🌸

🌸

එදා ඔය ඇස් දිහා නොබලම

බිම බලාගෙන යන්න තිබුනා.... ❤️💫


මගේ පළවෙනි ආදර කතාව පටන් ගන්නේ මම 8 වසරෙදි. එතකොට වයස මට අවුරුදු 13යි.. කාලයත් සමගම විවිධ ආදර කතා, විවිධ ස්වරූපයන් මට හම්බ වුණා. වයසින් බාල යුවතියන්, සම වයසේ අය වගේම මට වඩා වැඩිමහල් යුවතියන් සමඟත් මමත් පෙමින් බැඳී තිබෙනවා. 

මේ හැම ආදර සම්බන්ධතාවයක් පටන් ගනිද්දිම මට හිතුන දේ තමයි "මෙයා තමයි මට ගැලපෙනම කෙනා!" කියන දෙය. සමහර ආදර සම්බන්ධතා ඉතාමත් දරුණු රිදවීම් සහිතව ඉවර වුනා. එම සම්බන්ධතා ඇතුලෙ අවුරුදු හතරක පහක අතීතයන් ගැබ් වෙලා තිබුණා. සමහර තැන් වලදී මට කොච්චර රිදුනද කිව්වොත් මම මානසික රෝගියෙක් විදිහට ප්‍රතිකාර පවා අරගෙන තියෙනවා. OCD සහ Seperation Anxiety දරුණු විදිහට මාව රිදවලා තියෙනවා.. Exams විනාස කරගෙන, තනිකරම නරක ඇබ්බැහිවීම් වලට යොමුවෙලා තියෙනවා. සමාජයෙන් කොන් වෙලා හැමදේම අහිමි වුණ කෙනෙක් විදිහට අඬලා තියෙනවා.. 


කාලයත් සමඟම මම තේරුම් ගන්නවා අපේ ජීවිත වලට එන මින්සුන් අනිවාර්යෙන්ම දවසකදී අපිව රිදවනවා කියලා. එතැනදී අපට තීරණයක් ගන්න සිද්ධ වෙනවා වඩා වටින්නේ වේදනාවෙන් නිදහස් වීමද එහෙම නැතිනම් අපි තෝරාගත් පුද්ගලයා ද යන්න.. ❤️💫


අවුරුදු 13 දී පලවෙනි ප්‍රේම සම්බන්ධතාවය පටන් අරන් ඒක ගලාගෙන යද්දි සමාජය ඉදිරියේ දී මම සෑහෙන්න පීඩාවට පත් වුණා. පොඩි කාලෙදිම විසේ ගහලා කියන ලේබල් එක මට වැදුනා! අක්කා කෙනෙක් සමග සමග ප්‍රේම සම්බන්ධතාව පටන් ගන්නා විට සමාජය හිනා උනා. ඒ කොතැනකදී වත්, "හසින්ත මේ තරම් ආදරය පසුපස දුවන්නෙ ඇයි?" කියන කාරණාව තේරුම් ගන්න සමාජයට බැරි වුණා!  සමාජය fail වුනා..


මගේ ආදර කතා සහ ජීවිතය ගැන තියෙන අත්දැකීම් කාලයත් එක්ක වචන බවට පත්වුණා. ඒ වචන නිසා මිනිස්සු දස දහස් ගාණක් සුවපත් වුණා. "ඔයා නිසා මම අද ජීවත් වෙනවා!" කියන වාක්‍ය මේ ලෝකයේ මම වැඩියෙන්ම අහන වාක්‍ය බවට පත්වුණා. මම pass වුනා..! ඉතිං කවුරුහරි මට වරයක් දුන්නොතින් අතීතයට ගිහින් වැරදි හදාගන්න කියලා, මම ඒක අරගෙන අනිවාර්යෙන්ම අතීතයට යනවා. හැබැයි අතීතයේ කිසිම දෙයක් වෙනස් කරන්නේ නැහැ! ඒ මුහුණු, ඒ ඇස් මට හමුවුණොතින්, මම කීයටවත් බිම බලාගෙන යන්නෙත් නැහැ! හේතුව තමයි මම එහෙම කලොතින් මට හදවත් සුවපත් කරන්න වෙන්නේ නැහැ! 


අතීතයේදී මට හමු වුනු එක චරිතයකට වත් මම දශමයක්වත් වෛර කරන්නේ නැහැ! ඔවුන් නිසා තමයි මම මෙතන ඉන්නේ! හදවත් සුවපත් කරලා මට පොඩි හරි පිනක් හම්බ වෙනවානම්, ඒ පිනෙන් විශාලා කොටසක් ඔවුන්ට ලැබෙන්නම ඕන! ඔවුන් කවුරුවත් වැරදි නෑ! වැරදි කාලේදි වැරදි විදිහට හම්බවුනා විතරමයි.. ❤️ ඔව් 90% ක් තැන් වලදී අපි කවුරුවත් වැරදි නැහැ! වැරදි කාලයේදී වැරදි විදිහට හම්බවුනා විතරයි.. ❤️💫


සමහර මිනිස්සු අපේ ජීවිතයට එන්නේ සදාකාලයටම රැඳිලා ඉන්න නෙමෙයි. හුදෙක් පාඩම උගන්වන්න විතරයි! ඉතින් ඒ පාඩම උගන්වලා ඉවර උනාට පස්සේ ඔවුන්ට යන්න සිද්ධ වෙනවා. ඔයා සිද්ධිය එක ගැටෙන නැතුව, අතීතයේ මතක එක්ක සටන් කරන්නෙ නැතුව මේ පාඩම හරියට තේරුම් අරගෙන ඔයාගේ ජීවිතයට apply කළොතින් ඔයා නවතින තැන හිතාගන්න බැරි වේවි! 


වෛර කරන්න එපා! ඔවුන් ඔබව අතහැර ගියත් ආදරයම විතරක් පතුරුවන්න! ❤️ එතකොට ඔයා දිනුම් ❤️




Pc- මේ තියෙන්නේ මගේ පළවෙනි ප්‍රේමය පටන් ගත්ත කාලයේ පින්තූරයක්

























Report Page