_____

_____

සෙවලි ❤️

මා ඉස්පාසුවක් නොමැති බව කැටි කරගත් ඉවසීමකින් කෙටි පණිවිඩයට පිළිතුරු එන තෙක් බලා සිටියමි. ඒ බලා සිටීම මරණාසන්න තුවාලයකදී පවා උහුල්ලන්නට සිදුවන වේදනාවේ ධාරිතාවට දෙවැනි නොවූයේ යැයි සිතමි.


ඔහු මට දරාගැනීම ඉගැන්වූයේය. එය මගේ ජීවිතයේ උගත් වටිනාම පාඩම යැයි සිතමි. මා අති ඉහලින් මගේ ජීවිතේ පරිස්සමට අරන් තැබූ වස්තුන් මටම රැස් පෙන්නන විට වේදනාව ගුලිකරගත් දෑතෙන් සියුමැලිව කදුළු පිසලන ආකාරය ඔහු මට ඉගැන්වූයේය. කෙනෙකු සිතේ සදාකාලිකව රැඳීමට නම් එක්කෝ ඔහු ගැන ආදරයක් තිබිය යුතුය. නැති නම් වෛරයක් පැවැතිය යුතු බව මා අසා තිබේ.


ඔබ ගැන දැන් මට ඇත්තේ ආදරයක් හෝ වෛරයක් නොවේ. කියන්නට කනගාටුයි ඒක කනස්සල්ල මුසු උන පසුතැවීමක්. වටිනාකමක් නොදෙන තැනක තාවකාලික බෝඩිංකාරයෙක් වූ බව පමනයි අද මට දැනෙන්නෙ. යාළු වෙනව කියන බොල් වචනෙ අස්සෙ ආදරේ හොයන එක විහිලුවක්. තේරුම් ගන්න පරක්කු උනාම පැල්ලම් මකන්න බැහැ සර්ෆෙක්සල් දැම්මත්. කොහොම උනත් මගේ ආදරය වීදුරු කුප්පියක දමා නොපෙනෙන තරම් දුරකට විසි කරන්නම්...අද ඉඳන් උඹව හැම තත්පරයක් ගානම මං ප්‍රතික්ශේප කරනව. පිළිකුල් කරනව. උඹ ව මිසක් දුන්නු ආදරේ නම් නෙමෙයි. නාමික ප්‍රථම ප්‍රේමයක් තිබූ මට ඔබ මගේ පලමු හා අවසාන ආදරය බව විශ්වාසයි...අදත් හෙටත් ආදරේ කරනව... හැබැයි තනියම...



අමතක නොවන බොහෝ දේ ඉගැන්වූ මගේ හොඳම ගුරුවරයා උනු නුඹට ස්තුතියි. දාපු වමනෙ නැවත නොකා සිටීමට මා මටම පොරොන්දු වෙනව. නොකිව්වට ආදරේ තරම උඹත් දන්නව. වෙනදට වටේම ගිහින් ආවම නාවල ගෙට අරන් උඹ වෙනුවෙන් තියාගත්ත ඉඩ මිනී වලක් වගේ මන් වහල දැම්ම...සතුටින් ඉන්න.. අලුත් කෙනාටයි ඔයාටයි දෙන්නටම ආදරෙයි. ඇත්තමයි එයාට දුකක් දුන්නොත් මගෙන් වැටිච්ච කඳුලක් ගානෙ මං උඹට සාප කරනව. මං කැපුන එහෙනම් ...


අවසාන වතාවට,


සෙවලි.


ආයෙ මේ නම පාවිච්චි කරන්නෙ නැහැ. හිරිකිත අතීතෙ නෂ්ඨාවශේෂ ඉස්සරහට ඕන වෙන එකක් නැහැ.



මේක ලොකු කතාවක අන්තිම පිටුව...කාලෙකට නවතිනව. අලුත් පිටුවක් එක්ක අලුත් නමකින් ආයේ එන්නම් 🖤

Report Page