේ........


🌲මේ වගේ ලස්සන පොරවල් දෙකක් අපේ ගෙදර බෝඩ් වෙලා ඉන්න එකත් කොච්චර ආඩම්බරයක්ද යකූ........


🌷ඔව් ඔව් නැතුව නැතුව....


🌼අනේ........ ඔව්....... ආඩම්බරේ කෙසේ වෙතත් ඕකෙන් එක හොදක් වෙනවා.....


🌲මොකද්ද හොදේ........


🌼උබලා දෙන්නා වෙලාවට නාලා කියලා දත්මැදලා ඉදීවී....... 


🌷මූ බලහන්කෝ...... අපි කොහොමත් එහෙම තමයි නේද ලොක්කී.....


🌲හ්ම්ම්ම් ඒක තමයි බං......

උබත් කාට හරි ලයින් පාර දාගෙන..නාලා කියලා හොදට හිටපන්..... 


🌷 ඔව් ඔව් නැත්නම් මූට බදින්න වෙන්නෙ නහයක් නැති අර පිගාන තමයි


🌲සිරා කතාව....අපි ටිශිනිට වැඩක් දෙමු බං.... ඕකිගෙ ලයින් බහින්න.....


🌷 ඔව් ඔව් බං....... මොකද්ද කරන්නේ......??


🌼මේ මොනවා කලත් අහු නොවෙන්න කරපන්....නැත්නම් දන්නවානේ...... අප්පච්චි අපි තුන් දෙනාම හම ගහවි.....


🌲හිටපන්...... ප්ලෑන් කරලා දෙන්න ඕන ගේම..... ඕකිට දුවන්න.....


🐞🐞🐞🐞🐞🐞🐞🐞🐞🐞🐞🐞🐞🐞🐞🐞🐞


මම කේශ්මිත එක්ක ලිද ලගට ගිහින් නාගෙන එනකොට කෙල්ලො තුන් දෙනා අඹ ගහ යට තියන බංකුව උඩ ඉදගෙන මොනවදෝ බර කතාවක..


🕶️ ඒ මේ යමන් කො අර කෙල්ලො එක්ක පොඩ්ඩක් කයියක් ගහන්න.....


🐞උබට පිස්සුද යකෝ... මෙන්න මෙහෙට වෙලා හිටපන්....


🕶️උබට බැරි නම් මම යනවා.....

මම කේශ්මිත ගෙ අතින් අල්ල ගත්තෙ බොහොම අමාරුවෙන්......


🐞උබටත් කෙල්ලොන්ගෙ අස්සෙමයි ඉන්න ඕන නේ??


🕶️එහෙම නෑ බං බලහන් කො ලස්සන නිකන්..... සෝක් කෙල්ලො තුන් දෙනා බං... රස්සාවක් හරි ගියේ නැතත් මට ශුවර් පරස්තාවක් නම් හරියනවා කියලා....


කේශ්මිත තාලෙට කියපු හැටියට මට හිනා ගියා..


🕶️මොකෝ යකෝ හිනා වෙන්නේ.... උබ කොහොමද බං ඔහොම ඉන්නේ..... බලහන් කෙල්ලො තුන් දෙනාගෙ ලස්සන.....


🐞අනේ ලබ්බක් කතා කරන්න එපා යකෝ තෝ නිසා මටත් ලැජ්ජයි.... යකෝ මූ කෙල්ලො දැකලා නැද්ද?


🕶️කෙල්ලො දැකලා නැද්ද අහන්නේ..... බලහන් ඇගවල් ගාන්ට සුදුයි... මගේ උසටම ගැලපෙනවා.... අම්මපා රජකාලෙ උනා නම් මුන් තුන්දෙනාම ගන්නවා මගේ බිරින්දෑවරු හැටියට...


🐞යමන් යමන්... ඔය කෙල්ලො තුන් දෙනා දැක්කොත් තොගේ ඇඹල මූණ මටත් එක්ක ලැජ්ජාව.... යමන් කාමරේට...


🕶️කාමරේ ජනේලෙ ලගට මේ අර කෙල්ලො තුන් දෙනා ඉන්න තැන පේනවද?


🐞ඊයා යකෝ මොකද්ද ....... ඔව් ඔව් පේනවා තොට ඕන තරමක් වෙලා බලාගෙන හිටපන්.....


මම කේශ්මිත එක්ක ගෙට යන්න හදනකොටම කවුදෝ මගේ අතින් අල්ල ගත්තා...


👄මේඝ.........


හම්මෝ.... යකෝ මේ මොන මරාලයක් ද?

මේ ගෑනි මෙහේ කොහේද?

කලු කොට ඇගට හිර වෙන කවුමක් ඇදලා හිටපු සුදු උස නවීන තාලේ කාන්තාව අදුන ගන්න මට වැඩි වෙලාවක් ගියේ නෑ.

සාරියටත් වඩා අසංවර ඇදුමක් ඇදලා හිටපු ශෙනෙල් මිස් එක්ක මම හිනා වුණා.


කේශ්මිත දිහා අමුතු විදියට බලපු ශෙනෙල් මිස් කේශ්මිත එක්ක හොදට හිනා වුණා.

කේශ්මිත හිනා වෙලා මගේ දිහා බැලුවෙ මේ මොන හෝන්තුවක් ද කියලා අහන්න වගේ මූණ හදාගෙන...

උගේ මූණ දැක්කාම මටත් හිනා ගියා....


🐞අලුත් පාඩමකින් නැවත හමු වෙමු....


----------------------------------------


ඔන්න .... තව හෙනයක් පාත් වුණා.


අපි බලමු මොකද්ද වෙන්නෙ කියල නේ.....?

fb ඉන්න අය සම්පුර්ණ කතාව බලන්න ඕන නම් මේකට කමෙන්‍ට් එකක් දාන්න.

ඊලග කොටසින් නැවත හමු වෙමූ...

මම ,

සත්සරණි කවිත්මා💜️

Report Page