..

..

ᴸᴵᵀᵀᴸᴱ ˢᴱᶜᴿᴱᵀ•



මේ රූපයේ සිටින කාන්තාව ඇත්ත වශයෙන්ම මේ ලෝකයේ ජීවත් වන හෝ ජීවත් වූ කෙනෙකු නොව කෘතිම බුද්ධියක් විසින් ගොඩනැගු රූපයක් බව ඔබ විශ්වාස කරනවාද? 


මෙම චායාරූපය NVIDIA සමාගමේ StyleGAN2 නැමති GAN (Generative adversarial network) එක මගින් ජනනය කරන ලද්දකී. 


Generative adversarial network එකකදී generative සහ discriminative ලෙස neural networks දෙකක් භාවිතා වෙනවා. Generative neural network එක මගින් ජනනය කල ව්‍යාජ රූප සහ ඒවායේ සැබෑ රූප discriminative network එකට ලබා දෙනවා. Discriminative network එක මෙසේ ලබා දෙන රූප generative neural network එක මගින් ජනනය කල ව්‍යාජ ඒවාද එහෙමත් නැතිනම් සැබෑ ඒවාද යන්න හදුනා ගැනීමට උත්සහ කරනවා. Generative neural network එක මගින් ජනනය කල ව්‍යාජ රූප සැබෑ රූප බව එත්තු ගන්වා discriminative neural network එක රැවැට්ටීමට generative neural network එක සෑම විටම උත්සහ කරනවා. මේ නිසා සෑම විටම generative neural network එය ජනනය කරනු ලබන ව්‍යාජ රූප සැබෑ රූපයේ තත්වයටම සමාන වන ආකාරයට ජනනය උත්සහ කරනවා. මේ ආකාරයට මේ neural network සති කිහිපයක් train වෙද්දී සැබෑ රූපයට සමාන ව්‍යාජ රූප ජනනය කරන්න පුරුදු වෙනවා. 


thispersondoesnotexist.com වෙබ් අඩවිය මගින් පහල රූපය මෙන් කෘතිම බුද්ධියක් විසින් ජනනය කරනු ලබන රූප ලබා ගන්න පුලුවන්. Fake Account හදන අයට වැදගත් වෙයි. 😂💔


සටහන - Sameera Madushan

Copied

පුදුම ලෝකය 🌎

Report Page