✔️✔️✔️

✔️✔️✔️

Kavee💟

හායි 😃 කොහොමද ඔයාලට,

අනේ ටිකක් පරක්කු වුනාට so sorry 😥

මොකද වෙන්නෙ ඉතින් ඔය පැත්තෙ ආ 😁

පාඩම් ඒම කෝමද ඔයාලගෙ, හොඳට කරනව ඇති කියලා මම හිතනවා.

21 අයියලා, අක්කිලා බරටම වැඩ ඇති නේද, ම්ම්ම්ම්ම්

එයාලට ඉතින් දැන් special මොනාත් කියලා වැඩක් නෑ මොකද තව පුංචි කාලයක් එයාලට තියෙන්නෙ. මං ඉස්සෙල්ලා කිව්වනෙ මගේ ඊළඟ post එකෙන් කතා කරන්නෙ 22 අයට කියලා. මාත් 22 නෙ ඒකයි ඉතිම් වැඩියත්ම 😃 , අද මං මෙතනදි කියන්නෙ මට දැනෙන විදිය හරිද ඒක ඔයාලට වෙනස් වෙන්න පුලුවන්, මොකද හැමෝම එක වගේ හිතන්නෙ නෑනෙ.

ඉස්සෙල්ලම ඔයාලා AL life එක පටන් ගන්න ඇත්තෙ මම යන්නෙ මේ campus එකේ මේ degree එකට, මං එතනට යන්න මේම මේම මේ විදියට වැඩ කරනවා කියලා හිතුවා නේද, ඒත් තාමත් ඒ විදියට වැඩ වෙනවද කියලා ඔයාලා ඔයාගෙන්ම අහලා බලන්නකෝ. ගොඩක් අයගෙ උත්තරේ නෑ කියන එක නේද. හ්ම්ම් ඒ හැටි ඔය ප්‍රශ්නෙ මගෙන් ඇහුවත් මං දෙන්නෙත් ඒකම තමා.

22 ඔයාලා හිතන්න එපා අපිට තව කල් තියනවා exam එකට, ඒ නිසා දැන් ජොලියෙ ඉඳලා exam කිට්ටුවම පාඩම් කරනවා දැන් කලාය කියල මතකත් නෑනෙ කොහොමත්, මේම නම් හිතන්න එපා ඔයාලා. එහෙමයි කියලා බුදු අම්මේ තව අවුරුද්දයි අනේ මට බයයි, වැඩ කර ගන්න බැරි වෙයි, අවුරුදු එක හමාරක්ම ගෙවිලා ඒ කාලෙ මට වැඩ කර ගන්න බැරි වුනා කියලා හිතන්නෙපා හොදේ. තාම වැඩ කරන්න පටන් ගත්තෙ නැත්නම් අදම පටන් ගන්න හාද. Al කියන්නෙ ol වලදි වගේ හෙට තියෙන subject එක අද පාඩම් කරලා හෙට paper එක ලියන්න පුලුවන් එකක් නෙවෙයි. අමුතුවෙන් කියන්නොනෙ නෑනෙ ඔයාලට නේද syllabus එක ගැන ඒම.

ඔයාලට පාඩම් කරද්දි එන ප්‍රශ්න මොනාද කියලා මට comment කරලා තියන්න, මං පුලුවන් විදියට ඔයාලට ඒවට ක්‍රම කියලා දෙන්නම්කෝ.😃

Cls ඇත්තෙත් නෑ schl ඇත්තෙත් නෑ යාළුවො දකින්නත් නෑ ඔයාලට පිස්සු වගේ ඇති නේද. වෙනදා නම් cls එකේදි හරි සර්ලා කියන නිසාවත් වැඩ කරපු ඔයාලා දැන් zoom cls එකේවත් හරියට ඉන්නෙ නැද්ද, ඒ වෙලාවටත් whatsapp, facebook වල chat කර කර, එහෙම නැත්නම් meeting එකට join වෙලා game play කරනවා නම් එතන ලොකු අවුලක් තියනවා හොදේ. ඔයාලගෙ හීන වලට ඒක බාධාවක්. හින වලට යන්නෙ කෝමද cls එකේ වෙලාවටවත් ඒ වැඩේ හරියට කරන්නෙ නැත්නම්. හිතන්න ඔයාලා දොස්තර කෙනෙක් වෙලා ලෙඩෙක් බලන ගමනුත් වෙන වැඩක හිටියොත්, ඒ වෙලාවටත් හිත එක තැනක නැත්නම්.

පැය ගානක් zoom cls ඉන්න කම්මැලී තමා. ඒත් හිතන්න හීනෙට යන්නොන කියලා හැම දෙයක්ම දරාගෙන වැඩ කරන කෙනාට ඕවා ප්‍රශ්න නෙවෙයි තේරුනාද. ඔයාලා cls එක පටන් ගද්දිම හොඳට fresh එකේ ඉන්නවා පැයක් විතර යද්දි ඉතින් ඔන්න එක එක ලෝක වල. ඒකට මං කරන ක්‍රමයක් ඔයාලට කියන්නම්. මං cls එක පටන් ගද්දිම හිතනවා විනාඩි 30යිනෙ තියෙන්නෙ ඕක මොකද්ද කියලා (හැබැයි cls එක විනාඩි 30 නෙවේ හොදේ ඒක පැය පහක්, මං හිතන්නෙ එහෙමයි). ඊට පස්සෙ දන්නෙම නෑ විනාඩි 30 ඉවරයි, දැන් ආයෙ ඔයා වෙලාව පොඩ්ඩක් බලන්න. ආයෙ හිතන්න අයියෝ තව තිහයිනෙ කියලා. මෙහෙම මෙහෙම හිතන ගමන් හොඳට කන් යොමාගෙන සර්ල කියන දේවල් අහන් ඉන්න. ඒ ගමන් හිතන්න මම medicine යන්න නම් මේ කැප කිරීම කරන්නම වෙනවානෙ ඒ නිසා සර්ලා කියම එක අහන් ඉන්නවා එතකොට පාඩම් කරන්නත් ලේසිනෙ කියලා.

අනික ඔයාලා මෙච්චර දවසක් දවසෙ ටික එදාම පාඩම් කලේ නැත්නම් ඔයාට පස්සෙ වෙලාවක ඒක පාඩම් කරන්න සෑහෙන්න මහන්සි වෙන්න වෙනවා. ඒ නිසා අද ඉඳලවත් ඒ වැඩේ කරන්න. Cls එකේදි හොඳට අහන් ඉඳලා cls ඉවර වුනාම පොත අරන් දෙතුන් පාරක් කියවන්න. ඊට ප්ස්සෙ කොළයක් අරන් පොතේ තිබ්බ දේවල් මතක් කර කර ලියන්න උත්සාහ කරන්න. ඒ විදියට මතක ටික ලියලා ආයෙත් පොත බලන්න අමතක මොනාද කියලා.

තව ක්‍රමයක් තමා ඔයාලට පුලුවන් නෝට් එක බලලා ඒකට ප්‍රශ්න ටිකක් හදලා උත්තර ලියන්න. ඒ විදියට මුළු නෝට් එකටම හදන්න. ඊට පස්සෙ ආයෙත් අර ප්‍රශ්න ටික අරන් උත්තර ලියන්න. එතකොට හොඳට මතකයි. මේක මං කරන ක්‍රමයක්. ඔයාලා පොඩ්ඩ්ක් try කරලා බලන්න කැමති නම්. මීට වඩා ඔයාලා ළඟ සාර්ථක ක්‍රම තියනව නම් ඒව භාවිතා කරන්න.

අනිවාරෙන්ම ඔයාලා past paper කරනවනෙ. එතකොට mcq වලට විවරණ ලියන්න ඒකෙනුත් මතක හිටිනවා.

අනික තමා short notes. විශේෂයෙන්ම බයෝ වලට short notes ඕනෙමයි කියලා මං අමුතුවෙන් කියන්න ඕන නෑනෙ ඔයාලට. මේ channel එකෙත් තියනවා short note ඒම ඒවත් බලන්න.

ඔයාලා physics වල ඒම සර්ලගෙ tutes, past paper ඒම ඔක්කොම හදලා ඉවර නම් ඒ ටික ආයෙ කරන්න. මොකද එතකොට ආයෙ ආයෙත් මතක් වෙනවා ඒවා. සාමාන්‍යයෙන් exam එකට යන්න කලින් ඔය ටික පස් වතාවක් විතර කරලා තිබ්බ නම් exam paper එක දැක්කම බය වෙන්න ඕන නෑ.

22 ඔයාලට revision පටන් ගන්න පොඩි කාලයයි තියෙන්නෙ. ඒ නිසා දැනට උගන්නපු දේවල් ඔක්කොම ඒ වෙද්දි පාඩම් කරලා ඉවර කර ගන්න ඒක ලේසි ඔයාලට. මොකද revision පටන් ගත්තම වැඩ වැඩි වෙනවා.

තව දෙයක් තමා පඩම් කරන තැන පිළිවෙළට පිරිසිදුව තියෙන්න ඕන එතකොට අපිට ටිකක් පාඩම් කරන්න ආස හිතෙනවා. ඔයාලගෙ මේසෙත් අපාය වගේ නම් දැම්ම ඒක හදා ගන්න. හැබැයි තවත් දෙයක් කියන්නෝන පාඩම් කරන මේසෙ පොත් පිරිලා නම් පාඩම් කරන්න කම්මැලී වගේ කියලා අපේ සර් කෙනෙක් කිව්වා. සාමාන්‍යයෙන් පාඩම් කරන මේසෙ පොත් නැතුව ඒක නිදහස්ව තියනවා නම් හොඳයි. එතකොට හිත ටිකක නිදහස්. ඔයාලට පුලුවන් නම් පොත් ටික වෙන තැනක තියන්න පොත් රාක්කෙක, නැත්නම් වෙන මේසෙක, ඇඳ උඩ උනත් කමක් නෑ 😃. Subject එකෙන් subject එකට වෙන් කරලා තියා ගන්න. එතකොට හොයා ගන්න ලේසි වෙයි.

දැන් ඔයාලා ඔයාලගෙ targetsටික නැත්නම් dream එක ලස්සනට මොකක හරි ලියන්න, අඳින්න. ඒක පාඩම් කරන තැන ඉස්සරහින් පේන්න බිත්තියේ අලවන්න.

👇👇👇


දැන් ඒ වැඩ ටික ඉවර කරලා, කාමරෙත් අස් කරලා අතු ගාලා එළියට ටිකක් ගිහින් එන්න. ම්ම්ම් දැන් කාමරේට ආවම මොකද හිතුනෙ ඔයාට ම්ම්ම් ආයෙම හිත ගියේ අවුරුදු ගානක් ඉස්සරහ ඉන්න ඔයා ගාවට නේද, ඒ කියන්නෙ ඔයාගෙ හීනෙට. හරි දැන් පාඩම් කරන්න පටන් ගන්න.

අද ඉඳන් කරන්න මං ඔයාලට තව දෙයක් කියන්නද, ඔයාලා අද නිදා ගන්න කලින් කොළයක් හරි පොතක් හරි අරගෙන ලියන්න හෙට ඔයා මොනවද කරන්නෙ කියලා වෙලාවලුත් එක්කම ලියන්න. නැගිටින්නෙ කීයටද, break ගන්නෙ කීයටද, මේ හැමදේම ලියන්න. හෙට උදේ නැගිට්ටම ඒ විදියට වැඩ කරන්න. පළවෙනි දවසෙ ඒ ඔක්කොම කර ගන්න බැරි වුනාට කමක් නෑ දවසින් දවස ඔක්කොම කරන්න බලන්න.

ඔයාලට කම්මැලි වෙලාවට කරන්න මං තව දෙයක් කියන්නද. නිකන් ඔය කටු කොළයක් අරගෙන ඔයාලගෙ targets ටික ලියන්න. මං මේ result එක ගන්නෙ ඊට පස්සෙ යන්නෙ මේ campus එකට. ගිහින් ඒකෙ ඉන්නෙ මෙහෙම. කැම්පස් එකෙන් ආවම මං ගෙදර එන්නෙ මේ විදියට එදාට අම්මලාගෙ සතුට මේ වගේ වෙයි කියලත් හිතන්න තේරුනාද. තව ඉතින් bio කරන අයට හිතන්න පුලුවන් campus එකෙන් ආවම නමට ඉස්සරහින් dr කියලා වැටෙනවා නෙහ් 😁. ( MR❌  MRS❌  MISS❌ DR✔️)

මේක ඉතින් motivation එකක් නම් නෙවෙයි හොදේ. ඔයාලට වැඩ කරන්න ක්‍රම ටිකක් කිව්වෙ මං. තව ක්‍රම තියනවා ටික ටික කියන්නම්කෝ.

අද ලියපු ටිකට ඔයාලා කැමති වේද කියලා නම් මං දන්නෙ නෑ. වැදගත් කියලා හිතෙනවා නම් කියවන්න. සමහර විට boring වෙයි ඉතින්. ඒත් කියන්නොන කියලා හිතුන ටිකක් තමා මං ඔය කිව්වෙ. හරි එහෙනම් හොඳට වැඩ කරන්න. හැමෝටම සුභ අනාගතයක්.

GOOD LUCK 👍


✍️kavee✍️


Report Page