👺

👺

Telegram

#කෙටිකතාව


#වලව්වෙමැනිකේ


"සමනෝ මෙහෙම ඉදල බෑ බං අපි මොනව හරි කරන්න ඕන..."


මගේ එහා පැත්තෙ ඉදපු දසුන් කිව්වේ ගහෙන් කඩපු බෝබු කෝටු කෑල්ලකින් කටේ මැලියම් දත්ටික උරච්චි කරන ගමන්.


"ඕක ඉති උබ හැමදාම කියන කතාවනේ බං..."


මම එහෙම කිව්වෙ දසුන් ඔය කතාව මන්තරේ වගේ හැමදාම කියවන නිසා.ඒක නිසාම කියපු කතාව ගනනකට නොගෙනම මම ඇලට දාපු බිලී පිත්තෙ ඇම මාළුවෙක් ගිලීවිදෝ කියල බලං ඉදියේ ඒකට අවදානය දීල.


මම දසුන් කිව්ව කතාව කනකට ගත්තෙ නැති නිසාද මන්ද ඇලේ බන්ට් එක උඩ වාඩි වෙලා දසුන් මගේ දිහා බලං ඉදියෙ අමනාපෙන් වගේ.


"ඕකනේ උබලගෙ කිසි උනන්දුවක් නෑ නේ.."


දසුන් කිව්වෙ ඇලේ එහා ඉව්ර දිහා හිස් බැල්මක් බලාගෙන .


"උනන්දු නැතිකම නෙමෙයි බං දසුන් කරන්න දෙයක් නැත්නම් මොනව කරන්නද බං"


මම කිව්වෙ ඇල දිහා හිස්බැල්මක් බලාගෙන ඉදපු දසුන් දිහා බලාගෙනමයි. උසස් පෙලත් ඉවරවෙලා අවුරුද්දක් ගිහිල්ලත් හරි හමන් රස්සාවක් හොයා ගන්න ලැබුන් නැති නිසා මට වගේම දසුන්ටත් පුදුම තරම් මුදල් අපහසුකම් තිබුන, විබාගෙ උනත් හරියට කර ගත්තෙ නැති නිසා දෙන්නටම ගෙවල් වලි දාපු නිති තහනම් වලින් නම ඉවරයක් තිබුන් නෑ .


ගමේ ගොවිතැන ගැන උනන්දුවක් තිබුනේ නැති නිසා අපි දෙන්නටම ඕන උනෙ කොලඹ ගිහින් රස්සාවක් කරන්න ,ගෙදරින් ඒකට කොචර අකමැතියි ද කිව්වොත් අපිට ඇදුමක් ගන්නවත් සල්ලි දුන් නෑ , "උබලගෙ දේවල් උබලම කරගනින් අපි කියන දෙයක් අහන්න බැරිනම්" කොලඹ යන්න සල්ලි ඉල්ලපු හැම වෙලේම අපේ තාත්තා මට කිව්වෙ කතාව තමයි ඔය.


කොලඹ රස්සාවක් කරපු යාලුවෙක් ගමට ගෙනාපු අලුත්ම මෝටර් බයිසිලේ දැකපු වෙලේ ඉදන් අපි හීන ඔක්කොම දැකල තිබ්බෙ කොලඹ රස්සාවට යන්න,ඒත් අතේ සල්ලි නැති නිසා අපි දවස් ගනන් පැය ගනන් කල්පනා කරත් අපිට කිසිම විදියක් තිබුන් නෑ සල්ලි හොයා ගන්න ,ඔය විදියට හම්බවෙන හැම දවසම දසුන් කිව්වෙ "මොනව හරි කරන්න ඕන බං මෙහෙම ඉදල බෑ " කියන සුපුරුදු කතාවම තමයි.


"දෙයක් තියෙනව කරන්න ..."


දසුන් කිව්ව පාර මගේ ඇස් දෙක උඩ ගියේ මගේ මනෝ ලෝකෙත් බිදවැටෙන ගමන්මයි ,කිසිම දෙයක් නැතුව ඉදිය මට දසුන්ගේ ඒ වචනෙත් ගෙනාවෙ පුදුම සතුටක්.


"ඉතිං කියපංකො මොකද්ද ඔය උබ කියන සල්ලි හොයන ක්‍රමේ"


මම ඇහුවෙ පුදුම නොඉවසිල්කින්.ඒකට එකපාරම උත්තරයක් දිපු නැති දසුන් එක එල්ලෙ ඇල දිහා බලාගෙන ඉදියේ කියපු කාරනේ ගැන තවත් හිතන්න වගේ.


"මේකට උබ කැමති වෙයිද කියලයි මට සැක"


ටිකක් වෙලා ඇල දිහා බලං ඉදපු දසුන් කිව්වෙ මගේ දිහා බැරෑරුම් විදියට බලන ගමන්,


"කැමති අකමැති එක මම කියන්නම් උබ කියපං කෝ"


මම කිව්වෙ දසුන් මෙච්චර මේ හිතන්නෙ මොකද්ද කියල දැනගන්න තිබුන් නොඉවසිල්ල නිසාමයි.


"මොකවත් නෙමෙයි බං මැනිකෙගෙ නිධානය "


දසුන් කිව්ව කතාව අහපු ගමන් මගේ ඉහමොල රත්වෙලා ඇගෙත් ලේ වතුර උනා ,මොකද දසුන් කියපු කතාව මට ඒ තරමටම හිතා ගන්න බැරි උනා.


"උබට පිස්සු ද මිනිහෝ ,ඔය බොරු කතා උබ විශ්වාස කරනවද ,අනික උබ හොදටම දන්නව ඔක තියෙන්නෙ කොතනද කියල"


මම දසුන්ට කිව්වෙ හිතට ආපු ආවේගයත් එක්කම ,කොචර සල්ලි ඕන උනත් ඔය වගේ දෙයක් කරන්නෙ කොහොමද කියලවත් මට නම් හිතාගන්න බෑ.


"බොරු නෙමෙයි බං ,අපේ සීය තමයි ඔය කියන නිධානෙ නැත්නම ඔය ආබරන පෙට්ටිය මිනී පෙට්ටිය වහන කොට පෙට්ටිය ඇතුලෙන් තියල තියෙන්නෙ "


දසුන් කිව්වෙ පුදුම විශ්වාසයක් හිතේ තියාගෙන, අපේ අම්මල කියන විදියට අපේ ගමෙ ඉදපු ලොකුම දනවත්තු තමයි මුදියන්සේ හාමුලා ,මම පොඩි කාලෙ තමයි ඔය හාමුලාගෙ පරම්පරාවෙ අවසන් සාමාජිකය උන කුමාරි මැණිකේ අන්තරා වුනෙ,අපේ අම්මල කියන විදියට උන්දෑ තරම් මසුරු ගැහැනියක් එයාල දැකලම නැතිලු මැරෙනකම්ම වත්තට වැටෙන පොල් පිත්තක්වත් ගමේ මනුස්සයෙක් ට දීපු නැති මසුරු ගැහැනියක් තමයිලු කුමාරි මැනිකේ කියන්නේ.


ජීවත් වෙලා ඉන්නකම් පන්සලකට ගොඩ වෙලා නැති, තනියෙම ජීවත් වුන කුමාරි මැණිකේ ගේ ලෝබ කම කොචර ද කියනවනම මැරුනට පස්සෙ එයාගෙ රත්තරං බඩු තිබ්බ පෙට්ටිය එයත් එක්කම වලදාන්න කියල අන්තිම කැමැත්ත පවා ලියල තමයි මැරිල තියෙන්නේ.


මැරුනට පස්සෙ කුමාරි මැනිකෙගෙ අවතාරය වලව්වෙ ඇවිදිනව කීප දෙනෙක්ම දැකපු නිසා හවස් යාමෙට ඒ වලව්ව තිබුන පාරෙන්වත් යන්න හැමෝම බය වුනා, කාලයත් එක්කම වල් වැදුන වල්ව්ව ගම මැද්දෙ තියෙන වත්තෙ ජාරාවස වෙලා තිබුනත් කුමාරි මැනිකෙගෙ අවතාරය ඉන්න නිසා කිසිම කෙනෙක් ඒ වත්තට පය තිබ්බෙ නෑ .


"මොකද කියන්නේ උබ කැමතිද වැඩේට"


එකපාරම දසුන් කතාකරපු පාර මෙච්චර වෙලා කල්පානා ලෝකෙ ගිලිල ඉදපු මම ආපහු දසුන් දිහා බැලුවෙ මොකක් කියන්නද කියල හිතා ගන්න බැරුව.


"උබ හිතන්නෙ ඕක ලේසි වැඩක් කියලද?"


මොකද්ද කරන්නෙ කියල හිතා ගන්න බැරිව ඉදපු මම දසුන්ගෙන් ඇහුවෙ ඔහුගෙ උත්තරය මොකද්ද කියල දැනගන්න ඕන නිසා.


"කිසිම දෙයක් ලේසි නෑ සමන්, මේක කරන්න පුලුවන් ;මේක තමා අන්තිම තුරුම්පුව."


දසුන් කිව්වෙ හරිම විශ්වාසෙන්, සල්ලි කියන දේ අත්‍යවශ්‍යම වෙලාවක් උන මේ වෙලාවෙ මට මේකට කැමති වෙනව ඇරෙන්න වෙන දෙයක් කරන්න තිබුනෙ නෑ.


" මම කැමතියි , හරි ;කවදද අපි ඕක කරන්නේ.."


මම දසුන්ගෙන් ඇහුවෙ මගේ තීරනෙත් දසුන්ට කියන ගමන්මයි.


"කල් දාන්න බෑ බං අදම කරමු"


දසුන් කියපු කතාවට මගේ උගුරු කටත් වේලිලා ගියා, මෙච්චර හදිස්සියට මේක කරන්න පුලුවන්ද?, කියන ප්‍රශ්නේ විදුලියක් වගේ මගේ ඔලුවට ආව,


"මොනව අදම ...?"


මම කිව්වේ කියන දෙයක් හිතා ගන්න බැරුව.


"ඔව් අදම උබ රෑ හත වෙද්දි පන්සල පල්ලෙහා කලවිට ගාවට වරෙන් ඔක්කොම සදානම් කරන් හත වෙද්දි මම එන්නම්"


දසුන් කිව්වෙ ලොකු විශ්වාසයක් හිතේ තියාගෙන ,මට විස්තරෙ කියපු දසුන් එහෙම්ම ඇලෙන් පැනල ගෙවල් දිහාට ගියේ රැ කරන්න තියෙන රාජකාරියට කලමනා සූදනම් කරන්න ඕන නිසා.


මමත් එතන රැදෙන් නැතුව ගෙදර ආවට මගේ හිතේ නිදහසක් තිබ්බෙම නෑ ,පැය කට්ට හෙමින් හෙමින් හැල්මෙ ගිහින් අපේ කයුත්තට වෙලාවත් ලංවුනා.


මම ගෙදරින් එලියට බැස්සෙ දසුන් එක්ක යාලුවෙක්ගෙ බන ගෙදරක යනව කියල,මම කොහොම හරි කලවිට ගාවට එනකොට දසුන් එතනට ඇවිත් ඉදිය මටත් කලින්ම.


"ඉක්මනට යමු වැහි අදුරක් තියෙන්නෙ වැස්සොත් සේරම විනාසයි"


එහෙම කියපු දසුන් කලවිටේ හංගල තිබ්බ පුන්චි උදැල්ලක් මගේ අතට දෙනගමන් ,යකඩ ඉන්න ඔහුගෙ අතට අරගෙන ඉක්මනට කලවිටෙන් පැනල වලව්ව දිහාට යන්න ගත්තා.කොහොම හරි අපි වලව්ව මායිමට එනකොට රෑ අටත් පහුවෙලා.


"සමන් අපි මෙතනින් ඇතුලට රිංගමු,සොහොන තියෙන්නෙ වලව්වෙ පිටි පස්සේ"


එහෙම කියපු දසුන් දිරල ගිහින් තිබ්බ වැට මායිමෙන් එහා පැත්තට කිසිම අපහසුවක් නැතිවම රිංගුවා,දසුන්ව අනුගමනය කරපු මමත් එතනින්ම වලව් වත්තට රිංගුවේ හිතේ තිබ්බ බය අමාරුවෙන් හංගගෙන.


වැහි අදුරත් එක්කම මුලු වටපිටාවම කෑලි කපන්න පුලුවන් තරමට ඝන අන්දාකාරයෙන් වැහිල ගිහින් තිබුනේ ,බකමූනෙක් අපි වත්තට ඇතුල් වෙන වෙලේ ඉදන් කෑ ගහන්න ගත්ත නිසා මගේ හිතට මහ අමුත්තක් දැනුනත් මම ඒක දසුන්ට කියන්න ගියේ නෑ.


අතේ තිබ්බ පුන්චි ටෝච් එකේ එලියෙන් දසුන් මට ඉස්සර වුනා මොකද දසුන් මට වඩා වත්ත ගැන දැන ගෙන ඉදියා ,අපි කොහොම හරි වැට මායිමේ ඉදන් මීටර් සියයක් විතර වත්ත ඇතුලට ආවම අදුරට හුරුවෙලා තිබුන අපේ ඇස්වලට ගරා වැටුන වලව්වෙ බිතිති පේන්න ගත්තා ,සිංහල උලු තිබුන වහල සම්පුර්ණයෙන් ම බිමට කඩං වැටිල, පෙදකාපු හිරිගල් බිති ටික විතරක් ඒ වෙනකොට ඉතිරි වෙලා තිබුනා.


එතන විනාඩියක් විතර ඉදපු අපි දෙන්න එතනින් යන්න හදපු ගමන් වැට මායිම ගාවින්ම බල්ලෙක්ගේ මහ මූසල උඩබිරුමක් ඇහුනේ පාලු වලව් වත්තම දෝංකාර දෙන විදියට,ටික වෙලාවක් උඩබුරපු බල්ල වත්ත දිහා බලාගෙන බුරන්න ගත්තේ වියරු වැටිල වගේ.


"බල්ල අපිව දැකලද දන් නෑ ඉකමනට පහත් වෙලා යමං ,අර තියෙන්නේ සොහොන"


දසුන් කලබලෙන් වගේ කිව්වෙ අපිට අඩි විස්සක් විතර දුරින් තිබුන විශාල සුදු පිරියම් කරපු උස සොහොන් කොතක් පෙන්නලා, බල්ලගෙ බිරුම නම් ඉවරයක් වෙන පාටක් තිබුනෙම නැති නිසා මගේ හිතට ලොකු බයක් දැනුනා මොකද බල්ලගෙ සද්දෙ නිසා වැරදිලාවත් කවුරු හරි වත්තට ආවොත් අපි දෙන්නම් අහුවෙන නිසා.ටික වෙලාවක් බුරපු බල්ල එකපාරම මහ වේදනාත්ම කෙදිරියක් එක්ක දුවන හඩක් ඇහුනේ මොකකට හරි බය වෙලා වගේ.


"දසුන් බල්ල දිව්ව උබට ඇහුනද කවුරු හරි එනවද දන් නෑ"


මම දසුන්ට කිව්වෙ මගේ හිතට මහ අමුත්තක් දැනුන නිසාමයි.


"පිස්සුද බං ඉක්මනට මම හාරන පස් ටික ඔය උදැල්ලෙන් අහක් කරපං ඉක්මන් කරපං"


මම කියපු දේ කනකටවත් ගත්තෙ නැති දසුන් හයියෙන් හයියෙන් සොහොනෙ එක පැත්තකින් හාරන්න ගත්තා, ඒ හාරන පස් ටික මම ඉක්මනටම උදැල්ලෙන් අයින් කලේ මේ වැඩේ ඉක්මනටම ඉවර කරන්න ඕන කියල මට දැනුන නිසා.


විනාඩි පහලවක් විතර හෑරුවට පස්සේ එකපාරම ගල් ඉන්න " ඩග්" හඩක් එක්ක එකපාරටම වල ඇතුලට ගියා හරියට මොකක් හරි බොල් දෙයක් වගේ එකකට , ඒ එක්කම දසුන් මගේ දිහා බැලුවෙ මුනේ තිබුන හිනාවක් එක්කමයි ,


"මිනී පෙට්ට් දිරල ඒක තම ඒ ඇහුන සද්දේ, ගල් ඉන්න කෙලින්ම ඇතුලට ගියේ ඒකයි, ඉක්මන් කරමු තව පොඩ්ඩයි "


එහෙම කියල දසුන් තව පාරක් ගල් ඉන්නෙන් අනින්න හැදුව විතරයි "චරස්,බරස්" වගේ වේලුන කෝටු කෑලි කැඩෙන හඩක් අපේ පිටි පස්සෙන් ඇහෙන්න ගත්තා,ඒක නිකන් හරියට දිරච්ච කෝටු ගොඩක කවුරුහරි ඇවිදිනව වගේ.මම වගේම දසුනුත් පිටි පස්ස බලපු විදියන්ම ඒක මට විතරක් ඇහුනු සද්දයක් නෙමෙයි කියල මට තේරුනා,


"ඒ මොකද්ද බං ඒ "


දසුන් මගෙන් අහුව්වේ ඇස් දෙක නලලට අරන් ,දසුනුත් ඒ සද්දෙට බය වෙලා කියල ඒ මුහුනෙන් හොදටම පෙනුනා.


ටිකක්වෙලා අපේ පිටි පස්සෙන් ඇහුන ඒ සද්දෙ එකපාරම අපේ ඉස්සරහින් ඒ කියන්නෙ සොහොනට පිටිපසෙන් වගේ ඇහෙන්න ගත්තා හරියට අපේ ඉස්සරහට එනව වගේ ,ඒ හඩ එන්න එන්නම අපිට ලං වෙන බව ඒ අඩි හඩා ඇහෙන විදියෙන් අපිට හොදටම තේරුනා.


සොහොන් කොත ගොඩක් උසට සෑය වගෙ හදල තිබුන නිසා ඒක පිටිපස්සෙන් එන සද්දෙ මොකද්ද කියල හරියටම අදුන ගන්න බැරි උනත් ඒ අපිට එච්චර සුබදායි දෙයක නෙමෙයි කියල මට ඉවෙන් වගේ දැනුනා.


ටිකක් වෙලා ඇහුන ඒ සාද්දෙ එක පාරටම නැති වෙලා ගියේ ඒ සද්දෙ අපේ ලගටම එන්න ඔන්න මෙන්න වගේ තියෙද්දී..


"දසුන් මෙතනින් යමන් ,මටනම් මහ අමුත්තක දැනෙනවා"


මම දසුන්ට කිව්වෙ එක පෙලට නොනවත්වාම ගැහෙන මගේ පපුවට අත තියා ගන්න ගමන් ,දසුන්ගෙ අත් දෙක වෙව්ලන විදියෙන දසුනුත් මම තරමට බය වෙලා කියල මට තේරුනා.


"බෑ බං මේක කොහොම හරි කරන්න ඕන ...."


එහෙම කියල තව යකඩ ඉනි පාරක් සොහොනට දෙනවත් එක්කම සොහොම උඩ තිබුනු කොල රොඩු වගෙ දේවල් ටිකක් අපේ ඇගට වැටුනේ සුලගක්වත් නැතුව , ඒ මොකද කියල බලන්න මමයි දසුනුයි දෙන්නම් හෙමිහිට ඇස් දෙක උස්සල සොහොන් කොත් උඩ දිහා බැලුවා...


දෙයියනේ !!! ඒ දැකපු දෙයින් එකපාරටම හිටපු විදියටම බිම වඩි වෙලා අත්දෙකෙන් පිටිපස්සට බඩගාගෙන වගේ ගිගේ හිතට ආපු බය කොච්චරද කියල කියා ගන්නබැරි තරම වුන නිසා , දසුනුත් බුදුඅම්මො ගාගෙනම මාත් එක්කම පස්සට පැන්නේ සොහොන දිහා බලාගෙනමයි.,


මුලු ඔලුවම සුදුපාට දිග කෙස් ගස්වලින් වැහිලා තිබුන ,ඇස් වෙනුවට ඇස් කුහර දෙකක් විතරක් තිබුන වැරහැලි සුදු සාරියක් ඇදගත්ත ගැහැනියක් සොහොන් කොත උඩ ඉදගෙන ඉදියේ අපි දෙන්න දිහා ඒ ඇස් කුහර දෙකෙන් බලාගෙන ඉන්නව වගේ. ඒ මුහුනෙත් මුලු ඇගේමත් හම දිය වෙලා වගේ ඇටවලටම් ඇලවිලා තිබුනේ හරියට ඊජිප්තු මමියකගෙ වගේ.


"තොපි ආවෙ මගේ වස්තුව ගන්නද බොල, මම උබල දෙන්නවම මරනවා .."


එකපාරම ඒ වියරු ගෑනු රූව කතා කරන්න ගත්තා,උගුරෙන් වගේ ආපු ඒ හඩ හරියට නිකන් මරනයේ අදෝනාව වගේ මගෙ කන පතුලටම කිදාබැස්සෙ හෙනයක් පිපුරුව වගේ,මගේ පපුව එක තප්පරේට සිය පාරක් ගැහෙනව වගේ දැනෙන්න ගත්තේ හදවත බිමට ගලවං වැටෙන්න වගේ.දසුන්ගෙ පපුව ගැහෙන හඩ පවා මට ඇහුනා, ඒකෙන් මම තේරුම ගත්තා දසුනුත් මම තරමටම බය වෙලා කියලා.


ඉහින් කනින් දාපු දාඩිය අපේ මුලු ඇගම තෙත් කරද්ද දෙන්නම කකුල් දෙක වරු නැතිව බිම දිගේම බඩ ගාගෙන පස්සෙන් පස්සට ගියේ කොහොම හරි මේ වියරූ වැටීසිටින අවතාරෙන් ගැලවෙන්න ඕන කියල හිතා ගෙන.ඒ අවතාරෙ කියපු කතාවෙන්ම මට තේරුනා ඒ ඉන්නෙ වෙන කවුරුවත් නෙමෙයි කුමාරි මැනිකෙග අවතාරය බව, ඒ එක්කම මම හෙමින් දසුන් දිහා බැලුවෙ මොකද්ද කරන්නෙ කියල අහන්න , එ වෙලාවෙ මම දැක්කෙ දසුන්ගෙ මුලු ඇගම හරියට සන්නිය හැදිල වගේ එක පෙලට වෙව්ලන්න අරගෙන තිබුනා, කෙල පිඩක්වත් ගිල ගන්නවත් බැරුව ඇස් දෙක නලලෙ තියාගෙන කුමාරි මැනිකෙගෙ අවතාරෙ දිහා බලාගෙන ඉදියේ හරියට බන්ධනයක් කරල වගේ.


"චරස්" ගාල ලී කෝටුවක් පොඩි වෙන සද්දෙ ඇහිල මම සොහොන දිහා බලපු ගමන් මට මහ හයියෙන් කෑ ගැහුනෙ මටත් නොදැනිම,කුමාරි මැනිකෙගෙ අවතාරෙ හෙමින් හෙමින් අපේ ලගට ඇවිදන් එන්න පටන් අරං තිබුනා ,කරන්න කිසිම දෙයක් තිබුන් නැති තැන මම කොහොම හරි කකුල් දෙකට වාරු අරගෙන හිට ගත්තේ කකුල් දෙක මටත් අවනත නැතුව වෙව්ලද්දිමයි, ඒත් එක්කම මම දසුනයවත් වත්තම් කරල නැගිට්ටව ගත්තෙ කොහොම හරි මේ වත්තෙන් පිට වෙන්න ඕන කියල හිතාගෙන,


"ඩෝංංංං"


එකපාරම වලව් වත්තෙ තිබුන පොල් ගහකට හෙනයක් ගැහුවෙ මුල පාලතම දෙදරවන තරමෙ සද්දෙකින්, ඒ හෙනයත් එක්කම පටන් ගත්ත මොර සූරන වැස්සක් ඒත් කොහොම හරි මේ වත්තෙන එලිය යා ගන්න ඕන නිසා මම දසුනයත් ඇදගෙන කකුල් දෙකට පුලුවන් තරම් වෙර අරගෙන වැට මායිම පැත්තට දිව්වා ,කට්ට කරුවලේ පය පැටලිල අපි දෙන්න කීප වතාවක්ම බිම ඇද ගෙන වැටුනා , ඒ වැටෙන හැම වෙලාවකම ඩිංග ඩිංග කුමාරි හාමිගෙ අවතාරේ අපිට ලංවුනේ අපිම අරගෙන ආපු අපේ යකඩ ඉන්නත් අතින් අරගෙනමයි.


ඇදගෙන වැටුන වාරයක් ගානෙ අපෙ අතපය හැමතැනම තුවලා වුනා, වැහි වතුරට ඒවා පුදුම තරම් වේදනාවක් දුන්නත් මමයි දසුනුයි දෙන්නම වැට මායිම ගාවට උපරිම වේගෙන් දිව්වා ,මායිමට අඩි පහක් වගේ තියෙද්දි එක පාරටම මට පිටි පස්සෙන් "ඩංංංංං" ගාල සද්දෙකුත් එක්ක "බුදුඅම්මො " ගාල දසන්ගෙ විලාපය ඇහුනෙ මගේ ඇගෙ ලේ වතුර වෙද්දි.එක පාරටම පිටිපස්ස බලපු මට මගේ පපුව නැවතෙනව වගේ දැනුනා මට අඩි පහක් විතර පිටි පස්සෙන් දසුන් මුනින් අතට බිම වැටිල හිටිය, ඒ ලගම අපි ගෙනාපු යකඩ ඉන්නත් දසුන්ගෙ ඔලුව ලගින්ම වැටිල තිබුනා .


ආපහු දසුන් ලගට ගියපු මම දැක්කෙ යකඩ ඉනි පාර වැදිල දසුන්ගෙ ඔලුව ගොඩක් පැලිලා තිබුන හැටි, මහා ලේ ගොඩක් ඒ ඔලුවෙන් පිට වෙද්දි දසුන්ගෙ කටින් හීන් කෙදිරියක් පිට වුනා, ඒ වෙනකොටත් මැනිකෙගෙ අවතාරෙ අපිට වඩා අඩි පහක් විතර දුරින් අපි දෙන්න ලගට එමින් ඉදියා, තප්පරයක් වත් පරක්කු නොකර දසුන්ව කරට ගත්ත මම කෙලින්ම වැට මායිමෙන් එලියට පැන්නෙ පස්සවත් බලන් නැතුව.


දසුන්ගෙ කෙදිරිය එන්න එන්නම අඩුවෙන්න ගත්තා ඒත් එක්කම දසුන් වෙව්ලන්න ගත්තෙ හරියට වලිප්පුව හැදිල වගේ,මම කොහොම හරි වලව්ව පහුකරල කලවිට ගාවට එනකොට දසුන්ගෙ ව වෙව්ලීම තව වැඩි වෙන්න් ගත්තා ,එකපාරටම ගහපු අකුනු පාරෙ එලියට මම දැක්කෙ පන්සලේ මකර තොරන, තප්පරයක් වත් හිතන් නැතුව මම කෙලින්ම පන්සල ඇතුලට දිව්වා .


එහෙම දුවපු මම කෙලින්ම නැවතුනේ පන්සලේ ලොකු හාමුදුරුවනේ ආවසගේ ලග,


"අනේ ලොකුහාමුරුවනේ බේරගන්නෝ"


මම පුලුවන් තරම් හයියෙන් බෙරිහන් දෙන ගමන් දසුන්ව බිම තියල ආපහු පිටිපස්ස බැලුවා දෙයියනේ ඒ වෙනකම්ම අපේ පස්සෙන් එලවගෙන ආපු කුමාරි මැනිකෙගෙ වියරු වැටුන අවතාරෙ පන්සලේ මායිමට එහ ඉදන් අපි දිහා බලං ඉන්නව මම දැක්කෙ මගේ මගේ ඇස් දෙක බාගෙට පිය වෙනකොටම වගේ.


දවස් තුනකට පස්සෙ මට සිහිය එනකොට මම ඉදියේ ඉස්පිරිතාලෙ ,මට එහා ඇදේ දසුන් ඔලුවෙ දාපු ප්ලාස්ටරයකුත් එක්ක හාන්සි වෙලා ඉදියා ,මම දැකපු දේවල් හිතලුවක් නෙමෙයි කියල ඇගපුරාම තියෙන තුවාල හොදටම සාක්ශි දෙද්දි ඒ බිහිසුනු මතකයත් සල්ලි හොයන් කොලඹ යන සිහිනයත් එක්කම අමතක කරල ඒ සිතුවිලි ඔක්කොම වලල දැම්මේ ආපහු වලව්ව පෙනෙන මානෙකටවටත් යන් නෑ කියල හිතාගෙන.


Telegram Channel click

නිමි


කියවල අදහස කියාගෙනම යමු ,හිතුවට වඩා පොඩ්ඩක් කතාව දික් වුනා..😊😊😊

Report Page