🌝

🌝

Tharushi Udeshika

"මොන මගුලක්ද අනූ...මේක.."


දොර ඇරගෙන අකේන් කෑ ගහගෙන ගේ ඇතුලට එනකන්ම මන් හිටියෙ හිතින් ගොඩක් දුර....අවුරුදු හතකට කලින් ජීවිතෙ හදාගන්න බැරි විදිහට වැරදුන තැන..ආයෙ ආයෙම මට මතක් කරවන්නේ මාව මැරි මැරි උපද්දවමින්....


"ඇයි අකේන් මොකක්ද..."


"උදේ ඉදන් නඩු දහයක් දොලහක් උගුර ලේ රහ වෙනකන්ම කෑ ගගහා කතා කරලා ගෙදර එන්නේ උබේ ඔය මූණ දිහා බලන් මගෙ මහන්සිය නිවා ගන්න මැණික...ඒත්...ඒත්..."


එච්චරයි එයා කිව්වෙ...තිබ්බ ආවේගෙටම ලග තිබුන මල් වාස් එකටත් පයින් පාරක් ගහලා උඩට යන්න ගියේ මගෙ මූණවත් නොබලා....


තරහෙන් පුපුර පුපුර පඩිපෙල නගින ඒ රුව දිහා මම බලන් හිටියෙ හරි අසරණව....එයා කැමැති නැහැ මම අඩනවට...එයාගෙ සතුට වුනේ මගෙ සතුට විතරමයි...එයා හැමදාමත් හිතුවෙ මගෙ සතුට ගැන....මම දන්නවා එයා වුනෙත් ඉන්නෙ ගොඩක් කේන්තියෙන් වගෙම අපි කරපු වරද ගැන ලොකු කලකරීමකින්..... පසුතැවීමෙන්...


"අ..ම්..මා..."


වාරන නොමැතිව ඇස් වලින් කදුලු කැට වැටෙද්දී...හිස් හැගීමකින් ඔහෙ බලන් හිටපු මට ඇහුනේ පොඩි සිගිත්තියකගේ හඩක්....


"අම්මා..."


අවුරුදු හයක හතක පොඩි සිගිත්තියක් මම අහන්න ආසම කරපු ඒත් අහන්න තරම් වරම් නොලබපු ඒ නමින් අමතනවා මාව....ඒත් කෝ...කවුද ඒ හැමතැනම හෙව්වා මම...කෝ කවුරුත් නැහැනේ....


හදවත කීරි ගැහෙන්න රිදුම් දෙද්දී...එක දෙක කඩන් වැටුන කදුලු කැට කදුලු වරුසාවෙක් වෙද්දී....මගෙම ඉකිය මටම දරා ගන්න බැරි වෙද්දී......


"ආ....කේ.........න්............"


එතනම බිම වාඩි වෙලා කන් දෙකත් දෑතින්ම වසන් පොලෝ මාතාවත් සසල වෙන්න තරම් ශබ්දෙකින් කෑ ගැසුවේ...ඒ හඩ ඒ වචනෙ කන් අස්සේ තව තවත් හයියෙන් දෝංකාර දෙද්දියි.....


"අ...අනු....මොකද ඇයි මේ.....බය නොකර කියපන් මැණික මොක ද උනේ..."


"අ....අකේ...න් අනේ...එයා මට කතා කරනවා...අනේ.....මට අම්මා කියලා කතා කරනවා....."


"අම්මා..."


නැවත වරක් ඒ කටහඬ ඇහෙන කොට මන් ආයෙත් කන් දෙක වගෙන කෑ ගහන්න ගත්තේ ඉවසන් ඉන්න බැරිම තැන.


"ඇහෙන්නේ නැද්ද අකේන් ඔයාට ඇහෙන්නේ නැද්ද ? නැත්තම් ඇහෙන්නේ නෑ වගේ රඟපානව ද? "


මන් පිස්සුවෙන් වගේ නැගිටලා ගිහින් අකේන්ගේ උරහිස දෙකෙන් අල්ලගෙන සෙලෙව්වේ....ඒ ඇස් රතු කරගෙන මන් දිහා බලද්දී .


"තමුසෙට පිස්සු හැදිල ද අනූ ඉන්නේ....තමුසෙයි මායි ඇරෙන්න මේ ගෙදර මොකෙක්වත් නෑ....තමුසෙට ඕනී මාව පිස්සෙක් කරන්න ද කියපන් ඒක ද ඕනී...."


කේන්තියෙන් කෑ ගහන එයා දිහා මන් බලන් හිටියේ කලකිරීමකින් . කිසිම තේරුමක් නෑ එයා එක්ක කතා කරලා මන් එහෙම්ම උඩට දිව්වේ ඒ රූම් එකට. ෆොටෝ වලින් පිරිලා තිබ්බ එයා ආස කරපු දේවල් පිරිලා තිබ්බ ඒ රූම් එකට.


අනූ උඩට දුවන් යද්දි අකේන් ද ඒ පිටිපස්සෙන් දිව්වේ කෙල්ල දැන් ඉන්නේ හොඳ සිහියෙන් නෙමෙයි කියලා තේරුන් නිසා.


"මැණික....කෝ...ඔයා...ඔයා...ඉන්නවා නේ ද? මෙතන...කතා කරන්න මැණික. තව එකම එක පාරක් කතා කරන්න අම්මට."


රූම් එක ළගට ආපු අකේන් අනූ තනියම කතා කරන ඒවා අහන් එහෙන්ම රූටා ගෙන ගිහින් බිම ඉඳගත්තේ ඔලුව බඳාගෙන.


"මන්...මන් නිසයි උබ අද  මෙහෙම විඳවන්නේ ...... උබ කියන්නේ ඇත්ත වෙන්න ඇති මැණික උබලා දෙන්නාම හිටියේ හරියට අක්කයි නංගි වගේ....එයා ඔයාට කතා කරනවා ඇති. ඒත්...ඒත් ....මේ පව්කාර අප්පච්චීට ඒ කටහඬ ඇහෙන්නේ නෑ.....මගේ අසරණකමට එදා ඒ දේවල් කරන්න උනා පැටියෝ....කරන්න උනා.....ඔයා එක්ක හිටපු අවුරුද්ද අප්පච්චීට මහ මෙරක් ....ඒ මතක හිතේ දරාගෙන ජීවත්වෙන්න බෑ....ඒකයි අප්පච්චී මේ මතක වලින් ඈත් වෙන්න හදන්නේ......"


 අතීතයට 


"තමුසෙට පිස්සු ද අකේන් .....උබලා දෙන්නා මෙතන මගුල් නටන්නේ අපේ පවුලේ නම්වුව ගැන පොඩ්ඩක් හිතල ද??....තොපි දෙන්නා තාම ඉගෙන ගන්නවා එහෙම එකේ පුළුවන් ද දරුවෙක් හදන්න....රටේම මිනිස්සු හිනාවෙයි වික්‍රමබාහුගේ පුතා දැන්මම ගැනු බඩ කරලා කියලා....උබට ඒක ද අකේන් වෙන්න ඕනී...."


අකේන්ගේ තාත්තා ගෙදර දෙවනත් වෙන්න කෑ ගහන්නේ ඉහවහ යන කේන්තියෙන් .


"අ...අප්පච්චී ඔ...ඔයා...එතකොට කියන්නේ...."


"ඔව්....මේ ළමයා හදන්නේ නෑ....එච්චරයි මේක තමා අන්තිම තීරණය මගේ...තාම සති දෙකයි නේ...හවස ලෑස්ති වෙලා ඉදපන් අන්කල් රොමේෂ් ළඟට යන්න අනූ එක්ක."


"අප්පච්චී ඒත්...."


නෑ...තවත් එක වචනයක් මට කතා කරන්න අප්පච්චී ඉඩ දුන්නේ නෑ...අප්පච්චී ගියා යන්න.


දෙයියනේ කොහොම ද මැණික උබට මන් මේක හිතක් පපුවක් නෑ වගේ කියන්නේ ....අවුරුදු දහඅටක් උන මන් කොහොම ද භාර ගන්නේ... 

මමයි එදා හැගීම් වලට වහල් උනේ එදා එහෙම නොවුන නම් අද මෙහෙම මේ පොඩි දරු පැටියට මේ වගේ දෙයක් වෙන්නේ නෑනේ ද??. කකුල් අතපය පණ නෑ වගේ....එක පැත්තකින් අප්පච්චී අනික් පැත්තෙන් උබ . මන් දැන් ගිරයට අහුවෙච්ච පුවක් ගෙඩියක් වගේ.... හැමදේම හිත හිත මන් ගිහින් උබ හිටපු කාමරේ දොර ඇරියේ කොහොම හරි මේ දේ උබට කියන්නම වෙන නිසා.


උබේ සුදු මූණ හොඳටම රතුවෙලා . උබ හොඳට අඬලා කියලා ඔය මූණ දකින ඕනීම කෙනෙකුට කියන්න පුළුවන් . ඔව් උබට ඇහෙන්නත් ඇති අප්පච්චී කෑ ගහලා බැනපුවා. හිතන්නවත් වෙලාවක් නොතියා උබ ඇවිත් මට තුරුලු වෙලා අඬන්න ගත්තේ මගේ ශර්ට් එකක් තෙත් වෙනකන්.


"අ...අකේන් අප්පච්චී කියපු හැමදේම මට ඇහුනා. අනේ ...ඔයා මට ඒ පව් වැඩේ කරන්න කියන්න එපා දෙයියනේ ....මන් ගිය ආත්මේ කරපු පවකට මගේ අම්මයි තාත්තායි දෙන්නම මට නැති උනා...ඒත් මට ආයිත් බෑ පව් වැඩ කරන්න."


උඹ මගේ දෙපතුල් ළග වැඳ වැටිලා ඉල්ලුව එකම දේ ඒක විතරයි. ඒත් අප්පච්චීට පිටින් ගිහින් උබටයි මටයි අපේ පැටියටයි කවදාවත් සතුටින් ඉන්න ලැබෙන්නේ නෑ...බන් මන් ඒක දන්නවා.


"බෑ....අපිට බෑ. මේ දරුවා හදාගන්න.හවසට ලෑස්ති වෙන්න ඩොක්ටර් ළඟට යන්න." උබේ මූණවත් නොබලා කියලා මන් යන්න හදනකොටම 


"තමුසෙයි තමුසෙගෙ අප්පච්චී මහම මහ පව්කාරයෝ අකේන්...ලැජ්ජයි මට තමුසේ වගේ මිනිහෙක්ට ආදරේ කරා කියන්නත්....."


"කටවහපන් අනූ...තව එක වචනයක් කතා කරන්න එපා...නීතියෙන් උබ මගේ නෙමෙයි තමා තාමත් ඒ....ගතින් දැන් උබ මේ අකේන්ගේ වික්‍රමබාහුගේ වෙලා ඉවරයි. ඒ නිසා....මන් උබව අසරණ කරන්නේ නෑ...ඒක මතක තියාගනිම්."


උබේ ඒ වචන ටික මගේ පපුවට පිහියකින් ඇන්නා වගේ මැණික. වරදක් කියන්නේ නෑ මන් උබට උබේ කේතිය සදාරනයි. මොන අම්මට ද පුළුවන් තමන්ගෙම දරුවා විනාස කර කියද්දී කටවහන් ඉන්න. ඒත් මන් අසරණයි මේ වෙලාවේ.


******


අදට දවස් තුනක් වෙනවා ගෙනාපු බේත් උබ හරි අමාරුවෙන් උගුරෙන් පහළට දාගන්නවා දකිද්දී මම කොහොම උහුලන්න ද මේ නැති කරන්නේ අපේම දරු පැටියා නේ ද කියලා මතක් වෙනකොට .අදටත් උබ මාත් එක්ක වචනයක්වත් කතා කරන්නේ නෑ අඩුම මූණවත් බලන්නේ නෑ තියෙන කේන්තිට වගේම දුකට.


තවත් බෑ.... උබව විදෝනවා බලන්න මට. මන් එහෙම්ම දුවන් ආවේ උබ ළගට ඇවිත් විසක් කළා බේත් ටික සී ...සී... කඩ යන්න. වතුර වීදුරුව ගැහුවා පොළොවේ කුඩුවෙලා යන්නම.


 වේදනයි බන් මේ පිරිම් පපුවට ගොඩක්. උබව තුරුලු කරන් පැයක් විතර මන් අඬන්න ඇති. උබත් උබේ කදුළු නිදහස් කරනවා මගේ පපුව උඩම...හිතා ගන්න බෑ දැන් අප්පච්චී ගේ තීරණය කොහොම එකක් වේවි ද කියලා ඒ මොක උනත් මන් උබට තවත් වේදනා දෙන්නේ නෑ මැණික . හිතින් මං මටම පොරොන්දු කරව ගත්තා උබව වගේම මගේ පැටියවත් ආරක්ෂා කරනවා කියලා.


ඔෆිස් ගිහින් ගෙදර ආපු අප්පච්චී එක්ක අන්තිමට රණ්ඩු වෙලා තීරණයක් ගත්තා.ඒ අපි මේ දරුව ව හදනවා කියලා....ඒත් ඒ අප්පච්චී අපිව එක දේකට පොරොන්දු කරවන් .ඉපදුන දවසෙම ළමා නිවාසෙකට අපේ පැටියව භාර දෙන්න ඕනී කියලා. අමාරුවෙන් හරි අනූව ඒකට පොරොන්දු කර ගත්තේ දවසක අපේ පැටියව අපිට හදාගන්න පුළුවන් නේ කියලා හිත හදාගෙන .


දින සති මාස වලින් ගෙවිලා ගියේ මාස නවයක් තිස්සේ අපේ පැටියව පුංචි උබේ කුසේ උබ අමාරු දරාගෙන හිටියේ හිත ඇතුලේ උබේ උතුරා යන මව් සෙනෙහස නිසයි. හිතා ගන්න බෑ මට අපේ පැටියව අද කොහොම භාර දෙන්න ද කියලා මට ඒ මොහොත මතක් වෙන වාරයක් ගානේ මාව පිච්චෙනවා. කාලය ගෙවී යාමත් සමඟම ඩොක්ටර් ගෙනත් දුන්නේ රෝස පාට පැනල් එකක ඔතපු පුංචි රෝස පැටික්කියක්. අම්මා වගේමයි උබ නම් මගේ මැණිකේ. අන්තිමත් පළවෙනිත් වතාවට මගේ රෝසමලගේ අයිතිය එයාට දෙන්න ඕනී.මන් ගියේ අනූ ළගට පැටියව එයාගේ ළගින් තියලා බැලුවේ ඒ මූණ දිහා. ඒ ඇස්වල සතුටු කඳුළු වගේම කියා ගන්න නොතේරෙන වේදනාවක් මන් දැක්කා.


ඒ දෙතනේ කිරි මගේ ලේ වෙනුවෙන් කොහොම ද මන් උබලා දෙන්නා වෙන් කරන්නේ...කොහොමද මේ පවුකාරකම මන් කරන්නේ පුළුවන් කමක් තියෙනවා නම් මන් මේ දේ කරන්නේ නෑ....සමාවෙන්න මගේ රෝස පැටික්කීයේ මේ අප්පච්චීට. පැයක හෝරාවක් ගෙවී යාමත් සමඟම දරු පැටියාව අරන් අප්පච්චී එක්ක මන් ළමා නිවාසෙට ආවේ මගේ මැණිකව පපුවේ තුරුලු කරගෙන.ඉක්මනින් අප්පච්චී ඔයාව ආයිත් එක්ක යන්න එනවා මැණික. අන්තිම පාරට නැමිලා ඒ මූණ සිපගත්තේ පපුව දෙකට පැළෙන්න තරම් වේදනාව දෙද්දී. මට බැරිම තැන මන් අප්පච්චීට කතා කරා.


"අප්පච්චි අනේ....අපි මේ දරුවාව අරන් දුරකට යන්නම් අනේ මේ දුවෙක් අප්පච්චී. අම්මෙක්ගේ ආරක්ෂාව මෙයාට ඕනීමයි අප්පච්චී ලොකු උනාම. අනේ අප්පච්චී ඔයාට පින් සිද්ධ වෙනවා අපි ආයෙත් යමූ...මගේ අනූ පව් අප්පච්චී ....."


"කටවහපන් අකේන්....මන් කිව්වනේ මන් කියපු කිසිදෙයක් වෙනස් නෑ...හෙට උබලා යනවා ඕස්ට්‍රේලියා. ඕනී නම් ඒ ගිහින් ඇවිත් ආයෙමත් දරුවා ගනිම්...එතකන් දරුවා ගැන මන් බලා ගන්නම්.හැබැයි උබලා දෙන්න හොඳට ඉගෙන ගන්න ඕනී.ආයෙමත් ලංකාවට එන්නේ අවුරුදු පහකින් තේරුනානේ....."


තවත් කතා කරලා කිසිම තේරුමක් නෑ.....මට පුලුවන් දෙයක් කවදාම හරි දවසක කරනවා ඇරෙන්න.පැටියව පාළිකාව අතට දූන්න වෙලාවේ ඉදන් කෑ ගගහ ඇඬුවේ හරියට හැමදේම එයාට තේරිලා වගේ. තව එක මොහොතකටවත් මන් එතන ඉන්න බැරි නිසා කාර් එකට ආවේ ඒ ඇඬිල්ල අදෝනාවක් වගේ මට ඇහෙනකොට. ඔලුවම බඳාගෙන මන් කාර් එකට නැග්ගේ කරපු වැරැද්දට මන් මටම දොස් කියමින්.


අනූ හරියට දැන් ඇවිදින මළමිනියක් ගානයි අඬලා අඬලා ඒ මූනට හරි වෙහෙසයි. මැරෙන්න හිතෙනවා මට සත්තයි මැණික. ඒත් ඊට පස්සේ උබ තනි වෙනවා නේ ද කියලා මතක් වෙනකොට හැමදේම උබ වෙනුවෙන් ඉවසන් ඉන්නවා මන්.පසුදා අලුයම ම අප්පච්චී ටිකට් බුක් කරලා තිබ්බ නිසා අවුරුදු පහකට අපි ඕස්ට්‍රේලියා ගියේ අනූ හිතේ අප්පච්චී ගැන ලොකු කලකිරීමක් ඇති වෙද්දී .


අවුරුදු පහකට පසු ( රට ගොස් නැවත් පැමිණීම ) 


"අකේන්....අපි කෙලින්ම යමු ළමා නිවාසෙට ගිහින් අපේ මැණිකව එක්ක ගෙන අපේම කියලා ගෙදරකට යමූ...දැන් අප්පච්චී ගේ සල්ලි අපිට ඕනී නෑ නේ...."


අවුරුදු පහකට පස්සේ ලංකාවට ඇවිත් එයාපෝට් එකෙන් බැහැලා අප්පච්චී එවලා තිබ්බ කාර් එකට නගින කොට එයාගේ ඉල්ලීම ඒක...අපි දෙන්නම රට ගිහින් හොඳට ඉගෙන ගත්තා ඒ අපේ පැටියව අපි ළගට ගන්න ඕනී නිසා. දැන් අපි දෙන්නම ලෝයස්ලා. ඒ ගෙවුන අවුරුදු පහ තුළ මගේ කෙල්ල වින්දේ පුදුම දුකක්. දරුවා වෙනුවෙන් උනපු කිරි ගල්වෙලා අනූ විදපු වේදනා.........පපුව පිච්චිලා යනවා මගේ ඒවා මතක් වෙද්දී.


"හරි මැණික අපි එහෙම කරමු....දැන් මට උබලා දෙන්නව බලා ගන්න පුළුවන් අප්පච්චී කියන විදිහට මන් ආයෙත් නටන්නේ නෑ...මැණික. අප්පච්චී අපිව රට යැව්වේ අපේ පැටියගේ හැමදේම එයා බලා ගන්නවා කියලා මට පොරොන්දුවෙලා නේ... ඒක විතරක් කරලා තිබ්බොත් ඒ මට ඇති."


පැයකට ආසන්න කාලයක් ගෙවී යාමත් එක්කම මායී අනුයි දෙන්නම් කෙලින්ම ආවේ එදා අපේ පැටියව භාර දීලා ගිය ළමා නිවාසෙට . ඒ ගිහින් අපි මුළු විස්තරේ කිව්වේ දැන් නිවාසේ භාර අලුත් පාළිකාවක් නිසා.


"එතකොට මේ ඉන්නේ මන්දිගේ අම්මයි තාත්තයි. ඒ කියන්නේ මිස්ටර් වික්‍රමබාහුගේ පුතා."  


ටිකක් බැරෑරුම් විදිහට ඒක කිව්වම හිත ටිකකට ගැස්සුනා . අපි යන්න කලින් පැටියට තිබ්බ නම මන්දි අහස්මා වික්‍රමබාහු. 


"ඔව්....මැඩම් අපේ දරුවාව අදම එක්ක යන්න පුළුවන් නේ ද අපිට"


"ඒ....කියන්නේ ඔයාලා දෙන්නා මේ ගැන දන්නේ නැද්ද තාම . මීට මාස තුනකට කලින් මන්දි කැන්සර් එකකින් නැති උනා කියලා...."


ඒ වචන ටික කිව්වා විතරයි මගේ ඇස් විසල් වුනා . අනූව සිහිසුන් උනා . මගේ ඔලුවට හරියට හෙන හත අටක් එක පිට ගැහුවා වගේ.හදවත කෑලී කැඩිලා යනවා වගේ දැනෙන්නේ....අනූගේ මූණට වතුර බිංදු කිහිපයක් ඉසලා මන් කතා කළා පාලිකාව එක්ක.


"නෑ ......නෑ....මැඩම් එහෙම වෙන්න බෑ....එහෙනම් අප්පච්චී කියනවා නේ...අනික කොහොම එච්චර පොඩි වයසකින්...නැ...මැඩම් ඔයාට වැරදිලා අපේ රෝස මලට බෑ ....එහෙම අපි දෙන්නාට නොකියා යන්න....ඔයා ඔය කියන්නේ වෙන බබෙක් ගැන..."


කොහොමද පිළිගන්නේ මම අප්පච්චී අපිට හැම රෑ කම කතා කරලා කිව්වේ දරුවා හොඳින් අපේ වැඩ ටික කරගන්න කියලනේ....ඒ...ඒ..කියන්නේ අප්පච්චී කියලා තියෙන්නේ .....


"මිස්ටර් අකේන් මට තේරෙනවා ඔයාලා ඉන්න තත්වේ ඒත් එක තමා ඇත්ත . ඔයාලා මුලින්ම දරුවාව නැති කරන්න හිතන් බේත් බීලා තිබුනා නේ...ඒක තමා ගොඩක්ම බලපාලා තිබ්බේ....සමහරවිට මේ ගැන මිස්ටර් වික්‍රමබාහු නොකියා ඉන්න ඇත්තේ ඔයාලා කලබල වෙලා ලංකාවට එයි කියලා වෙන්න ඇති....දරුවාගේ මරණ පරීක්ෂණ වගේම මරණ සහතිකත් හැමදේම මිස්ටර් වික්‍රමබාහුට භාර දුන්නා.මොකද භාරකාරයා එයා නිසා. අනේ මට හරි කණගාටුයි මිස්ටර් අකේන් එයා හරිම අහිංසක කෙලි පැටියෙක් නිවාසේ හැමෝම වගේම නිවාසෙට එන යන හැමෝමත් එයාට හරිම ආදරෙයි."


කදුළු කැට ඇස්වලින් පල්ලන් බහින්නේ වාන් දොරටු ඇරලා වගේ....පාළිකාව කියන හැමදේම ඔහේ අහන් ඉන්නවා මන්. අනූ හූල්ලනවා...දෙයියනේ මගේ කෙල්ල දැකපු හීන ගඟට කපපු ඉණි වගේ දැන්....තව තප්පරයක්වත් ළමා නිවාසේ ඉන්නේ නැතුව අනූව එක්කගෙන මන් ගෙදර ආවේ අප්පච්චී ගෙන් ඇත්ත නැත්ත දැන ගන්න. 


"අප්පච්චී....අප්පච්චී ....කෝ ඔයා"


"අහ්...කොල්ලෝ ආව ද මොකද මෙච්චර වෙලා ගියේ මොකද මේ කේන්නති ගිහින් වගේ...."


"අප්පච්චි මට කියන්න මගේ දරු පැටියට මොකක්ද උනේ....ඇයි ඇයි අපිට බොරු කිව්වේ . "


"හ්....උබ ඒක ද නහර පුප්පන් කෑ ගහන්නේ...මහ අවාසනාවන්නත එකියක් ඒ පොඩි එකී කැන්සර් එකක් තිබිලා. සතයක් ගානේ වියදම් කරා ඒත් වැඩක් උනේ නෑ...පව්කාරකම....උබලට නොකිව්වේ පව්කාර එකියක් වුනත් උබලගේ ළමයනේ හැමදේම දාලා එනවා කියලා දන්න නිසා....දැන් ඒවගෙන් වැඩක් නෑ...ඒ පොඩි එකී යන්නම ගියා....දැන් බැරි යෑ ...උබලට ළමයි එකට දහයක් උනත් හදන්න."


අප්පච්චී හිනාවෙවී ඒ කියන වචනයක් වචනයක් ගානේ මට ඇති කරේ මාරාගෙන මැරෙන්න තරම් කේන්නතියක් . කේන්තියටම මගේ අත් වෙවුලනවා....ලැජ්ජාවයි මට අප්පච්චී කියන්නත්.


"ඇති ඇති...තව එක වචනයක් කියන්න එපා...මගේ අහිංසක රෝසමල පව්කාරය නෑ අප්පච්චී මතක තියා ගන්න ඒ අහිංසකීට ඒ දේ උනේ ඔයා කරන්න කියපු වැඩ නිසා කියලා. තව එක මොහොතක් මන් මේ ගෙදර ඉන්නේ නෑ....එදයි මට තීරණය ගන්න තිබ්බේ මන් පසුතැවෙනවා එදාම මන් මේ ගෙදරින් නොගිය එකට....එකෙන් උනේ මගේ කෙල්ල විදවන එකයි මගේ දරු පැටියව මට නැති උන එක විතරයි. ආයෙත් මගේ ජීවිතයට ඔයා ඇඟිලි ගහන්න නම් හිතන්නවත් එපා අප්පච්චී මට ලැජ්ජයි ඔයා ගැන.


"පලයන් මහ ලොකු තොගේ ගෑනී එක්ක.තොටත් දවසක ඕකීගේ තියෙන පව්කාරකම් වලට කරගන්න ඕනී නම්."


අප්පච්චී මොනා මොනාදෝ කියලා කෑ ගහද්දී මන් අනූ එක්ක එළියට බැස්සේ නූල් පොටක දෙයක්වත් ඒ ගෙදරින් නොගෙන. අදින් පස්සේ මටයි කියලා ඉන්නේ දැන අනූ විතරයි. තවත් මට කෙල්ල විදෝනවා බලන්නවත් ඒ ඇස්වලට කදුළු දෙන්නවත්.අමාරුවෙන් හරි මම මේ දේවල් අමතක කරනවා. ඒත් අනූ ඔයාගෙන් කොහොමද මන් මේ දේවල් අමතක කරවන්නේ.........


 වර්තමානයට 


"අම්මා....."


"අනේ....අ..කේන්...අනේ...එයා ඉන්නවා අකේන්...."


මන් පියවි සිහියට ආවේ අනූ ගැහපු පාරට. එහෙම්ම මාත් ගියා අනූ ළඟට එයා කියන දේ මොනා උනත් මන් දැන් එයා කියන හැමදේම අහගෙන ඉන්න ඕනී.......


"අපේ මැණික ඉන්නවා...මට කතා කරනවා අකේන්...."


නිහඬවම හැමදේම අහගෙන මන් අනූගේ ඔලුව අත ගාන්නේ මව්සෙනෙහස උතුරා යන ඇය උමතුවෙන් වගේ හැසිරෙන කොට ඒ දිහා බලන් ඉන්න මගේ ඇස් අඟට උනන කදුළු බිංදු ඇඟිලි තුඩින් පිස දමමින්.


"අම්මා....අප්පච්චීවයි ,අම්මවයි රවට්ටනවා අම්මා එයා....එයා තමයි අම්මා මේ හැමදේම් කළේ....."


"ඔයා...මොනා ගැන ද මැණික මේ කියන්නේ...කවුද අප්පච්චීවයි අම්මවයි රවට්ටන්නේ...කවුද මැණික."


නිහඬව හැමදේම අකේන් අහන් ඉන්නේ මොනාද මේ කියන්නේ කියලා නොතේරෙද්දී .


"අප්පච්චිට සීයා කිව්වේ බොරු අම්මා...මන් මැරුනේ මන් අසනීපෙන් හිටපු නිසාම නෙමෙයි අම්මා."


"එ...එහෙනම් .....මොකක්ද මැණික ඔයාට උනේ...කියන්න පැටියෝ අම්මට."


කදුළු පිරිච්ච ඇස්වලින් අනූ පැටියගෙන් අහන්නේ....ඇත්තටම මොකක්ද උනේ කියලා දැන ගන්න.


"සීයා....එදා මට මගේ බේත්වලට වෙන බේත් වගයක් දාලා කලවම් කරලා අම්මා...ඒත් බේත් සැර වැඩි කමටම මාව ගැහෙන්න ගත්තා . කාට හරි කතා කරන්න හැදුවත් මගේ කටින් වචනයක්වත් පිට වුනේ නෑ...අම්මා. මන් දැක්කා සීයා වියරුවෙන් වගේ මන් දිහා බල බල හිනා වුනා . එහෙම්ම මට හුස්ම ගන්න අමාරු වුනා එච්චරයි අම්මා මට මතක......"


"අ...අනේ...ඇති මැණික ඇති....තවත් ඔයාගේ අම්මට මේවා අහන් ඉන්න බෑ...මැණික. අපිට සමාවෙන්න මැණික ඒ මිනිහව විශ්වාස කරලා ඔයාව එයාට දීලා ගිය එකට. ඒ වගේ අම්මයි තාත්තයි ඔයාව කුසේ දීම නැති කරන්න හදපු එකට සමාවෙන්න මැණික ........"


ඒත් එක්කම වගේ ඇහුනේ පඩිපෙළෙන් කවුරු හරි එන සද්දයක් . මන් අනූට ඉන්න කියලා දොර ළඟට යනවත් එක්කම වගේ හිටියේ.......


"අ...අප්පච්චී ඔ .....ඔයා....."


"මොකෝ නිකන් උබ යකෙක් දැක්කා වගේ ගොත ගහන්නේ...අප්පච්චී තමා. නිකන් ආවේ උබලව බලලා යන්න."  


ඒත් එක්කම වගේ අනූ හයියෙන් අඬන්න ගත්තා උනේ මොකක්ද කියලවත් හිතා ගන්න බැරුව මන් අනූ ළගට දුවද්දී .......


"අනූ....ඇයි මැණික මොකක්ද මේ ඇයි මේ...."


"අපේ පැටියා ගියා අකේන්...මේ මනුස්සයා ආවා විතරයි එයා ගියා...මෙයාට යන්න කියන්න.මේ මිනීමරුවට අපේ ගෙදරින් යන්න කියන්න අකේන්...අපේ පැටියා තරහ වෙයි.......යන්න කියන්න අකේන් පින් සිද්ධ වෙයි "


"කාටද අකේන් මේකී මේ මිනීමරුවා කියන්නේ...අනික මොන පැටියෙක් ගැන ද මේ ගෑනී මේ කියන්නේ....පිස්සු ද මේකිට"


දැන් නම් මගේ ඉවසීමේ සීමා ද අප්පච්චී පන්නලා තියෙන්නේ. මොකාට මොනවා කියවා අහන් ඉන්න පුලුවන් උනත් මගේ කෙල්ලට වචනයක්වත් කියනවට මන් පොඩ්ඩක්වත් කැමති නෑ...


"ඔව් මගේ කෙල්ල පිස්සෙක් වෙන්නත් බැරිත් නෑ...එහෙම උනොත් ඒකට වග කියන්න ඕනී කෙනත් ඔයා අප්පච්චී .....අපේ පැටියවත් මාරාගෙන ඒක වහ ගන්න එක එක ඒවා කිය කිය ඔයා අපිව රැවැට්ටුවා ඒත් අපි ඇත්ත දැන ගත්තා ....මේ අහිංසකීට එදා ඔයා පව්කාරයා කිව්වට ඇත්තටම පව්කාර වැඩ කරලා තියෙන්නේ ඔයා අප්පච්චී ඔයා....." 


මන් දැක්කා ඒ ටික කියලා ඉවර වෙනකොට අප්පච්චීගේ ඇස් ගැස්සෙන්වා. පුදුමත් ඇති දැන ගත්තේ කොහෙන් ද කියලා.


"හ්.....තොපි දෙන්නව බලන්න ආපු මට ගහන්න ඕනී...මැරිච්ච එකී මැරුනා.කලින් නටපු නාඩගම ද ආයෙමත් නටන්න හදන්නේ...මාවත් අල්ලගෙන."


අප්පච්චී අපි දෙන්නටම කෑ ගගහා පඩිපෙළෙන් බහිද්දී මෙච්චර වෙලා මට නොපෙනුන චූටි මැණික මට පේන්න ගත්තා. එයා කරන්න යන්න දේ දැක්කම මට හීන් දාඩිය දාන්න ගත්තා.


"නපුරු සීයා....ඔයා මහ නපුරුයි ......"


එහෙම කිය කිය අප්පච්චීව පඩි හත අටක් විතර බහින්න තියෙද්දී තල්ලු කළා.


මගේ එයා පැත්තේ හිටපු අනූත් ඒ දේ දැකලා වෙන්න ඇති මගේ අත තද කරේ. උනේ මොකක්ද කියලවත් හිතා ගන්න බැරිව අප්පච්චී කොන්දත් අල්ලන් අමාරුයි නැගිටලා

දිව්වේ බයවෙලා හොඳට . ඒත් එක්කම අප්පච්චී දුවන දිහා බලන් චූටි මැණික හිනාවෙන්නේ හරි සතුටින් .මුළු ගේ පුරාම එයාගේ හිනාහඬ පැතිරෙනවා. 


'මොක්ක ද මේ වෙන්නේ...මොකාද එදා මාව පඩිපෙළෙන් තල්ලු කළේ....දැන් සතියක වගේ ඉදන්ම මට දැනෙනවා නොපෙනෙන බලවේගයක් වගේ දෙයක් මගේ පස්සෙන් පන්නවා කියාලා . කොහොමද මන් කරපු දේවල් අකේන් , අනූ දැනගෙන තියෙන්නේ ......


ශික් ....අරකි ජීවත් වෙලා ඉන්නකන් මට සැනීසීමක් නම් ඇත්තෙම නෑ........ඉවරක් කරලා දාන්නම ඕනී ඕකිව ඉක්මනින්ම නැත්තම් මට ඉස්සරහට ඕකි නිසා මොන මොන දේවල්වලට ෆේස් කරන්න වෙන්න වෙයි ද දන්නේ නෑ.'


"හෙලෝ.....අරකිව ඉක්මනින් ඉවරයක් කරපන්."


"......................................"


"ඕනී....රෙද්දක් කර ගනිම්....මට ඕනී ඕකිව මරලා දාන්න. සතියක් කල් දෙන්නම් ඊට වඩා බෑ...."


'හ්......උබ ඉක්මනින් මගේ කොල්ලගෙන් නිදහස් කරන්න ඕනී.....රටේ වෙන කෙල්ලෝ නෑ වගේ නේ මේකී මත්තෙම නැහුනේ ඒ කාලේ ඉදන්නම. මාවත් එපා කියලා යන්න තරමට ඒකි උබව වෙනස් කරා.'


"අනේ .....ඇයි මැණික ඔයා නැත්තේ....ඔයා අම්මාට නොකියම ගියා ද මැණික . සීයා ආයෙත් එන්නේ නෑ....අප්පා ආයෙත් සීයට එන්න දෙන්නේ නෑ....එන්න මැණික අම්මා ගාවට....."

Report Page