🥺❤️

🥺❤️

Sayumi Thamadi

"ජානකී....! ජානකී.....!"

_ගෙදර හැමෝම නිදි. ඒත් මට නම් නින්ද ගියේ නැහැ. එක දිගටම මට කවුරුහරි කතා කරනව වගේ ඇහුනා._


👧🏻 *කවුද...? මේ මහ රෑ??*


_මං එහෙම ඇහුවත් කිසිම උත්තරයක් ආවෙ නැහැ._


👧🏻 *අම්මේ..! තාත්තේ..!*


_ඒ දෙන්නගෙන්වත් මට කිසිම උත්තරයක් ආවෙ නැහැ. එයාල හැමෝටම මහන්සියට නින්ද ගිහින් ඇති කියල හිතුනු නිසා මං කාමරේ දොර ඇරගෙන එලියට ගිහින් කවුද කියල බැලුවා._


👵🏽 *ජානකී..... ජානකී.....*


👧🏻 *කවුද අනේ මේ කතා කරන්නේ..? ඔයා කොහෙද ඉන්නේ..?*


_එලියට ගිහින් බැලුවාම කවුරුත් හිටියෙ නැහැ. ඒත් මට කවුරුහරි කතා කරන සද්දෙ නම් ඇහුනා._


👵🏽 *මේ මං! මට අමාරුයි දෝණියෙ...🥺*


_එන්න එන්න ඒ සද්දෙ මට ලං වෙනව වගේ දැනුනා. මට දැන් නම් ටිකක් බය හිතුනා._


_~එකපාරටම.............!~_


_කවුරුහරි මගෙ ඇගට අතක් තිබ්බා......_

_මං හොදටම බය උනා....😰🥵_

_මං පිටිපස්ස හැරිලා බැලුවා කවුද කියල.......!_


👧🏻 *ඕහ්....😱 වයසක ආච්චි අම්මා කෙනෙක්නේ.....*


👵🏽 *ජානකී.... මට හොදටම බඩගිනියි....🥺 කන්න මොනාහරි දෙන්න පුළුවන්ද....🥺🙏🏼*


👧🏻 *අපි යමු ගේ ඇතුළට...😊 මං ආච්චිට කන්න දෙයක් දෙන්නම්...😊*


_ඒ ආච්චි ගොඩක් අමාරුවෙන් වගේ හිටියෙ. අම්මල නිදි නිසා මං එයාලව ඇහැරවන්නෙ නැතුව කුස්සියට ගිහින් ඉතුරුවෙලා තිබුනු කෑම ටිකක් දුන්නා._


👧🏻 *අනේ ආච්චි අම්මේ.. දැන් රෑ හැමෝම කාල ඉවර නිසා මෙච්චරයි ඉතුරු වෙලා තියෙන්නෙ...😓*


_මං එහෙම කියන ගමන්ම ආච්චිගේ මූණ දිහා බැලුවා._


👧🏻 *මො...මොකක්...😨 ආ...ආච්චී ඔයා......😨?*


_මේ ඉන්නේ මගේම ආච්චි අම්මාය.🥵🥺_


👵🏽 *ඇයි දුවේ...😓 මට හොදටම බඩගිනි දැනුනා.😓 ඒ නිසයි මෙහේ ආවේ.. ගොඩක් පින් මගෙ දුවේ ඔයාට..🥺🙏🏼*


👧🏻 *ආච්චී...😐 ඇයි ඉතින් දවල් ආවෙ නැත්තෙ...? අවුරුදු දෙකකට විතර පස්සෙ ආච්චිව දැක්කෙත්.*


👵🏽 *දවල් ආව නම් දුවේ අම්ම මාව පන්නනවනේ....😢 ජානකි දුව විතරයිනෙ රෑ වෙනකම් ඇහැරිලා ඉන්නේ.. ඒ නිසයි ගොඩක් රෑ වෙලා ආවෙ.*


👧🏻 *ආච්චී....🥺 ඇයි අපේ අම්මා දැන් ආච්චිව බලන්න එන්නෙ නැත්තේ..? අවුරුදු දෙකකට විතර කලින් ආච්චිව බලන්න ආපු වෙලාවෙත් පැයක්වත් ආච්චිගෙ ගෙදර හිටියෙ නැහැ. ඇයි ඒ......??🥺*


👵🏽 *මං ගොඩක් දුක් විඳල තමයි මගෙ දෝණියෙ දුවගෙ අම්මව හැදුවේ😞 පුංචි කාලෙ ඉඳන්ම එයා ගොඩක් නපුරුයි. මං හැමෝගෙම ගෙවල්වල ගිහින් කුලී වැඩ කරල දුවගෙ අම්මව හදාගත්තෙ.😓 එයාට ඒක මදිකමක් වෙන්න ඇති මගේ දුවේ..😢*


👧🏻 *එතකොට ආච්චි අම්මේ සීයා...???*


👵🏽 *දුවගෙ අම්ම පොඩිකාලෙම එයා අපිව දාල ගියා මගෙ දෝණියෙ..🥺 එදා ඉඳල මං කවුරුත් නොවිදිනා දුක් වින්ඳා.😔*


👧🏻 *ඒක තමා ඒනම් මං කවදාවත් මගෙ සීයව දැකල නැත්තෙ....😒*


👵🏽 *මට ඇත්තටම ආදරයක් දැනුනේ ඔයාගෙන් විතරයි මගෙ දෝණියේ....🥺🙏🏼 ඔයාගෙ අම්මා වගේම ඔයත් මගෙ ලෝකේ තමයි🥺♥️ හැමදාම ඔයාගෙයි අම්මගෙයි ඕනිම දේකට මං ඉන්නව මගෙ දෝණියේ...😊 මං ඒනම් යන්නම්.....*


_ඇස් දෙකේ කඳුළු පුරෝගෙන ඒම කිව්ව ආච්චි පිඟාන මගෙ අතට දීලා පුටුවෙන් නැගිට්ටා._

_මං පිඟාන පුටුව උඩින් තිබ්බා._


👧🏻 *මාත් ආච්චිට ආදරෙයි🥺♥️ ඒත්.....අනේ ආච්චී... තව ටිකක් ඉඳල යන්නකො..😒 තාම 01:00 යිනේ වෙලාව. මට පාළුයි😒 අම්ම ඉන්න වෙලාවට මට ආච්චිත් එක්ක හරියට කතා කරන්නවත් දෙන්නෙ නෑනේ අපෙ අම්මා😒 දැන් ඕනි තරම් වෙලා කියව කියව ඉන්න පුළුවන්නේ😔 අනේ......... තව ටිකක් ඉඳල යන්නකෝ මගෙ ආච්ව්යේ🥺🥺*


👵🏽 *මං දුවට කියපු දේවල් ඔක්කොම මං කලිනුත් කියන්න හිටියේ.. ඒත් මට වෙලාවක් ලැබුනේ නෑනේ දුවේ ඔයත් එක්ක කතා කරන්න. මං ආවෙ ජානකී දුවට දෙයක් කියල යන්න.*


👵🏽 *කවදාවත් දුවගෙ අම්මට වෙනස්කමක් කරන්න එපා.🥺🙏🏼 ඒම කරොත් මං වින්ද වේදනා මගේම දුවටත් විඳින්න වෙයි.🥺 එයා මට ආදරෙන් සැළකුවෙ නැති උනාට මං මගෙ දුවට ආදරෙයි😒♥️*

*මට දැන් යන්න වෙනව ජානකී දුවේ.........මං යනව....🙂*


_දොර ලගට ගිය ආච්චි ඒම කියල පේන්නෙ නැතුව ගියා...._


*____________________________*


🙎🏻‍♀️ *දුවේ.....! දුවේ.....!*


_අඩ අඩ ආපු අම්මා මට කතා කලා._


👧🏻 *මොකද අනේ😠 මෙච්වර උදෙන් කෑ ගහන්නේ😠*


_ඊයේ රෑ ආච්චි කියපු ඒවා ගැන හිත හිත හිටිය මං කේන්තියෙන් වගේ කෑ ගැහුවා._


🙎🏻‍♀️ *දුවේ....🥺 ආච්චි නැතිවෙලා🥺*


👧🏻 *මොකක්...?😳🥺 මගෙ ආච්චී..???🥺🥺*


🙎🏻‍♀️ *ඔව්😢 ඊයෙ රෑ 11.45ට නැතිවෙලා තියෙන්නේ*


_ඒම කියපු අම්මා අඩාගෙනම කුස්සිය පැත්තට දුවගෙන ගියා_


👧🏻 *ඊයේ රෑ ආච්චි අපේ ගෙදරත් ආවනේ...මාත් එක්ක කතාත් කලානේ..*


_ඒම හිත හිත කුස්සියට ගිහින් මං ආච්චිට කෑම දුන්නු පිගාන දිහා බැලුවා._

_පිගන්‍ රාක්කයේ වෙනමම පිගාන තියෙනවා. මකුළු දැලුත් බැඳිල._ 

_ඒත්................!😐_

_ඊයේ රෑ මට පිඟාන හෝදන්න අමතක උනානේ. මං පිගාන පුටුව උඩින් තියලනෙ ඇඳට ගියේ.......🤔🤔_

_එතකොටයි මට තේරුනේ .. මං ඒ දැකල තියෙන්නෙ හීනයක්..🥺 ආච්චි මට කියල ගිහින් තියෙන්නේ🥺🥺🥺🥺 අනේ.................🥺♥️_


_මාත් අම්මල එක්ක ආච්චිගේ ගෙදර ගියා. හැමතැනම සෙනඟ පිරිලා හිටියා. අම්මා මහ හයියෙන් කෑ ගහල ඇඬුවා._


👥 *ඉන්නකම් බලාගන්නෙ නැතුව දැන් අඩන ලස්සන😏*


_රැස්වෙලා හිටිය හැමෝම සමච්චලෙන් වගේ කියනව මට ඇහුනා._


👧🏻 *ඔව්...🥺 ඇත්ත....🥺*



 ~*නිමි...!*~

සයූ🖤

Report Page