😂 🔫

😂 🔫

Aliya🌸🐬

Aliya🌸🐬:

සුබ දවසක්...


සභාවෙන් අවසරයි මම මෙතැන ට පැමිනියේ මගේ දයාබර මලනුවන් හා නැගණිය පිළිබඳ ව කතාවක් ඉදිරිපත් කිරීමට යි.....


ඇත්තම කිව්වොත් මගේ මල්ලී හා නංගී ඉන්නේ මන් ළඟ නෙවෙයි.... එයාල ඉන්නේ අපේ පළාතෙනුත් බැහැර.... ඒක ට පොඩි නිදන් කතා වස්තුවක් තියේ ඒකත් මන් කියන්නම් කෝ....


මම ඉපදුනේ 2002 නේ ඉතින්... අපේ අම්මට මගේ නංගී යි මල්ලී යි හම්බවෙලා තියෙන්නේ 2003 නොවැම්බර් වල... ඉතින් මටත් වඩා අවුරුද්දක් බාල නිසා අපේ අම්මා තිරණය කරලා මේ දෙන්නව වෙන අම්මලා දෙන්නෙක් ට වෙන වෙනම හදාගන්න දෙන්න.... හරි නරකයි නේද... ඉතින් ඒ විඳිය ට මගේ මල්ලී ව දීලා තියෙන්නේ නුවර ඇන්ටි කෙනෙක් ට... නංගී ව දීලා තියෙන්නේ කුරුණෑගල ඇන්ටි කෙනෙක් ට.... බලන්න ඉතින් මම දකුණේ.. එකෙක් මධ්‍යම පළාතේ අනිත් එකා වයඹේ ගිහින් බලන්නවත් කියලා ද ඉතින්.... සෝ සෑඩ්...

(ඔන්ලි ආතල්)


කොහොමහරි කතා ලෝකේ රවී අයියට පින් සිද්ධ වෙන්න දවසක් පූසෙක්ගේ අනාගතය පාට කරන්න ගිහින් මට මගේ නංගී බාබා හම්බුනා... ඒක උනේ මෙහෙමයි ඉතින්... ඔය කතා ලෝකේ හිටපු පූසාගේ අනාගතේ අදුරු වෙලා තිබ්බේ... ඉතින් මම යි මගේ නංගී බාබා යි මගේ හොඳම යාළුවා යි එකතු වෙලා පොල් කට්ට කට පිනි බිංදු එකතු කරලා මල් පෙති වලින් පාට අරන් පූසාගේ අනාගතේ පාට කරා.... ඉතින් පොල් කට්ට ට පිනි බිංදු එකතු කරන වැඩේ හම්බුනේ මගේ නංගී බාබා ට.... අන්න එහෙම ගිහින් මට මගේ මල්ලී බාබා හම්බුනේ... මොකද නංගී බාබා ගෙ හොඳම යාළුවා තමයි මගේ මල්ලී බාබා...


අයියෝ ඔයාලා ට ඒ දෙන්නගෙ නම් කියන්න අමතක උනානේ... මගේ මල්ලී බාබා තමයි මනුවා (MIC) නංගී බාබා තමයි සම්ජු මැණික ( කුකුල් බාබා...)


අයියෝ ආයේ අමතක උනා මල්ලී බාබා හොයා ගත්ත විඳිය කියන්න... ඔය මගේ මල්ලිට වෙසක් පෝය දවසේ මහා දවල් මෝහිනී මැසේජ් කොරා නේ... හයි හයියෝ... ඒ වෙන කවුරුත් නෙවෙයි එයාගෙ දයාබර අක්කා මම තමයි ඉතින්... මෝහිනී විඳිය ට මැසේජ් කරලා තමයි මම මගේ මල්ලී ව අදුර ගත්තෙ...


මේ දෙන්නා කලින් ඉඳන් අදුරගෙන තියෙනව එයාල සහෝදරයෝ කියලා... මම තමයි ඉතින් ඒ දෙන්නව පහු වෙලා හොයා ගත්තෙ... ඔය දෙන්නා තකට තක... දෙන්නටම තරහ යන වෙලාවට තමයි මම ගොඩක් ම ආස...


මගේ මල්ලී බාබා ට නම් තරහ ගියාම කෙලින්ම තක්කාලි ෆීලීන් වෙලා මූණේ න් දුම් දාන්න ගන්නවා... හරි කියුට් එතකොට...මල්ලී ට ගොඩක් තරහ යන්නේ එයා කියපු දෙයක් ආයේ ඇහුවාම... එතකොට එයා කියන්නේ මෙන්න මෙහෙම...


"දැන් එක සැරයක් කිව්වම තේරෙන්නේ නැද්ද... සිංහල බැරිද.."


එයා තරහ ගස්සන්න මම ගොඩක් කැමතී... ඒ උනාට එයා ට තරහ ගිහින් කරන දේවල් වලට හිත රිදෙන්නේ මගේ නිසා මම දැන් ඒ වැඩේ නවත්තලා තියෙන්නේ...


මගේ නංගී බාබා ට තරහ ගියාම නම් වැඩි දෙයක් වෙන්නේ නෑ යාලුවනේ... එකම එක දෙයයි වෙන්නේ... බ්ලොක් වෙන එක... බුවහ්හ්හා... ඒක නිසා වැඩිය දැන් දෙන්නම තරහ ගස්සන්න රාජකාරියෙන් මම බැහැර වෙලා ඉන්නේ...


තරහා ගියත් දෙන්නම මට ගොඩක් ආදරෙයි කියලා මම දන්නවා...


දැන් මන් කියන්නේ යන්නේ මගේ මල්ලී ට නෑනෙ ක් හා මගේ නංගී ට මස්සිනා කෙනෙක් තේරීම පිලිබද ව...


මගේ මල්ලිට දවසක් නෑනෙ ක් හොයන්න ගිහින් කතා ලෝකෙදී සෝක් වැඩක් උනා... අන්තිමට කොහෙවත් හිටපු රවී අයියත් අමනුස්සයෙක් වෙලා ඒ ආපු කෙනා නංගී කෙනෙක් ද මල්ලී කෙනෙක් ද කියලා හොයා ගන්න බැරි තත්ත්වයක් ඇති උනා... එදායින් පස්සේ අපි මල්ලී ට නෑනා ලා හොයන එක නැවැත්තුවා මිත්‍ර වරුනි...


මගේ නංගිට මම කියලා තියෙන්නේ මස්සිනා ලා හොයන්න දැන් ම මහන්සි වෙන්න එපා කියලා මොකද එයා ට තව කල් තියෙනව... මල්ලිටත් එහෙම තමයි කිසි වෙනසක් නෑ හුම්....


දෙන්නගෙ තව එක වගේ වැඩ ගොඩක් තියේ... එකට ෆිල්ම් බලනව.. මැච් බලනවා... තව පොත් කියවනවා... මටත් මැච් එක ගැන විස්තර විචාරය දෙන්නේ මේ ඩබල තමයි..


ඔයාලා දන්නවාද යාලුවනේ දුකට හේතුව... මගේ නංගී යි මල්ලී යි මට වඩා ගොඩක් උසයි.... හරියට මල්ලී අයියා නංගී අක්කා මම නංගී වගේ... අපේ මල්ලී ගිය ආත්මේ පොල් ගහක් පුජා කරලා නංගී පුවක් ගහක්... මම මල් පැලයක් පුජා කරලා තියෙන්නේ... ඒකයි අපි තුන් දෙනාගේ උස වෙනස් වෙලා තියෙන්නේ....මම එයාලා දෙන්නට කිස් එකක් දෙන්න උනත් පුටු දෙකකට වත් නගින්න ඕන...


දැන් ඉතින් මන් ඒ දෙන්නගෙ සායම හේදුවා ඇති වගේ නේද යාලුවනේ....


මොන දේ කරත් මන් ඒ දෙන්නට ගොඩක් ආදරෙයි.... ගොඩාරියක්....


ගොඩක් අය කියනවා ඔන්ලයින් බැදීම් තාවකාලික යි කියලා.... ඒත් යාලුවනේ අපේ බැදීම එහෙම නෑ.... ඒ දෙන්නා එක්ක කතා නොකළොත් කෑවේ නෑ වගේ... කවදාවත් දැකල නැති උනත් මම ආදරෙයි ගොඩක් ❤️❤️❤️❤️❤️


එහෙනම් යාලුවනේ මගේ කතාව අවසානයි... අසා සිටි ඔබ සැමට සැමන් ටින් පිහිටයි...


කෝලමක් කරල ලගින් ඉන්න

නන්ගි යෙක් නැතත් මට

හම්බුනා නන්ගි යෙක්

හිත් වලින් කතා කරන

රණ්ඩු වෙලා ගහගන්න ට

කෑම එකට රණ්ඩු වෙන්න

ඉන්නවා මල්ලී යෙක්

අක්කා ට හයියක් වෙන්න

අපූරු ලෝකෙක ඉදන්

ඇවිත් සොයාගෙන මන් ලගට

ලස්සනට පාට කරලා

අපේ සහෝදර බැදීම

ආදරේ පිරිලා හිත් වල

දුරින් සිටියට වෙන් වෙලා අපි

නෑ අඩුවක් ආදරේ මේ හිත් වල

දැකගන්නට

කවදාහරි හැබැහින් ම

නන්ගි ගේ ත් මල්ලි ගේත්

ඔය සුදු මූණ

ඉන්නවා මේ අක්කා

පෙරමං බලාගෙන


( හසී අක්කා ගෙන්)


කමෙන්ට් එකක් හලං යන් 👍

Report Page