😔💔
එරන්දි නිමාෂාදන්නා මුත් හොඳින්ම කරන්නේ වරදක් බව
නොදිටිමි හැරී යන්නට වෙනත් අතුරු මාර්ග
ජීවිතය ද, ප්‍රේමය ද යන ද්වාර අතර
අසරණ වූ මම තෝරා ගතිමි ජීවිතය...
නොදුටු ලොවක් මැවීමට ඔබ වෛර කරන බව
දනිමි රත්තරනේ මා එය හොඳින්ම
නමුදු දියෙහි ගිලෙන්නට යන කල
පිදුරු ගසක් වුවත් සැනසීමක් වනවා නේද...
නොපතමි වටහා ගැනීම ඔබේ කාර්යක් බව
නමුත් දෑත් එක්කොට ඉල්ලමි එක්වරකට
අපගේ ප්‍රේමය සත්‍යයක් බව හැඟුණානම් හෝ කෙදිනක
වෙර දරනු මැන වටහාගන්නට අසරණ යුවතියකගේ සිත...😔💔
එරන්දි නිමාෂා
❤️ පාරාදීසේ ❤️
¥ @Icanlissten ¥