😔💔

😔💔

එරන්දි නිමාෂා

දන්නා මුත් හොඳින්ම කරන්නේ වරදක් බව

නොදිටිමි හැරී යන්නට වෙනත් අතුරු මාර්ග

ජීවිතය ද, ප්‍රේමය ද යන ද්වාර අතර

අසරණ වූ මම තෝරා ගතිමි ජීවිතය...


නොදුටු ලොවක් මැවීමට ඔබ වෛර කරන බව

දනිමි රත්තරනේ මා එය හොඳින්ම

නමුදු දියෙහි ගිලෙන්නට යන කල

පිදුරු ගසක් වුවත් සැනසීමක් ⁣වනවා නේද...


නොපතමි වටහා ගැනීම ඔබේ කාර්යක් බව

නමුත් දෑත් එක්කොට ඉල්ලමි එක්වරකට

අපගේ ප්‍රේමය සත්‍යයක් බව හැඟුණානම් හෝ කෙදිනක

වෙර දරනු මැන වටහාගන්නට අසරණ යුවතියකගේ සිත...😔💔


එරන්දි නිමාෂා


❤️ පාරාදීසේ ❤️

¥ @Icanlissten ¥

Report Page