ඇස් බැන්දුම...

ඇස් බැන්දුම...

Chanu


අයුක්තිය…අසාධාරණයට එරෙහිව... යුක්තිය වෙනුවෙන් සටන් වදින ඇයගේ කතාව...




" May I coming ma'm "





" yes..come.."






" Gd morning madm. අලුත් කේස් එකක් "






" මන් බලාපොරොත්තු උනා. හ්ම්ම්. මොකද්ද කේස් එක ? "






" murder case එකක් මැඩම්. මේක සීරියස් කේස් එකක් "






" මර්ඩර්...මර්ඩර්...මර්ඩර්......

පත්වීම ලැබුණත් හරි ලැබුණෙම මර්ඩර් කේස්. මේක නිකන් පැටලුනු නූල් බෝලයක් වගෙ . එක දිගට ඇයි මෙහෙම කේස් එන්නෙ. හරි යමු place එකට..."







නෙතුලි දිහන්සා. වයස අවුරුදු 22ක තරුණියක්. පොඩි කාලෙ ඉදලම තිබුණු එකම ආසාව කවදාම හරි දවසක පොලීසියට බැදෙන එක.ඒ එක අරමුණක් සමඟයි. දෙමව්පියො නැතුව අනාථ නිවාසයක හැඳුන වැඩුණ නෙතූ ඉගෙන ගන්න ගොඩක් දක්ෂයි. බලාපොරොත්තු මල්ඵල ගන්වමින් ඇය පොලීසියට බැදෙන්නෙ ඇගේ මව්පියන්ටද සාධාරණයක් ඉටු කිරීම සදහාමයි.





අතීතයට පියවරක්…





" අම්මා... මන් ආවා.... "





" දෝණි... මැණික ආවද. කො යන්න ගිහින් වොශ් දාලා එන්න අපි කාලා ඉමු..."





" හරි අම්මා. කො තාත්තා...."






" ඔන්න මොකද්ද වැඩක් කියලා ගියෙ. තව ටික්කින් එයි.."








සවස හය පහු උනත් නෙතූගෙ පියා නම් ආයෙම නිවසට ආවෙ නැ. නෙතූගෙ අම්මත් අසාමාන්‍ය විදිහට කළබල වෙලා. විටෙන් විට පිසද දහඩිය බිදු.... , කෝල් එකක් ආව ගමන් දුවගෙන් ගිහින් ආයෙම දොරකඩට එන විදිහ ගැන නෙතූය හිතාගන්න බැ.






" අම්මා. මොකක් හරි ප්‍රශ්නයක් ද..? "






" අ.හ්...න්...නැ පුතේ. දෝණි ගිහින් නිදා ගන්නකො. කො යන්න.. "






"මට නිදිමත නැ අම්මා. තාත්ති ආවම යන්නම්..."







ඒත් සමඟම ඔවුන්ගෙ ගෙ මිදුලෙ නැවතුවෙ ජීප් රථයක්. දූවිලි අවුස්සමින් වේගයෙන් පැමිණි ජීප් එකේ සද්දෙට නෙතූ මිදුලට යන්න ගියත් ඇගෙ ගමන වළක්වපු මව ඇයව ඇදගෙන් මෙන් ගබඩා කාමරයට ගියේ කළබලයෙන් ..









" පුතේ...දොණි. මැණික පරිස්සමින් ඉන්න රත්තරන්. අම්මයි තාත්තයි ඔයා ලඟ නැ කියලා හිතන්න එපා හරිද. ඔයා ඔයාගෙ හීනෙට කොහොම හරි යන්න. මන් දන්නවා ..මගෙ මැණික දිනනවා. "





කඳුළු සලමින් මව කියන දෙ නෙතු අහන් ඉන්නෙ හීනෙන් වගේ. ඇයට මේක ප්‍රෙහෙලිකාවක්.






"අම්මා. ඇයි මෙ....මොකද්ද ප්‍රශ්නෙ. කවුද අර ආවෙ ...?"





" දෝණි ... දරුවො ඔයාට මේවා කියන්න තරම් වෙලාවක් නැ රත්තරනෙ . පරිස්සමින් ඉන්න මයෙ අම්මා. අම්මා දැන් මෙතනින් එළියට ගියාම ආයෙ එන්න එපා පුතේ හරිද. එළියට එක අඩියක් තියා මීක් සද්දයක් කරන්න එපා. මට සමාවෙන්න. මගෙ මැණික මේවට පළි නැ. "






" අ...අම්මා...."






තවත් කිසිවක් කියන්නට ඉඩ නොතියා නෙතූ සිහිනැතුව වැටෙන්නෙ ඇගෙ මවගෙ අවසන් වදන් පෙළ සිහිනෙන් මෙන් ඇසෙද්දියි...





" දෝණි. ඔයාට මේ දේවල් කලිනුයි කියන්න තිබ්බේ. ඔයාගෙ හැම ප්‍රශ්නෙකටම උත්තර මේ කාමරේම තියනවා. ඔයා දක්ෂයි. මට විශ්වාසයි. ඔයා ඒක හොයාගනියි. මට සමාවෙන්න රත්තරන්. "









ඇයට නැවතත් සිහිය එද්දිත් ඇය ඉන්නෙ ගබඩා කාමරෙමයි.






" ආ.....හ්. මගෙ ඔලුව්........



" ඔහ්...මන් මොකද මෙත්න කරන්නෙ. අම්මා..අම්මා කොහෙද.... කවුද අර ආවෙ.අම්මා මොනාද මට කිව්වෙ......අර් ර්..මතක් වෙන්නැනෙ. "





ඒත් සමඟම ඇයට ඇසෙන්නෙ වෙඩි ශබ්දයක්.. එ සැනින් ඉද්ද ගැසුවාක් මෙන් ඇය නැගිටින්නෙ සිදුවන්නෙ කුමක්දැයි බැලීමටයි . ඇය ගත් පය ආයෙම අරගෙන සාලෙන් ඇසෙන කතාබහට සවන් දෙන්නෙ එය එතරම් හුරු කටහඬක් නොවන නිසයි..






" ඔන්න ඕකිව අතෑරලා දාපන්. හහ්. පරම්පරාවෙම ලොකුකම. මෙ රන්ජා එක්ක හැප්පෙන්න හිතුවා මදි. මට ඕන කරන දේවල් මෙ සේරම මරලා හරි මන් ගන්නවා යකෝ. හහ් …හහ්… හා.. තොපිලා කවුද මාව නවත්තන්න.... යමල්ලා යන්න.. රාජු මේ ගැන කිසිම සාක්ෂියක් ඉතුරු වෙන්න නොදී මොනා හරි කරපන්. අනිත් උන් ටික යමල්ලා මාත් එක්ක. අර සමරදිවාකරයාගෙ ඩීල් එකෙ විස්තර මට ඉක්මන්ට ලැබෙන්න ඕනෙ"









මොහොතකින් ජීප් රිය පිටවන සද්දය ඇසුණත් එක්කම නෙතූ සාලෙට එන්නෙ සිදු වූයෙ කුමක්දැයි බැලීමටයි. ඒත් සමඟම ඇය ගල් ගැසෙන්නෙ ඇය ඉදිරියෙ ඇති රුව දැකීමෙනි.







"අ...අම්...ම්මා.... අනෙ අම්මෙහ්...මෙ..මෙ මොකද මගෙ අම්මෙ..අනෙ කතා කරන්නකො. අම්මෙ...අම්මෙ....අනෙ නැගිටින්නකො අම්මෙහ්.... "



ඇස් වලින් කඳුළු කැට ගලාගෙන යද්දි.... බොද උනු ඇස් වලින්ම ඇය යන්නෙ ජිවිතයත් මරණයත් අතර සටනක යෙදෙන තම මව අසලටයි....






"දෝණි... මට තවත් ....වෙ..ලාවක්...නැ...මැ..ණික. නිල් පාට.....ෆයිල්.....එ...ක......එ...ක..

බ්බ්..බල..න්න....ම්...ම්...මට.. සමාවෙන්න.......රත්තරන්.......ප..ප...රිස්ස..මින්......ඉන්නහ්......."









"අම්ම්...මෙ..........හ්.........."







ගේ දෙවනක් කරමින් ඇය හඬාවැලපෙන්නෙ ප්‍රශ්න දාහක් අතරෙ මනස දුවද්දින්. ඇයට දැනුනෙ මුළු ලෝකෙන්ම තමන් තනි වෙලා වගේ හැඟීමක්. නෙතූව තනිකරමින් ඇගෙ මව අවසන් හුස්ම පොද වා තලයට මුදා හරින්නෙ ප්‍රෙහෙලිකාවක් මැද පුංචි නෙතූව තනි කරමිනි.......










වර්තමානයට........








"මැඩම්..."






ලොකු කල්පනාවක හිටපු මං ආයෙම පියවි සිහියට ආවෙ විශාල්ගෙ සද්දෙට. එදා අම්මා කියපු file එක අවසිහියෙන් හරි මං හොයා ගත්තෙ වාසනාවකට . ගෙයින් එළියට බැහැලා යන්නෙ කොහෙද...මොනාද කරන්නෙ කියලාවත් නොදැන ... ටික දුරක් ගියපු මට ඇහුනෙ ලොකු සද්දයක්.හ්ම්ම්ම්හ්.ඔව්.උන් ගියේ නිකන්ම නෙමෙයි. ගෙදරට බෝම්බෙකුත් දාලා. එතන මාත් හිටියා නම් කෑළිවත් හොයාගන්න නැහැ. ඒ වගේම මෙ ප්‍රෙහෙලිකාව සදහටම වැහිලා තියේවි....







" මැඩම්. මැඩම්ට මේ කේස් ටිකෙ සමානකමක් පේන්නෙ නැද්ද ..."






" ඔව් විශ්.... හැම මාසෙකම එක මර්ඩර් එක ගානෙ දැනට මරණ තුනක්. එක වගේම මරණ. මේක ප්ලෑන් කරලා කරන දෙයක්. මේක එක රටාවකටයි යන්නෙ. දැන් හොදටෝම ඇති. මෙ මනුස්සයා නටන නාඩගම අදින් ඉවර වෙයි... "







" මැඩම්...? "







" වාහනේ ගන්න "







සරදම් සිනහවකින් මුව සරසන් ඉන්න නෙතූ දිහා විශ් බලන් ඉන්නෙ පුදුමෙන්. මොකද ඇය මෙහෙම හැසිරෙනවා ඔහු මෙ දකින්නෙ පළවෙනි වතාවටයි..ඇරත් ඇය කියූ දෙය තවමත් ඔහුට ප්‍රෙහෙලිකාවක්. පැයක පමණ ගමනෙ අවසානය මෙන් ඔවුන් නැවතුනෙ භාගෙට හදන ගමන් තියන බිල්ඩින් එකක් ලඟ....





" මැඩම්....මේ....."





" ඔව්...විශ්.... අපිට මුලින්ම මිනියක් හම්බුණු තැන... දන්නවද විශ්.... අපෙ ප්ලෑන් එකේ.....එක තැනක් අපිට මිස් උනා.. මේකෙන් පස්සෙ අපිට හම්බුන මිනීවල ඔයා මන් නොදැක්ක දෙයක් තිබුණා. දැක්කත් ඒක අපෙ ඇස් වලට වැලි ගැහුවා වගේ පෙනුනෙ නැ. අපිට හම්බුණු මිනීවල හැමෝම එක එක ආයතන වල වැඩ කරපු අය. ඒත් අපිට ඒ ආයතන මොනාද කියලා හොයා ගන්න බැරි උනා. ඒකට හේතු දෙකක් තිබ්බා. එකක් මිනිය පිළිස්සිලා තිබුණ නිසා ID එකත් භාගයක්ම වගෙ පිච්චිලයි තිබුනෙ.දෙක නැහැ එයාලා පිච්චිලා නෙමෙයි පුච්චලා. මොකද එතකොට මෙ මිනීමැරුම ගැන කිසිම සාක්ශියක් අපිට හොයාගන්න බැරි වෙනවා. ඒත් ඒ ID තුනම එක වගෙ. ඒ නිසාම මන් ඒ තුන වෙනම අරගෙන චෙක් කරා. ඔව් මන් හිතුවා හරි විශ්..... ඒ තුන්දෙනාම එකම ආයතනයක සේවකයො. "






" ඒක හරියි කියමුකො . ඒත් ඒකයි මේ බිල්ඩින් එකයි අතර තියන සම්බන්ධෙ මොකද්ද "








" කියන්නම් විශ් කියන්නම්. යමුකො අපි පොලීසියට. ඉන්ස්පෙක්ටර්. Arrest him.... "








"න්...නෙ..තූ. මොකද්ද මේ කරන්නෙ. ඔයාට පිස්සු හැදීගෙන එනවද. ඇයි මෙ මාව........ "








"ශටප් විශ්. ජස්ට් ශටප්. හහ්. මෙච්චර කාලයක් මගෙ ඇස්වලට වැලි ගහලා කරපු රඟපෑම විශිෂ්ටයි. ඒත් ඔයාට එක දෙයක් අමතක වෙලා. මන් කවුද කියන එක ඔහෙට අමතක වෙලා. මෙ ඇස්බැන්දුම මෙතනින් ඉවරයි. "










" නෙතූ......මන් කියන දෙ අහන්න plzz "









" ඉන්ස්පෙක්ටර් .... මූව ජීප් එකට දාන්න. එහෙනම් විශ්. හෙට හම්බෙමු. ආ......තව දෙයක්.....තවත් රඟපාන්න ලෑස්ති වෙන්න එපා... මොකද තමුන්ගෙ හැම විස්තරයක්ම මන් හොයාගෙන ඉවරයි......."





මිශන් එකේ භාගයක්ම ගානට විසදුන නිසා නෙතූ හිටියෙ යම්තාක් දුරට සැහැල්ලුවෙන් . ගතට දැනෙන වෙහෙසත් එක්ක ඇය සිත් සේ නාගෙන සයනයට එන්නෙ නිදිමත ගතියක් දැනුනු නිසයි . නමුත් නින්දට බාදා කරමින් ඇයගෙ දුරකථනය නාද වෙන්නෙ නෙතූ හිතින් දෙහි කපමින්ම ඇමතුම ගද්දියි.....







" හෙලෝව්......."








"හේයි ස්වීට්...... කොහොමද ඉතින්."







" කවුද මේ...? "








" ඔහ් හෝ කළබල වෙන්න එපා කළබල වෙන්න එපා..... මන් කවුද කියලා ඔයාම ඉක්මනින් හොයා ගනියි කියලා හිතනවා..... ".






" අයිසෙ මෙ...කොන්ද පණ තියනවා කියනවා කවුද තමුසෙ.... ඔය හැංගිලා සෙල්ලම් කරන උන්ව මට පේන්න බැ..... "








"අනේහ්.... අපෙ පොලිස් නෝනට තරහා ගිහින් නෙ..... ම්ම් දෙයක් කියන්නද.....ඔයාට ලොකු දෙයක් මඟෑරිලා....... "







" කියන දෙයක් පැහැදිලිව කියනවා ...කවුද තමුසෙ.."
















Report Page