-------------

-------------

💜️ THARU 💜️

" ඒ මේ ඇයි බන් අර සර් කාරයා අපි දිහාම බලන් ඉන්නේ. "

" මන් දන්නේ කෝමද ඒක."

" නිිිශු ඔයාට මේවා තේරෙනවද අනේ, මට මෙලෝ මගුලක් තේරෙන්නේ නෑනේ."

"⁣තේරෙන්න උබ හරියට අහන් ඉන්න එපැයි සචී."

නිශූයි සචියි පොඩි කාලේ ඉදලම හොදම යාලුවෝ. දෙන්නත් එක්ක මේ ඒ ලෙවල් ක්ලාස් ඇවිල්ලා ඉන්නේ. තව මාස දෙකයි එක්සෑම් එකට. සචී නම් ටිකක් ඉගෙන ගන්න කම්මැලියි. නිශූ එක්ක එකට ක්ලාස් යන්න තියෙන ආසාව නිසාමයි එයා බයෝ කරන්න තීරණය කලේ. පන්ති ඉවර වෙලා ගෙදර යන්න දෙන්නම ස්ටෑන්ඩ් එකට ආවා. තෙල් ප්‍රශ්නේ නිසා මේ දවස් වල බස් හරි අඩුයි. ඒ හින්දම බස් එකක් එනකන් බොන්න බීම එකකුත් අරන් දෙන්නම ඇවිත් වාඩි උනා.

"නිශූ මේ ඔයා දැක්කද අද ක්ලාස් එකේ ස්පෙක්ස් දාලා හිටිය කොල්ලව."

" කීදෙනෙක් නම් ස්පෙක්ස් දාලා හිටියද බන්. "

" හරි හරි අනේ , මන් කියන්නේ දම් පාට ෂර්ට් එකක් ඇදලා හිටියේ තුන්වෙනි ⁣පේලියේ. අන්න එයා."

"මට මතක නෑ සචී. දැන් ඉතිං ඇයි එයා ගැන."

" නෑ ඌ උබ දිහාමයි බලන් හිටියේ. ඒකයි."

" මල විකාර. අන්න බස් එක එනවා. මෙන්න මෙහේ එනවා යන්න බස් එකට."

පැයක විතර ගමනකින් පස්සේ දෙන්නගේ අතෝරක් නැති පිස්සු කතා වලට තාවකාලික තිතක් තියලා නිශූ බස් එකෙන් බහින්නයි හදන්නේ.

" කෙල්ල මන් බහිනවා. පරිස්සමට යන්න. බායි "

" හරි මැනිකේ. බායි "

🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

කාලය ගෙවී ගියේ හීයක වේගෙන්. එක්සෑම් ඉවර උනාට පස්සේ සචීලගේ ෆැමිලි එකම කැනඩා ගියා. එක්සෑම් රිසල්ට් ආපු දවසේ නිශූ වගේම සචීත් ගොඩාක් සතුටු උනා. ඒ වෙන මුකුත් නිසා නෙමේ නිශූගේ ලොකුම හීනයක් සැබෑ උන නිසා. ඔව්, නිශු කැම්පස් සිලෙක්ට් වෙලා තිබුනා. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීටයට නිශූ ඇතුල් උනා.


නිශූ දැන් දෙවන වසර විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක්. සචී නිතරම නිශූට කතා කලා. තාමත් ඒ යාලුකම ඉස්සර වගේමයි. දැන් නිශූට සචී වගේම හොදම යාලුවෝ දෙන්නෙක් ඉන්නවා කැම්පස් එකෙන්ම හම්බුනු. කවිනියි, දිනුකියි තමයි ඒ. තනියම ග්‍රවුන්ඩ් එක ලඟ කල්පනා ලෝකෙක නතර වෙලා ඉන්න නිශූ ගැස්සිලා ගියේ යාලුවාගේ කටහඬින්.

"මොනාද අප්පේ ඔච්චර කල්පනා කරන්නේ. "

" අහ් , මුකුත් නෑ කවී. "

" හාකෝ හාකෝ සුදු "

⁣" මේ මං හෙට අයියත් එක්ක මාලිගාවට යනවා. මොකෝ කියන්නේ අපි තුන්දෙනාම යමුද."

" යන්න නම් ආසයි ඒත් නිසල්ගෙන් අහන්න ඕනි."

" හරි නිසල්ටත් එන්න කියන්න. අපිත් එක්ක යන්න."

" අහ් එහෙම අවුලක් නැද්ද. උබ අයියගෙන් ඇහුවද."

" අවුලක් නෑ අයියත් එන්නේ එයාගේ යාලුවෙක් එක්ක. "

" නිශූ උබ මොකෝ කතාවක් නැත්තේ. කැමති නැද්ද යන්න."

" හිත නිවෙන තැන් වලට යන්න මං කෝමත් ආසයිනේ උබ ඒක දන්නවනේ දිනූ. "

ඇත්තටම නිශු මේ වෙනකොටත් දැනගෙන හිටියේ නෑ එයා හැමෝටම හොරෙන් , එයාගෙම හිතටත් හොරෙන් අමතක කරන්න උත්සහා කරන ඒත් අදටත් කරගන්න බැරි උනු මතක ගොඩාක් එක පෙලට මතක් වෙන දවසක් කියලා හෙට. හරි අමාරුවෙන් නිවාගත්තු හිත දැවිලා අලුවෙලා යන දවසක්⁣ කියලා.

" අපි මෙහෙන් යමු. මන් නිසල්ටත් කියන්නම් මාලිගාවට එන්න කියලා."

" අපි දැන් යමුද කවී. නැත්තම් බෝඩිමේ ඇන්ටිගෙන් බැනුම් අහන්න වෙයි රෑ උනා කියලා."

" හරි එහෙනම් ඔයාලා දෙන්නා 8 වෙද්දි පාරට එන්න මාත් එන්නම්. "

⁣කවීයි, නිශූයි දෙන්නම හිටියේ එකම බෝඩිමේ.ඒ නිසා තුන්දෙනා කැම්පස් එක ලගින් දෙපැත්තට උනේ හෙට උදේට හම්බෙන බලාපොරොත්තුවෙන්.

" කවී, ⁣හෙට මොනාද අදින්නේ උබ. "

" සුදු පාට ඇදුමක් තමයි."

" ⁣මොකක්ද අනේ කියන්නේ මාලිගාවට යන්න සුදු අදින්න ඕනා එක මන් දන්නවා. මං ඇහුවේ අදින පාට නෙමේනේ."

" හරි මැනිකේ විහිලුවක්නේ මන් කලේ. මගේ කොච්චි කරලට තරහා ගිහින්නේ."

" යනවා යන්න මං තරහයි. මෝඩි. "

" මන් අදින්නේ සුදු ට්රවුසර් එකට සුදු කුරුතා බ්ලවුස් එකක්. එතකොට ඔයා."

" හ්ම් මන් අදින්නේ මෙන්න මේක. හොදයිනේ."

" ලස්සනයි ඒක. "

⁣දෙන්නත් එක්ක ඇදුම් ලෑස්ති කරලා නිදාගන්න ගියේ උදෙන්ම නැගිටින්න ඕනි නිසා උදේ 6ට එලාම් එකකුත් තියලා.

⏱️⏱️⏱️

" කවී නැගිටිනවා ඕයි. පරක්කු වෙනවා. "

" අයියෝ උදෙන්ම කෑගහන්න එපා ගෑනියේ මන් නැගිටින්නම්. "

"නැගිටින්නම් තමයි. කීයේ ඉදන්ද දැන් ඕක කියන්නේ. උබ ලෑස්ති උනේ නැත්තම් මන් යනවා තනියම. "

⁣කොහොමින් කොහොමහරි ⁣කවීවත් ලෑස්ති කරගෙන දෙන්න බෝඩිමෙන් පිටත් උනේ දිනූ කෝල් 10ක් විතර ගත්තටත් පස්සේ. නිශූට නම් හොදටම තරහා ගිහින්.

" බලනවා , දිනූ ආපහුත් ගන්නවා. කලින් නැගිටලා ලෑස්ති උනානම් ඉවරනේ. "

" හරි හරි අනේ මගේ කොල්ලා බලන්න යන්නනේ පරක්කු වෙන්නේ. මෙයාටනේ අප්පා හදිස්සිය තියෙන්නේ. "

" ඔයා යන්නේ කොල්ලා බලන්න උනාට මන් යන්නේ මාලිගාව වදින්නනේ. මට හදිස්සියි තමයි ඉතින්. "


" මොකක්ද අනේ කරන්නේ. දැන්ද 8 ඔයාලට."

" මෙයා තමයි දිනු ලෑස්ති උනේ නැත්තේ. මං කලින්ම ලෑස්ති වෙලා හිටියේ "

" ⁣අනේ සුදු මෙයාගෙන් කන් දෙකම පිරෙන්න බැනුම් අහලා ඉන්නේ. තව නම් එපා. සමා වුව ⁣මැනවි මිතුරිය. "

" ඉක්මනට යන් අයියා ඇවිල්ල ඉන්නේ. "

" හ්ම්ම් "

⁣"මේ ඒක නෙමේ. උබ අද හරි ලස්සනයි නිශූ. උබට ලස්සනම දිග ගවුම් තමයි. "

" ⁣බොරු කියන්න එපා අනේ. මේකේ මොන ලස්සනක්ද "

" ඔහොම ඉන්නකෝ මැනික. අද කොල්ලෙක් සෙට් කරනවා අනිවාරෙන් උබට. "

නිශූ හිනාවකින් යෙහෙලියන් දෙදෙනට සංග්‍රහ කරමින් අහක බලාගත්තේ. නැවත කිසිම දිනෙක කිසිවෙකුට පෙම් නොකරන්නට ඇය තමාටම දී තිබෙන අවවාදය පසක් කර ගනිමිනි.


Report Page