✔️✔️✔️

✔️✔️✔️

Kavee💟

අම්මෝ මෙයාලට තියන ප්‍රශ්න 😄

ඔන්න අරන් ආවා උත්තර ඒනම්. ඔයාලගෙ හැම ප්‍රශ්නයක්ම මං කියෙව්වා. ඔයාලට වැඩි පුරම තියන ප්‍රශ්නෙ තමා නිදිමතයි කම්මැලිකමයි නේද හ්ම්ම්.

හරි මං එකින් එක වෙන වෙනම කතා කරන්නම්. අද post එක දිග වැඩි වෙයි මොකද හැම ප්‍රශ්නෙටම උත්තර මේකෙ කියනවා මං හොඳේ 😊

මං කොටස් වලට බෙදලා එක එක ගැන පැහැදිලි කරන්නම්.

1) නිදිමත 😴

2) කම්මැලිකම

3) phone එකට addict වීම


*නිදිමත*


   මේකනෙ ඔයාලට වැඩිපුරම තියන ප්‍රශ්නෙ. ඒකයි මං ඒක ඉස්සෙල්ලම කතා කරන්න ගත්තෙ. ඔයාලට නිදිමත වෙන්න එක හේතුවක් තමයි ඔයාලගෙ මනස relax නෑ. ඒ කියන්නෙ හිත දන්නවා exam එකක් තියනවා, ඒකට වැඩ කරන්නොනෙ, අම්මෝ ඒත් කොච්චර තියනවද කරන්න කියන එක. මෙන්න මේ විදියට හිතලම ඔයාලා stress වෙලා තියෙන්නෙ දැන්. Exam ළං වෙද්දි ඕක තවත් වැඩි වෙනවා.

   ඔයාලා ඉස්සෙල්ලා මෙහෙම කරන්න ඕන, කොහොමද දන්නවද, ඔයාලා බලන්නෝන ඔයාලට පාඩම් කරන්න හොඳම වෙලාව මොකද්ද කියලා, දවල්ට පුලුවන් නම් එහෙම නැත්නම් රෑට නිදි වරන් පාඩම් කරනද කියලා. එක එක්කෙනාට එක එක විදියයි ඒක හරිද.

දවල්ට පාඩම් කරන එක හොඳයි කියලා තමයි වෛද්‍ය විද්‍යාත්මකවත් හොඳයි කියන්නෙ. මොකද ස්භාව දහම වුනත් දවල් රෑ විදියට තියෙන්නෙ දවල් දවස වෙහෙසිලා වැඩ කරලා රෑට හොඳ නින්දක් ලබන්න. ඔයා ඉන්න පරිසරයේ දවල්ට සද්ද බද්ද වැඩි නම් රෑට පාඩම් කරන එකත් හොඳයි. මොකද රාත්‍රිය කියන්නෙ නිහඬයිනෙ.

පාඩම් කරන ඔයාලා අනිවාරෙන්ම හොඳ නින්දක් ලබා ගන්නෝන. සාමන්‍යයෙන් නම් නීරෝගී පුද්ගලයෙක් පැය 8ක් 9ක් අතර කාලයක් නිදා ගන්නෝනෙලු. ඒත් අපිට එහෙම නිදාගෙන බෑ හරිද. එතකොට අපිට වැඩ කරන්න කාලයක් නැති වෙනවා. ඒ නිසා අපි පැය 6ක් නිදා ගත්තම හොඳට ම ඇති. ඊට වඩා අඩුවෙන් නිදා ගන්න කවුරු හරි ඉන්නවා නම් අන්න එයාලටත් පාඩම් කරද්දි නිදිමත එන්න පුලුවන්. එහෙම අඩුවෙන් නිදා ගත්ත දවසට ඔයාලට ම තේරෙනවා ඇතිනෙ වෙනස වෙනදා වගේ කිසිම fresh ගතියක් නෑ, ඇස් රිදෙනවා, ඇඟට හරිම අමාරුයි, වෙනදා එක පාරින් හදන ගාන එදාට දහ පාරක් කියෙව්වත් තේරෙන්නෙ නෑ, පාඩම් කරන දේවල් හරියට ඔළුවට යන්නෙ නෑ වගේ ගොඩක් ගොඩක් ප්‍රශ්න. අනික එදා දවස මාරම කම්මැලි නේද.

තවත් දෙයක් තියනවා මං කියවපු මනෝ විද්‍යා පොතක තිබ්බා, අපේ නින්ද ක්‍රියාත්මක වෙන්නෙ පැය එක හමාරෙ වක්‍ර විදියට කියලා. ඒ කියන්නෙ අපි නිදා ගන්නෝනෙ පැය එක හමාරෙ ගුණිතයන්ට. පැය 1.5 , 3 , 4.5 සහ 6 වගේ විදියට. අපේ මනස පැය එක හමාරක් ඇතුළත ඇල්ෆා, බීටා සහ ගැමා කියන අවස්ථා වලට යනවලු. ඒ ගැන නම් මං කියන්න යන්නෙ නෑ ඒක අපිට ඕනෙ නෑ.

ඔයාලට හිතෙනව නම් පැය 6ක් නිදා ගත්තම වැඩි කියලා පැය 3ක් නැත්නම් 4.5ක් නිදා ගන්න පුලුවන්. හැබැයි ඉතින් මං ඉස්සෙල්ලත් කිව්වනෙ පැය හය තමා හොඳ ම. අනිත් එක ඔයාලගෙ නින්ද එක දිගාට තියෙන්න ඕන. එහෙම නැතුව හව්සට පැය 3යි රෑට පැය 3යි වගේ නිදන්න බෑ. මොකද එහෙම වුනොත් ඒකෙන් වැඩක නෑ. ඔයාලට නිදා ගන්න හොඳම වෙලාව තමා රෑ 10 ඉඳන් උදේ 4 වෙනකන් කාලය. උදෙන් නැගිටින්න අමාරු කෙනෙක් නම් ඉතින් 12-6, 1-7 වගේ නිදන්නත් පුලුවන්. ඒක ඔයාලට කැමති විදියක්. හැබැයි ඉතින් උදේට පාඩම් කරාම වැඩිපුර මතක තියනවා කියලත් කියනවනෙ. මං නම් ඉතින් දන්නෑ ඕක මට නම් ඉතින් උදෙන් නැගිටිනවා කියන්නෙ මරන්න වගේ වැඩක් 😅

හරි දැන් මං ඔය කිව්වෙ ඔයාල නිදන්න ඕන විදිය ගැන. මං දැන් කියන්නම්කෝ ඔයාලට පාඩම් කරද්දි එන නිදිමත නැති කර ගන්න ක්‍රම ටිකක්.

ගොඩක් වෙලාවට මේ ප්‍රශ්නෙ එන්නෙ bio නැත්නම් chemistry පාඩම් කරද්දිනෙ නේද. ඔයාලා මෙහෙම කරන්න දවල්ට පාඩම් කරන දේවල් පාඩම් කරලා, රෑට ලියන ඒවා ඒ කියන්නෙ ගනන් හදන්න, නැත්නම් විවරණය කරන්න, නැත්නම් short note හදන්න. හැබැයි මෙහෙමත් පොඩි අවුලක් තියනවා රෑ 11, 12 වෙද්දි ගනන් කල්පනා කරන්න ටිකක් අමාරුයි නේද. මං දන්නෑ මට නම් එහෙමයි.

දැන් ඔයාලට පාඩම් කරන් යද්දි මාර නිදිමතක් එනවා එතකොට යන්න එළියට ගිහින් ගේ වටේ රවුමක් දාලා, වත්තෙ තියන ගහක් කොළක් දිහා බලන් ඉඳලා, ඒවයෙ කන්න පුලුවන් දේවල් තියනවා නම් ඉතින් ඒවත් කන්න 😁. ඊට පස්සෙ ආයෙ එන්න මේසෙට එතකොට නිදිමත නෑ.

තව කරන්න පුලුවන් නිදිමත වෙලාවට ගානක් හදන්න, නැත්නම් organic පරිවර්තනයක් ලියන්න.

එහෙමත් නිදි මතයි නම්, ඔයා කොළයක් අරන් චිත්‍රයක් අඳින්න 30min වගේ අරන්. මෙක time waste වෙන වැඩක් නෙවෙයි හරිද. හිතන්න පොඩ්ඩක් ඔයා නිදිමත වෙලාවෙ නිදා ගත්ත නම් පැයක් දෙකක්ම ඉවරනෙ නේද. නැත්නම් කොළයක් අරන් ඔයාගෙ අනාගත හීන ටික ඔක්කොම කටුවට කටුවට අඳින්න.

තව පුලුවන් ඔයාලට සිංදුවක් අහන්න සිංදුවක් කියන්න. හැබැයි ඉතින් ඔය දැන් කාලෙ තියන කබල් සිංදු අහන්නෙපා හොඳේ. ආයෙ ඉතින් මොනාද අපේ කට්ටියගෙ වැඩ නෙහ් හොඳට සද්දෙ වැඩි කරලා dj එකක් අහනවා සිංදුවක් නෑ අර වාදනේ විතරනෙ ඇහෙන්නෙ. පරණ පරණ සිංදු අහන්න ළමයි. අර්ථයක් තියන ඒවා අහන්න. විනාඩි 15ක් විතර අරන් එහෙම කළටා කමක් නෑ හරිද.

නැත්නම් ඉතින් හොඳ සිංදුවක් දාගනෙ පොඩ්ඩක් නටන්න ඉතින්. එතකොට ඉතින් ආයෙ නිදිමත කොහේ ගියාද නෑ 😁. පොඩ්ඩක් ඉතින් ඇඟ හෙලෙව්වය කියලා හෙන ගහනවයැ. ඒක ඇඟටත් හොඳයි.

ඔය හැම එකම කරලත් ඔයාට නිදිමතයි නම් නිදා ගන්න එක තමා කරන්න වෙන්නෙ 😴.

හැබැයි ඉතින් ඒක මෙහෙමයි විනාඩි 15ක් 20ක් අතර වෙන්න ඕන ඒ නින්ද . එහෙම නැතුව මේ දවල්ට එහෙම පැය හයක් නිදා ගන්නෙ නෑ හොඳේ. Alarm එකක් තියන් විනාඩි 15ක් නිදා ගන්න. එහෙම ඇහැරෙන්නෙ නැත්නම් ගෙදර කාට හරි කියන්න වෙලාවට කතා කරන්න කියලා. මොකද දන්නවද මං විනාඩි 15ක් කිව්වෙ, මං කිව්වනෙ ඉස්සෙල්ලා නින්ද වක්‍රයක් විදියට යන්නෙ කියලා. අපි නිදා ගන්න පටන් ගෙන විනාඩි 20ක් විතර යද්දි අපි ඉන්නෙ තද නින්දෙ. එහෙම ඉද්දි ඇහැරුනොත් නම් ආයෙ වැඩක් කරන්න බෑ හොඳේ. අර විදියට විනාඩි 15ක් 20ක් නිදා ගත්ත ම නිදිමත නැති වෙනවා.


*කම්මැලිකම*


     ඔයාලට පාඩම් කරන්න කම්මැලි නම්, මේසෙ දැක්කම එපා වෙනවා නම් මෙහෙම කරන්න. ඔයාලගෙ පාඩම් කරන තැන වෙනස් කරන්න. දැන් ඔයාලගෙ room එක තියනවනෙ පොඩ්ඩක් බලන්න ඒක දිහා. හෝදන්න රෙදි ගොඩක් ඇඳ උඩ, බෙඩ් ශීට් එකයි පෙරවපු එකයි මොක්ද්ද කියලා හොයා ගන්න බෑ, නෙට් එකේ මකුළුවො පදිංචි වෙලා, net එක එල්ලපු දවසෙ ඉඳන් ම ඒක අකුළලා නෑ, මේසෙ දැක්කම බල්ලො බත් කන්නෙ නෑ 😂 එහෙමනෙ ඇත්තෙ සමහර අයගෙ නෙහ්.

ඔයාලට දැන් කම්මැලිනෙ කොහොමත් ඒ නිසා කාමරෙ අස්පස් කරලා අතු ගාන්න. පිළිවෙලට හැමදේම හදන්න. මේසෙට දාල තියන ඉටි කොලේ හරි රෙද්ද හරි වෙනස් කරන්න. සුදු පාට එකක් නම් වඩා හොඳයි. පොත් ටික කලින් තිබ්බ විදියට නැතුව වෙන විදියකට තියන්න. දැන් ටිකක් ඉඳලා wash එකක් එහෙම දාගෙන පාඩම් කරන්න එන්න ඔයාල. එතකොට හිතෙයි පාඩම් කරන්න.

ඒත් කම්මැළි නම් පොඩි motivation එකක් බලන්න. ඒවා ඉතින් බල බලා බල බලා හිටියට වැඩක් නෑ හොඳේ හිතට ගන්න මොනවම හරි.

තවත් කම්මැලි නම් ගෙදර මිදුලට යන්න. ගිහින් හෙවන තියන ගහක් යටින් ඉඳ ගන්න. කල්පනා කරන්නකෝ දැන්. ඔයාලගෙ dream ගැන ඇස් දෙක පියාගෙන් හිමින් හිමින් මෙතන ඉඳන් අනාගතේට යන්න. කෙලින් ම dream එක නෙවෙයි හොඳේ. Step by step විභාගෙ ලියනවා, ඒක ඉවර වෙනවා, ඉවර උනාම කරන්නෙ මේවා, results එනවා ඔහොම් ඔහොම හිතන්න.

ඒකත් ඉවර වෙලා කම්මැළි නම් අම්මයි තාත්තයි වෙන මහන්සිය ගැන හිතන්න, කා වෙනුවෙන්ද ඒ මහන්සි වෙන්නෙ, ඒ දෙන්න ඒ දුකින් මුදවන්න ආස නැද්ද ඔයාල ආ, අම්මවයි තාත්තවයි දවසක තමන්ගෙම කියලා වාහනේක එක්කන් යන්න, ඒ දෙන්නට තවත් අත පය වෙහෙසන්න දෙන්නෙ නැතුව ඔයාගෙ සල්ලි වලින් ඒ දෙන්නවා ජීවත් කරන්න. එතකොට බලන්නකෝ එහෙම දවසක ඒ දෙන්නගෙ සතුට. හිතන්න ළමයි හිතන්න මේවා ගැනත්.

එහෙම නැත්නම් ඔයාලා කතා කරන්න positive අදහස් තියන කෙනෙක් එක්ක. එතකොට ඔයාලට මොනවම හරි ප්‍රයෝජනයක් ඔයාලට ලැබෙයි.


*phone එකට Addict වීම*


මේ ප්‍රශ්නෙ නම් ගොඩක්ම ඔයාලට බලපෑවෙ, ඔක්කොම online කරන්න ගත්ත නිසානෙ. ගෙදරින් phone එකක් ලැබුනා. මාසෙට package දානවා, ඒවයිනුත් වැඩක් තියෙන්න එපෑයැ කියලා මුළු දවසම කාලකන්නි වෙනවා, නේද?

අහලා බලන්න ඔය ගොල්ලන්ගෙන් ම හිතට එකඟව ම, ඔයාගෙ අම්මයි, අප්පච්චියි අත් දෙකේ කර ගැට එනකල් මහන්සි වෙලා වැඩ කරලා, දාඩිය වගුරවලා, රැයක් දවාලක් නැතුව, දවසට එක වේල හරි කාලා කා වෙනුවෙන්ද ඒ වැඩ කරන්නෙ කියලා. අහලා බලපන් උඹේ හිතෙන් ම..... උඹේ ඒ රත්තරං අම්මයි අප්පච්චියි උඹට cls කරන්න phone එකක් ඕනෙ කිව්වම ඒක අරන් දුන්නෙ, උඹලට group වල chat කර කර ඉන්නවත්, එක එකා එක්ක හුරතල් වෙවී සුදූ, පණ පැටියෝ ගාන්නවත් නෙවෙයි බන්. ඒ මනුස්සයො හිතන් ඉන්නෙ උඹලට ඔය අරන් දීපු phone එකෙන් උඹලා හොඳට ඉගෙන ගෙන දවසක දොස්තර කෙනෙක්, ඉංජිනේරුවෙක් වෙයි කියලා.

පොඩ්ඩක් හිතපන් උඹ ඔය කරන මල විකාර වැඩ ඒ දෙන්නා දැන ගත්තොත් පිච්චිලා යයි.... ඇයි බන් උඹලට උඹේ අම්මයි තාත්තයි විහිලුවක්ද ආ...... ඒ හිත් වලට වචෙනෙකින්වත් දුකක් දෙන්නෙපා බන්. උඹලට කවදාවත් හරි යන්නෙ නෑ එහෙම් කරනවා නම්.

මේ දැන්ම හිතට ගනින්, උඹ ඔය කරන විකාර වැඩ නවත්තල මේ අවුරුදු දෙක හොඳට කැප වෙලා විභාගෙ හොඳට pass වෙනවා කියලා. ඒ දෙන්නගෙ ඇස් වලට කඳුලක් නොදී, වෙච්ච මහන්සියට උපරිම ප්‍රතිඵලයක් අරන් එනවා කියලා උඹලා මේ දැම්ම හිතට ගනින්

(මං මේම කතා කලේ ඔයාලට දැනෙන්න ඕන නිසයි)

ඔයාලා මුළු දවසම phone එකේ කාල කණ්නි වෙනවා නම්, මං අර උඩ කිව්ව වගේ කරද්දි කොයිම හරි වෙලාවක ඔයාට හිතුනොත් මේම හිටියා ඇති දැන් වැඩ කරන්නෝනෙ කියලා. ඉස්සෙල්ලම phone එක අයින් කරන්න ඕනෙ. ඔය වැඩකට නැති අනවශ්‍ය group වලින් අයින් වෙන්න. Facebook, inster ඒවා මේවා ඕනෙ නෑනෙ. මොකද කිසිම ගුරුවරයෙක් ඕවට cls විස්තර දාන්නෙ නෑනෙ.

ඒ නිසා ඔයාලා fb, inster හදලා තියනව නම් account delete හරි disable හරි කරන්න. සදහටමද, නෑ නෑ අවුරුදු දෙකකට විතරයි. ඊට පස්සෙ ඕනෙ දෙයක් කර ගන්න.


Cls නැති වෙලාවට phone එකෙ ඕනෙත් නෑනෙ, ඒ නිසා ඒක off කරලා ගෙදර සාලෙ කොහෙන් හරි ගිහින් තියන්න. එක්කි අම්මට දෙන්නකෝ..... ආයෙ ඉතින් මොනාද අම්මට දුන්නම මලාට හම්බෙන්නෙ නෑ. ඒක තමා හොඳම.

හරි දැන් එහෙම දෙන්නත් බෑ වගේ නම්, ඒක කැඩෙයි බිදෙයි කියලා බයයි වගේ නම් එහෙම දුන්නම, ඔයාගෙ කාමරේ තියන අල්මාරියේ හරි, ලාච්ඡුවක හරි, cupboard එකක හරි දාන්න. හැබැයි එක්කො phone එක off කරලා නැත්නම් silent කරලා. Off කරන එක තමා හොඳම නැත්නම් ඉතින් phone එක කතා කරනවනෙ ඔයාලට නේද අනේ එන්නකො මාව ටිකක් ඔබන්නකෝ කියල නෙහ්....🤣

හරිනෙ දැන් ඔයාලගෙ ප්‍රශ්න වලට යම්තාක් දුරකට විසඳුම් ලැබෙන්න ඇති කියලා හිතනවා මං.

ඒනම් අදට නවතිනවා මං ....... ✋

අහ් මේ.... තව ඔයාලගෙ ප්‍රශ්න තියන්වා කියලා මට අමතක නෑ හොඳේ. ඒත් අදට මං නවත්තනවා මේක. මොකද දිග වැඩිනෙ දැනුත්. තව දිග උනොත් කියවන්නෙ නෑනෙ ඔයාලා.

Next week එකේ ගේන්නම් ඉතිරි ඒවට පිළිතුරු........

මගේ post කියවන ඔයාලා හැමොටම ගොඩක් ස්තූතියි 🙏 

(මැරිලත් පැය දෙකක්ම ආදලෙයි ඔයාලට 😁)

මං you tube channel එකකුත් පටන් ගන්න හිතන් ඉන්නවා motivation video දාන්න. බලමුකෝ බලමුකෝ.......

ඒනම් හොඳට වැඩ කරන්න හැමෝම, ඔන්න විභාගෙ හොඳට පාස් වෙලා කැම්පස් යන්නෝනෙ ඈ.....



මම

✍️kavee✍️




Report Page