♡ රාගයේ විලාපය ♡

♡ රාගයේ විලාපය ♡

Drg No

❦ පළමු දිගහැරුම ❦

RL

නුරාවී දෑස ගස්සා..... ලලාවී ලාල ලල්ලා....

සින්දුවකුත් අහන් හෙඩ් පෝන් එක ගහන් ඇඳට වෙලා කල්පනා කලා යකෝ මොකක්ද ඒ උනේ කියල.


A/L වලට ආපු ගමන් සෙට් කරගත්තු කෙල්ල. එයාගෙ නම සඳලි. මෙච්චර කල් "පණට නමක් දෙනවා නම් ඒ ඔබමයි දිව්රන්නම්" සීන් එකේ ඉඳල හෙන ගහන්න වගේ කියනව result ආවට පස්සෙ, " යොහාන් ඔයා මීට පස්සෙ තනියම ඔයාගෙ ජීවිතේ සාර්ථක කර ගන්න. මම මගෙ වැඩට සම්පූර්ණ කාලයම දීල ඊළඟ පාර එක හොඳට කරගන්නව" කියල දැන් මාව බ්ලොක් කරල දාල.


ආච්චිට හාල් ගරන්න දාල. මගෙ ජීවිතේ සාර්ථක කරගන්නද බං මෙච්චර කල් ඒකි එක්ක හිටියෙ. ලොවෙත් කුමාරය කිව්ව වගේ මතීශයගෙ පලහිලව්වක් තියෙන්න ඇති.

කුමාර කියන්නෙ මම පොඩි කාලෙ ඉඳන්ම අඳුරන එල බුවෙක්. ඇත්තම කිව්වොත් ඌව දන්නැති එකෙක් මේ හතර මායිමේ නෑ. හෙන ලව් සික් එකේ ඉන්නෙ. දත්ත මද්‍යස්ථානයක්. ඇමරිකාවෙ හූනෙක් මැරුනත් මූ දන්නව.


ගේම් එකට එන්ටර් වෙන්න කලින් මම ගැන කියල ඉන්නම්කො.

මම යොහාන් පලිහවඩන. ගියේ ටිකක් ලොකු ඉස්කෝලෙක. ළඟම පාසල හොඳම පාසල සීන් එකේ නැති නිසා තමා ටිකක් දුර ලොකු ඉස්කෝලෙකට ගියේ. බිකෝස් ළඟම පාසලේ උසස් පෙල නෑ.

ගෙවල් දුර නිසා නැන්දලගෙ ගෙදර තමා නැවතිලා හිටියෙ. ඒක තිබ්බෙත් ඉතින් ඉස්කෝලෙට ටිකක් දුර. ඔය කාලෙ තමා මට සඳලිව සෙට් උනේ. බොක්ක දීගෙන ලව් කරල ලව් කරල ඉහත කී පරිදි අවසානයක් තමා හම්බුනේ.😅.

මගෙ result එකත් ලාවට කැම්පස් යන්න පුලුවන් ලයින් එකේ තිබ්බෙ. එයාගෙ එහෙම නෑ. සමහරවිට කුමාර බුවා කිව්ව වගේ මතීශ කියල බ්‍රයිට් කේස් පොරක් එක්ක සම්බන්ධයක් තියන් ඉඳල උගෙ රිසල්ට් හොඳ නිසා මාව කපන්නැති.


ඕනෙ පු@ක් අපිට හෙටක් කියල හිතල හිත හදන් දොයියගත්තා.


ආපහු උඩ ගිහින් ඇහැරුනේ 4න් කෝල් එකකට.


"හෙලෝ කව්ද මේ"


"ඈ බොල. කව්ද අහන්නෙ අඳුරන්නැද්ද මාව"


එතකොටයි කෝල් එක ගත්තෙ මොකාද බැලුවෙ. අප්පට උඩු මේ නිශාධි නෙ. නිශාධි කියන්නෙ මං පොඩි කාලෙ ඉඳන්ම අඳුරන කෙනෙක්. නැන්දලගෙ ගෙවල් ලග ඉඳන් ගෙවල් තුනක් එහායින් ඉන්නෙ. මං මෙහෙ නැවතුනාට පස්සෙ නිශාධි තමා හිටපු එකම යාලුව. අපි ඉතින් එකට වැඩ කලා සමහර දවස් වලට . අධ්‍යාපන භීසනේ හිටියෙ එයා ඉස්සර ඉඳන්ම. කොල්ලො එක්ක කියල කතා කලෙත් මාත් එක්ක විතරද කොහෙද. මේකිත් මගෙ result එකම අරන් මට කලින් රෑන්ක් දෙකක් උඩින්.


"අඩේ සොරි බං දැක්කෙ නෑ කවුද කියල. මොකෝ හදිස්සියෙම"


"යොහාන් මට ආරංචි උනා සිද්ධිය. සඳලි ගැන. ඒකයි මේ ගත්තෙ ආරංචි උන ගමන් ම"


"ආ ඒක අවුලක් නෑ. දුක නැති කරන හෙල ඔසු පානය රෑට රෙඩී වෙනව ශුපුන් ගෙ ගෙදර"

ශුපුන් කියන්නෙ අපේ පංති වල හිටපු සුපුනට. අපේ වයසෙ දැකපු හොඳම බේබද්දා. මගෙ බූට් සීන් එකයි, සෙට් එකටම results හොඳ නිසයි, සෙට් එකම අද උන්ගෙ ගෙදර යන්න කතා උනා රෑට. පොඩි පාටියක් දාන්න. ශොට් දෙක තුනකුත් දාගන්න තමයි ප්ලෑන් එක.


"මෝඩයෙක් වෙන්න එපා යොහාන්. දැන් results හොඳ නිසා කැම්පස් යන්න පුලුවන් වෙයි. ඒ හින්ද english කෝස් එකක් වත් කරනව මෝඩය වගේ බොන්න පටන් ගන්නැතුව ආපහු"


"පොඩ්ඩක් මොනා හරි කලාට අවුලක් නෑනෙ ඉතින්. කෝස් වලට නං පස්සෙ යන්න පුලුවන්. අනික කඩ්ඩ නතින් මට." (ඔය කිව්වට ඉංග්‍රීසි හෝඩියත් බෑ හරියට)


"යොහාන්, සඳලි ගියේ ඔයාගෙම හොඳට කියල හිතන්නකො. දැන් ඔයාට ඔයාගෙ පාඩුවෙ වැඩ කරගන්න පුලුවන්නෙ ප්‍රශ්නයක් නැතුව. ඒ නිසා ඔය පාටි වලට යන්න එපා. අනික සුපුන් කියන්නෙ එච්චර හොඳ කෙනෙක් නෙවෙයි. මීට පස්සෙ එයාව ආශ්‍රය කරන්නත් එපා."


"මාර කතානෙ ඕයි. මගෙ වකුගඩු මගෙ ආතල් මගෙ බූට් මගෙ යාලුවො මට ඕනෙ දේ මම කරනව. අනික ස්කන්ධය දිරනවා ආතල් ඉතුරු වෙනවා"


"ඕනෙ මගුලක් කරගන්නව තමුසෙ. තමුසෙගෙ හොඳට කිව්වෙ කියල මතක තියාගන්නව." කියල නිශාධි ඩලස් ගාල 4න් එක කට් කලා.


හැබැයි ඒකි කියපු කතාවත් ඇත්ත ඉතින්. ඒත් දුකින් ඉන්න වෙලාවක පොඩ්ඩක් බීව කියල හෙන ගහන්නෑනෙ. ඒ නිසා රෑ වෙනකොට නැන්දලට බොරුවක් කියල සුපුනගෙ ගෙදරට සෙට් උනා.


සක්කිලි හැතිකරේ බොක්කෙ සෙට් එක. පැයක් බලන් හිටිය තුන් දෙනයි ආවෙ. මමයි සුපුනයි කුමාරයයි.


"යකෝ යොහාන්. කෝ බං අනිත් උන්. මේ බඩු ටික sponsor කරපු එකාට පෙන්නන්නවත් සෙට් එකක් නෑ කියහන්කො." සුපුන උගෙ අඳෝනාව පටන් ගත්තා.


"ඔක්කොම කීයක් තියේද"කුමාරයත් කෙල පෙර පෙර අහනව.


"6ක් තියෙනව ඉතින්. අපි තුන් දෙනා 6ක් ගැහුවොත් මැරෙයි බල්ලො."


මගෙ හිතත් ලාවට කිව්ව සඳලිත් මගෙ හිත මරපු එකේ කුමාරයගෙ idea එකට අනුව අදට විතරක් පොඩ්ඩක් ගහමු කියල.


ඉතින් රෑ 9 විතර වෙනකංම ගහල ගහල ඔන්න දැන් අඬන ලෙවල් එකට එන්නැතුවම නටන ලෙවල් එකට යනව කියල තේරුණා.


ඉතින් මමයි කුමාරයයි නට නට පාරෙ යනව වැනි වැනි. කුමාරය මගින් හැරිල ගෙදර ගියා. මමත් කෝම හරි ගෙදර යනව කියල හිතාගත්ත වැටෙන්නැතුව නෝන්ඩි නොවී.


සිරි අඹ සාරා කිව්ව වගේ ඩෝං ගාල වැටුන පාර අයිනෙම. අසිහියෙන් වගේ කෝල් එකක් ගත්ත මුලින්ම තිබ්බ නම්බර් එකට.


"ඇයි මොකද ආපහු ගත්තෙ. ගිහින් බොනව ඉතින්. තමුසෙට උදව්වක් කරන්න ගියාමනෙ අපිට පුප්පන්නෙ."


මොන අටමගුලක් ද යකෝ මේ. 4න් එක ඇහැට ලං කරලම බැලුවම දැක්කෙ අරන් තියෙන්නෙ අර යස්සනීට කියල. ඒ නිශාධි!


"අඩෝ නිශාධි. ගෙදර යන්න බෑ ඕයි. පාරෙ ඉන්නෙ. මාව එක්කන් පලයංකො"


"තමුසෙ ගෙදර යන්නෙ කොහොමද මිනිහො. තමුසෙ ඔය ඉන්නෙ අපේ ගේ ඉස්සරහ"


අම්මටහුඩු. මම මෙච්චර දුර ඇවිල්ල. තව ගෙවල් තුනයිනෙ තියෙන්නෙ කියල හිතල නැගිටින්න හැදුව. නිකං මඥ්ඥං වගේ ලයින් එකක්. ලාවට මතකයි කවුද මාව වත්කම් කරන් ගෙදරකට අරන් යනවයි මාව ඇඳක් යටට දාල කට ටේප් එකකින් වහනවයි.


ආපහු ඇහැරෙනකොට මට උඩින් ලෑලි පේලියක් පේනව. කෑ ගහන්න හැදුවම කෑ ගහන්නත් බෑ. යකෝ කට බැඳල. අත පය හොල්ලන්නත් බෑ අත් කකුල් දෙකත් බැඳල දාල.


දෙයියො බුදුන් සිහි වෙන්නෙ මේ වෙලාවට තමයි.


එකපාටම ඇඳ යටට ගෑනු කෙනෙක් එබිල ඇඟිල්ලක් කටට තියල මට සද්ද කරන්න එපා කිව්ව. හත්වලාමෙ ඒ නිෂාධි. මාව බ්ලැක්මේල් කරන්න හදනවද. විකාර ගොඩක් හිතට ආව.

පස්සෙ එයා මාව එලියට අරන් අත පය ලිහල කටට ගහපු ටේප් එකත් ගැලෙව්වා. ඒක ගලවද්දි නං බොරු කියන්න ඕනෙ නෑ එතනම ගියා.


"දැන් මෝඩයෙක් වගේ ප්‍රශ්න අහන්න එපා. අම්මල ගෙදර නෑ. අද එයාලට රෑ වැඩ. වැඩ කරන ආච්චි විතරයි ඉන්නෙ. තමුසෙව පාර අයිනෙ දාල යන්න බැරි නිසා මෙහෙට එක්කං ආවෙ. නැන්ද තමුසෙව ඔහොම දැක්කොත් ඒ ගෑනිගෙ පපුව පැලේවි. කටවහන් ඉන්නව. මම කන්න අරන් එන්නං මොනා හරි."

නිශාදි හෙමීට කිව්වෙ ඇස් දෙකේ කඳුලු පුරවන් අඬන්න වගේ.


මමත් වෙරිකාරයනෙ. ඇහුව ගොනා වගේ.

"ඉතින් ඔයා අඬන්නෙ ඇයි. මමනෙ අඬන්න ඕනෙ."


ටාස් පටාස් ටෝස්.......


නිශාධි ගැහුව හොම්බ රිවට් වෙන්න කම්මුලට. මතකයේ හැටියට අවම 6ක් වත් ගැහුව.


ගහල ඒකි කාමරේ දොර වහන් එලියට ගියා.


මමත් ඇඳ අයිනෙ බිම නිදාගෙන හිටිය. ආපහු එයා කාමරේට ආවෙ පත බත් පිඟානකුත් පුරවන්. මගෙ හිත කියවලද කොහෙද මෙයා. නැගිටින්න හැදුව හැදුව හරියන්නෑ. සමහරවිට කකුල් ප්‍රදේශයේ ඉහල අවපීඩන තත්වයක් ඇති වෙලා ඇති. ඕවා සාමාන්‍යයිනෙ ඉතින්.


"ඉන්න ඔහොම පොඩ්ඩක්. දඟලන්න එපා. මම නැන්දට කිව්ව ඔයා කුමාර එක්ක එහෙ ගියා කියල. ඔයාගෙ 4න් එක වැඩ කරන්නෑ. මම කිව්ව බැටරි නෑ කියල. දැන් ඉඳගන්න ඔතනින්."


"ඉඳගන්න බෑනෙ නෝනා"


"ඉන්න මං උදව් කරන්නං." කියල නිශාධි මගෙ අත් දෙකට වාරු දීල මාව නැගිට්ටවල ඇඳ උඩින් වාඩි කෙරෙව්ව.


"ෆෑන් එකක් නැද්ද කාමරේ. දාඩියයි" මම කිව්වෙ පට්ට රස්නෙ නිසා. (බිව්වම රස්නෙ දැනෙනවද කියල අහන්න එපා.)


"ශර්ට් එක ගලවගන්න."


මම ඉතින් ඔන්න ඔහේ ශර්ට් එකත් ගැලෙව්ව. (නරක සීන් වගේ නේ)


"බත් කන්න බෑ නේ අතින්. මං කවන්නං. කට අරින්න."


මමත් කට ඇරල කෑව. මෙහෙම සද්දයක් කතාවක් නැතුව බත් ටිකක් කාල මම ඇති කිව්ව.


එයා කතාවක් නැතුවම බත් එකත් අරන් එලියට ගිහිල්ල ආපහු ආව කාමරේට.


"ඇඳ යටින් නිදාගන්න අද. දැන් ගෙදර යන්න බෑනෙ. ගන්දස්සාරෙ බෑ. ඇඳෙන් ඉන්න ඕනෙ නං ඇඟ හෝදන් ඇවිල්ල ඇඳෙන් නිදා ගන්න මම අම්මලගෙ ඇඳේ නිදා ගන්නං."


"අනේ මට තනියම ඉන්න බෑ. මම ඇඳ යටින් ඉන්නම් ඔයා ඇඳෙන් නිදා ගන්න."


"ඒක පස්සෙ බලමු.ඇඟ හෝදන් එන්න. මම කම්මුල තවන්නං ආවට පස්සෙ. ආ මේක ගන්න. මේ තාත්තගෙ කලිසමකුයි ශර්ට් එකකුයි. මේක ඇඳගන්න."

නිශාධි මගෙ මූණ දිහා බලන් කියනකොට ඒ ඇස් වල වෙනත් දෙයක් තිබ්බදෝ කියලත් හිතුන.


ඕනෙ මගුලක් කියල ඇඟත් හෝදන් දිපු ඇඳුම් ටිකක් ඇඳන් එලියට එනකොට නිශාධි රෙදි කෑල්ලකුයි උණුවතුර භාජනේකුයි ලෑස්ති කරල.


"රිදුනනං සමාවෙන්න. ඔයා කරන වැඩ නිසා තරහ ගිහින් තිබ්බෙ." නිශාධි කම්මුල තවන ගමන් හිමීට කිව්ව.


ඒ ගහපු ගැහිල්ලම තව දෙකක් විතර වැදුන නං පංචිකාවත්තෙන් අලුත් කම්මුලක් ගේන්න වෙනව.


කම්මුල තවල ඉවර උනාම මම ඇඳ යටින් නිදාගත්ත. පාන්දර විතර ආපහු ඇහැරුනා හීතලටද කොහෙද. ශේප් එකේ ගුලිවෙලා ලයින් එකක් අදින්න හදනකොට මගෙ සද්ද බද්ද ඇහිල නිශාධි මට කතා කලා.

"යොහාන් එන්න ඇඳට. මං ළඟත් පොරවන රෙදි එකයි තියෙන්නෙ."


රත්තරං පෙම් පුරාණේ. මම මේ කෙල්ලෙක් එක්ක එක ඇඳේ නිදාගන්න යනව. කොච්වර කැත හිතක් තිබ්බත් මේ සීන් එකේදි නං ගැස්සුනා. සිරාවටම ගැස්සුනා. නිශාධිත් බය වෙලා ඉඳියෙ කියල වෙව්ලන කටහඬින්ම තේරුනා. සිරාවටම නිශාධි කීයටවත් මෙහෙම කොල්ලෙක්ව කාමරේට අරන් ඇවිල්ල කවල පොවල නාවයි කියල හිතන්න බෑ. ඒත් ඉතින් උනේ ඒක. සද්ද බද්ද නැති වෙන්න ඇඳට නැගල අයිනටම උනා. එයත් එහාට උනා. ඔහොම ටිකක් වෙලා ගියා. නින්ද යන පාටක් නං නෑ. එහෙන් ටෙන්ට් ගහල(තේරුම් ගැනීමේ අයිතිය ඔබ සතුය). මෙහෙන් පට්ට දාඩියයි ආපහු බයටමද කොහෙද.


මමත් මලමිනිය වගේ හෙල්ලෙන්නෙවත් නැතුව ඇඳේ හිටිය.


"යොහාන් මට කියන්න දෙයක් තියෙනව" නිෂාධි එහා පැත්තෙ ඉඳන් හෙමීට කතා කරනව.


මටත් කියන්න දෙයක් තියෙනව. මොකක්ද යකෝ අපි මේ කරන වැඩේ කියල අහන්න හදලත් "කියන්න නිශාධි" කියල හෙමීට ඇහුවෙ මෙච්චර උදව් කරපු කෙල්ලගෙ හිත රිද්දන්න බැරි නිසා.


"යොහාන් මේක ඉස්සර ඉඳන්ම මගේ හිතේ තිබ්බ දෙයක්. අනේ තරහ වෙන්න එපා"


මට තේරුනා මෙයා එන්න හදන තැන. ඒ නිසා කට වහන් ගොනා වගේ අහන් හිටිය. මම හිතපු එක කිව්වොත් එහෙම ඇඟට පැනල බදාගෙන කිස් කරන්න තරන් ගට් එකක් ආව හිතට.


"ඔයා සඳලි එක්ක යාලු උනාම මට හරියට දුක හිතුන. ඒත් අද ඔයා එයා නිසා මෙහෙම දේවල් කරනව කියල දැක්කම මට තවත් දුක හිතුන. ඒකයි මට ඉක්මනට තරහ ගියේ. මම ඔයා වෙනුවෙන් මේ හැමදේම කලේ මම ඔයාට ආදරේ නිසා යොහාන්. ඉස්සර ඉඳන්ම මම ඔයාට ආදරෙයි."


කොළ එලිය පත්තු උනා මිත්‍රවරුනි.

Report Page