....

....

Ima guruge...|



ගත සීත කරනා සුළං පොද... කලු වළාකුලින් බර වුනු අහස් ගැබ...

වැහි බිංදු එකින් එක හෙමි හෙමින් බිම සිප ගන්නා අයුරු සංවේගී සිතින් බලා සිටි යුවතිය ජනේලය අසලින් ඉවත් වන්නට වූවේ ලොකු නෝනාගෙ කකුලෙ බෙහෙත් ගැල්වීමේ කාර්‍යයට වෙලාව පැමිණි හෙයිනි.

බෙහෙත් තෙල් බෝතලයද රැගෙන කාමරයට ගිය යුවතිය බෙහෙත් ගල්වා හොද හැටි කකුල පිරිමදින්නට වූවේ ලොකු හාමිනේ සමග දොඩමලු වෙමිනි.

' පොඩි සර් ආවද ලමයෝ ?'

'තාමනම් නෑ ලොකු නෝනා'

' අනේ මන්දා මේ ලමයනම්...රාජකාරි කියලා ඔහොමත් නැහෙන්න පුලුවනිද...ඊයෙ උදේ ගිය ගමන් දැන් 5 ත් පහු වෙලා '

ලොකු නෝනා කියත්ම ජීජ් රිය මිදුලෙ නැවතුණි. පොදයකින් ඇරඹුනු වැහි දිය දැන් මහා ධාරානිපාත ව‍ර්ශාවක් ලෙසින් ඇදහැලෙයි. ජීජ් රිය නවතා නිවස තුලට පැමිනි චමන්ක හොද හැටි වර්ශාවෙ තෙමී ඇති බව අගවන්නෙ ඔහුගෙ නිල් පැගැති කමිසයයි.

' අනේ කෙල්ලෙ මාව ඉස් තෝප්පුවට එක්ක පලයන් '

යුවතිය හාමිනේද රැගෙන ඉස්තෝප්පුවට ගිය විගහ දුටුවේ තෙත බරිත වූ චමන්ක පඩිපෙල නැග යන අයුරුයි.

' පුතා... හොදටම තෙමිලනෙ '

මවගෙ හඩින් තැවතී හැරී බැලූ චමන්ක,

' ඔව් අම්මා... එද්දි ගහක් වැටිලා පාරට මිනිස්සු දෙතුන් දෙනෙක් එක අයින් කරන ගමන්...යාගන්න විදිහක් නැති නිසා මාත් උදව් උනා...ඉන්නකො අම්මි මන් වොශ් දාන් එන්නම් ඉක්මනට '

Report Page