❤🙂

❤🙂


සමහර බැඳීම් තියෙනවා

ඒවා අනාමිකයි.....

ඒක පාර්ශවිකයි___නමක් දෙන්න 

ඕනෙ උනත් නමක් දෙන්න බැරි 

ඒ බැදීම නිසා....


වෙලාවට හිත

සතුටින් පිරෙනවා

ඒත්

තවත් සමහරක් වෙලාවට 

මේ දුවන්නෙ 

මිරිගුවක් පස්සෙ කියලා 

රහසේම හිත කීරි ගැහෙද්දි

ඒ අරක් ගන්න දුක

නිහඩවම එක සුසුමක් එක්ක

පා කරලා ඈතට යවනවා.....


අනේ මට ලැබුණා නම් 

කියලා හිත ලෝභ හිතුනත්

කවමදාවත් නොලැබෙන බව 

දැන දැනම______


ඒ පොටෝ දිහා බලාන

ඇස් විතරක් නෙවෙයි හිතත්

ඒ රූපයේ අයිතිකාරයා දිහාවටම

බැදෙද්දි......


රාත්‍රි හීන නුඹ එක්ක 

නුරාවෙන් පුරෝගන්න හිතුනත්

නුඹ ගැන ඇති ඒ

ගෞරවාන්විත හැගීම 

කිලිටි කරගන්න අකමැති නිසාම

මන් තවත් කිටි කිටියේම

ඇස් පියාගන්නවා......


ඊළඟට මට වැවුණු 

කලුවර අවකාශය දිහා බලාන

මන් හිමින් හිමින් 

තොල් අඟින් මෙහෙම මුමුණනවා...


අනේ නුඹ මතු ලබන භවයේ

මගේම වෙන්න

ඔය පුලුල් පපුතුරේ අයිතිය  

මටම හිමි වෙන්න

නුරා හැගුමන් වෑහෙනා

ඔය දෙතොලත සිපුම් තවරන්න

අනේ මීළඟ භවයේ නම් 

නෑරකැටුවම නුඹ හා එන්න

අවසර දෙන්න......🙂❤







මේ කතාවෙ නම මතක අය කමෙන්ට් එකක් දාගෙන යන්න බලන්න.....😍

Report Page